අලුත් අවුරුද්දේ නෑයන්, අසල්වාසින් සහ මිතුරන් බැහැ දැකීමට යන ඔබට,
ඒ ගෙවල් වල වයස 10 සම්පූර්ණ වූ දරුවාගේ ශිෂ්‍යත්ව ලකුණු ඔබට වැඩක් නැත.
ඒ ගෙවල් වල ළමයින්ගේ ඕලෙවල් ඒලෙවල් හෝ පන්තියේ වෙනියා ආදිය ඔබට අදාළ නැත.
ඒ ගෙවල් වල ළමයි විශ්ව විද්‍යාලයේ යාම හෝ රැකියාවට යාම හෝ රැකියාව සමඟ උසස් අධ්‍යාපනයේ යෙදේද, නොයෙදේද යන්න පිළිබඳ ඔබ වෙහෙසිය යුතු නැත.
ඒ ගෙවල් වල 18 ට වැඩි දරුවන් විවාහ කරවීම සහ 30 ට වැඩි තරුණ තරුණියන් කාගේ හෝ ඇඟේ ගැසීම ඔබට පැවරී නැත.
බිඳුණු විවාහයන් හෝ ප්‍රේම සම්බන්ධතා ගැන ඔබේ ගුරුහරුකම් අසා සිටීමට ඔවුන් සූදානම් නැත.
විවාහ වූ අය දරුවන් හදන දවස ගැන ඔබ දැනගත යුතු නැත.
අලුත උපන් දරුවන්ගේ මුහුණ කට නාසයේ ස්වභාවය, පියාගේ ස්වරූපය හා මවගේ ස්වරූපය අතර ඇති සම්බන්ධය, දරුවාගෙ බර සහ මවගේ කිරි අතර සම්බන්ධය ගැන ඔබ වද විය යුතු නැත.
ඔවුන්ගේ පළවන ළමයාට සෙල්ලම් කිරීමට, තව ළමයි අවශ්‍යද නැද්ද යන්න ඔබ විසින් තීරණය කළ යුතු නැත.
ඒ ළමයි අධ්‍යාපනය ලබන ආකාරය පිළිබඳ ඔබගේ සහය ඉල්ලා නොසිටියේ නම් ඔබ ඔවුන්ට බලහත්කාරයෙන් උදව් කළ යුතු නැත.
ඔවුන්ගේ නිවෙස් වල සිටින සුරතලුන් එම නිවෙස් වල කරන ක්‍රියාවන් කෙරෙහි ඔබේ අදහස ඔවුන්ට ප්‍රකාශ කිරීම ඔවුන්ට හෝ සුරතලාට අවශ්‍ය නැත.
ඔබ එහි යන්නේ වසරකට එක සැරයක් හෝ දෙසැරයක් වන අතර, ඔවුන් ඒ නිවසේ ජීවිත කාලයම සිටියි.
එම නිවෙස් අවුරුද්දට, අස් කර ඇති ප්‍රමාණය, එම නිවසේ මකුළු දැල් වලට සාපේක්ෂව බිරිඳගේ දායකත්වය ගැන නැන්දම්මාට,මවට හෝ සැමියාට උපදෙස් දීමට ඔබ අවශ්‍ය නැත.
ඔබ යන නිවෙස් වල ගැහැනුන්ගේ බර, මහත, කෙට්ටු වීම්, සිරුරු ලප හෝ ශාරීරික කාරණා පිළිබඳව ඔබගෙන් උපදෙසක් නොවිමසන්නේ නම් ඒසඳහා ඔබ උපදෙස් දිය යුතු නැත.
ඉතින් මේ කරුණු හැර ඔබට කතා කිරීමට කිසිවක් නැතිද...?
ඔයාලට පුළුවන්...
අවුරුදු ගණනාවක් පුරා ( ආසන්න වශයෙන් වසර හැත්තෑ පහකට එහා කාලයක් ) ඔයාලා අතින් වෙච්ච පරමාධිපත්‍යයේ වැරැද්ද නිවැරදි කරගන්න පුළුවන්ද කියලා මේ පාර කතා කරන්න.
ඔයාලට පුළුවන් රස කෑම වර්ග ගැන, සත්තු ගැන, චිත්‍රපටි, අලුත් ව්‍යාපාරික අදහස්, සහ නව සොයාගැනීම් ගැන කරන්න.
මොකුත්ම කතා කතාකරන්න දෙයක් නැත්තං, දෙන දෙයක් කාල බීල කට # වහං හොද හිත රැකං, ඊළඟ අවුරුද්දෙත් එන්නන් කියල, සුබ පතල හිමිහිට ගෙදර එන්න..
කැමතිනං ඕගොල්ලන්ගේ ඔය ආදරණීය නෑයො ටික දැම්මම පෝස්ට් එකට Tag කරන්නත්, mention කරන්නත් පුළුවන්...
Credits to Owner