ඇම්. සාර්ලිස් මාස්ටර්ගේ පට්ටම සිංහල අකුරු ආට්

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,510
    6,614
    113
    එකල ලංකාවේ නිවෙස්වල එල්ලා තිබුණේ එංගලන්ත රජ පවුලේ චිත්‍රයි.


    ( සම්පුර්ණ පින්තුර එකතුව පහල )
    410284734_670783301932558_1965451484803484091_n.jpg




    මගේ අදහස... ඇම් සාර්ලිස් මහතා විසින්.
    -------------
    සිංහල අක්ෂරමාලා නමැති මේ නව නිෂ්පාදනයෙන් මා අදහස් කරන්නේ සිංහල බාල බාලිකා අකුරට අත පුරුදුවනවා සමගම ඒ ඒ අකුර විසිතුරු චිත්‍රයකට පෙරලා ඇඳ ගැනීම සෑම ළමයකුගේ පහසුවටත් විනෝදයටත් ඥානය දියුණුවටත් සදුපාය මාර්ගයක් නොව චිත්‍ර ශිල්පය උගැන්වීමය.
    සෑම භාෂා සාහිත්‍යයෙකම දියුණුවට මූලික හේතුව වූ ඒ ඒ භාෂා පිළිබඳ අක්ෂර මාලාවන්ගේ සම්භවය චිත්‍ර කර්මයෙන්ම නිපැද වූවක් බැවින් චිත්‍ර ශිල්පය ඉතා උසස් විශිෂ්ට ශිල්පයෙකි. ඒ බැව් අද නවීන විද්වතුන්ගේ දහස් ගණන් ‍ෙනායෙක් සිංහල පොත පතේ මුල්පිටු සිතුවම දෙස පමණක් බැලුවත් හොඳ හැටි පැහැදිලි වන්නේය. එහෙත් චිත්‍ර ශිල්පය පිළිබඳ කිසිම නවීන පොත පතක් අද දක්නට නොලැබීම අපේ සිංහල චිත්‍ර ශිල්පයේ පරිහානි ලක්ෂයෙකි. එයට හේතුව ඉංග්‍රීසියෙන් සිංහල චිත්‍ර ශිල්පය උගැන්වීමත් අජන්තා සීගිරි සිතුවම් කොපි කරනවා මිස ඒ අනුව අමුතු නිර්මාණ ශක්තියක් නැතිවීමත් විය යුතුයි. මේ ආදී ක රුණු ගැන සැලකූ මවිසින් සිංහල භාෂාවට ප්‍රමුඛස්ථානයක් ලැබෙන්නාට යන මේ කාලේ සිංහල චිත්‍ර ශිල්පයටත් නව ජීවනයක් දීමේ හෝඩියක් වශයෙන් මේ පොත මෙසේ පළකිරීම සිංහල භාෂාවට හා සිංහල චිත්‍ර ශිල්පයට ගරුකරන සෑමදෙනාගේ සතුටටත් විශේෂයෙන් චිත්‍ර ශිල්පාභිලාෂින්ගේ සහ පාඨඹාලාචාර්ය මහතුන්ගේත් ප්‍රයෝජනය පිණිසත් වෙනවා ඇත යනු මගේ අදහසයි.

    මෙහි නැවත මුද්‍රණය ආදී හැම අයිතියක්ම ඇම්. සුනිල් ප්‍රේමරත්න සතුය.

    මෙහි සිංහ රූපයට දෙපැත්තෙන් දැක්වෙන්නේ 1922 පවත්වනු ලැබූ සමස්ත ලංකා කර්මාන්ත ප්‍රදර්ශන යෙන් පූර්වදිග චිත්‍ර ශිල්පය පිළිබඳව ඒ. සී. ජී. ඇස්. අමරසේකර මුදලිතුමාගේ පරිත්‍යාගයෙන් මා වෙත හිමි වූ ස්වර්ණ මුද්‍රිකාවේ සටහනයි. එය නියම වූයේ මවිසින් අඳින ලද නවනාරි කුජරය පංචනාරි ඝටය සහ භංශ පූට්ටුව යන පෙර දිග චිත්‍ර සම්ප්‍රදායෙහි විශිෂ්ට ලක්ෂණයක් ගත් එකී චිත්‍ර රූප තුනටය.
    ඇම්. සාර්ලිස් 1947 5.1 ගල්කිස්ස

    sarlis2.jpg


    බොදු සිතුවම් ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කළ ඇම්. සාර්ලිස් මාස්ටර්

    සීවලී මහරහතන් වහන්සේගේ වර්ණ පින්තූරය එකල අප නිවසේ ඇතුළු වන දොරකොඩම එල්ලා තිබුණි.
    අපගේ වැඩිහිටියන් පැවසුවේ සීවලී මහරහතන් වහන්සේ නිවසේ සිටිනවා නම් අප හට කිසි දිනක නිවසේ කෑම බීම වලින් අඩුවක් සිදු නොවන බවකි.
    නිවෙස ඉදි කළ වකවානු‍වේ සවි කල මේ සීවලී මහරහතන් වහන්සේගේ චිත්‍රය අද ද අප පුහුල්වැල්ලේ නිවෙසේ දැකගැනීමට හැක.
    මා මාතර පඹුරණ ඥාති නිවෙසකට ගිය අවස්ථාවේ නිවැසියෝ මා හට අපූරු චිත්‍ර ටිකක් පෙන්වීය. එනම් වසර 100 පමණ පැරැණි මේ චිත්‍ර සීවලී මහරහතන් වහන්සේගේ හා සිද්ධාර්ථ කුමරාගේ විවාහ මංගල්‍යය, ගිහිගෙය හැරයාම, ශිල්ප දැක්වීම, දිව්‍ය ලෝකයේ ඇති සිළුමිණසෑය වැනි චිත්‍රයි.
    මේ චිත්‍ර පරීක්ෂා කර බැලීමේදී ඇම්. සාර්ලිස් චිත්‍ර ශිල්පියා විසින් ඇඳ ඇති මේ චිත්‍ර ජර්මනියේ මුද්‍රණය කොට ඇති ඒවාය.
    එකල අප රටේ ලිතෝ මුද්‍රණ ශිල්පය නොතිබූ අතර ජර්මනියට යවා මේ චිත්‍ර වර්ණයෙන් මුද්‍රණය කරවා තිබුණි.
    ඝන ඔප කඩදාසියේ මුද්‍රණය කොට ඇති මේ චිත්‍ර වසර 100 ආසන්න වුවත් ඉතා හොඳ තත්ත්වයේ පවතී.

    1911 දී මාලිගාකන්ද විහාරයේ සිතුවම් කටයුතු කළ සාර්ලිස් මාස්ටර් ස්‍වදේශ මිත්‍රයා පත්‍රයේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා වශයෙන් කටයුතු කළේය.
    උම්මග්ග ජාතක පොතේ පිටකවරය මෙන්ම ඇතුළු පිටුවල චිත්‍ර නිර්මාණය කළ සාර්ලිස් මාස්ටර් ලංකාවේ ප්‍රථම චිත්‍රපටය වූ මෙරට තිරගත නොවූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ප්‍රධාන චරිතය රඟ පෑ ‘රාජකීය වික්‍රමය’ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයාද විය.

    1880 ජුනි මස 25 දින අම්බලන්ගොඩ ආඳාදොළ ගමේ උපන් මාලිගාවගේ සාර්ලිස් ගේ පියා වූයේ මාලිගාවගේ නන්දෝරිස්ය. ඔහු දෛවඥයෙකි. ගමේ පන්සලේ වලිතර සරණංකර හිමිගෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා මාලිගාකන්ද පිරිවෙනට ඇතුළු විය.
    මේ වන විට සාර්ලිස් තම බාප්පා වෙතින් චිත්‍ර කර්මය හා මූර්ති පිළිබඳ දැනුමක් ලබා තිබුණි. මේ වන විට මාලිගාකන්ද විහාරයේ චිත්‍ර සිතුවම් කරමින් සිටි සමයයි.
    හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි සාර්ලිස්ට එහි චිත්‍ර කරමින් සිටි රිචඩ් හෙන්රිකස් මහතාව හඳුන්වා දෙන ලදී. ඔහුගේ සිත්තර කණ්ඩායමට වැටුණු සාර්ලිස් චිත්‍ර කලාව හොඳින් ප්‍රගුණ කළේය.

    එකල ලංකාවේ නිවෙස්වල එල්ලා තිබුණේ එංගලන්ත රජ පවුලේ චිත්‍රයි. මේ පිළිබඳ මහත් සිත් තැවුලට පත්ව සිටි අනගාරික ධර්මපාලතුමාට ඒ වෙනුවට බෞද්ධ චිත්‍ර නිවෙස්වල එල්ලවීමට අවශ්‍ය විය. පිටකොටුවේ කයිමන් දොරකඩ ව්‍යාපාරික විලියම් ප්‍රේද්‍රිස්ට මේ බව පැවැසීය.
    මොහු විහාර චිත්‍ර කර්මවලට අවශ්‍ය දුම්මල රසායන ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකි.විලියම් පේද්‍රිස් තම අවශ්‍යතාව මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ගොස් හික්කඩුවේ සුමංගල හිමිට දැන්වීය.
    හික්කඩුවේ සුමංගල හිමි තම විහාරයේ චිත්‍ර කර්ම කරමින් සිටි ඇම්. සාර්ලිස් නම් ගෝලයාට මේ කාර්ය පැවැරීය. සාර්ලිස් දින කිහිපයකින් දන්වළඳමින් සිටින සීවලී මහරහතන් වහන්සේගේ චිත්‍රයක් ඇඳ වර්ණ ගන්වා විලියම් පේද්‍රිස්ට ලබාදුනි.
    මේ චිත්‍රය පිළිබඳ ධර්මපාලතුමා හා විලියම් පේද්‍රිස් මේ චිත්‍රය ජර්මනියට යවා වර්ණයෙන් මුද්‍රණය කරවා දොන් බැස්ටියන් සමාගම හා එක්ව අලෙවි කළේය.

    මේ චිත්‍ර බුරුම, තායිලන්තයළ ඉන්දියාව වැනි රටවලද අලෙවි කළේය. චිත්‍රය යටින් එම රටවල භාෂාවලින්ද මුද්‍රණය කළ තිබිණි.
    යමක් කමක් ඇති බෞද්ධ පවුල්වල අය මේ චිත්‍රය විශාල මුදලක් දී ගෙන තම නිවෙස් වල සීවලී මහරහතන් වහන්සේ රාමුකොට එල්ලන ලදී. විශාල වශයෙන් අලෙවි වීම නිසා තවත් බෞද්ධ චිත්‍ර රැසක් සාර්ලිස් මාස්ටර් ලවා අන්දවාගෙන ජර්මනියට යවා මුද්‍රණය කොට ගෙන්වා අලෙවි කරන ලදී.
    මේ චිත්‍ර නිසා රටේ මහත් බෞද්ධ ප්‍රබෝධයක් ඇති විය. ජීවිත කාලයම බෞද්ධ සිතුවම් කලාව වෙනුවෙන් කැප කළ ඇම්. සාර්ලිස් මාස්ටර් 1955 නොවැම්බර් 21 දින අභාවප්‍රාප්ත විය.

    ඔහු දායාද කළ චිත්‍ර අදත් රට පුරා විහාරස්ථානවල, පැරැණි ගෙවල්වල සුරක්ෂිතව ඇත. ඔහු නිර්මාණය කළ 88 රියන් මාතර වෙහෙරහේන සමාධි බුද්ධ ප්‍රතිමාව අපට දැක ගත හැක.

    ඔහුගේ සිතුවම් රැසක් මාලිගාකන්ද පිරිවෙන, කොළඹ අසෝකාරාමය, ජේතවනාරාමය, වජිරාරාමය, යාලේගම විහාරය, තිස්සමහාරාමය, මතුගම පාන්තියේ ශ්‍රී සුමංගලාරාමය, කිරිබත්ගොඩ ඊරියවැටිය සුදර්ශනාරාමය වැනි ස්ථානවලදී දැකගත හැකිය.
    සාර්ලිස් මාස්ටර්ගේ පැරැණි විත්‍ර ලබාදුන්නේ මාතර පඹුරණ පදිංචි කුරුඳුහේවාගේ විමලසීලී මහත්මියයි

    නන්දික බැද්දේගම විසින්,

    411712490_670783181932570_7883740142470793412_n.jpg

    410264402_670783225265899_4783261401506483629_n.jpg

    409820506_670783268599228_7509859131598103015_n.jpg

    410284734_670783301932558_1965451484803484091_n.jpg

    412177609_670783338599221_7644192391977376760_n.jpg

    411671936_670783411932547_4915903883506517020_n.jpg


    411858202_670783451932543_6611201750083375309_n.jpg

    411955839_670783481932540_6871120180495917721_n.jpg

    411650846_670783518599203_8053831174200137946_n.jpg

    411671334_670783568599198_8679509302349778942_n.jpg


    411984536_670783638599191_6268753989887149516_n.jpg