ආගම කියන්නේ මෝඩයන්ට අභිමානයක් වගේම, ප්‍රඥාවන්තයන්ට මාර්ගයක්.
මම වෛද්‍ය පීඨයේ ඉන්න කාලේ ජර්මනියේ ඉඳලා වෛද්‍ය ශිෂ්‍යයෙක් ආවා මෙහේ මාස 6 ක පුහුණුවකට. ඒකට Elective යනවා කියලා කියන්නේ. එයාගේ නම පීටර්. පීටර් සහ මම බොහෝම හොඳ යාළුවෝ බවට පත් උනා. ( අපි තාම යාළුවෝ ). පීටර්ට ඕන උනා බුද්ධ ධර්මය ගැන ඉගෙන ගන්න. එයාම පොත් හොයා ගෙන කියවන්න පටන් ගත්තා.
ඔන්න මුලින්ම එයාට හම්බුන පොත් වල තිබුණේ ඉපදිච්චි ගමන් සිදුහත් කුමාරයා නෙළුම් මල් හතක් උඩ ඇවිදීමයි, කතා කිරීමයි ගැන. පීටර් මගෙන් ඇහැව්වා මේකත් අර දේව කතාවක් වගේ නේ කියලා. පිටින් ඉඳගෙන බලන කෙනෙකුට ඒක පේන්නේ එහෙම.
එයාට ඒක පැහැදිලි කරලා දෙන්න ටික දවසක් ගියා. දර්ශනය දෙස බලන්න පොත් හොයලා දුන්නා. ඒක ඔළුවට දාන්න ලේසි උනේ නෑ.
බෞද්ධයන් වන අපිට ඒ ගැන ඉතිහාසයක් තියෙනවා, බෞද්ධ ධර්මය වටේට සකස් උන සංස්කෘතියක් තියෙනවා. ඒ සියල්ල ගමන් කරන සාසනයක් තියෙනවා. ඉතිහාසයයි, සංස්කෘතියයි, සාසනයයි කියන කරුණු සියල්ලෙන් වටවෙලා තමයි දර්ශනය තියෙන්නේ. මම හිතන්නේ අනිත් ආගම් වලටත් මේ සමීකරණය පොදුයි. ඉතිහාසය, සංස්කෘතිය සහ සාසනය කියන කරුණු එකිනෙකට වෙනස් වෙලා. හැම ආගමටම දර්ශනයක් තියෙන්නේ ඔය කරුණු තුනෙන් වටවෙලා. ඒ තුන තමයි හරය පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන යන වාහනේ. ඔබට හරය ඕනේ නම්, ඔය ටිකෙන් ඔබ්බට යන්න වෙනවා.
අවාසනාවකට ඕනම ආගමක බහුතරයකට ඔය හරයට යන්න හම්බෙන්නේ නෑ. එකපාර හරයට යන්නත් ලේසි නෑ. ගොඩක් අය ඔය වටේ තියෙන තුනේන් හදා ගත්ත කොටසේ කැරකෙන එක කරන්නේ. ඒතනින් එහාට නොගිය අයට හරය ගැන අවබෝධයක් නොතිබෙන්න පුළුවන්.
අපි පොඩි කාලේ දහම් පාසල් ගිහින් බොහෝ විට ඔය වටේ තියෙන තුන ගැන ඉගෙන ගන්නවා. හරයට කිට්ටු කරත් පොඩි වයසට එච්චර ගෝචර වෙන්නේ නෑ. බුද්ධිය මෝරන කොට තමයි හරයට කිට්ටු වෙන්නේ; ඒක හොයා ගෙන යන්න හිතෙන්නේ; හැබෑ සත්‍ය සොයා යෑමක් ඇරඹෙන්නේ.
ඒ හරයට කිට්ටු කරන කොට අර වටේට තිබුන ඉතිහාසය, සංස්කෘතිය සහ සාසනය ගැන ප්‍රශ්න කරන්න හිතෙනවා. ඒවායේ නොගැලපෙන තැන් පේනවා. ඒ නිසාම සමහරු ඒවායින් ඈත් වෙනවා. ඒවා ගැන විවෘතව හිතන තැනකට එනවා. ඒ ප්‍රශ්න කිරීමම තමයි සත්‍යයට අපිව යොමු කරන්නේ. ඒකම තමයි හුදෙක් පිළිගැනීමට වඩා ප්‍රශ්න කරන්න කියලා බුද්ධ ධර්මයෙත් තියෙන්නේ.
ඒ වගේම අපි ඕනෑම ආගමක් දිහා බලන කොට අපිට පිටතට පේන්නෙත් අර කොටස් තුනම තමයි. අභ්‍යන්තරයේ තියෙන හරය දකින්න, ඒ ලගට යන්න කාලයක්, මහන්සියක් යනවා. ඒක නොදැක පිටතින් තියෙන කොටස් දිහා බලලා අපි ඒවා විවේචනය කරනවා නම්, විහිළුවට ගන්නවා නම්, ඒක අපේ දුර්වල කමක්.
ඒ නිසා ආගම ගැන අපි විවෘතව දකින්න ඕනේ. සත්‍යය ගවේශනය කරන්න ඕනේ; සොයා යන්න ඕනේ. සරළ විවේචන පිළිගන්න ඕනේ. මොකද අපිට ඇත්ත දකින්න, ඒවායින් ඔබ්බට පියමං කරන්න ඒ අභියෝග ඉතා වැදගත්. ඒවා ඔබට ඔබෙන් ප්‍රශ්න කරන්න අවස්ථාවක් ලබා දෙනවා.
ඔබ හරයට කිට්ටු වෙන කොට , ඒක මෙච්චර කල් ඔබ වෙනුවෙන් ආරක්ෂා කර ගෙන ආපු ඉතිහාසය, සංස්කෘතිය සහ සාසනය ගැන කෘතඥපූර්වක ගෞරවයක් ඇති වෙනවා. ඒ වෙනුවෙන් ගඩොලක් හරි ඇද්ද මුතුන්මිත්තන් ගැන ආදරයක් හිතෙනවා. ඔවුන් එය රැගෙන ආවේ නැත්නම් ඔබට අද හරයක් නැති වෙන්න ඉඩ තිබුනා. ඒ ගෞරවය ඔවුන්ට පුදන්න.
ඒ නිසා විවෘතව හිතන්න.
සත්‍යය සොයා යන්න.
හරය සොයා යන්න.
හරය ප්‍රයෝජනයට ගන්න.
ඔබට පුළුවන්.
පැතුම් කර්නර්
#හරිත