හඳුනානොගත් වස්තූන්/ ආලෝක ගැන සිදුවීම් ලෝකයේ සෑම ප්රදේශයකින්ම වාර්තා වෙනවා.එවැනි සමහර සිදුවීම්වල පටිගත කරගෙන පවා තියෙනවා.මේ වීඩියෝපට,ඡායාරූපවලින් යම් ප්‍රමාණයක් පැහැදිලි කරන්නට නොහැකි බව ඇමෙරිකානු ගුවන් හමුදාව පවා කියනවා.
ඇමෙරිකානු හමුදාව කාලයෙන් කාලයට හඳුනානොගත් වස්තූන්/යානා සම්බන්ධ සිදුවීම් ප්‍රසිද්ධ කරනවා කියලා අහලා දැකලා ඇතිනේ.මේ සිදුවීම් බොහොමයක් අහසත් එක්ක සම්බන්ධයි.
ඒත් රුසියානු නාවික හමුදාව හෙළිදරවු කරන මෙවැනි සිදුවීම් වැඩි ප්‍රමාණයක් ජලයත් එක්ක බැදුණු ඒවා.
හඳුනානොගත් වස්තූන්/ජීවීන්/යානා හා සම්බන්ධ සිදුවීම් රැසක් රුසියානු හමුදාවේ විශේෂ කණ්ඩායමක් මගින් එකතු කරලා තියෙනවා.ඔවුන් එකතු කල මේ සිදුවීම් සම්බන්ධ වාර්තා සීතල යුද සමය දක්වා දිව යනවා.
පැහැදිලි කරන්නට බැරි මේ සිදුවීම් සබ්මැරීන සහ යුද නෞකා එක්ක බැදුණු ඒවා.
වැලැඩිමීර් අසාසා කියන රුසියානු නාවික හමුදාවේ හිටපු නිලධාරියා කියන විදියට මේ සිදුවීම් වලින් 50%ක් සාගරයත් එක්ක බැදුණු ඒවා.14%ක් විල් ආශ්‍රිතව සිදුවෙලා තියෙනවා.
පැසිෆික් සාගරයේ යාත්‍රා කරමින් තිබූ න්‍යෂ්ඨික සබ්මැරීනයකට මෙවැනි සිදුවීමට මුහුණ දෙන්න සිදුවෙනවා.චලනය වෙන වස්තු හයක් නාවිකයන්ට දැකගන්නට ලැබෙනවා.හිතා ගන්න බැරි වේගයකින් මේ වස්තු හය සබ්මැරීනය දෙසට එන්න පටන් ගන්නවා.ගැටීමක් ඇති වෙයි කියන බියට කැප්ටන් වහාම සබ්මැරීනය ජලය මතුපිටට ගන්න අණ කරනවා.අර වස්තු හයත් සබ්මැරීනය පසුපසින් ඇවිත්,කෙලින්ම අහසට පැන නැගලා නොපෙනී යනවා.මේ සිදුවීම කුමන වර්ෂයක එකක්ද කියලා වාර්තාවේ සඳහන් වෙන්නේ නෑ.
හුගක් අභිරහස් සිදුවීම් සිදුවුනා කියලා කියන්නේ බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව.විශ්‍රාම ගිය සබ්මැරීන කමාන්ඩර් කෙනෙක් වුන යූරි බෙකෙටොව් කියන විදියට මේ මුහුදු ප්‍රදේශයේදී සබ්මැරීනවල උපකරණ හිටි හැටියේ හරියට වැඩ කරන්නේ නැතුව යනවාලු.
අවස්ථා කිහිපයකදී හිතා ගන්න බැරි තරම් වේගයකින් ගමන් කරන වස්තූන් ඔවුන්ගේ සෝනාර් පද්ධතිවල සටහන් වෙලා තියෙනවා.ගණනය කිරීම්වලට අනුව ඒවායේ වේගය පැයට කිලෝමීටර් 400ක් තරම්.මිනිසා විසින් නිපදවලා තියෙන වේගවත්වම සබ්මැරීනයේ උපරිමය වේගයත් පැයට කි.මී. 82ක්.ඒකත් සෝවියට් සබ්මැරීනයක්.
ඉගෝර් බාක්ලේ කියන නාවික හමුදාවේ හිටපු බුද්ධි අංශ නිලධාරිය කියන්නේ මේ හඳුනානොගත්ත වස්තු නිතරම පෙනිලා තියෙන්නේ සෝවියට් හෝ නේටෝ බල ඇණි ස්ථානගත වෙලා තියෙන මුහුදු ප්‍රදේශවල.බහමාස්,බර්මියුඩා,පෝර්ටෝ රිකෝ වගේ දූපත් ආශ්‍රිතව සහ අත්ලාන්තික් සාගරයේ ගැඹුරුම කොටසේ,බර්මියුඩා ත්‍රිකෝණයේ දකුණු ප්‍රදේශයේ සහ කැරිබියන් මුහුදේ තමයි මේ යානා නිතරම ඔවුන් දැකලා තියෙන්නේ.
හඳුනානොගත් වස්තු/යාන/එළි අතීතයේ ඉදන් දැකපු තැනක් තමයි රුසියාවේ තියෙන බයිකාල් විල.ලෝකයේ තියෙන ගැඹුරුම මිරිදිය විල තමයි මේක.ඒකේ උපරිම ගැඹුර මීටර් 1,642ක්.විලේ ධීවර කටයුතු කරන අය දැකලා තියෙනවා පත්ලෙන් විහිදෙන දීප්තිමත් ආලෝක ධාරා සහ විලෙන් එලියට පියාසර කරන වස්තූන්.
මේ විල සහ හඳුනානොගත් ජීවින් කොටසක් සම්බන්ධ බරපතලම සිදුවීම වාර්තා වෙන්නේ 1982 වසරේදී.මේකට මුහුණ දෙන්නේ හමුදාවේ කිමිදුම්කරුවන් හත්දෙනෙක්.බයිකාල් විලේ මීටර් 50ක් තරම් ගැඹුරේදී ඔවුන්ට දැක ගන්න ලැබෙනවා මනුස්සයන්ට සමාන සත්වයන් පිරිසක්.මේ සත්තු රිදී පාට ඇදුමකින් සැරසිලා හිටියා කියලා තමයි දිවිගලවා ගත්තු අය කියන්නේ.කිමිදුම්කරුවෝ මේ සත්තු අල්ල ගන්න උත්සාහ කිරීමත් එක්ක තමයි වැඩේ ගැස්සිලා තියෙන්නේ.අන්තිමට හත්දෙනාගෙන් තුන්දෙනෙක් මැරිලා.ඉතිරිය අය බරපතල තුවාල ලබලා.
මේ වගේ සිදුවීම්වලින් තේරුම් ගන්න පුලුවන් එක දෙයක් තමයි,වෙනත් ග්‍රහලෝක ගැන දන්නවට වඩා අඩු දැනුමක් තමයි පෘථිවියේ ජලය තලය සහ පත්ල ගැන තියෙන්නේ කියන එක.
අසුරයෝ ගැන දාල තිබ්බ ත්‍රෙඩ් එක දැකලා මේක දාන්න හිතුනේ.බුද්ධ දේශනාවල කියන විදියට අසුර කොට්ඨාශයක් සාගරය/ජලය වාසය භූමිය කරගෙන ජීවත් වෙනවා.අනෙක් එක තමයි නාග ලෝකය.