"අවුරුදු පහේදී තමයි කොරියාවේ ඉඳලා අමෙරිකාවට ආවේ, අම්මා පොඩි අවන්හලක පිඟන් සෝදන රැකියාවක් කළේ" - ජූලි චංග්

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    6,717
    13,134
    113
    Milagiriya
    ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චංග් සිය පුද්ගලික විස්තර හෙලිකරමින් සතිඅන්ත පුවත්පතකට සපයා තිබූ සම්මුඛ සාකච්ඡාව පහත පරිදිය.
    ZxZQb4b.jpg
    *ඔබ තානාපති සේවය තෝරාගන්න විශේෂ හේතුවක් තිබුණ ද?

    හුඟක් දෙනා දන්නා විදිහට මම දකුණු කොරියාවේ ඉපදිලා අවුරුදු පහේදී අමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වුණ කෙනෙක්. මම හැදුණේ වැඩුණේ කැලිෆෝනියාවේ. මගේ ආශාව සහ හැකියාව තිබුණේ ලියන්න. ඉතින් පාසල් කාලෙදි වගේ ම උසස් අධ්‍යාපනය ලබන කාලය වෙද්දීත් මගේ ඔළුවේ වැඩ කළේ මාධ්‍යවේදියෙක් වෙන එක.

    කොලේජ් එකේ කැම්පස් කොලේජ් ඉද්දී මම එහි පළ කළ පුවත්පතට ලිපි ලිව්වා. මගේ ඔළුවෙ වැඩ කළේ ම ජාත්‍යන්තර වාර්තාකරුවෙක් වෙන එක.
    ඔහොම කාලේ ගතවෙද්දී අපේ කොලේජ් එකේ දැන්වීම් පුවරුවක තිබුණ පෝස්ටර් එකක් මම දකිනවා. ඒකේ තිබුණේ “විදේශ තානාපති සේවාව ගැන උනන්දු ඔබට ශිෂ්‍යත්වයක් දිනා ගන්න අවස්ථාවක්” කියලා. මම රාජ්‍යතාන්ත්‍රික සේවය කියන්නේ මොකක් ද කියලවත් දැනගෙන හිටියේ නැහැ ඒ වෙද්දී. ඒත් ශිෂ්‍යත්වයක් ලැබෙනවා නම් උත්සහ කරලා බලන එකේ වැරැද්දක් නැහැ නේ කියලා හිතලා පෝස්ටරය පහළට කියවන් ගියා. “ඔබ විවිධ භාෂා ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වනව ද ලෝකේ විවිධ රටවල්වලට සංචාරය කරන්නත් විවිධ සංස්කෘතීන් හා සම්බන්ධ වෙන්නත් ඔබේ රටට සේවය කරන්න කැමැත්තක් දක්වනවා නම් මේ තමා ඔබේ හොඳ ම අවස්ථාව” කියලා ඔවුන් විස්තරයක් දක්වල තිබුණා. මට රාජ්‍යතාන්ත්‍රික සේවාව ගැන අවබෝධයක් නොතිබුණත් ශිෂ්‍යත්වය ලැබුණොත් ජාත්‍යන්තර වශයෙන් යමක් කරන්න තියෙන මගේ ආශාව සම්පූර්ණ වෙන නිසා මම එයට ඉල්ලුම් කරන්න තීරණය කරනවා.

    ඊට පස්සේ යම් ඇගයීම් ක්‍රියාවලියකට පසුව දස දෙනෙක අදාළ ශිෂ්‍යත්වය සඳහා තෝරා ගනු ලබන අතර මම ඒ දස දෙනාගෙන් කෙනෙක් බවට පත් වුණා.

    ඉන් පසුව මම විභාග කිහිපයකට මුහුණ දුන්නා. සීමාවාසික පුහුණුවක් ලැබුණා. ඉතිං ඒක තමා මගේ පළමුවන ස්ථීර රැකියාව. එදායින් පසු මේ වෙනකම් ම නැවත හැරීමක් නැහැ.

    *ඒ වෙද්දි ඔබේ වයස?

    මේ වෙද්දී මම කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් උපාධිය අවසන් කරපු ගමන් ම වගේ. ඒ කියන්නේ මට වයස 23 වගේ.

    *ඔබ කැමති ද කොරියාවේ ඉඳන් ඒ ආපු ගමන සහ ඉන් පසුව අලුත් රටකට හැඩගැහුණු විධිය ගැන කියන්න?

    මට මතකයි එතකොට මට අවුරුදු පහයි. ඒක ශීත කාලය. මම ලෙදර් කබායක් ඇඳලා හිටියේ. ඒ මගේ පළමුවන ගුවන් ගමන. මට තේරුම් ගන්න අපහසු වුණා, මොකක් ද වෙන්නේ කියලා. මම මගේ යාළුවෝ, පුරුදු පරිසරය හැම දේකින් ම ඈත් වෙලා යනවා කියන දේ තේරුණා. මම හොඳට ම ඇඬුව කියලා මතකයි. මොක ද මගේ ලෙදර් කබායේ කඳුළු බින්දු සටහන් වෙලා තියෙනවා මගේ මතක රැඳිලා තියෙනවා. මගේ කන් අගුල් වැටිලා. මම හොඳට ම බය වුණා. මොක ද මීට කලින් එහෙම වෙලා තිබ්බේ නැහැ. මට මතකයි එක ලස්සන ගුවන් සේවිකාවක් මට ලොකුම ලොකු පැණිරස කැවිල්ලක් දීලා කිව්වා මේක හප හපා ඉන්න ඔයාට සහනයක් දැනෙයි කියලා.

    අපි ආවේ කැලිෆෝනියාවේ ලෝන්ග් බීච්වලට. එක නිදන කාමරයක් තිබ්බ මහල් නිවාසයකට. මගේ අම්මා පොඩි අවන්හලක පිඟන් සෝදන රැකියාවක් සොයා ගත්තා. තාත්තා ඉන්ජිනේරු කර්මාන්ත ශාලාවක වැඩට ගියා. ඔහු කොරියාවේ ඉන්ජිනේරුවෙක් වුණාට මෙහිදී තත්ත්වය වෙනස්. අපි කවුරුත් අඳුරන්නේ නෑ. අපි ඉංග්‍රීසි කතා කරන්න දන්නේ නැහැ. මගේ මවුපියෝ ගොඩක් කැප කිරීම් කළා. දුක් වින්දා. හැබැයි ඒව අපිට දැනෙන්න දුන්නේ නෑ.

    මට මතකයි ඒ කාලේ අපි සුපිරි වෙළෙඳසල්වල පිටිපස්සේ තියලා තිබ්බ කසළ බඳුන් හොයාගෙන යනවා රෑට. මොක ද ඔවුන් සමහර එළවළු, පලතුරු විසික් කරනවා කල් ඉකුත් වීම මත. නමුත් ඒවා කන්න පුළුවන් තත්ත්වයේ ඒවා. අපි ඒ වගේ දේවල් ගෙනත් උයලා කනවා.

    නමුත් මගේ මවුපියන් බලාපොරොත්තු අත්හැරියේ නෑ. ඔවුන් දෙවියන් විශ්වාස කළා වගේ ම අමෙරිකාව කියන්නේ බලාපොරොත්තුවේ, දේශය කියලා විශ්වාස කළා. ඔවුන්ට අවස්ථාවක් ලැබෙන තුරු උත්සහ කළා.

    *ඔබ සේවයේ යෙදී සිටිය රටවල් අතරින් ඔබට රාජකාරි මට්ටමින් හෝ පෞද්ගලික වශයෙන් හොඳ ම මතකයන් ලබා දුන්නා කියලා හිතෙන රට මොකක් ද?

    වෙන කොහෙ ද ලංකාව මිසක්. නැහැ මම විහිළුවක් නෙමේ කරන්නේ. මේ රට මට විශේෂයි. මොකද මම තානාපති කෙනෙක් විදියට සේවයට එක්වෙන මුල් ම රට ශ්‍රී ලංකාව. ඒ විතරක් නෙවෙයි අවුරුදු දහයකට කලින් 2012දී මම ලංකාවට ආවා සංචාරකයෙකු විදිහට.

    මම හුඟක් කල් වැඩ කළේ නැගෙනහිර සහ අග්නිදිග ආසියානු කලාපයේ රටවල්වල. ඉතින් මම ලංකාව ගැන වැඩිය දැනගෙන හිටියේ නැහැ. මම එදා එද්දී හීනෙන්වත් හිතුවේ නැහැ මේ රටට තානාපති වෙලා එන්න.

    කොටුවෙන් කෝච්චිය අරන් අනුරාධපුරේට ගියා. ඒ ගමන සුන්දර මතකයක්. මම ඒ වෙද්දී ගැබිනියක්. මගේ පුතාව බඩේ තියාගෙන සීගිරි ගල නැග්ගා කියන එක පුදුම මතකයක්. මම මේ රටේ සුන්දරත්වයට වශී වෙලා ගියේ. හැබැයි ටික කාලයක් යද්දී ලංකාව මගේ මතකයෙන් ගිලිහී ගිහින් තිබිලා ආයේ මතකෙට එන්නේ 2022දී පත්වීම ලබා ගන්න කැමති රටවල් ලැයිස්තුව අතට ආවම.

    මේ රට තෝරා ගන්න වැඩි ම බර තිබ්බේ මගේ සැමියා. ඔහු පොටෝරිකෝ කියන කැරිබියන් දූපතෙන් පැවත එන්නේ. ඉතින් ඔහුත් හරි කැමති වුණා මේ රටට එන්න.

    මේ රටේ මට මතක ගොඩක් තියෙනවා. මම විවිධ මිනිසුන් හමු වුණා. පිදුරංගල කන්ද නැග්ගා. ඕහ් මට කිව්වා මම තමා අවුරුදු ගාණකින් පිදුරංගල කන්ද තරණය කළ අමෙරිකානු තානාපති කියලා. එතකොට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරලා කොළඹ ඉඳන් ඇල්ලට දුම්රියේ ගිය ගමන මට පෞද්ගලිකව ලැබුණ වටිනා මතක. ලංකාව හැර වෙන රටක් ගන්න කිව්වොත් මම තෝරන්නේ වියට්නාමය.

    *ඔබට හමුවුණ පුද්ගලයන් අතරින් විශේෂයි කියලා හිතෙන කෙනෙක් ඉන්නවද?

    මම රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ කරද්දී වැඩිපුර ගනුදෙනු කාළේ ලතින් අමෙරිකානු රටවල් එක්ක. ඉතින් උරුගුවේ, පැරගුවේ ඇතුළේ ඒ හැම රටකම නායකයන් ඇසුරින් මට බොහෝ දැනුම සහ අත්දැකීම් ලැබුණා.

    *ඒ කියන්නේ ඔබට බලපෑමක් ඇති කළා කියලා හිතන්න පුළුවන් එක් චරිතයක් නැහැ?

    ඔව්. මට හිතෙන්නේ. මොක ද හැමෝම විශේෂයි. (මඳක් කල්පනා කරලා) අපේ රජය ගැන හිතුවොත් මට බොහොමයක් බලවත් අය මුණගැසුණා. විශේෂයෙන් ම ළඟදි විශ්‍රාම ගිය නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් (Wendy R Sherman). මට මතකයි මගේ මුල් අවධියේදී මම ඇයගේ කාමරයට ගියා ම බයෙන් ඉන්නේ. මොක ද ඇය ඉතාමත් දැඩි තීරණ ගන්න සහ ඍජු කතාබහක් ඇති තද පෙනුමක් තියන අයෙක්.

    රාජ්‍ය ලේකම් බ්ලින්කෙන් (Antony Blinken) තව කෙනෙක්. ඔහුව පිළිගන්න හිටි අයගෙන් මම මුලින් ම හිටි අය අතරින් කෙනෙක්. ඒ කොවිඩ් කාලේ සහ ජනවාරි මාසේ. අපි ඔහුව පිළිගන්න පෙළ ගැසී හිටියා එළියේ තද සීතලේ. එකපාරට මට වැටහුණා මම තමයි මුලින් ම ඉන්නේ කියලා. මට එකපාරට හිතා ගන්න බැරි වුණා මොකක් ද කරන්නේ කියලා. පස්සේ මම ඔහුට මගේ වැළමිට දික් කළා (elbow bump). ඒ පින්තූරය පසුව බොහෝ ප්‍රසිද්ධියට පත් වුණා වගේම රාජ්‍ය දෙපාර්තමේන්තුවේ බිත්තියක සිහිවටනය ලෙස එල්ලලා තියනවා.

    *ඔබ 2012දී එද්දී තිබුණ ලංකාවයි 2022දී එද්දී තිබුණ ලංකාවයි බැලුවොත් දකින වෙනස්කම් මොනව ද?

    එදා මම ආවේ සංචාරකයෙක් විධියට බොහොම කෙටි කාලෙකට. එතකොට දකින්නේ මතුපිටින්. තානාපති ලෙස ආවම තමයි ගැඹුරින් රට ගැන අවබෝධයක් ලැබෙන්නේ.

    *ඔබට හැම තැනම ඇවිදින්න වෙලාවක් තියෙනව ද?

    කට්ටිය මගෙන් අහනවා ඇයි ඔය තරම් ඇවිදින්නේ කියලා. මම හිතන්නේ ඒක තමා රාජ්‍යතාන්ත්‍රිකයෙකුගේ වගකීම. නැතිව උදේ ඉඳන් හවස් වෙනකම් මේසේ වාඩි වෙලා කොම්පියුටරය දාගෙන ලිපි බලන එක නෙමෙයි.

    ගොවියන්ට, ගෘහණියන්ට, ගුරුවරුන්ට, සිසුන්ට කෙලින් ම කතා කළා ම තමා ඔවුන්ගේ අදහස් ගන්න පුළුවන්. ඒක මගේ රාජකාරි පහසු කරනවා.

    *ඔබ දැන් ඒ ගැන කතා කළ නිසා මට මේ දේත් අහන්න හිතුණා. මෙරට හිටපු බොහෝ අමෙරිකානු තානාපතිවරුන්ට තිබුණ චෝදනාවක් තමා ඔවුන් සුළු ජන කොටස්වලට පක්‍ෂග්‍රාහීව කටයුතු කළා, අමෙරිකාව සිංහල බෞද්ධ ප්‍රජාවට විරුද්ධයි කියන එක. ඔබ වැඩි වැඩියෙන් පන්සල්වලට ගිහින්, පූජ්‍ය පක්ෂය මුණගැහිලා, සිංහල බහුතරය නියෝජනය කරන දේශපාලන පක්ෂ, කණ්ඩායම් මුණගැහිලා ඒවට ප්‍රචාරණයක් දෙන්න කටයුතු කරන්නේ ප්‍රවේශමින් කල්පනා කරලා ඇති කරගත් ක්‍රමෝපායක් විධියට ද?

    මම දන්නවා එළියේ බොහොම තදට දුස්තොරතුරු, බොරු ප්‍රචාර පැතිරෙනවා කියලා. ඒව දැක්ක ම මට දුකයි. මට වැඩියෙන් දුක ඒව පතුරවන අය ගැන. මට සහ මගේ තානාපති කාර්යාලයට පෞද්ගලික මඩ ප්‍රහාර දියත් වෙනවා. මොනවා කොහොම වුණත් මම දන්නවා මම හෘද සාක්ෂියට එකඟව වැඩ කරලා තියෙනවා කියලා. ඇත්ත මොකක් ද කියලා මම දන්නවා. ඉතින් මමත්, මම වගේ ම මගේ පවුලේ අයත් බොහොම සාමකාමීව රෑට නින්දට යනවා.

    *ලංකාව ගත්තා ම ඔබට අනුව වඩාත් ම හොඳ සහ වඩාත් ම නරක දේ මොකක් ද?

    හොඳ ම දේ නේද… මට හිතෙන්නේ කෑම කියලා. මට අසාත්මිකතා නෑ. ඒක නිසා මට ඕනේ දෙයක් කන්න පුළුවන්. මම හොඳට කටට සැරට කන්න කැමතියි. ඒක නිසා ලංකාවේ විධියට හදන ඕනෙ ම දෙයක් කනවා. යාපනේ කකුළු හොද්ද, ඉඳිආප්ප, බිත්තර ආප්ප ඕනේ දේකට කැමතියි. ආ.. එතකොට වම්බටු… ඒක හරි ම රසයි. මම මේ දැනුත් එන ගමන් පහළ බලාගෙන ආවේ අපි දාලා තියෙන නත්තල් අවුරුදු පොළේ වම්බටු තියෙනවා. මම හිතන්නේ ලංකාවේ කෑමවල රස තුළ විවිධ හැංගුණ රස තියෙනවා බොහොමයක් විදේශිකයන්ට නොතේරෙන.

    *එතකොට නරක ම දේ?

    යටිතල පහසුකම්… ඒ කිව්වේ පාරවල්… වාහන තදබදය… මම දන්නවා දකුණු ආසියාවේ බොහොමයක් නගර එක්ක බලද්දී කොළඹ වගේ ම අනික් නගරවල වාහන තදබදය ඉතා ම නරක නෑ. නමුත් යාන්තම් වැස්සම ගංවතුර දාලා යටවෙන මාර්ග පද්ධතියක් තියෙන්නේ.

    *ඔබේ පවුලේ විස්තර ටිකක් කියන්න කැමති ද?

    අනිවාර්යෙන් ම… මගේ සහකරු හුසේ… එයා පුංචි කාලෙදී නැෂනල් ජෝග්‍රෆික් (National Geographic) සඟරාවෙන් ලංකාව ගැන කියවලා තිබුණා. ඔහු මුලින් ම මෙහි සංචාරයකට එන්න යෝජනා කරන්නේ ඒකයි. අපි විවාහ වුණේ 2008… (මඳක් කල්පනා කරලා) ඔව් ඔව් 2008. ඔහු ඉතා ම ඉවසිලිවන්ත සහකරුවෙක් සහ මගේ රාජකාරි ජීවිතේ සාර්ථක කරන්න පුළුවන් සහයෝගයක් දෙන කෙනෙක්. එතකොට මට හරි ම ලස්සන හුරතල් පුතෙක් ඉන්නවා. එයාට ක්‍රිකට් තේරෙන්නේ නැහැ වැඩිය හැබැයි බලනවා. ඔහු පැසිපන්දු ක්‍රීඩාවට තමා ආසා. එතකොට අමෙරිකාවේ කඳවුරක ඉඳන් අපේ පවුලට ගත්තු මාර්තා, අපේ සුරතලත් අපි එක්ක ඉන්න මෙහේ ආවා. එයා තමා අපේ ගෙදර දුව. අපේ පුතාගේ සහෝදරිය. ඒ දෙන්නා රණ්ඩු වෙන්නෙත් ඒ වගේ තමා.

    මගේ පුතාට ලොකු ප්‍රශ්නයක් කට්ටිය මට H.E. (Her Excellency) කියන එක. ඉතින් එයා මගෙන් ඇහුවා දවසක් ඇයි හැමෝම ඔයාට එහෙම කතා කරන්නේ කියලා. ඉතින් මම කිව්වා ඒක නිකං හඳුන්වා දීමක් විතරයි ඔයා ඒක ගැන වැඩිය හිතන්න ඕනේ නෑ කියලා. ඒත් එයා පහුගිය මවුවරුන්ගේ දිනයට මට කාර්ඩ් එකක් දුන්නා ආදර (Her Excellency) මගේ අම්මාට කියලා ලියලා.

    මගේ සැනසීම තමා පවුල. ගෙදර ගියාට පස්සේ තානාපති තනතුර පැත්තකින් තියලා බිරියක්, අම්මෙක් විදියට ඉන්න එක තරම් සතුටක් නෑ.

    මගේ පුතාට මාව ගොඩක් මගහැරෙනවා රාජකාරි නිසා. ඒත් එයාට ඒ ගැන යම් අවබෝධයක් තියෙනවා. ඔහු දවසක් කිව්වා මම ඔබ ගැන ආඩම්බර වෙනවා කියලා. ඉතින් ඒ ආඩම්බරය එයාට පුළුවන් කාලයක් දෙන එක තමා මගේ බලාපොරොත්තුව.

    ගගනි වීරකෝන් (මව්බිම)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    39,891
    28,321

    චංග් ගෙ ඇහැ තියෙන්නේ කාගෙ දිහාද ලොල්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    6,933
    9,746
    113
    ලංකාවේ උන් වැදගෙන ගියාට චුලි චන්ග් කියන්නේ ඇමරිකාවේ විදෙස් ධුත සේවාවේ ඉන්න හාල් කෑලි. මුන්ගේ අරමුණ ලංකාව වගේ රටකට ආවම පස්සේ කැපී පෙන්න මොකක් හරි කරලා ඉහල හොද රටක තනතුරු වලට යන එක.

    දැන් ඔය අරගලය වෙලෙත් ජුලි චන්ග් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවට එහෙම ලංකාව ගැන එක එක පණිවිඩ යැව්වට, රනිල්ට ඊට වඩා උඩ ඇමරිකන් කනෙක්ෂන් තිබුනා ඒ නිසා රනිලා ගේම ගැහුවා ඒ වෙලේ.

    දැන් අපි උනත් ඇමරිකාව, චීනය වගේ රට වල ඉන්නා අපේ තානාතිපතිවරුන් නමින් හරි දන්නවා උනාට මාලදිවයින වගේ රටවල ඉන්නේ කවුද කියලා දන්නේ නැහැනේ. ඒවාට මෙහෙන් යවන්නෙත් ජේෂ්ඨතත්වයෙන් අඩු අය. උන් බලන්නේ වෙන හොද රටකට යන්න.

    ජුලි චන්ග්ට ලංකාව ගැන වැරදුනෙත් එතන. දැන් නං ඒ වැරදි තේරුම් අරගෙන, තමුන්ගේ සිමාවේ ඉන්නවා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,882
    6,464
    113
    හෙල බිමේ

    මොකක් ගැනද වැරදුනේ...?
     
    • Like
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    5,622
    12,961
    113
    Ursa Major

    But I've heard it was something different. And I know that Indians consider the High Commissioner to Sri Lanka to be one of their most important positions, that senior delegations transfer to the US, after here, and then secretaries to their foreign ministry. And some of the US delegations assume their next position as India. And some became state assistant secretaries for South Asian affairs.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    6,933
    9,746
    113
    මොකක් ගැනද වැරදුනේ...?
    ඇයි රනිල්ව බයිපාස් කරලා කතානායක මහින්ද යාපාට ගිහින් කිව්වේ රටේ බලය ගන්න කියලා. රනිලාට ඇමරිකන් දේශපාලනයේ තියෙන ලෝල්කු කනෙක්ෂන් නිසා රනිලා ගේම ගහලා බලය ගත්තේ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,882
    6,464
    113
    හෙල බිමේ
    ඇයි රනිල්ව බයිපාස් කරලා කතානායක මහින්ද යාපාට ගිහින් කිව්වේ රටේ බලය ගන්න කියලා. රනිලාට ඇමරිකන් දේශපාලනයේ තියෙන ලෝල්කු කනෙක්ෂන් නිසා රනිලා ගේම ගහලා බලය ගත්තේ.
    මේ ගෑනි එහෙම කිව්වද?
    පිස්සු ගෑනියෙක් නේ බං. ලංකාව control කරන්න එහෙනම් ඔය ගෑනිට බෑ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,954
    193,517
    113
    Colombo, Sri Lanka
    තැනකට ආවයි පස්සේ ඉතින් පහු ගිය කාලේ ගැන ඕනෑම බයිලයක් කියන්න පුළුවන් දැන් ඉන්න තැනෙ වටිනාකමට වැඩි වටිනාකමක් ගන්න
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,114
    22,527
    113
    rcGUbfi.jpeg

    ජූලිට වඩා වැඩ්ඩෙක් මයින්ද මාතියා. ආසියාවෙ ලොකුම පෝසතා උනා @N A K A M U R A @2osama

    අපදා ණයක් අරන් මැතිවරණයට තරඟ කරපු ඒකාට දැන් තියෙන වත්කම් දැක්කම රටට වෙච්ච ආපදාව හිතාගන්න පුළුවන් ☹️