අල, පරිප්පු, ලූණු , සීනි, හාල්මැස්සෝ

Kolama

Well-known member
  • Sep 11, 2008
    13,323
    8,992
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩොලර් හිඟය හේතුවෙන් අල, පරිප්පු, ලූණු , සීනි, හාල්මැස්සෝ, ඇතුළු අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1000 ක් පමණ වරායේ හිරවී ඇතැයි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    වෙළෙද පොළේ අත්‍යවශය ආහාර ද්‍රව්‍යවල මිළ අසීමිත ලෙස ඉහළ යාමට එයද බලපා ඇතැයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇති බව එම ආරංචි මාර්ග කියයි.

    එබැවින් මෙම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් වරායෙන් නිදහස් කර ගැනීමට වහාම පියවර ගතයුතුව ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.

    කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානාත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යලයේ දී රැස්ව ඇති අතර රට තුළ ඇති ව තිබෙන ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් ද එහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි ද වාර්තාවේ.

    ඩොලර් හඟගය ඉතාම බරපතල තත්ත්වයකට පත්ව ඇති බවත්, එය රටේ ආර්ථිකයට දරුණු පහරක් එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා එහි දී පෙන්වා දී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

    අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා , බැසිල් රාජපක්ෂ, ආචාරය බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් ගණනාවක් ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතැයි ද වාර්තා වේ.

    එහිදී අදහස් දක්වා ඇති බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ඩීසල් වාහන බොහොමයක් භූමිතෙල් වලින් ධාවනයවීම හේතුවෙන් සංස්ථාවට දැඩි පාඩුවක් සිදුවන බව පෙන්වා දී ඇතැයි දැනගන්නට ඇත. :eek:

    මේ අතර අදහස් දක්වා ඇති මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඩොලර් හිඟය මගහරවා ගැනීම, සදහා ඉදිරි කාලයේදී විකල්ප වැඩපිළිවෙලකට යාමට බලාපොරොත්තු වන බවද සඳහන් කර ඇත.

    Source: https://www.lankadeepa.lk/news/අත්‍...-කන්ටේනර්-1000-කොළඹ-වරායේ-හිර-වෙයි/101-603595
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    285
    361
    63
    Aththamata mona wikalpada ? Ratak widiyata adayam upyaganna wada piliwelak thiye kiyla penawada me minissunta ? Monada lankawe adayam upayanna puluwan investment priorities kiyala adunagena thiyeda ? Me ksisima deyak nane naya gannawa concerete godawal hadanawa kanawa mehema ratak diyunu karathakida arthikayak hadathakida :no::no::no: Lankawe rakiya hadila tiyennet services sector ekapatten witarai godak durata productions athin godak adui. Issrahata me thathwe thawath darunu wei
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    13,323
    8,992
    113
    ලිම්පෝපෝ කන්දෙ
    විකල්ප කිව්වේ ලංකාව චීනෙට දෙනවද ඉන්දියාවට දෙනවද?

    :no::no:

    scared teddy bear GIF by Robert E Blackmon
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    2,954
    9,728
    113
    Malabe
    එහිදී අදහස් දක්වා ඇති බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ඩීසල් වාහන බොහොමයක් භූමිතෙල් වලින් ධාවනයවීම හේතුවෙන් සංස්ථාවට දැඩි පාඩුවක් සිදුවන බව පෙන්වා දී ඇතැයි දැනගන්නට ඇත. :eek:

    මොකක්ද යකෝ ඒ හරුපේ?

    IMG-20211125-003327.jpg
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    3,037
    6,113
    113
    2D83EE0C-9053-4315-8097-BBC7056FE76E.jpg


    Month ago this box was 320 rupees. Today my mother said tablets are over so went to pharmacy and now it is 500 rupees.

    I can bear up that 180 rupee increment. No worry at all. But what about innocents?
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    30,145
    31,924
    113
    ආශ්චර්යමත් රටක
    මොකක්ද යකෝ ඒ හරුපේ?

    IMG-20211125-003327.jpg

    බස් වලට, ලොරි වලට භූමිතෙල් ගහනවලු ඩීසල් අඩුවෙන් ගහලා. භූමිතෙල් මිල අඩු නිසා. භූමිතෙල් මිල අඩු කරන්නෙ දුප්පත් මිනිස්සුන්ට සහනයක් හැටියට නං භූමිතෙල් ලීටර් දෙකකට වඩා එකපාර දෙන්න බෑ කියලා වගේ නීතියක් ගේන්න ඕන.

    දුප්පත් කියලා කියන අය ග්‍රාම සේවක ගෙන් සහතික කරපු මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕන. අනිත් අයට භූමිතෙල් නිෂ්පාදන වියදම + අනිත් සියලු වියදම් කවර් වෙන ගාණක් කියන්න ඕන. හොර සහතික, ලියවිලි හදල මාට්ටු වෙන ග්‍රාම සේවකලට හැමිනිලා යන්න දඬුවම් තියෙන්න ඕන. එතකොට ඕක වෙන්නෙ නෑ.

    නීති, ප්‍රතිපත්ති, සැලසුම් ප්‍රශ්න තියෙන්නෙ.
    ඒව අඩු කරලා රටවල් හදන්න ඕන උනුත් තාම දේශපාලනේට ගෙනත් නෑ ලංකාවෙ.රටේ ජනතාවගේම වරද.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    1,355
    2,369
    113
    ඉතින් ඇත්තනෙ ... ඩොලර් නෑ තමයි ...

    @erozan පොන්න බයියා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    19,550
    16,498
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් මෙවර මුදල් අච්චු ගැසූ නමුත් උද්ධමනය පාලනය කරගැනීම සඳහා රජය අවශ්‍ය පියවර ගන්නා බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර සිටී .

    ...

    කෙසේ වෙතත් මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය වැඩි වුවහොත්, ඊට ද මුහුණදීමට රජය සූදානම් බවත් , උද්ධමනය පාලනය කිරීම සඳහා රජය සතුව සැලසුම් ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය

    https://thecolomboexpress.com/54532/