ඇමරිකාවේ ඇපල්හි සේවය කරමින් සිටි විනෝජ් හදිසි අනතුරකින් වැන්කුවර්හිදී මරුට

weer 11

Well-known member
  • Jan 14, 2018
    3,616
    4,864
    113

    ඇමරිකාවේ ඇපල්හි සේවය කරමින් සිටි විනෝජ් හදිසි අනතුරකින් වැන්කුවර්හිදී මරුට​

    7/12/2023 02:49:00 PM

    vinoj-jayasundara-accident

    මොරටුව සරසවියෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය ලබා ශිෂ්‍යත්වයක් ලැබ ඇමෙරිකාවේ Apple සමාගමේ සේවය කරමින්
    මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටි ශ්‍රී ලාංකිකයකු හදිසි අනතුරකින් මියගොස් ඇත.
    ඔහු මේරිලන්ඩ්හි සිටින අතර අධ්‍යයන කටයුත්තකට කැනඩාවට ගොස් සිටිය දී වැන්කුවර් නගරයේදී බීමත් රියැදුරකුගේ අපරික්ෂාකාරී රිය පැදවීමක් හේතුවෙන් අනතුරට ලක්ව මියගිය බව කියැවේ.


    මෙලෙ‍ස මියගොස් ඇත්තේ ඇම්.එච්. විනෝජ් යසංග ජයසුන්දර නමැති 28 හැවිරිදි තරුණයෙකි. කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය හිමිකරගත් විනෝජ් යසංග තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිය ද එංගලන්තයේ ලන්ඩන් සරසවියෙන් නීතිවේදී උපාධිය ද දිනාගෙන ඇත.

    ඇමෙරිකාවේ මේරිලෑන්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළුවී එහි තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී ඔහු කැලිෆෝනියාවේ පිහිටි ඇපල් සමාගමේ ද සේවය කරමින් සිටියේය.

    ආචාර්ය උපාධියට අදාළ පරේක්ෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම සඳහා කැනඩාවේ වැන්කුමර් නගරයට ගොස් යළි නවාතැන් පොළට යමින් සිටිය දී විදුලි සංඥා පුවරුවක් අසල සිය මෝටර් රථය නතර කර තිබිය දී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් පිටුපසින් හප්පා එම අනතුර සිදුකර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

    අනතුරෙන් පැය 12කට පමණ පසුව ඔහු මිය ගිය බව එරට බලධාරීන් ජයසුන්දර මහතාගේ දෙමව්පියන්ට දැනුම් දී තිබේ. සිද්ධියෙන් දින 19කට පමණ පසුව මෘත දේහය මත්තේගොඩ පිහිටි නිවසට ඊයේ (11) රැගෙන ආ අතර අවසන් කටයුතු අද (12) පස්වරුවේ ගාල්ල බටපොළ මානන්ගොඩ පවුලේ සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.



    118595258_10216692936779147_3732723130872723314_n.jpg


    150131704_10217751255236447_6556584412148347664_n.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,366
    70,092
    113
    පව් පොර සෑහෙන්න පේපර්ස් එහෙමත් පබ්ලිශ් කරල තියෙනව :(

    Masa 1.5 kata kalinuth oya profile ekama thiyana apple eke weda karana pahala batch eke ekek marila thibba
    ඒ මෙයා වෙන්න ඕනි. මම හිතන්නෙ මිනිය එන්න පරක්කු නිසා මෙහෙ උන් නිව්ස් එක ගහන්න නැතුව ඇති.
    ------ Post added on Jul 12, 2023 at 3:05 PM
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,014
    17,763
    113
    පිළි-ඇඳි-දොළ
    පව් පොර සෑහෙන්න පේපර්ස් එහෙමත් පබ්ලිශ් කරල තියෙනව :(


    ඒ මෙයා වෙන්න ඕනි. මම හිතන්නෙ මිනිය එන්න පරක්කු නිසා මෙහෙ උන් නිව්ස් එක ගහන්න නැතුව ඇති.
    ------ Post added on Jul 12, 2023 at 3:05 PM
    Na pora nemei wena dial ekak
     
    • Like
    Reactions: NRTG and weer 11