ඇමසන්_ගින්න

ROCCO-X

Well-known member
  • May 12, 2017
    8,515
    1,642
    113
    Pls wear a MASK
    ගින්නෙන් දැවෙන පෘථිවියේ පෙනහලුව, "ඇමසන්".

    ශාක සහ සත්ව විශේෂ මිලියන 03කට සහ ස්වදේශික ජනතාව මිලියනයකට පමණ වාසස්ථාන සළසන ලොව විශාලතම සහ වැදගත්ම වැසි වනාන්තරය සති 03ක් තිස්සේ කිසිදු මාධ්‍ය අවධානයකට ලක් නොවී ගිණි ගනිමින් පවතියි. මෙතෙක් විනාශ වූ වනාන්තර භූමි ප්‍රමාණය නිවැරදිව ගණනය කර නොමැති වුවත් පසුගිය සති 03 ඇතුලත ගිණි ගැනීම් 76,000ක් ඇමසන් ප්‍රදේශය ආශ්‍රිතව හටගෙන ඇති බව වාර්තා වේ. ඇමසන් වනය යනු මුලු ලෝකයේම අනාගතය තීරණය කරනා සාධකයකි. කිලෝමීටර් දස දහස් ගණනක් ඈතින් පිහිටියද එහි වටිනාකමින් මිදීමට අපට නොහැකිය. දේශගුණික විපර්යාස පිළිබදව කතා කිරීමේදී ඇමසන් වනාන්තරය ඉතා වැදගත් වේ. මෙම නිසා ඇමසන් වැසි වනාන්තරය ආරක්ෂා කර ගැනීමට ලෝකයම පෙරට ආ යුතුව ඇත. එමෙන්ම ඉහළ යන ගෝලීය උෂ්ණත්වය පිළිබදව පෙරට වඩා බිය විය යුතු බවත් මෙවැනි කාරණා වලින් අපට පෙන්වා දේ.


    FB_IMG_1566456983479.jpg

    FB_IMG_1566456981604.jpg

    FB_IMG_1566456979215.jpg

    FB_IMG_1566456977499.jpg

    FB_IMG_1566456969858.jpg




     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,047
    113
    Deniyaya
    දියුනුය කියන රටවල් දියුනු උනේ ගල් අගුරු පුච්චලා, කාර්මීකරණයෙන් ලෝකෙටම කෙලවලා... උන් තමා ලෝකෙටම දරාගන්න බැරි විදියට කාබන් දැම්මේ...දැන් දුප්පත් රටවලට කේස්1 අදිනවා කැලවල් සුරකින්නය,කාබන් අඩු කරන්නය කියලා. උන්ගේ පව් ගෙවන්න ඕන දුප්පත් රටවල කැලෑ ටික...කොහොම උනත් අන්තිමේ ඉතින් මේ වටිනම කැලය ගිනි ගද්දි ඒක නවත්තන්න මුකුත් වෙන්නේ නෑ කියන්නේ ආයේ ඉතින් අපි වදවෙලා යන දවස වැඩි ඈතක නෙවෙයි කියන එක තමා. ඔය බ්‍රසිල් අලුත් ජනපති කැලෑ පාලුවො රකිනවලු...
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,384
    55,327
    113
    Oke neda world eke 20% da koheda oxygen enne,:lol: oxygen nethuwa marenna wenne
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,047
    113
    Deniyaya
    17536302-0-image-a-38_1566408683930.jpg

    පැතිරිච්ච කලාපය

    17000094-7379579-Amazon_rainforest_deforestation_in_Brazil_has_increased_88_per_c-a-31_1566398791078.jpg

    අලුත් නායකයගේ පාලනය යටතේ කැලැකැපීම 67%කින් වැඩි වෙලාලු...
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,451
    1
    99,120
    113
    Leasing World
    දියුනුය කියන රටවල් දියුනු උනේ ගල් අගුරු පුච්චලා, කාර්මීකරණයෙන් ලෝකෙටම කෙලවලා... උන් තමා ලෝකෙටම දරාගන්න බැරි විදියට කාබන් දැම්මේ...දැන් දුප්පත් රටවලට කේස්1 අදිනවා කැලවල් සුරකින්නය,කාබන් අඩු කරන්නය කියලා. උන්ගේ පව් ගෙවන්න ඕන දුප්පත් රටවල කැලෑ ටික...කොහොම උනත් අන්තිමේ ඉතින් මේ වටිනම කැලය ගිනි ගද්දි ඒක නවත්තන්න මුකුත් වෙන්නේ නෑ කියන්නේ ආයේ ඉතින් අපි වදවෙලා යන දවස වැඩි ඈතක නෙවෙයි කියන එක තමා. ඔය බ්‍රසිල් අලුත් ජනපති කැලෑ පාලුවො රකිනවලු...

    :yes::yes::yes::yes::yes::yes:
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    attachment.php
    සාවෝ පාවුලෝ නුවර දුම් වළා​

    attachment.php
    දුම් වලාවේ පැතිරීම

    attachment.php

    මේ දින වල අසන්නට ලැබුණු කනගාටුදායකම පුවත වුණේ ලෝකයේ විශාලතම වර්ෂා වනාන්තරය වන දකුණු ඇමරිකාවේ ඇමසන් වනාන්තරය, සැතපුම් ගණනාවක් දුරට විහිදෙන ගින්නක් නිසාවෙන් ගිනිගෙන දැවෙන බවයි.

    මේ ගින්න ආරම්භ වී මේ වන විට සති 3ක් පමණ ගත වෙලා තියෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. ඒත් යම් හෝ හේතුවක් නිසා පසුගියදා වනතුරුම මේ පිළිබඳ සැළකිය යුතු තොරතුරක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල හෝ සමාජ ජාල වල පළ වී තිබුණේ නැහැ. ගිනි ගන්නා ප්‍රදේශයේ සිට සැතපුම් 1700ක් පමණ දුරින් පිහිටා තිබෙන බ්‍රසීලයේ සාවෝ පෝලෝ නුවර අහස ඈතින් පැමිණි දුම් වළාවන් නිසා අළු පැහැ ගැන්වී තිබුණා. මේ වන විට දුම් වලාව පේරු සහ බොලිවියා රාජ්‍යයන් දෙසටත් පැතිරිලා තියෙන බව වාර්තා වෙනවා.

    යුරෝපා සංගමයේ චන්ද්‍රිකා වැඩසටහන මගින් අනාවරණය කරගත් සිතියමකට අනුව වනාන්තරයේ සෑහෙන වර්ගඵලයක් මේ වන විටත් ගින්න මගින් විනාශ වෙලා තියෙනවා. මේ විනාශය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පවා දැක ගන්න පුළුවන්.

    මේ වසරේ මුල සිට මේ දක්වා බ්‍රසීලය තුළ ගිනි ගැනීම් 72,000ක් සිදු වෙලා තිබෙන අතර එයින් බාගයක්ම සිදු වුණේ ඇමසෝනියානු කලාපය තුළයි. මෙය පසු ගිය වසරට සාපේක්ෂව 80%ක වැඩි වීමක්. ඒ නිසා මේ ගිනි ගැනීම් පසුපස මානව ක්‍රියාකාරකම් වල සෘජු බලපෑමක් තිබෙන බව බොහෝ දෙනා සැක කරනවා. බහුතරයක් පරිසර ක්‍රියාකාරීන් මේ පිළිබඳ බ්‍රසීල ජනාධිපතිවරයාට චෝදනා එල්ල කරනවා. මීට පෙර යුධ හමුදා කපිතාන්වරයෙක්ව සිටි ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ ආරම්භයේ සිටම කැලෑ එළිකිරීම් සම්බන්ධව ලිහිල් ප්‍රතිපත්තියක් දැරූ අයෙක්. කැලෑ එළි කිරීමේ සීඝ්‍රතාව වැඩි වන බව පරිසරවේදීන් විසින් මීට පෙර ඔහුට පෙන්වා දුන් අවස්ථාවේදී ඔහු පවසා සිටියේ ඒ වාර්තා තනිකරම අසත්‍ය බවයි.

    ඇමසන් වනාන්තරයේ මේ අවාසනාවන්ත තත්වය ලෝක දේශගුණ තුලනයට සෑහෙන බලපෑමක් සිදු කරනවා. ඇමසන් වනාන්තරයේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝ මීටර මිලියන 5.5ක් පමණ වෙනවා. ඒ කියන්නේ අපේ රට වගේ 84 ගුණයක පමණ විශාලත්වයක්. බ්‍රසීලය, බොලිවියාව, පේරු, ඉක්වදෝරය වෙනිසුවේලාව, ගයනාව හා සුරිනාම් යන දකුණු ඇමරිකානු රටවල් පුරා එය පැතිරී තිබෙනවා. මේ වනාන්තරය තුළ ශාක විශේෂ 40,000ක්, පක්ෂි විශේෂ 1300ක්, ක්ෂීරපායී විශේෂ 430ක්, හා කෘමි විශේෂ මිලියන 2.5ක් පමණ වාසය කරනවා. මෙයින් බොහෝමයක් දැකගන්නට හැකි වෙන්නේ මේ වනාන්තරය තුළදී පමණයි.

    ඇමසන් වනාන්තරයේ ඇති ශාක වැස්ම මගින් වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් සෑහෙන ප්‍රමාණයක් උරා ගන්නවා. වායුගෝලයට මුදා හැරෙන ඔක්සිජන් වායුවෙන් 20%ක්ම පිට වන්නේ මේ ශාක වැස්ම මගිනුයි. මේ නිසා ගෝලීය උනුසුම වැඩිවීම වළක්වා ගැනීමේ ප්‍රධාන සාධකයක් ලෙස ඇමසන් වනාන්තරය ක්‍රියා කරනවා. ඇමසන් වනාන්තරය මැදින් දිවෙන ඒ නමින්ම යුත් ගංගාව ලෝකයේ වැඩිම ජල ස්කන්ධයක් සාගරයට මුදා හරින ගංගාවයි. එහි ජල දාරිතාව මිසිසිපි, නයිල් සහ යැංසිකියැං යන ගංගා තුනේම සමස්ත ධාරිතාවට වඩා වැඩියී.

    මේ විනාශයේ අනිසි ප්‍රතිඵල ළඟදීම මුළු ලෝකයටම අත් විඳින්නට සිදු වෙන්න පුළුවන්. පරිසරය සතා සීපාවා ගැන නොතකමින්, මුදල් පසු පස පමණක් ලුහුබැඳ යන අපේ ලෝකයේ මිනිසුන්ගේ අධි පරිභෝජනවාදී සමාජ ආර්ථික ක්‍රමය නිසා ලෝක විනාශය සිදු වන දිනය තවත් ළං වී ඇති බව පමණක් ස්ථිර වශයෙන් කියන්න පුළුවන්.
     

    Attachments

    • සාවෝ පාවුලෝ නුව&#3.jpg
      සාවෝ පාවුලෝ නුව&#3.jpg
      74.9 KB · Views: 218
    • දුම් වලාවේ පැති&#3.jpg
      දුම් වලාවේ පැති&#3.jpg
      30.3 KB · Views: 216
    • 68753067_2420061701586137_850966307057696768_n.jpg
      68753067_2420061701586137_850966307057696768_n.jpg
      61.3 KB · Views: 209
    • Like
    Reactions: DangerMan119

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    asteroid ekak thama dan tiyena ekama solution eka. dinousaur extinct un wage minissuth extinct wela yanda one
     
    • Like
    Reactions: Fox C2

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,524
    361
    83
    kandana
    ai bn munta mewa nathara karanna mokuth karanna bari .. saththu bara gaanak nathi welaa neda .. paw ban
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,589
    1,312
    113
    සයිබර් අවකාශේ
    මේ ගිනි අහපව් පත්තු වෙනකොට මිනුස්සුනට පෘතුවිය දාලා යන්ඩ වෙන්නෙ....අපේ ලොකය අපිම විනාශ කරගන්නවා..........
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    31,739
    39,362
    113
    සේදවත්ත
    කෙලෙමල් ඇමසන් එක අපිට මොකෝ බන් . මෙහේ විල්පත්තුව කපනකොට මොකවත් කරගන්න බැරි ජනතාවක් ඉන්නේ . එම ලියල දුන්න එවුන්ව රටේ මහ පුටුවට ගේන්න මේ දතකන දවස් වල ඒ වෙනුවෙන් ඔලුව ඔබාගේන හිටපල්ලා මොන ඇමසන් ද අපිට . උබලට ගින්න එන්නේ දෙසැම්බර් වලින් පස්සේ අවුරුදු ගානක් පිච්චි පිච්චි ඉන්න . ඇමසන් එකනම් හෙමීට වැවෙයි අපේ එකනම් ගිනි අරන් අලු වෙලා සුන්නදූලි වෙලා යනවා