කියල ගොඩක් අය මගෙන් අහල තියෙනවා. ඒක ඇත්තටම ලේසි නැහැ. ඒ වගේම අමාරුත් නෑ. වැඩි විස්තර නැතුව මම අද ඉන්න තැනට ආපු විදිහ කියන්නං.
මම ඉපදෙන්නෙ අනූ ගණන් වල. ඉපදුන දවසෙ ඉඳලා මම හැදෙන්නෙ ගමක. මට හිටියා මගෙ අම්ම තාත්ත වගේම මගෙ නංගි. මම පොඩි කාලෙ ඉඳන් කීකරු ලමයෙක්. ගෙදර ඇතුලෙ හැදුනෙ නංගි එක්ක. නංගි තමා මගෙ පණ. අපේ පවුලෙ අය ටිකක් විතර ඕපන් මයින්ඩඩ් අය.
පාසල් කාලෙ පිරිමි ලමයින්ට මගෙ වැඩි ආකර්ශනයක් තිබුනෙ නෑ. මට උන් තරම් පේන්න බෑ කවුරුත්. මගෙ හොඳම යාලුව පවා ගෑණු ලමයෙක් උනේ ඒ නිසා. හැබැයි මාව දැකපු ගොඩක් පිරිමි ලමයි කතාවට ආවා වගේම සමහරු තමන්ගෙ සීමාව ඉක්මවා යන්න හැදුවා. මේ ප්‍රශ්න මැද්දෙ ටික ටික ලොකු වෙද්දි මම දැනෙන්න ගන්නවා ලිංගික ආකර්ශනයක්. හැබැයි ඒ පිරිමි අය එක්ක. ආදරය කරන්න ආසාවක් එනවා. පාසල් කාලෙ අවසන් වෙද්දියි මට එලීන් හමුවෙන්නෙ. (එයා මගෙ සුරතල් සුනඛ ධේනුව)
මම ටිකක් පොත් පත්තර කියවන කෙනෙක්. ගෙදර සත්තු හදනවා එක එක වර්ගෙ. හරක් ඉඳන් ලේන්නු දක්වාම. දවසක් මම නංගි එක්ක ඉරිදා පත්තරේ බලද්දි හම්බවෙනවා සමලිංගිකයෝ ගැන දාපු සටහනක්. ඒ වයස 18 දි. එතනදි මම දැනගන්නවා මම සමලිංගිකයෙක් කියලා. එදා මම බය උණා හුගක්. මම ලෙඩෙක්ද කියලා සැකයක් ආවා.
ඔය කාලෙම මම ෆේක් එකකින් ෆේස්බුක් ආවා. මං චැට් කලා හුගක් අය එක්ක. ගොඩක් අයට ඕන තාවකාලික සෙක්ස්. හැබැයි මම කෙනෙක්ට ටිකක් වැඩිපුර කැමැත්තක් තිබ්බා. එයා මාව හමුවෙන්න ඇහැව්වා. මමත් හා කිව්වා.
ක්ලාස් නැති දවසක (මම ක්ලාස් කට් කරන්නෑ අත්‍යවශ්‍ය දෙයක් ඇරුණම) අපේ ගම අයත් ප්‍රධාන නගරෙදි එයාව හමුඋණා. කතා බහ කලා. ඒත් නොහිතපු විදිහට එයා මාව අල්ලන්න උත්සාහ කරනවා. කොටින්ම කිව්වොත් එයා මම හිතපු කෙනා නෙවේ. එයාට ඕන කලෙත් අනික් අය වගේම තාවකාලික වින්දනය. මම හුගක් බය උණා. මම එයාගෙන් ඉවත් වෙලා ගෙදර යනවා. ගෙදර ගියාට පස්සෙ මට අප්සට් වෙච්ච දේට. මම එයාට කෝල් කලත් එයා මාව මග අරිනවා. අන්තිමේදී මම තේරුම් ගත්තෙ මම ආදරේ කරන්න පටන් අරං හැබැයි ඒ වැරදි කෙනෙක්ට කියලා. මොකද එයාගෙ කටින් පිටවෙනවා එයා කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා.
කාලයක් යනවා. මම අලුත් ෆේක් එකකින් ජීවිතය හොයාගෙන යන ගමනක හිටියෙ. මම දකිනවා කලින් මම ආදරය කරපු කෙනාගෙ ෆේක් ගිණුම. මම අලුත් කෙනෙක් වගේ චැට් කලා. එතනදි උනේ මට කලින් කියපු වචන ම එලියට ආපු එක. එතනදි මම තේරුම් ගන්නවා සමලිංගික කියල බෝඩ් ගහන් ඉන්න ගොඩක් පිරිමින්ගෙ ඇත්ත. මචංලා උඹලා සමලිංගිකයොන්ට බයින එක, පිලිකුල් කරන එක හරිම සාධාරණයි කියල මම කියන්න ඒක නිසා. මේ කාලෙදිමයි මම මගේ පලමු විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් ප්‍රතික්ෂේප වෙන්නෙ.
මම හිතාගන්නවා දවසක හරි කෙනෙක් එක්ක ආදරයක් පටන් ගන්නවා කියලා. මම ඒ අතරේ මගෙ ඉගෙනගන්න වැඩ ආයෙම හොඳට කලා. මේ වගේ අවස්ථාවක මම මගෙ දුරස්ථ සමීප සමලිංගික යාලුවෙක්ට ආදරය කරන්න උත්සාහ කරනවා (ෆේක් එකෙන් අඳුනගෙන වසර දෙකක තිබ්බ යාලු කමකින් පස්සෙ). ඒත් එතන මට ඕන දේ තිබුනෙ නැහැ. ආයෙත් කාලෙකින් මම තව කෙනෙක් එක්ක ආදර දුරස්ථ ආදර සම්බන්ධයක් හදාගන්නවා. මම ඒ වෙද්දි රැකියාවට පිවිසිලා (විසි දෙකෙන්) අවුරුද්දක් වගේ කාලෙකදි ඒක අවසන් වෙන්නෙ මට මගෙ රස්සාව ලොකු වෙලා කියල අපහාස කරලා. හොඳම දේ මම මේ කිසිම කෙනෙක් එක්ක ලිංගිකව ඉඳල නැති එක.
මේ සම්පූර්ණ කාලය තුල මම හොඳින් කරපු දේවල් තමා ඉගෙනගත්ත එක, රස්සාවක් ගත්ත එක. (තවත් ඉගෙනගන්නවා). රස්සාවක් තියෙන නිසා මට මගේ ඉහල අධ්‍යාපන කටයුතු කරගෙන යන්න ස්වාධීනවම ආදායමක් තියෙනවා. කාටවත් අත නොපා ඉන්න පුළුවන් මුදල් තියෙනවා. සමාජයේ ගෙදර හොඳ පිලිගැනීමක් තියෙනවා. ආදරය කරන අම්ම තාත්ත ඉන්නවා. ඒත් මට ඉතුරු නොවුනු එකම දේ ආදරය විතරයි. එකක් මගෙ එලීන් ( එයා නොමැරුණානං අදටත් අපේ ආදරය තියෙනවා). අනික මගෙ පෙම්වතා. (පස්සෙ දැනගත්තා පෙම්වතා එයාගෙ ජීවිතේ නාස්ති කරගෙන කියලා. මට ඒක අදාල නැති නිසා මගේ ගමන ගියා)
මගේ කතාව වගේ කතාවක් සමලිංගික නොවන ඔයාටත් සමහරවිට තියෙන්න පුළුවන්. කොල්ල වෙනුවට කෙල්ල පමණයි වෙනස් වෙන්නෙ. ආදරය කියන එක එනවා යනවා. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ ඔයාට ආදරයක් අහිමියි කියලා. කතාවකටත් කියනවා පලවෙනි ආදරේ පරාද වෙන්න ඕනලු ආදරේ නියම අර්ථය තේරුම් යන්න. අඩුපාඩු එක්ක ජීවත්වෙන මිනිස්සු අපි. ඒවා බැලන්ස් කරගැනීමේ හැකියාව මනින්න තමා අපිට ජීවිතේ එක එක අභියෝග ලැබෙන්නෙ.
මම අද මේ කතාව කිව්වෙ විශේෂ කරුණක් නිසා. මම අද මගේ විෂය පථයට අදාල ගෞරව උපාධිය අවසන් කලා. මම හිතනවා ෆෝමල් එඩයුකේෂන් වල මම ආපු දුර ඇති කියලා. ඊලග ඉලක්කය හෙවත් අවසාන ඉලක්කය තමා මම ගැන ගෙදරට හෙලි කිරීම. ලබන අවුරුද්දෙ මැද මම ඒක කියන්න බලාපොරොත්තු වෙනවා. එතනින් එහා මොනව වේවිද කියන්න මම දන්නෑ. දවසක මගෙ හීන වලට පියාඹන්න හැකිවෙයි කියල හිතනවා.

......................