අවුරුදු 100කට ඉස්සර ස්පාඤ්ඤ උණ නිසා ලංකාව වැනසුණ හැටි

IMUNA

Well-known member
  • Feb 16, 2012
    954
    737
    93
    අවුරුදු 100කට ඉස්සර ස්පාඤ්ඤ උණ නිසා ලංකාව වැනසුණ හැටි
    ===============================================

    ස්පාඤ්ඤ උණ වසංගතය ලංකාවට ඇතුළු වූයේ කොළඹ වරායෙනි. එවකට ලංකාවේ ප්‍රධාන සිවිල් නිලධරයා වාර්තා කර ඇති අන්දමට කොළඹ වරාය හා තලෙයිමන්නාරම් තොටෙන්ද වයිරසය රටට ඇතුළු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. රෝගය රට තුළට හා දකුණු වෙරළ තීරයේ පැතිර ගිය අතර අවසානයට ඊට ගොදුරු වූයේ නැඟෙනහිර පළාතේ මඩකළපුවයි.

    වසංගතය රටට ඇතුළු වූයේ 1918 ජුනි මාසයේදීය. එම වසර තුළ ඇස්තමේන්තු ගත මරණ සංඛ්‍යාව 41,916 සිට 91,600 දක්වා ඉහළ ගියේය. ලංකාවේ වයිරසය පැතිරයෑම ලොව අනෙකුත් රටවලට වඩා විශේෂ වෙනස් රටාවන් පෙන්වා තිබේ. එයට හේතුව දිවයිනේ උතුර, මධ්‍යම, හා දකුණ එකිනෙක පළාත්වලින් වෙන්වී හුදෙකලාව පැවැතීම වන්නට ඇත. 1918 සරත් සෘතුවේදී උතුරේ සහ දකුණේ වසංගතය ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ අතර මධ්‍යම පළාතේ ඉතා සෙමින් පැතිරයෑමක් පෙන්නුම් කළේය.

    ලංකාව තුළ ස්පාඤ්ඤ උණ වයිරසය පැතිරයෑම දරුණු තරංග දෙකක ආකාරයක් පෙන්වයි. පළමු රැල්ල ඉතා සාමාන්‍යයෙන් නැඟ බැස ගිය අතර 1918 ඔක්තෝබරයේ දරුණු දෙවැනි රැල්ල අතිවිශාල ජීවිත සංඛ්‍යාවක් බිලි ගත්තේය. එකල දිවයිනේ පැවැති නොදියුණු භාවය හේතුවෙන් මරණ පිළිබඳ දත්ත ඉතා නිවැරදිව වාර්තා වූයේ නැත. බොහෝ දිස්ත්‍රික්කවල හුදෙකලාව පැවැති වනගත ගම්මානවල ජනයා රෝගයෙන් මුළුමනින්ම වැනසී ගිය බැවින් කිසිදු වාර්තාවක් යටත් විජිත ආණ්ඩුවට ලැබී නැත. ජන සංගණන දෙකක් අතර ජනගහනයේ අඩුවීම හා වෙනස විසින් උපකල්පනය කරනු ලැබූ සංඛ්‍යා ලේඛන අනුව Spanish flu වසංගත රෝගයෙන් ලංකාවේ මියගොස් ඇති මුළු සංඛ්‍යාව 307,000ක් බව බ්‍රිතාන්‍ය වාර්තාවල සඳහන් වේ. එය ජනගහනයෙන් 6-7% දක්වන ප්‍රමාණයකි.

    1918 Spanish flu (H1 N1) වයිරසයට එන්නතක් සොයාගත නොහැකි වූ අන්දමටම 2020දී කොරෝනා වයිරසයටද මේ දක්වා ප්‍රති ජීවක එන්නත් සොයාගෙන නැත. එදා ලෝක ජනගහනයෙන් 1/6ක් එනම් මිලියන 50ක් රෝගයට ගොදුරු වූහ. අද දවසේ ලෝක ජනගහන වාර්තාවට අනුව පෘථවියේ ජීවත්වන මිනිසුන් සංඛ්‍යාව කෝටි 777කි. Covid – 19 ජීවිත කීයක් බිලිගනී දැයි කිසිවකු නොදනී.

    උපුටා ගැනීමකි
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    10,284
    2
    2,764
    113
    Home Sweet Home
    badu , 1918 ඔක්තෝබරයේ දෙවැනි රැල්ල

    same pattern 2020 ඔක්තෝබරයේ දෙවැනි රැල්ල
     
    • Wow
    Reactions: TechnWeb

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,804
    10,513
    113
    අඩේ මේක ලංකාවටත් අැවිත්ද..මම අදනේ දන්නෙ..
     
    • Sad
    Reactions: saja

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    5,493
    3,662
    113
    මාගේ මවගේ පියාගේ අම්මා (මුත්තම්මා) සහ මාගේ මවගේ අම්මාගේ අම්මා (මුත්තම්මා) දෙදෙනාම ඔය කාලයේදී පැතිරුණ කොළරා වසංගතයෙන් මියගොස් ඇත. එවිට සීයා, ආච්චි දෙදෙනාම අවුරුදු 10 ට අඩු වයසක සිට ජීවිතයේ අසීරු බව ට මුහුණ දී ඇත.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    41,689
    3,970
    113
    Lakwan
    අවුරුදු 100කට ඉස්සර ස්පාඤ්ඤ උණ නිසා ලංකාව වැනසුණ හැටි
    ===============================================

    ස්පාඤ්ඤ උණ වසංගතය ලංකාවට ඇතුළු වූයේ කොළඹ වරායෙනි. එවකට ලංකාවේ ප්‍රධාන සිවිල් නිලධරයා වාර්තා කර ඇති අන්දමට කොළඹ වරාය හා තලෙයිමන්නාරම් තොටෙන්ද වයිරසය රටට ඇතුළු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. රෝගය රට තුළට හා දකුණු වෙරළ තීරයේ පැතිර ගිය අතර අවසානයට ඊට ගොදුරු වූයේ නැඟෙනහිර පළාතේ මඩකළපුවයි.

    වසංගතය රටට ඇතුළු වූයේ 1918 ජුනි මාසයේදීය. එම වසර තුළ ඇස්තමේන්තු ගත මරණ සංඛ්‍යාව 41,916 සිට 91,600 දක්වා ඉහළ ගියේය. ලංකාවේ වයිරසය පැතිරයෑම ලොව අනෙකුත් රටවලට වඩා විශේෂ වෙනස් රටාවන් පෙන්වා තිබේ. එයට හේතුව දිවයිනේ උතුර, මධ්‍යම, හා දකුණ එකිනෙක පළාත්වලින් වෙන්වී හුදෙකලාව පැවැතීම වන්නට ඇත. 1918 සරත් සෘතුවේදී උතුරේ සහ දකුණේ වසංගතය ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ අතර මධ්‍යම පළාතේ ඉතා සෙමින් පැතිරයෑමක් පෙන්නුම් කළේය.

    ලංකාව තුළ ස්පාඤ්ඤ උණ වයිරසය පැතිරයෑම දරුණු තරංග දෙකක ආකාරයක් පෙන්වයි. පළමු රැල්ල ඉතා සාමාන්‍යයෙන් නැඟ බැස ගිය අතර 1918 ඔක්තෝබරයේ දරුණු දෙවැනි රැල්ල අතිවිශාල ජීවිත සංඛ්‍යාවක් බිලි ගත්තේය. එකල දිවයිනේ පැවැති නොදියුණු භාවය හේතුවෙන් මරණ පිළිබඳ දත්ත ඉතා නිවැරදිව වාර්තා වූයේ නැත. බොහෝ දිස්ත්‍රික්කවල හුදෙකලාව පැවැති වනගත ගම්මානවල ජනයා රෝගයෙන් මුළුමනින්ම වැනසී ගිය බැවින් කිසිදු වාර්තාවක් යටත් විජිත ආණ්ඩුවට ලැබී නැත. ජන සංගණන දෙකක් අතර ජනගහනයේ අඩුවීම හා වෙනස විසින් උපකල්පනය කරනු ලැබූ සංඛ්‍යා ලේඛන අනුව Spanish flu වසංගත රෝගයෙන් ලංකාවේ මියගොස් ඇති මුළු සංඛ්‍යාව 307,000ක් බව බ්‍රිතාන්‍ය වාර්තාවල සඳහන් වේ. එය ජනගහනයෙන් 6-7% දක්වන ප්‍රමාණයකි.

    1918 Spanish flu (H1 N1) වයිරසයට එන්නතක් සොයාගත නොහැකි වූ අන්දමටම 2020දී කොරෝනා වයිරසයටද මේ දක්වා ප්‍රති ජීවක එන්නත් සොයාගෙන නැත. එදා ලෝක ජනගහනයෙන් 1/6ක් එනම් මිලියන 50ක් රෝගයට ගොදුරු වූහ. අද දවසේ ලෝක ජනගහන වාර්තාවට අනුව පෘථවියේ ජීවත්වන මිනිසුන් සංඛ්‍යාව කෝටි 777කි. Covid – 19 ජීවිත කීයක් බිලිගනී දැයි කිසිවකු නොදනී.

    උපුටා ගැනීමකි

    1. ලංකාවේ සරත් සෘතුවක් නෑ නේ
    2. ප්‍රතිජීවක එන්නත් කියන්නේ මොනවද බං වයිරස් වලට ප්‍රතිජීවක හරියනවද ?
    3. රාවණ සහ හෙළ වේද පරම්පාරව ලංකාවේ බිහිවෙන්න ඇත්තේ 2 වන ලෝක යුද්දෙන් පසුවද 1948 න පසුවද ?
     
    • Haha
    Reactions: nlasasatha

    stasia

    Well-known member
  • May 28, 2018
    3,148
    4,284
    113
    כדור הארץ
    අප්පුවාගේ සෙට් එක ඉදල නැද්ද බන් එතකොට ?

    උන් හිටියට පුස්කොල පොත් තිබිලා නෑ. එක්කෝ එන්ගලන්තෙ අරන් ගිහින්. නැත්නම් ඒවා ලියන ගමන්.