මටත් මේක ප්‍රශ්නයක්. අලියෙක් පෑගුවම කෙල්ලට අමාරු වෙනව නේ. මූට ඒක තේරෙන්නෙ නැද්ද? අනිත් එක බදාගෙන හිටියම දෙන්නගෙන් එකෙක් පාගල කියන කතාවත් වෙන්න බෑ. පැය ගානක් මූ කිසිම ඇක්ෂන් එකක් නොගෙන ඉඳල. අනිත් එක මූ අර වීඩියෝ එකේ කතා කරන Body language එකෙන් පේන්නෙ සිද්දිය ගැන කිසිම ගානක් නෑ වගේ. නිකං ආතල් එකේ සිද්දියක් කියනව වගේ
මොකක්ද බං සිරාවටම මේකෙ තියෙන ආතල් එක? හරියට නිදාගන්න බෑ. බොකක් දාන්න බෑ. හරියට කෑමක් නෑ. ඔය ආතල් එකම ගන්න පුලුවන් නේ ලොකු වත්තක් තියෙන ගෙදර අයිනක ටෙන්ට් එකක් ගහගෙන. මට නම් ඒකෙ කිසිම ආතල් එකක් තේරෙන්නෙ නෑ. ඔන්න කොල්ලො 10ක් විතර එක්ක ගියා නම් මොනාහරි ෆන් කතා ටිකක් කිය කිය හරි ඉන්න තිබ්බ. මල කරුමයක් නේ බං.
------ Post added on May 14, 2023 at 3:09 AM
5.30 ඉඳල අහන්න. අනේ මංද මූ කියන කතාව මාර විදියට පරස්පරයි කියල මට හිතෙනව. බදාගෙනලු හිටියෙ. කෙල්ලට මුකුත් නොවෙන්න කෙල්ලව යටි පැත්තට දාල මූ උඩලු හිටියෙ. එතකොට අලිය පෑගුව නම් දෙන්නවම පෑගෙන්න ඕන. මොකද අලියට තියෙන්නෙ බල්ලෙක්ගෙ වගේ පොඩි කකුලක් නෙමෙයි නේ. උගේ එක කකුලක් ඇති මුං දෙන්නවම තැලෙන්න. එතකොට කොහොමද කෙල්ලගෙ කකුල විතරක් අහු උනේ. එතකොට කෙල්ලගෙ කකුල අහු උනා නම් මැරුනෙ කොහොමද. වෙන්න පුලුවන් දේකට තියෙන්නෙ Internal damage එකක් නිසා ඇතුලෙ Bleed වෙන්න අරගෙන. ඒ ඇරෙන්න වෙන හේතුවක් නෑ. වෛද්‍ය පරීක්ෂණයත් එක්ක තමයි මූ කියන එකේ ඇත්ත නැත්ත හොයන්න වෙන්නෙ. මට පර්සනලි හිතෙන්නෙ 95%ක්ම මූ බොරු කියන්නෙ. වෙන දෙයක් ඔතැන උනේ.
------ Post added on May 14, 2023 at 3:24 AM