ඇමති රමේෂ්ගේ හා ප්‍රසන්නගේ බර්ජියා මවුන්ට් රෝයල් සාදයේ කෑම විසවී 200 ක් රෝහලේ..

27ROX

Junior member
  • Oct 26, 2008
    37
    74
    18
    සංචාරක මාර්ගෝපදේශකයන් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ උත්සවයක් පසුගිය 31 දා ගල්කිස්ස බර්ජියා මවුන්ට් රෝයල් හෝටලයේ දී පැවති අතර ඊට සහභාගි වූ මාධ්‍යවේදීන්,සංචාරක මාර්ගෝපදේශකයින්,අමාත්‍යාංශ නිලධාරී ඇතුළු 200 කට ආසන්න පිරිසක් එහිදී ලබා දුන් ආහාර ගැනීමෙන් පසුව දැඩිව අසනීපව රෝහල් ගත කර තිබේ.

    මේ පිළිබඳව රත්මලාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සතියක් ගතවී ඇතත් මෙම උත්සවය සංවිධානය කළ කර්මාන්ත අමාත්‍යාංශය මෙම උත්සවයට සහභාගි වී මෙසේ අසනීප වු පිරිස පිළිබඳව මෙතෙක් කිසිදු සොයා බැලීමක් හෝ ප්‍රතිකාර ලබාදීමක් සිදුකර නොමැත. රෝගී තත්වයට පසුවූ සමහරෙක්ට දවසට 30-35 වාරයක් බඩඑලිය යන තත්වයක් ඇතිවී තිබේ.



    කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහභාගි වීමට නියමිතව තිබූ මෙම උත්සවය සඳහා රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ද සහභාගි වී ඇත. අමාත්‍යාංශය විසින් එවන ලද ආරාධනාවක් මත එම උත්සවයේ මාධ්‍ය ආවරණය සඳහා මාධ්‍යවේදීන් 8 දෙනෙකුද සහභාගි වී අතර එම උත්සවය අවසානයේ ලබා දුන් රාත්‍රී ආහාරයෙන් පසුව එම ආහාර ලබාගත් මාධ්‍යවේදීන්, සංචාරක මාර්ග උපදේශකයින් ඇතුළු දෙසීයකට ආසන්න පිරිසක් දැඩි ලෙස රෝගාතුර වී තිබේ.

    ඔවුන්ගෙන් බොහෝ පිරිසක් කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල ඇතුළුව පුද්ගලික රෝහල්වලද මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

    කර්මාන්ත මෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාද වන රමේෂ් පතිරණ මහතා මෙම උත්සවය සඳහා එම අවස්ථාවේ සහභාගි නොවුනද ඔහුගේ සහභාගීත්වය දන්වා අමාත්‍යංශය එවූ ලිපියකට අනුව එම උත්සවය ආවරණයට ගිය මාධ්‍යවේදීන්ට අවශ්‍ය ප්‍රතිකාර සඳහාවත් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ කිසිදු ආකාරයකින් මැදිහත්වීමක් සිදු නොකළ බව මාධ්‍යවේදීහු චෝදනා කරති.



    එසේම තමන්ට මෙම උත්සවය සඳහා ආරාධනා කළේ ලක්සල ආයතනය බව පවසන සංචාරක මාර්ගෝපදේශකයින් සංචාරකයන් හරහා ලක්සලට විශාල ආදායමක් ලබාදෙන තමුන් පිළිබඳවද මෙතෙක් කිසිදු නිලධාරියෙක් සොයා නොබැලූ බවද පවසති. මෙම විෂ සහිත ආහාර ලබා ගැනීම නිසා පාචනය අමතරව විවිධ සංකූලතා ඇති වූ බව පවසන පිරිස තමන්ගේ වියදමින් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවූ බව පවසන්නේ කණගාටුවෙනි.

    කාර්මික සංවර්ධ මන්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතාද මෙම ආහාර ගැනීම් නිසා අසනීප වී ඇත. එමෙන්ම මෙම හෝටලයේ කළමනාකාරීත්වයද සිද්ධිය සම්බන්ධයෙන් මුනිවත රකිමින් සිටියි.

    -gossiplankanews-
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,108
    1,843
    113
    C:\
    Meh lagadi Galleface hotel eke thibba corporate event ekakata apu untath oya tikama una.. hotel eka sadda nathuwa inna scene ekak thiyenne man danna buwa nan eeye gihin palu yanna banala awith thibba minissu issarahama..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    60,434
    49,256
    113
    මාලඹේ

    යකෝ මුන් කාලා ලෙඩ උනාමත් අමාත්‍යාංශයෙන් ද ඒවා කරන්න ඕනේ
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    6,923
    7,202
    113
    සංචාරක මාර්ගෝපදේශකයන් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ උත්සවයක්

    යකෝ මුන් කාලා ලෙඩ උනාමත් අමාත්‍යාංශයෙන් ද ඒවා කරන්න ඕනේ
    un responsible wenna oni nadda ?
     
    • Like
    Reactions: 2osama

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    14,762
    11,493
    113
    Lankawe
    diarrhea GIF

    Delhi Belly Diarrhea GIF
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    20,337
    4,256
    113
    හෝම් ස්වීට් හෝම්
    අමාත්‍යංසයෙන් මොන රෙද්දක් කරන්නද යකෝ හෝටලේ කුණු කෑම දුන්නට.

    හරිනං හෝටලේට නඩුවක් දාන්න ඕනේ අමාත්‍යංසයෙන්