අමාරු කාලේ පොඩි එක්කෙනාගේ හරි ගෙදර කෙනෙක්ගේ හරි උපන්දිනය ලස්සනට ගන්න හැටි

salitha22

Well-known member
  • Feb 8, 2015
    6,938
    1
    11,933
    113
    මේක අපි කාට කාටත් අමාරු කාලයක් කියලා දන්නවනේ .මන් අද කතා කරන්න යන්නේ පොඩි බජට් එකකට හොද සුපිරි උපන්දින පාටි එකක් ගන්න හැටි සහා ඒවාට ඕන කරන බඩු ගන්න හදාගන්න හැටි ගැන .පොඩි කිව්වට මට ගියා 30 ක් ,(හැබැයි කෑම බිම ඩෙකරේෂන් අරක්කු ඔක්කොටම )



    මුලින්ම මේ වගේ එකක් කරනකොට තමන්ට ඉවසීම 200% තියෙන්න ඕනේ .ඒ වගේම හොද සපොර්ටිව් වයිෆ් කෙනෙක් ඉන්නවා නම් සුපිරි ,ඒ වගේම වයිෆ්ගේ කුණු කුණුව අහගෙන ඉන්න පුළුවන් වෙන්න වෙන්නත් ඕනේ .මුලින්ම පාටි එක ගැන වයිෆ් හරි හස්බන්ඩ් එක්ක කතාකරලා ඉන්න ඕනේ ,මොකද සමහර අය කැමති නෑ මහන්සි වෙන්න වැඩේට ,මොකද මේක කට්ට කන වැඩක් ,එහෙම ය ඩෙකරේට් කරන අයට කියල වැඩේ කරගන්න අයට කියලා කරගන්න .දැන් අපි බලමු මේකට මොනවාද ඕන වෙන්නේ කියල .

    ඉන්ටනෙට් කනෙක්ෂන් එකක්
    පැස්ටල් බැලුන්
    Balloon Garland Strip
    හාඩ් බෝර්ඩ්
    හොද ප්‍රින්ටින් සර්විස් එකක් දෙන තැනක්
    කේක් හදන පොට් එකක්
    ගිෆ්ට් රැපින් පේපර්ස්
    සාමාන්‍ය උස මේසයක්
    අනෙකුත් බඩු
    කෑම බීම


    දැන් අපි පටන් ගමු

    ඉන්ටනෙට් කනෙක්ෂන් එකක්

    මේක ඕනේ වෙන්නේ තමන්ට හොද අයිඩියා එකක් ගන්න ,කරන්නේ මොකක්ද කියන තීම් එක ගැන අයිඩියා එකක් ගන්න ,මන් කලේ බේබි ශාර්ක් තීම් එක .මොකද ගෙදර පොඩි එක්කෙනා පිස්සුවෙන් වගේ බලන එකක් .,තමන්ගේ ළමයා කැමති තීම් එකක් තෝරාගන්න ,දැන් එකට ඕන ඉමේජ් ටික ඩව්න්ලෝඩ් කරගන්න ,ඒ ටික ඩවුන්ලෝඩ් කරගන්න yandex සර්ච් එන්ජින් එක පාවිච්චි කරන්න .මොකද එකෙන් හොදම රෙසලුෂන් ඉමේජ් කෙලින්ම ගන්න පුළුවන් .ඒ වගේම තමන් තෝරාගන්න තීම් එකට අදාළ කේක් ඩිසයින් එකකුත් ගන්න .දැන් ඔය ඉමේජ් ඔක්කොම .PNG ටයිප් එකෙන් තමා ඩවන්ලෝඩ් කරගන්න ඕනේ .මොකද ප්‍රින්ට් කරන්න දෙන තැනකට දුන්නම එයාලට හරි ලේසි .

    පැස්ටල් බැලුන්

    61-asPjErHL._AC_SL1000_.jpg


    මොනවාද මේ පැස්ටල් බැලුන් ,මේවා පොඩ්ඩක් ෂයින් ගතිය වැඩි හයිය වැඩි බැලුන් ජාතියක් .නෝමල් කඩේ තියන බැලුන් වගේ නෙමෙයි හොද පොෂ් ගතියක් තියනවා මේවා ගන්න පුළුවන් පිටකොටුවේ කේසර් ස්ට්‍රීට් එකෙන් ,එක පැකට් එකේ බැලුන් 10 ක් තියනවා ,පැකට් එකක් 120 යි .මේ බැලුන් එකම සුපර් මාකට් වල තියනවා බැලුන් 12 තියන එක 280 යි .මේ බැලුන් ගන්නකොට බැලුම් පුම්බන්න පුළුවන් හෑන්ඩ් පම්ප් තියනවා එකකුත් ගන්න .මන් මේ පාර කටින් පිම්බුවේ මොකද කලින් පාර ගත්ත හෑන්ඩ් පම්ප් එකෙන් මට බැලුම් පුම්බන්න හම්බුනේ 15 ක් වගේ කැඩුනා .ගෙදර වාහනේ තියන එයා පම්ප් එක උනත් පාවිච්චි කරන්න පුළුවන් .බැලුම පුම්බනකොට සාමාන්‍ය ගානට පුම්බන්න ,ලොකුවට පිම්බුවොත් බැලුම් හදාගන්න අමාරු වෙනවා .පොඩියට පිම්බුවොත් මෙලෝ රහක් නෑ .

    Balloon Garland Strip (බැලුන් පටි )

    24b160f3479875d66489f8e313450009.jpg

    මේකත් ඔයාට කේසර් ස්ට්‍රීට් එකෙන් ගන්න පුළුවන් .මේකේ වාසි ගොඩක් තියනවා .මේකට බැලුම් ෆික්ස් කලහම ලස්ස්සනට පොකුර වගේ එනවා ,නුල් අනම් මනම් ගැටගහගෙන දුක් විදින්න ඕනේ නෑ .පාටි එක ඉවර උනහම බැලුන් ගලවලා ඊලග පාටි එකටත් ගන්න පුළුවන් .මේකේ එකම හිලට දෙපැත්තට බැලුන් දෙකක් දාගෙන බැලුන් වැල හැදුවම සුපිරි .
    හබැයි මේක යුස් කරනවා නම් බැලුමට ගැට දෙකක් දාන්න ඕනේ ,එතකොට හොදට හිරවෙලා තියනවා .



    හාඩ් බෝර්ඩ්

    download.jpg


    මේවා නම් ගෙවල් ලග බුක්ෂොප් එකෙන් ගන්නත් පුළුවන් ,ඝනකම වැඩි බෝඩ් එකක් 200 යි .බ්‍රිස්ටල් බෝඩ් එකක් 70 ක් දැන් .තව බුක්ෂොප් වල තියනවා glitter paper ,ඒවත් මම ගත්තා ගස් ටික කපලා හදාගන්න ,ලයිට් එලිය වැටුනම ලස්සනයි .glitter paper වලින් තමන්ට අවශ්‍ය තීම් එකේ පොඩි පොඩි දේවල් හදාගන තියාගන්න .


    හොද ප්‍රින්ටින් සර්විස් එකක් දෙන තැනක්

    487cbcebaea2e0f82c2fd1947c986406.jpg



    මේක තමා හොදටම තියෙන්න ඕනේ එක .දැන් කලින් ඩව්න්ලෝඩ් කරපු ඉමේජ් ටික ගිහින් එයාලට කියන්න ඔයාට අවශ්‍ය ඉමේජ් වල උස පළල සහා ප්‍රින්ට් කරන්න ඕනේ බෝඩ් එකක්ද නැත්නම් ස්ටිකර් ටයිප් එකක්ද කියල ,ඔය ඉමේජ් ප්‍රින්ට් කරනකොට වටේ අව්ට්ලයින් එකක් දාලම ගන්න එතකොට ලස්සනට කපාගන්න පුළුවන් .දැන් ඔය කපාගත්ත ස්ටිකර් ටයිප් එකෙන්නම් වඩා හොදයි හොද කොලිටි එකකට ගන්න පුළුවන් ,මන් කරගත්තේ කැළණි කැම්පස් එක ඉස්සර තැනකින් එතන මට වැඩේ කරලා දුන්න නංගි නම් ෆුල් සපොටිව් .මට වර්ග අඩි 30 ක් වගේ ප්‍රින්ට් කරන්න ගියේ 5500 ක් වගේ .ඒවගෙන කප්කෙක් ගන්නවා නම් ඒවාට ඔය කරැක්ටර් වල පොඩි ඉම්ජ් A4 කොළ දෙකකට ප්‍රින්ට් කරගන්න ,මේ වගේ

    3dc77d2ef151ce69d36400c2c66cebb3.jpg



    මතක ඇතුව පෙන් එක ඉල්ලන් එන්න


    කේක් හදන පොට් එකක්


    IMG_1538_1800x1800_02b0a993-2db4-4ca7-b4aa-75165a894c70.jpg


    ඔය උඩ තියන මොක තිබ්බත් වැඩක් නෑ කේක් එක චෝර නම් .මුලින්ම වටෙන්ම හොයලා බලල ගෙදරක කේක් හදන සුපිරි වැඩර් කෙනෙක් හොයාගන්න .ඔය ලොකු ලොකු නම් තියන තැන් වලට දෙන්න එපා ගානත් වැඩි කන්නත් බෑ අම්බානක පාච්මන්ට් .මම හැදුවේ මේ කේක් එකක් මට මේ කේක් එකට ගියා කිලෝ දෙකෙක් එකක් 6800 ක්.තව මන් කප්කෙක් 20 ක් ගත්තා ඔක්කොටම මට 9600 ක් වගේ ගියා .මේකෙදි පොඩ්ඩක් වියදම් කලාට කමක් නෑ කේක් එක රසට තියනකොට ඔක්කොටම සතුටුයි .කේක් එක හදනකොට බටර් අයිසින් විතරක් ගන්න ,පාච්මන්ට් දැම්මොත් නම් කේක් එකේ කන කේක් කැල්ල පොඩි වෙනවා .



    ගිෆ්ට් රැපින් පේපර්ස්


    මේවත් පිටකොටුවේ කේසර් ස්ට්‍රීට් එකෙන් ගන්න පුළුවන් .,මේවා ඔයාල ගන්න මේසේ ටොප් එකට කපලා ඩබල් ටේප් ගහලා අලවන්න පුළුවන් ,ඒ වගේම මෙසේ කකුල් 4 පෙන්නේ නැති වෙන්න කවර කරන්න ගන්න පුළුවන් .එහෙම නැත්නම් වයිෆ්ගේ සිංගල් කලර් සාරි එකකින් උනත් ඒ වැඩේ කරන්න පුළුවන් .ඔය මුකුත්ම ඕනේ නෑ ටේබල් එකක් රෙන්ට් එකට අරගත්තානම් .හැබැයි එකට කාලේ සල්ලි වගේ යනවා ,දැන් ටේබල් එකක් ගන්න සල්ලි වලින් බෝතලයක් ගන්න පුළුවන් ,අනික ඕක කැඩුනොත් ෆුල් අමව්න්ට් එකම ගෙවන්න වෙනවා .,මන් කිව්වේ ලේසි විදහක් .තව ගිෆ්ට් රැපින් පේපර්ස් වලින් ගෙදර හිස් බොක්ස් ටිකක් රැප් කරලා ටේබල් එක ලග බිම තියල ලස්සන ගන්නත් පුළුවන් .

    සාමාන්‍ය උස මේසයක්

    මේකට ගන්න ඕනේ තමන්ගේ ඉන ලගට වගේ උස ටේබල් එකක් .,වැඩි උනොත් ෆොටෝ වලට කැතයි .කොට උනොත් එන පොඩි උන්ගෙන් මෙසේ බඩු බේරගන්න බෑ .

    අනෙකුත් බඩු

    අනෙකුත් බඩු කියන්නේ අනෙකුත් බඩු වලට, දැන් ටේබල් එකේ කේක් එක විතරක් තියන්නේ නෑනේ .පොඩි පොඩි අයිටම් ටිකක් තියෙන්න ඔනේ නැත්නම් ලස්සනත් නෑ ගතියකුත් නෑ .මේක මේ විදිහට කරන්න පුළුවන්,යන්න කඩේ ,ගිහින් ගන්න ජුජුබ්ස් .5 චොකොලට් ,චොකලට් බෝල ,ලොලිපොප් ,තව අර ස්ටික්ස් වගයක් තියෙන්නේ ඒවත් ගන්න ,දැන් කඩෙන් තමාගේ තීම් එකට අදාළ පොඩි රිබන් පටියක් ගන්න එකක් 50 යි ,දැන් ජෑම් බෝතල් ටිකක් අරන් අර රිබන් පටිය ලස්සනට කර වටේ ඔතලා ගැටයක් දාන්න මේ වගේ

    images.jpg


    ,ඊට පස්සේ ගෙනාපු අයිටම් ටික ඕකට දාලා කේක් එකත් එක්ක තියන්න.කේක් එක කපපුවම ඕවත් පොඩි උන්ට බෙදලා දාලා ඒ බෝතල් ටික කුස්සියේ තිබ්බ තැනින් තියන්න .තව ගන්න උපන්දිනේට අදාළ අංකෙ තියන ඉටිපන්දම් කඩේ 350 ක් වගේ වෙන ඉටිපන්දමක් පිටකොටුවෙන් 180 වගේ ගන්න පුළුවන් .සැරසිලි වලට අවශ්‍ය නම් ක්‍රේප් කොළ අනම් මනම් පිටකොටුවෙන් ගන්න .පොඩ්ඩක් පිටකොටුවේ මහන්සි උනොත් උබට 5000 වගේ ඉතුරු කරගන්න පුළුවන් .


    කෑම බීම

    මේකට තමා සපොටිව් වයිෆ් ඕන වෙන්න ,හැමෝම රයිස් දෙන කාලේ හදන්න නුඩ්ල්ස් එකක් ,චිකන් අඩුවැඩිය ඉතින් පාටි එකට ඉන්වයිට් කරලා තියන ගාන අනුව තමා ,පොඩි ප්‍රමාණයක් එනවා නම් 15 වගේ ගෙදර උයන්න පුළුවන්.,නුඩ්ල්ස් චිකන් කාරි ,අල කරි ,චිලිපෙස්ට් ,මට නම් නැන්දම්මා උයලා දුන්නා මොකද කඩේ රයිස් දැන් රස නෑ ඕවා මිනිස්සුන්ට කන්න බෑ කියලා .මදි පාඩුවට ඉදිආප්ප 100 ක් ඕඩර් කළා .යකෝ ඉදිආප්ප ටික ඉවරයි ,නුඩ්ල්ස් වගේ හැදුවම පොඩි උනුත් ආසාවෙන් කනවා .

    බොන අය එනවා නම් ඉතින් ගන්න බෝතලේ තමන්ගේ අතේ තමා , හැබැයි එදාට උබ බොන්න එපා ,ගෙදරින් බොන එකට අව්ල් එකෙක් නම් බීපන් ,කවදා ඔහොම නිදහසේ බොන්නද .

    ඉතින් පාටි එක ඉවර උනහම වයිෆ්ට සපෝට් එකක් විදිහට එයාට නිදාගන්න කියල .උබලා පැය දෙකක් අරගෙන ඔක්කොම අස් කරලා ඉදුල් බාජන ටිකත් හෝදලා ගෙවල් ඇස කරලා නිදාගනින් ,එහෙම කරලා පහුවෙනිදට වයිෆ් උබලට සලකන විදිහ මේකේ දාපන් ඔය ට්‍රික්ස් හැමෝම කියලා දෙන්නේ නෑ ,

    ඔන්න ඔය ටික තමා මට කියන්න තියන්නේ, මහන්සි වෙලා කරලා ඉවර උනහම පුදුම ෆිලින්ග් එකක් තියෙන්නේ .මන් මහන්සි වෙලා ලස්සනට පාටි එක ගත්තා නේද කියලා හිතෙනවා
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    3,456
    4,961
    113
    ඉතින් පාටි එක ඉවර උනහම වයිෆ්ට සපෝට් එකක් විදිහට එයාට නිදාගන්න කියල .උබලා පැය දෙකක් අරගෙන ඔක්කොම අස් කරලා ඉදුල් බාජන ටිකත් හෝදලා ගෙවල් ඇස කරලා නිදාගනින් ,

    ha hari ban ela.. gani ude nagittahama pukath heduwanam hari ne....
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,051
    1
    16,193
    113
    Black Pearl
    apith ohoma podi ekage bday eka gatta
    backdrop ekata plywood ekak arch ekak wage kapala paint karala oya widiyata side eken baloon elluwa decorate karagatta

    mama nikan eliyen decorate karana ayage ganan ahuwa 25-50 wenakan yanawa podi ekak unath
    1st bday ekata godak wiyadam karana eka justify karanna amarui matanam. e salli walin lamayata awshaya deyakata invest karana eka hodai

    antime itiri unu salli walin 55k withara wiyadam karala donation ekak dunna orphanage ekakata
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,369
    1
    4,087
    113
    Matale
    mama nikan eliyen decorate karana ayage ganan ahuwa 25-50 wenakan yanawa podi ekak unath
    1st bday ekata godak wiyadam karana eka justify karanna amarui matanam. e salli walin lamayata awshaya deyakata invest karana eka hodai

    antime itiri unu salli walin 55k withara wiyadam karala donation ekak dunna orphanage ekakata

    අමාරු කාලේ කියල පටන්ගත්ත නිසා කියන්නේ පුළුවන් කැමති කෙනෙක් අර ඉස්කෝලෙට මොනවා හරි අරන් දෙන්න බලන්න 30ක් 40ක් වියදම් කරලා කරන මේ වගේ වැඩ අත ඇරල.​

    මගේත් පුතාගෙයි (4y) දුවගෙයි (1y) දෙන්නගෙම උපන්දින වලට කේක් එකක් කපල ඔය වගේ යන ගණන් වලට ගෙවල් පැත්තේ පොඩි ළමයි බලල පොත් පෑන් වගේ දේවල් අරන් දෙනවා. (තමන්ට පුළුවන් කැමති ඕන හැටියකට ඉතිං)