ඇමතිට විරෝධය පා Sunday Observer කතෘ ඉල්ලා අස්වේ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    60,651
    56,190
    113
    විෂයභාර ඇමතිවරයාගේ කටයුතු වලින් කලකිරීමට පත්ව Sunday Observer කර්තෘ ප්‍රමෝද් සිල්වා මහතා සිය කර්තෘ ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    සෑම අගහරුවාදා දිනකම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ගේ රැස්වීම පැය තුනකට අධික කාලයක් පැවැත්වීම, එම රැස්වීම නියමිත වේලාවට ආරම්භ නොකිරීම සහ සන්ධ්‍යාව වන තෙක් පැවැත්වීම ද කර්තෘවරයාගේ දෝෂ දර්ශනයට ලක්ව ඇත.


    අමාත්‍යවරයාගේ නම භාවිතා කරන සෑම අවස්ථාවකම ආචාර්ය ලෙස භාවිතා කිරීම රාජ්‍ය මාධ්‍ය සදහා අනිවාර්ය කර ඇත.


    එසේම සියලු රාජ්‍ය මාධ්‍ය ඔහුගේ පුවත් දෙකක් හෝ අවමැ වශයෙන් ප්‍රචාරය කළ යුතු බවට ද දන්වා ඇතැයි ඔහු කියයි.


    විපක්ෂය ඉලක්ක කර ගනිමින් චෝදනා කිරීමට සහ පුවත්පතේ විශේෂාංග රාශියක් අමාත්‍යවරයාගේ වුවමනා එපා කම් මත තීරණය කිරීමට එරෙහිව ප්‍රමෝද් සිල්වා මහතා මෙම තීරණය ගෙන තිබේ.


    මිට පෙර ද අමාත්‍යවරයාට විරෝධය දක්වමින් DAILY NEWS පුවත්පතේ කර්තෘ ජයන්ත ශ්‍රී නිශ්සංක මහතා සේවය අතහැර විදේශ ගත විය.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    24,308
    46,987
    113
    puppy dog GIF