අම්මා හැමෝටම මාව විකුණනවා කියමින් දියණිය නිවසින් පැන ගිහින්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    38,757
    34,433
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මාස කිහිපයකට ඉහතදී ඉතාලි ජාතිකයෙකුගේ අනුදැනුම මත තම බාල වයස්කාර දියණිය පැහැරගෙන ගොස් ඇති බවට මවක කළ පැමිණිල්ලක් විභාග කිරීමේ දී ඇය පැහැර ගැනීමකට ලක්ව නැති බවත් මව දියණිය විවිධ පුද්ගලයන්ට විකිණීම නිසා බේරි සිටිමට කටුනායක ප්‍රදේශයේ නිවසක කල් ගත කර ඇති බවත් හෙළි වී ඇතැයි බඩල්ගම පොලීසිය කියයි.



    මවගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ දී හෙලි වූ තොරතුරු මත පෙරේදා (03දා) මෙම දැරිය කටුනායක කුලී නිවසක සිටියදි සොයා ගැනීමෙන් පසු මේ බව අනාවරණය වී ඇත.

    මාතර ප්‍රදේශයේ පදිංචිකාරියක බව කියන මෙම කාන්තාව විදේශගතව සිට පැමිණීමෙන් පසු වසර ගණනාවක සිට බඩල්ගම ප්‍රදේශයේ පුද්ගලයකු හා කල්ගත කර ඇතැයි ද විදෙස් භාෂා චතුර ලෙස කතා කිරීමේ හැකියාව ඇති ඇය නිතරම විදේශිකයන් ඇසුරු කිරීමට පෙලඹී ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

    එසේ සිටින අතර ඇය සිය දියණිය ද විවිධ පුද්ගලයන්ට විකිණීමේ යෙදී ඇතැයි ද එසේ දියණියගේ පහස ලබාගත් පුද්ගලයන් දියණිය අපයෝජනය කළ බවට පොලීසිවලට පැමිණිලි කර ඇති බව ද අනාවරණය වී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

    මෙසේ සිටියදී මාස කිහිපයකට ඉහතදී දියණිය අතුරුදන් වී ඇති අතර මව බඩල්ගම පොලීසියට පැමිණිලි කර ඇත්තේ

    ඉතාලි ජාතිකයෙකුගේ අනුදැනුම මත ඇය පැහැරගැනීමට ලක්වී ඇති බවයි. තමන්ගේ පැමිණිල්ල පිළිබඳ නිසි පක්ෂණයක් නොකරන බවට මෙම කාන්තාව පොලිස් මූලස්ථානය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට නිතර පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර ළමා හා කාන්තා කාර්යාංශය හෝ මේ සම්බන්ධයෙන් සොයා නොබලන බවට මාධ්‍ය ඔස්සේ ද දිගින් දිගටම චෝදනා කළ බවද පොලීසිය සඳහන් කරයි.

    දැරිය රැකියාවක යෙදෙමින් කල් ගතකර ඇතැයි ද ඇය ස්වාධීනව සිටීමට කැමැත්තෙන් සිටින අතර මව සමග යාමට අකමැත්ත පළ කිරීම නිසා සුදුසු භාරකරුවකු යටතට පත් කිරීමට අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලද බව පොලීසිය පවසයි.


    මීරිගම - කාන්ති
     
    • Sad
    Reactions: Jagzy and Asmodeus

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    10,886
    13,456
    113
    Gampaha
    සල්ලි නැති උනාම අම්මා දුවවත් විකුණනවා.. ලංකාව නිකන් දැන් NaughtyAmarica.com වගේනේ...:love2: පේනවා නේද හාමු රට දියුණු කරලා තියන හැටි ..ඇමරිකාව පරාදයි... @monson 🤭

    කවුද අවුරුදු 76ක් තිස්සේ අපේ සල්ලි වලට විද්දේ..? එකම විකල්පය ලපයා විතරයි..👇👇👇

    FB_IMG_1691683972207.jpg
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    6,602
    8,143
    113
    සල්ලි නැති උනාම අම්මා දුවවත් විකුණනවා.. ලංකාව නිකන් දැන් NaughtyAmarica.com වගේනේ...:love2: පේනවා නේද හාමු රට දියුණු කරලා තියන හැටි ..ඇමරිකාව පරාදයි... @monson 🤭

    කවුද අවුරුදු 76ක් තිස්සේ අපේ සල්ලි වලට විද්දේ..? එකම විකල්පය ලපයා විතරයි..👇👇👇

    FB_IMG_1691683972207.jpg
    Hali liyanna issella hariyata news eka kiyopan...