දේශපාලනයෙන් විශ්රාම ගැනීමේ අදහසක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
සෑම පක්ෂයක්ම සම්මේලන පැවැත්විය යුතු බවත් පක්ෂයේ ශක්තිය පෙන්නුම් කළ හැක්කේ එවැනි දෙයකින් බවත් ඔහු සඳහන් කළේය.
වැඩිම ජනතාවක් එකතු වී සිටින්නේ පොහොට්ටුව සමග බව පැවසූ හිටපු ජනාධිපතිවරයා යම් යම් වෙනස්කම් සිදුවී ඇතත් ජනතාව පොහොට්ටුවෙන් ඈත්වී නැති බව පක්ෂ සම්මේලනය ඔප්පු කළේ යැයිද ප්රකාශ කළේය.
මිනිසුන් තවම පොහොට්ටුව ගැන බලාපොරොත්තු තබා සිටින බවද ඔහු කීවේය.
මීළඟ ජනාධිපතිවරණයේදී තමාට ඉදිරිපත්වීමට හැකියාවක් නැති බවත් පක්ෂය තීරණය කරන පුද්ගලයා කවුරු වුවත් ඔහු දිනවීමට රාජපක්ෂවරුන් කටයුතු කරන බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශ කළේය.
ශ්රී ලංකා පොදු ජනපෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමක් ගැන තමා නොදන්නා බවද ඔහු කීවේය.