~ අලුගෝසුවා රනිල් මිස අනුර නොවේ..! දෙමළ ජනතාවගෙන් සමාව ගත යුත්තේ රනිල්..!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    53,558
    52,298
    113
    ජාතික ජන බලවේගයේ නායක මෙන්ම , ජනාධිපති ධූර අපේෂක අනුර කුමාර දිසානායක වහාම දෙමළ ජනතාවගෙන් සමාව ගත යුතු බව UNP යේ නායක, ස්වාධීන අපේක්ෂක රනිල්, පසුගියදා යාපනයේදී ප්‍රකාශ කොට තිබුණි.
    මාධ්‍ය තුළ පළවූ ආකාරයට, අනුර යාපනයට ගොස් ප්‍රකාශ කළා යැයි රනිල් විසින් පැහැදිලි කරනු ලැබූ කරුණු මෙසේය.
    " අනුර ඇවිත් මොකක්ද කිව්වෙ? දකුණේ වෙනසක් සඳහා ජනතාව පෙළගැසී සිටියදී, ඒ වෙනසට එරෙහි වන්නන් ලෙස ඔබ පත්වුව හොත්, කුමන මනෝ භාවයක් දකුණේ ජනතාව තුළ ස්ථාපිත වෙයිද සිතන්න. ඒ වෙනසට එරෙහි වූවන් ලෙස, ඒ වෙනසට විරුද්ධ වූවන් ලෙස, යාපනය හඳුන්වන එකට ඔබ කැමතිද? උතුර හඳුන්වන එකට ඔබ කැමතිද? මා ඔබට නැවතත් සහතික කරන්නම් , අපි ජයග්‍රහණය කරනවා. හැබැයි ජයග්‍රහණයේ පංගුකාරයන් බවට ඔබ පත්වෙන්න ඕනේ. ඊට එරෙහි වූවන් ලෙස ඔබ පත්වෙන්න එපා කවදාවත්."
    මෙය කිසි සේත්ම අනුර විසින් දෙමළ ජනතාවට එරෙහිව සකළ තර්ජනයක් නොවේ. නමුත් ඉහතින් දැක්වූ කරුණු වලට අමතරව, අනුර විසින් ප්‍රකාශ කළා යැයි සඳහන් කරමින් රනිල් විසින් තවත් කොටසක් එකතු කරනු ලැබීය.
    ඒ මෙසේය.
    " මට ඡන්දය දුන්නෙ නැත්නම් බලාගනින් කියලා එයා කියලා තියෙනවා. ඒක මම හෙලා දකිනවා."

    රනිල් වික්‍රමසිංහ කීවේ පට්ටපල් බොරුවකි..​

    රනිල් වික්‍රමසිංහ මේ කීවේ පට්ටපල් බොරුවක්ය. එය ඉතා බරපතල ප්‍රකාශයක්ය. ජනාධිපතිවරයා වශයෙන් ද, ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වශයෙන්ද රනිල් කළ එම ප්‍රකාශය ගැන NPP ය විසින් ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග ගනු ඇතැයි අප සිතමු.
    අනුර යාපනයට ගොස් දෙමළ ජනතාවට කියූ දෙය ඉතා නිවැරදිය. මෑත ඉතිහාසය තුළ පැවැත් වූ ජනාධිපතිවරණ තුන, එනම් 2010, 2015 සහ 2019 ගත් විට එම මැතිවරණ තුනේදීම උතුරේ ඡන්දය පාවිච්චි කළ දෙමළ ජනතාවගෙන් බහුතරය සිය කැමැත්ත පළ කර ඇත්තේ UNP යට හෝ UNP යේ එකඟත්වයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයාට ය.
    එහෙත් එම මැතිවරණ තුනෙන් දෙකකදීම ජය ගත්තේ ⁣දෙමළ ජනතාවගෙන් බහුතරයක් ඡන්දය ලබා දුන් අපේක්ෂකයා නොවේ ය.
    දෙමළ ජනතාවගේ බහුතර ඡන්දය ලබා ගෙන ජය ගත්තේ 2015 තරඟ වැදුණු අපේක්ෂකයා පමණය.

    2019 දී පත් වූ ජනාධිපතිවරයා 69%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තේ ප්‍රධාන වශයෙන්ම උතුරෙන් බැහැරව ලබාගත් ඡන්ද වලින් ය.
    2019 ටත් වඩා 2024 යනු ශ්‍රී ලාංකීය දේශපාලන භූමිය තුළ විප්ලවකාරී වෙනසක් දැඩි ලෙස අපේක්ෂා කරන වසරක් ය. එය කිසිවෙකුට එසේ නොවේ යැයි තර්ක කිරීමට කිසිදු ඉඩක් මේ වන විට තබා නැත.
    ශ්‍රී ලාංකීය භූමියේ මෙම වාස්තවික තත්ත්වය හේතු කොට ගෙන ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය මේ වන විටත් ඉතා පැහැදිලිය. එම ජයග්‍රහණයට රටේ දකුණ සිය සක්‍යතාවය ප්‍රදර්ශනය කොට හමාරය.
    අනුර යාපනයට ගොස් පැවසුවේ එය ය. ඔහු දෙමළ ජනයාගෙන් ඉල්ලා සිටියේ මෙම පැහැදිලි ජයග්‍රහණයේ පංගුකාරයන් බවට පත්වෙන ලෙසය.
    උතුර දකුණ එක්වුණු ජයග්‍රහණයක් වඩා විචිත්‍රය. රට ගොඩ නැගීමට එය ඉමහත් පිටුවහලක්ය. ඒ අර්ථයෙන් අනුර සිදු කරනු ලැබුවේ උතුරේ ප්‍රභූ පංතිය විසින් ඉතිහාසය පුරාම දකුණේ ප්‍රභූ පංතිය හමුවේ වෙන්දේසි දැමූ, බහුතර දෙමළ ජනයාගේ ඡන්ද අයිතිය එම විය ගහහෙන් මුදවා ගන්නා ලෙස ඉල්ලා සිටීමක් ය.

    උතුරේ දෙමළ ජනතාවට UNP ය තරම් විනාශයක් කළ වෙනත් පක්ෂයක් නැත..​

    සෑම ජනාධිපතිවරණයකදීම උතුරේ දෙමළ ජනයාගෙන් බහුතරය සිය ඡන්දය පාවිච්චි කර ඇත්තේ UNP ය ටය. එහෙත් ⁣ඉතිහාසය පුරාම උතුරේ දෙමළ ජනතාවට UNP ය තරම් විනාශයක් සිදු කර ඇති වෙනත් පක්ෂයක් නැති තරම්ය.
    1983 කලු ජූලිය හෙවත් දෙමළ ජන සංහාරය UNP යේ නිර්මාණයක් ය. රනිල් ගේ මාමා වූ J R ජයවර්ධනගේ කැබිනෙට්ටුවේ සිටි, කැලණිය ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම රනිල් ගේ දේශපාලන ගුරා වූ කලුවාදේවගේ සිරිල් මැතිව් මේ ම්ලේච්ඡ දෙමළ සංහාරයේ පුරෝගාමියා විය.
    කොළඹ නගරයෙන් පටන් ගෙන මුලු දිවයින පුරාම පිහිටි දෙමළ ජාතිකයන්ට අයත් ව්‍යාපාර ගිණි තබා විනාශ ⁣කළ සිරිල් මැතිව්ගේ UNP මැරයෝ, දෙමළ ජාතිකයන් විශාල පිරිසක් මරා දැමුවේ දස වද දෙමිනි. ජාතිවාදී දෙමළ විරෝධී සංහාරය උසිගන්වා, මුලු රටම ම්ලේච්ඡත්වයට ඇද දැමුවේ රනිල් වික්‍රමසිංහත් සිටි UNP ආණ්ඩුව විසිනි.

    අන්තිම දෙමළාගේ හමෙන් සෙරෙප්පු සාදන තුරු නින්ද නොයන බවට UNP ආණ්ඩුවේ සිරිල් මැතිව් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන විට රනිලුත් එම ආණ්ඩුවේ නායකයෙකි.
    දෙමළ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුත්තේ අනුර නොව රනිල් ය.
    1981 පැවැති සංවර්ධන සහා ඡන්දයේදී කොළඹින් කෝච්චි පිරෙන්න UNP මැරයන් උතුරට ගෙන ගොස් , ඡන්ද විමසීමට පෙර යාපනය පුස්තකාලය මුළුමනින්ම ගිණිබත් කොට විනාශ කර දැම්මේ සිරිල් මැතිව් සමග එක්වී සිටි රනිල්ලා මිස අනුර කුමාරලා නොවේය. අග්නිදිග ආසියාවේ තිබූ විශාලතම පුස්තකාලය ලෙස සැලකූ යාපනය නාගරික පුස්තකාලය දෙමළ ජනතාවගේ ආධ්‍යාත්මයේ සංකේතය විය. දෙමළ ජනතාවගෙන් සමාව ගත යුත්තේ , එය ගිණි බත් කළ රනිල් ප්‍රමුඛ UNP ය මිස අනුර හෝ ජාතික ජන බලවේගය නොවේ.
    රනිල් සහ මාමා වූ J R එකට එක්ව මේ රටේ උතුරේ දෙමළ ජනතාවට කැන්දවූ විනාශය සුළුපටු නොවේ. 30 අවුරුදු සිවිල් යුද්ධයක නිර්මාපකයෝ වන්නේ රනිල් ප්‍රමුඛ UNP ය මිස වෙන කිසිවෙකු නොවේ.

    රනිල් උතුරේ දෙමළ ජාතිකයන් ගෙන් පමණක් නොව දකුණේ සිංහල ජනතාව ගෙන්ද සමාව ගත යුතුයි...​

    එම යුද්ධය නිසා අහිමි වුණු ජීවිත හා දේපල වල වටිනාකම මෙතෙකැයි කියා නිම කළ නොහැකි වී තිබේ. ඒ විනාශයේ වින්දිතයන් බවට පත්වූයේ උතුරේ ජනයා පමණක් නොවේ. දකුණේ තරුණයන් මෙන්ම අහිංසක ජනතාවද ඒ කුරිරු යුද්ධයේ ගොදුරු බවට පත්වු හැටි අපි අත්දැක ඇත්තෙමු. ඒ අනුව රනිල් උතුරේ දෙමළ ජාතිකයන් ගෙන් පමණක් නොව දකුණේ සිංහල ජනතාව ගෙන්ද සමාව ගත යුතුව ඇත.
    රනිල් වික්‍රමසිංහගේ සහ UNP යේ අලුගෝසු අතීතය දකුණේ බහුතර ජනයාට කිසිදාක අමතක නොවේ. ඒ නිසාම වසර ගණනාවක් පුරා රනිල් වික්‍රමසිංහලාට හා UNP යට ජනයා තමන්ගේ ප්‍රතිචාර පල කොට තිබේ. යලි කිසි දිනක රනිල් වික්‍රමසිංහලාට දකුණේ ජනතාව රවටා බලය ලබා ගත නොහැකි බව ඉතා පැහැදිලිය.
    උතුරේ දෙමළ ජනයාට රනිල්ලා අවබෝධ කර ගැනීමට නොහැකි වී ඇත්තේ, උතුරේ ප්‍රභූ පංතිය රනිල් ලා දෙමළ ජනයාගේ ගැලවුම් කාරයන් ලෙස අන්දවා ප්‍රදර්ශනය කරමින් සිටින බැවිනි.
    එහෙත් වසර 30 යුද්ධය නිමාවී වසර 6 ගතවීමෙන් පසුව දෙමළ ජනයාගේ බහුතර ඡන්දයෙන් බලයට පත් ජනාධිපති සිරිසේනත්, අගමැති රනිලුත්, උතුරේ දෙමළ ජනයාගේ අපේෂාවන් ඉටු නො කළ බව බොහෝ පිරිසක් අවබෝධ කර ගෙන ඇතිවාට සැකයක් නැත.

    ඒ ගැන තව දුරටත් උතුරේ ජනතාවට යම් හෝ සැකයක් පවතීනම්, යහපාලන ආණ්ඩුවේ සිටි UNP මන්ත්‍රීවරියක් වූ ළමා හා කාන්තා කටයුතු ඇමැති විජයකලා මහේෂ්වරන්, 2018 ජූලි මස 02 දා යාපනයේ වීරසිංහම් ශාලාවේදී, එවකට ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන ළඟ තබා ගෙන පැවැත්වූ කතාව නැවත කියවා බලන ලෙස ඉල්ලමි.
    උතුරේ දෙමළ ජාතික ජනයාගේ අලුගෝසුවන් වූ රනිල් වික්‍රමසිංහ ප්‍රධාන UNPයට ගෑවුණු කිසිවෙකුවත් රටේ ජනාධිපති කරවීමට කතිරයක් ගසන ලෙස දෙමළ ජාතිකයන්ට කිව හැකි දෙමළ ජාතිකයෙකු සිටී නම් ඔහු ගේ උවමනාව කුමක්ද යන්න හොඳින් අවබෝධ කර ගැනීම මේ මොහොතේ අතිශයෙන් වැදගත් වේ.

    -සුනිල් ගාමිණී ජයලත්ගේ​

     
    • Like
    Reactions: Solo Rider

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,802
    5,269
    113
    පෙත්සම් දාලා, වෙට්ටු දාලා තොප්පි දාලා මුට්ටි දාලා
    ජිල්මාට් දාලා හෙන ගේමක් දුන්නා ලොක්කා
    හරි ගියේ නෑ...