ආර්ථිකය ස්ථාවර වෙනවා කියන්නේ .....පැතුම් කියන මේ කතාව බලන්න

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,489
    3,141
    113
    ආර්ථිකය ස්ථාවර වෙනවා කියන්නේ දශීය ආර්ථිකය ස්ථාවර කර ගැනීම. ඒක උද්ධමනය පාලනය කර ගැනීම, රුපියල් අච්චු ගැසීම අඩු කර ගැනීම ආදිය නිසා සිදු වන්නක්. ඒ දේශීය ආර්ථිකය ස්ථාවර උනාම තමයි රුපියල් වලට ඩොලර් මාරු කරන්න මිනිස්සු කැමති වෙන්නේ. ඊට පස්සේ ඩොලර් සංචිත රැස් වීමක් සිදුවෙනවා. සංචිත රැස් වීමේ ඉඩ තිබෙනවා නම් ණය ගෙවා ගැනීමේ හැකියාව ඇති වෙනවා. ඒ හැකියාව ඇති වෙනවා නම් තව ණය ගන්න පුළුවන් වෙනවා.

    ඩොලර් ණයට අරගෙන ස්ථාවර කරා නෙවෙයි, දෙශීය වෙළෙඳපොළ ස්ථාවර කර ගත්ත හින්දා ණය එනවා.

    සංචිත ක්‍රමයෙන් ගොඩ නංවා ගැනීමෙන් ණය ගෙවා ගැනීමේ හැකියාවත් එයි.

    මේ කියන්නේ අර්බුදයෙන් ගොඩ ඒමේ මූලික පියවර ගැන. අර්බුදය සම්පූර්ණයෙන් අවසන් නෑ. ඒකට වසරක් දෙකක් යන්න පුළුවන්. නමුත් දැනට තියෙන රිකවරි එක ගැන සතුටු වෙන්න පුළුවන්.
     
    • Dislike
    Reactions: SLK_sri