අප යම්කිසි පුද්ගලයෙක්ට ප්‍රියතාවයක්, ගෞරවයක් දක්වන්නේ ඔහු තුළ අප දකින ගුණයන්, හැකියාවන් , දැනුම ආදී දේ හේතුවෙනි. එසේ අප ප්‍රිය කරන, ගෞරව කරන පුද්ගලයකු සිහි කිරීම සිතට සතුටක්, උද්දාමයක් ගෙන එයි. නිතර නිතර ඇසුරු කිරීම, සිහි කිරීමඅප යම්කිසි පුද්ගලයෙක්ට ප්‍රියතාවයක්, ගෞරවයක් දක්වන්නේ ඔහු තුළ අප දකින ගුණයන්, හැකියාවන් , දැනුම ආදී දේ හේතුවෙනි හේතුවෙන් නොදැනුවත්වම අප තුළඳ ඒ පුද්ගලයා සතු ගුණයන් පිහිටයි. ඒ පුද්ගලයා මෙන් වන්නට අප සිත තුළඳ නිරායාසයෙන් සිත් පහළ වේ. එය මනෝ විද්‍යාත්මකය. ගැබිණි මවක් සුරතල් නීරෝගී දරුවකුගේ පින්තූර බිත්තියේ ගසා නිතර දෙවේලේ එදෙස බලමින් සතුටු වීමෙන් යම්කිසි බලපෑමක් මනසට සිදුවේ. එලෙසින්ම කුඩා දරුවන් ඇතැම් විද්‍යාඥයන්ගේ, ක්‍රීඩකයන්ගේ , උගතුන්ගේ පින්තූර තමාගේ කාමරයේ, පාඩම් කරන තැන තබා සිටීමෙන් මානසිකව ඔවුනට සුබවාදී බලපෑමක් සිදුවේ. එසේ වන්නේ අපේ සිතට නිතර නිතර දකින්නට අසන්නට කියවන්නට ලැබෙන සංඥා අනුව සිතේ ක්‍රියාවලිය ඒ ආකාරයට සිදුවීමට ඇති හැකියාව හේතුවෙනි. කාලයක් පුරා පුරුදු පුහුණු කිරීම තුළින් මනසට ඒ සංඥා නැවත නැවත පහසුවෙන් ඇතිකරවාලිය හැක. සත්වයකුගේ පැවැත්ම යනු මේ සිතේ නැවත නැවත සිදුවන ක්‍රියාවලියයි. අපට මේ ජීවීතයේ හිමිව තිබෙන බොහෝ චරිත ලක්ෂණ අප එසේ සංසාරිකව වඩන ලද පුහුණු කරන ලද ඒවායි. ඇතැම් අය නිරූත්සාහකවම ධර්මයට ප්‍රියය. නිර්මාංශය. ස්වාමින් වහන්සේලාට ප්‍රියය. හුදෙකලාවට ප්‍රියය. දීමට ප්‍රියය. විරාගීය. මේ ආදී වශයෙන් සසර පුරා අප බහුලව වඩන ලද පුරුදු අප කෙරෙන් විද්‍යාමාන ය. නිතර නිතර අප සිතට පුරුදු කරන සිතිවිලි, ක්‍රියාවන් චරිත ලක්ෂණයක් බවට පත්වෙයි.
අද බටහිර විද්‍යානූකූලව ඔබට පෙන්වා දෙන සුබවාදී සිතිවිලි සිතීම තුළින් ඔබට අවශ්‍ය දේ ළඟා කරගැනීම ආදී සංකල්ප බිහිව ඇත්තේ මේ සිතේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම තුළිනි. සිත ගැන දත යුතු සියල්ල අඩුවක් නැතිව දන්නා බුදු පියාණන් වහන්සේ විසින් මේ සියළු දෑ අඩුවක් නැතිව අපට කියා දී තිබේ.
මිනිසුන් පිළිපඳින්නේ නැති වීම ඒ ධර්මයේ අඩුවක් නොවේ. ඒවා ඒ ආකාරයෙන් පිළිපැද්ද මිනිසුන් මේ ජීවීතයේ යා යුතු ඉහළම තැනට ගොස් ඇත.
"භාවිතාය, බහුලීකතාය" ලෙසින් බුදුරජාණන් වහන්සේ දැක්වූයේ අපට නිවන් මඟට අවශ්‍ය කරුණු සම්පාදනයේදී පිළිපැඳිය යුතු ක්‍රමයකි. බුදුරජාණන් වහන්සේ නමක් පහළව සත්වයාට දේශනා කරන්නේ සසර ගමන නිමාකරවාලන ලෝකෝත්තර ධර්මයකි. නිවන් මඟට අවශ්‍ය භාවනාවන්, ගුණයන්, මෙනෙහි කිරීම් ආදීය නිතර නිතර භාවිතා කිරීමත්, බහුලීකරණය කිරීමත් තුළින් අප නිවන කරා යෑම ඉක්මන් වේ. මෙය ලෞකික ලෝකෝත්තර දෙකටම සාර්ථක ප්‍රථිපල ලබා දෙන ක්‍රමයකි. නමුත් එය මැතිරීමක් නොවේ. සවිඥාණිකවම, අවබෝධයෙන්ම බහුලීකරණ කිරීමකි.
මුලින් ලිපියෙ දැක්වූ පරිදි අප ප්‍රිය කෙනෙක් නිතර නිතර සිහි කිරීමෙන් අපද ඉබේම ඒ පුද්ගලයා මෙන් වීමට විශාල රුකුලකි. එය ඔබ අත්දැක ඇත. සිතින්, වචනයෙන්, ක්‍රියාවෙන් ඒ පුද්ගලයන් ඇසුරු කළ හැක. එනම් නිතර ඔවුන් ගැන සිතිය හැක. ඔවුන් හා කතා බස් කළ හැක. ඔවුන් හා එක්ව කායික ක්‍රියාවන් කළ හැක. ධර්මයේදී "සේවණය" කිරීම යන වචනයෙන් මේ සියළු ක්‍රියාවන් සමාලෝචනය කරයි. කළ්‍යාණ මිත්‍ර ඇසුර ලෙසින්ද දක්වන්නේ මෙයයි. මෙසේ නිතර සේවණය කිරීම තුළින්, අප සිතට නිරායාසයෙන් ඔවුන් තුළ ඇති ගුණ , නුගුණ චරිත ලක්ෂණ නිරායාසයෙන් ප්‍රේරණය වේ.
ලොව පවතින අනන්තවත් වූ ඇසුරන්, සේවණයන් අතින් දෙලොව දියුණුව සලසාගනු රිසියෙන් ඇසුරු කළ යුතු නම්, සේවණය කළ යුතු නම් කෙනෙක් ඒ "බුදු රජාණන් වහන්සේ" තරම් ශ්‍රේෂඨ අන් කෙනෙක් නොවේ. නිතර නිතර බුදු රජාණන් වහන්සේ ගැන සිතිවිලි පැවැත්වීමෙන් අපේ සිත ඉමහත් ප්‍රීතියට පත්වේ. මන්දයත් ඒ බුද්ධ ජීවීතය පුරා අපේ සිත අපහැදීමට, නොසතුටට පත් කරන එකම එක ක්‍රියාවක්, වචනයක් සොයා ගත නොහැකි බැවිනි. සිතිවිලි මාත්‍රයකින් හෝ වරදක් සොයා ගන්නට කිසිම බ්‍රහ්මයකු, මාරයකු, දෙවියකුට නොහැකිය. උන් වහන්සේ "අරහං " වන්නේ එබැවිනි. රහසින් වත් පවක් නොකළ සේක.. සිතන්නට සිතන්නට තව තවත් පහදිනවා පමණි. සිත ප්‍රීතියට පත් වීම කෙළවරක් නැතිය. ගත හැකි ආදර්ශ ,පාඩම් අනන්තය. කොතනින් ගත්තද ඒ චරිතය එතරම්ම අනර්ඝය. ආදර්ශමත්ය.
ඒ බුදු රුව දැකීමද එලෙසින්මය.. දකින්නට දකින්නට සිතට සතුටක්, සොම්නසක්, නිවීමක්, ශාන්තියක් ගෙන එයි. මේ කියවන ඔබ සෑම දෙනෙක්ම එය නම් අත්දැක ඇතුවා නිසැකය. අපේ සිත කුමන දුකකින්, තරහකින්, රාගයකින් ආදී අපමණ කෙලෙස් වලින් දැවි දැවී තිබුණද බුදු රුවක් දුටු මතින් එය යම්කිසි මට්ටමකට සමණය වී යයි. මරණ මංචකයේදී බුදු රුවක් සිතට මවා ගන්නට හැකි වූයේ නම් කෙනෙක් ඔහු ඒ ජීවිතය දින්නා වෙයි. මන්ද ඒ රුව දැකීමෙන්ම ඔහු සිත තුළ සැනසීම, සතුට නැඟී එයි. ඔහුගෙ කුසල් ශක්තිය මතුව එයි. බලවත්ම වූ අකුසලයක් නොවේ නම්, අන් අකුසල් සිත් දුබලව, කුසල් සිත් ප්‍රබලව මතුව එයි.
ඔබ නොසිතුවාට ඔබ නිතර දෙවේලේ දකින බුදු රුවට පමණක් එපමණ බලයක් තිබේ. නමුත් එසේ වන්නේ ඔබ මේ ජීවීතය තුළ බහුලව සේවණය කරමින් එය වඩා ඇත්නම් පමණි.
එහෙයින් පුරුදු කරන්න. සිත...! අවම වශයෙන් බුදු රුවක් දුටු විටක පමණක් වත් සිතට ඒ සුවය විඳින්නට.. ඔබට භාවනා කරන්නට, බණ අහන්නට, සිල් ගුණ දම් පුරන්නට තවමත් සිතට නොහැඟේ නම්...., අවම වශයෙන් ඔබේ නිවසේ තබා ඇති බුදු රුව අසල දෙනෙත් නතර වන වාරයක් පාසා, සිතත් නතර කර ගැනීමට පුරුදු කරන්න.. මේ උතුම් ලක් දෙරණේ අඩියක් අඩියක් පාසා බුදු පිළිම දකින්නට තරම් අප තවමත් භාග්‍යවන්තය. මහා කෙලෙස් සිතිවිලි වලින් මිරිකි මිරිකී සිටියද, බස් රථයක තෙරපි තෙරපී දාඩිය වගුරවමින් ගමන් කළඳ, ඇතින් හෝ යම්තම් පෙනෙන හෝ බුදු රුවක්, පිළිමයක් දුටු මතින් සිත නතර කරවාගැනීමට තරම් අප භාග්‍යවන්තය. දඟ වැඩ කරමින් සිටියදී පාසලේ විදුහල්පති එන විට අප කය සංවර කර ගතිමු. කාලයක් පුරා නොදුටු දෙමාපියන් දුටු විට එක් වර දුටු විට සිත සොම්නසින් පිනා යයි. මෙසේ කොතනකදී හෝ බුදු රුවක් දුටු විට එයට දැක්විය යුතු නිසි ගෞරවය, දැක්වීමට පුරුදු වෙමු. ඔබ එසේ කළා නොකළා කියා බුදු රජාණන් වහන්සේට ලැබෙන නොලැබෙන දෙයක් නැත. නමුත් ඔබ රැස් කරගන්නා කුසලයද , එපමණක් නොව ඔබ නිරායාසයෙන් සිත පුරුදු කරනා ආකාරයද ඔබටම දිනෙක ඔබේ පිහිටට එනු නො අනුමානය. බහුලව ඔබ පුරුදු කරන දේ ඔබේ සිතට යළි යළි පැමිණීම සිතේ ස්වභාවයයි.
එසේ නම් වෙනදා බුදු හිමි රුවක් දුටු විට සිත ක්‍රියා කළ ආකාරය, කායිකව ක්‍රියා කළ ආකාරය තවත් උසස් තැනකට ගෙන එමු. එය මානසික වදයක් කර නොගන්න. නමුත් හදවත පතුළෙන්ම පැන නඟිනා ගෞරවය මුසු සිතින් අපි උන් වහන්සේට ගෞරව කරමු. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් පුරා අප වෙනුවෙන් මහා දුක් ඉසිළු උන් වහන්සේ වෙනුවෙන්, මේ අත පය හොඳින් තිබෙනා අපට හුනස්සෙන් නැඟිට , දැත් එකතු කර වන්දනා කිරීමටවත් නොහැකි නම් අපේ සිත ගැන අපම නැවත සිතා බැලිය යුතුය. ඇතැම් විට ඔබ සිතනවා ඇති, "මා භාවනා කරනවා, දානයන් දෙනවා, පින්කම් කරනවා, මා මගඵල ගත් කෙනෙක්.. මා ප්‍රතිපත්ති පූජාව කරනවා. මේවා මට අනවශ්‍යයි" කියා. අවංකවම ඔබ ඔබේ සිත පිරික්සා , වංචනික ධර්මයන්ට හසු නොවී හදවතින් ක්‍රියා කරන්න.. අද අප දෙ අත් එක් කොට වන්දනා කිරීම, හුනස්සෙන් නැඟිට ගෞරව කිරීම් ආදිය නොකරන්නේ ඒවා අපට සුලබව කළ හැකි නිසාය. නමුත් ඔබ දන්නවාද ඒ අවස්ථාවන් පවා කෙතරම් දුර්ලභද.. අබුද්ධෝත්පාද කාල වල කෙසේවත් මෙවැනි අවස්ථාවන් නො එළඹේ. එසේ නොවූවද ඔබ ධර්මය පවතින කාලයක වුව මිථ්‍යා දුෂ්ටික වූවොත්..මේ සියල්ලම ඔබ හෙළා දකිනවා නොවේද.. ඔබ එදිනට වදිමින් යන්නේ මිත්‍යාවක් පසුපස නොවේද... මේ එක් වැඳුමකින් ඔබට මට අත්වන කුසල් සම්භාරය, සිතේ ඇතිවන පාරිශුද්ධ භාවය ලබා ගැනීමේ අවස්ථාව අති දුර්ලභය. එය සසර හා බලන කල ක්ෂණයකි..