ආනයනික සහල්වල ආසනික් සහ බැර ලෝහ රැසක්..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    2,411
    3,173
    113
    Hambanthota
    ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන සහල් වර්ග හෝ ආහාර වර්ග කිසිවක් නියමිත රසායනාගාර පරීක්ෂාවන්ට ලක් වන බවට කිසිදු තොරතුරක් නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ , ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසයි.

    ඇය පෙන්වා දෙන්නේ ආනයනික සහල් වල ආසනික් සහ බැර ලෝහ රැසක් අන්තර් ගත විය හැකි බවයි.

    ශ්‍රී ලංකාවේ පස සමඟ සංසන්දනය කිරීමේදී වියට්නාමය .තායිලන්තය , පකිස්ථානය, බංගලාදේශය වැනි රටවල පසෙහි ආසනික් සංයුතිය ඉහල අගයක් ගන්න බව ද ඇය පවසයි.

    කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ පුරාජේරු පවසමින් රසායනික පොහොර යෙදු කිසිදු පරික්ෂාවකට ලක් නොකළ සහල් ඇතුළු ධාන්‍ය වර්ග රැසක් රට තුලට නිදහස් කිරීමට වගකිව යුත්තන් කටයුතු කර ඇති බව ද ඇය පෙන්වා දෙයි.

    එමෙන්ම පසුගිය කාලයේ චීනයෙන් ගෙන්වන ලද දියර පොහොර තොගයක ආසනික් අහිතකර ලෙස අන්තර් ගත වී තිබු නමුත් ඒවාද රට තුලට මුදා හැරීමට පාලකයින් කටයුතු කර ඇති බවද ඇය පෙන්වා දී ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමඟ මීට කලකට ඉහතදී සිදුකළ සාකච්ඡාවක් අතරතුරයි.

    වර්තමානය වන විටද සහල් සම්බන්ධ අවදානම් සහගත තත්වය පිළිබඳ වගකිව යුත්තන්ගේ අවධානය යොමුව නොමැති බවද ඇය සඳහන් කර තිබෙනවා. @pitiye.appu

     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    13,638
    12,099
    113
    හස්තිශෛලපුර
    ඇය පෙන්වා දෙන්නේ ආනයනික සහල් වල ආසනික් සහ බැර ලෝහ රැසක් අන්තර් ගත විය හැකි බවයි.

    mewa kiyanna fund karala atte, lankawe mol karayo wenna ona.. test lab tiyenne apiatada?