ඇමරිකාවේ තානාපතිකමටත් රාජපක්ෂ පවුලේ කෙනෙක්

sam_sajith

Well-known member
  • May 25, 2009
    2,452
    4,545
    113
    මේ වන විට පුරප්පාඩු වී තිබෙන මෙරට ඇමරිකානු තානාපති ධූරයට රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු පත් කිරීමට යන බව පැවසේ. අප ලද ආරංචි මාර්ග වලට අනුව පැවසෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා එම ධූරයට වයස ගැටළුවක් නොකරගෙන දයාන් ජයතිලක වැනි රාජ්‍යතාන්ත්‍රිකයෙකු පත් කළ යුතු බවට සඳහන් කර ඇති බවයි.

    බැසිල් රාජපක්ෂ මහතා දක්වන වෙනස් මතයක් හේතුවෙන් තවම ඇමරිකාවේ තානාපති ධූරය සම්බන්දයෙන් එකඟතාවයකට පැමිණ නැත. අවසානයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙරටට පැමිණෙන තෙක් මෙම තීරණය ගැනීමට පස්සට දමා ඇත. ඒ අනුව සංචාරය නිමවා අගමැතිවරයා ආපසු පැමිණීමෙන් පසු තානාපති තීරණය ගනු ඇත.

    පසුගියදා අප වාර්තා කළ පරිදි ඇමරිකානු තානාපති ධුරය හෙබවූ රවිනාත් අරියවංශ මහතා මෙලෙස සිය ධූරයෙන් විශ්‍රාම ගැනීම හේතු කොට ගෙන මෙම පුරප්පාඩුව ඇති විය. විදෙස් කටයුතු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ගේ ඇති මත ගැටුමක් මුල් වීමෙන් ඔහුගේ සේවා කාලය දීර්ඝ නොවූ බව අප ලද ආරංචි මාර්ග වල පැවසිණි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    6,868
    6,358
    113
    රොකට් රෝහිත තමයි සුදුසු ම..... නාසා එකට උපදෙස් දෙන ගමන් තානාපති කම කරන්න පුලුවන්. මෙවන් අසිරිමත් පුත්තු ලොවේ වෙන නෑ... 😂
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    6,146
    1,154
    113
    IMG-20210916-WA0002.jpg
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    1,836
    3,451
    113
    okata hariyanne ara double Phd holder tama, etakota ara issara kiyapu space collage eka lankwath genna puluwan..