කල්පය කියලා කියන්නේ අති දීර්ඝ වූ කාල පරිච්ඡේදයකට කියන නමක්. 

දවසක් එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අප භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණිලා විමසා සිටියා...
"ස්වාමිනි... 

"කල්පය කියන්නේ කොයිතරම් දීර්ඝ කාලයක් ද ?"
බුදුරජාණන් වහන්සේ වදාළා...
"පින්වත් භික්ෂුව... 

"කල්පය ඉතාමත් දිගයි.. එය කෙතරම් කාලයක් ද.. අවුරුදු සිය ගණනක් ය, අවුරුදු දහස් ගණනක්ය, කියා ගණනින් කිව නො හැකියි.."
"භික්ෂුව... ඒක මේ වගේ දෙයක්.."
"මහා ගල් පර්වතයක් තිබෙනවා.. ඒ පර්වතය යොදුනක් දිගයි.. යොදුනක් (සැතපුම් හතක්) පළලයි.. යොදුනක් උසයි.. සිදුරු නැති කුහර නැති ගල් පර්වතයක්.. එක්තරා පුරුෂයෙක් අවුරුදු සියයකට වතාවක් සිනිඳු සේලයකින් ඒ ගල් පර්වතය පිස දමනවා.."
"පින්වත් භික්ෂුව... ඔය ක්‍රමයෙන් ඒ මහා ගල්පර්වතය ගෙවිලා අවසන් වෙලා ගියත් කල්පය කියන්නේ එතරම් ඉක්මණින් ගෙවී අවසන් වන දෙයක් නොවේ.." 
.
බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් සංයුක්ත නිකායේ අනමතග්ග, සංයුක්තය කියන කොටසේ දී වදාළා...
️"යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස යකඩ පවුරකින් වට වූ නගරයක් තිබෙනවා.. මේ නගරය සම්පූර්ණයෙන්ම අබ ඇටවලින් පුරවලයි තිබෙන්නේ.. එක්තරා පුරුෂයෙක් අවුරුදු සියයකට වතාවක් එයින් එක එක අබ ඇටය බැගින් ඉවත් කරනවා. ඔය උපක්‍රමයෙන්ම ඒ අබ ඇට සියල්ලම අවසන් වීම සඳහා යම් දීර්ඝ කාල පරිච්ඡේදයක් ගතවෙනවා ද ? ඊටත් වඩා අති දීර්ඝ කාලයක් කල්පය කියා කියන්නේ.." 

.
ඒ වගේම උන්වහන්සේ වදාලා...
"සියක් අවුරුදු ආයුෂ ඇති ශ්‍රාවකයෝ හතර දෙනක් දිනපතා ගෙවුණ කාලය කල්ප ලක්ෂය බැගින් සිහි කරනවා. ඒ අවුරුදු සියය ඇවෑමෙන් ඒ ශ්‍රාවකයන් හතර දෙනාම කළුරිය කරනවා. අවුරුදු සීයක් පුරාම දිනපතා කල්ප ලක්ෂය බැගින් සිහිකරලත් ඒ ශ්‍රාවකයන්ට සසරේ ගෙවී ගිය කල්ප ගණන සම්පූර්ණයෙ-න්ම සිහිකරල අවසන් කරන්න බැහැ.." 

.
රහතන් වහන්සේලා විසින් අප භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනා කිරීමට භාවිතා කළ ගාථා වල...

"බුද්ධෝ හවේ කප්පසතේහි දුල්ලානෝ.."
..යනුවෙන් සඳහන් වෙනවා. ඒ කියන්නේ...
"කල්ප සියයක් ගත වුණත් බුදුවරුන්ගේ උපත දුර්ලභයි.." කියන දෙයයි.

එසේනම් පැහැදිලියි කල්පය කියල කියන්නේ අපට හිතින් හිතාගන්නවත් බැරි තරම් අති දීර්ඝ කාලයක් කියලා. එබඳු කල්ප සියයකටම බුදුරජාණන් වහන්සේලා හත් නමයි මේ
ලෝකයට පහළ වෙලා තිබෙන්නේ.
එසේම අප තථාගතයන් වහන්සේ වදාළා...
"පින්වත් මහණෙනි... 

"ආරම්භක කෙළවරක් දැකගත නොහැකි මේ සසරේ ඔබ විසින් කල්ප ගණන් අනේක දුක් අනුභව කරල තිබෙනවා.. අතිදීර්ඝ කාලයක් මුළුල්ලේ ඔබ විසින් තියුණු දුක් විඳල තිබෙනවා.."
"එම නිසා පින්වත් මහණෙනි... 

සියලු සංස්කාරයන් කෙරෙහි අවබෝධයෙන්ම කලකිරෙන්නමයි වටින්නේ.. නොඇලෙන්නමයි වටින්නේ.. නිදහස් වෙන්නමයි වටින්නේ.."
"පින්වත් මහණෙනි... 

"කරුණු හතරක් අවබෝධ කර ගැනීමට නොහැකි වීම නිසා ඔබත්, මමත් මේසා දීර්ඝ සසරේ සැරිසරමින් ආවා.."
ඒ...
ආර්ය සීලය
ආර්ය සමාධිය
ආර්ය ප්‍රඥාව
ආර්ය විමුක්තිය යන මේ සතරයි.."
"මේ කරුණු හතර අවබෝධ කර ගැනීමෙන් සාක්ෂාත් කිරීමෙන් භව තෘෂ්ණාව මුලින්ම ඉදිරිලා යනවා.. භව රැහැන් සිඳිලා යනවා.. නැවත භවයක් හට ගන්නේ නැහැ.." 

.
එනිසා අපත් කල්ප ගණන් දුක් විඳිමින් පැමිණි මේ සසර ගමන නිමා කිරීමට අප භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයම පිහිට පිළිසරණ කර ගනිමු.

•═════════════════════••