ඇමැති චමල් සහ ගුවන් හමුදාපති ප‍්‍රතිකාර ලබන රෝහලේ වැසිකිළියක අත්බෝම්බයක් ද්‍රවිඩ තරුණයෙක් අත්අඩංගුවට

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    7,399
    6,213
    113
    日本
    කොළඹ පෞද්ගලික රෝහලක පළමු මහලේ වැසිකිළියක තිබී ජීව අත් බෝම්බයක් නාරාහේන්පිට පොලිසිය මගින් ඊයේ (14 වැනිදා) සවස සොයා ගනු ලැබීය.

    පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදී මෙය සොයාගෙන ඇති අතර යම් කිසි අයකු රෝහල තුළ මෙය සූක්‍ෂමව පුපුරවා හැරීමට උත්සාහ දැරුවේදැයි පොලිසියට සැක මතුවී ඇත.

    බෝම්බය හමුවන මොහොත වන විට වාරිමාර්ග ඇමැති චමල් රාජපක්‍ෂ මහතා කොවිඩ් ආසාදිතව මෙම පෞද්ගලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවද විමර්ශන කණ්ඩායම් පවසයි.

    සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන විමර්ශන කණ්ඩායම් රෝහලේ සී.සී.ටී.වී. පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව එම බෝම්බය රෝහල වෙත රැගෙන ආ බවට සැකපිට ද්‍රවිඩ ජාතික තරුණයකු අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් තරුණයා ති‍්‍රකුණාමලයේ උප්පවේලි ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවද හඳුනාගෙන ඇත.

    බෝම්බය සොයා ගන්නා අවස්ථාවේදී එහි ආරක්‍ෂිත පින් එක ගලවා මදුරු කොයිල් කොටසක් එයට දමා රබර් පටිවලින් ඔතා එය විසි කිරීමෙන් ක්‍ෂණිකව පුපුරා යන පරිදි සකස් කර තිබූ බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන විමර්ශන නිලධාරීහු පවසති.

    මේ වන විට ගුවන් හමුදාපති එයාර්මාෂල් සුදර්ශන පතිරණ මහතාද කොවිඩ් ආසාදිතව මෙම රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.

    අත්අඩංගුවට ගත් සැකකරු රෝහල ආසන්නයේ ඉදිකිරීම් වැඩ බිමක සේවය සඳහා මීට සති දෙකකට පෙර පැමිණ ඇති බවද සොයාගෙන ඇත.

    වැඩිදුර පරීක්‍ෂණ සඳහා අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසයට ගෙන ආ බවද විමර්ශන නිලධාරීහු පවසති.
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,445
    957
    113
    අනන්තයේ
    දැන් කොටි හම්බයෝ නැකිටී ඉස්සරහට. අපිට තව පාරක් ඇන්දෙන එක මහ වැඩක් නෙවෙයි බන්. මේ පාර කොහෙටද ලොක්කා බෝම්බ පාරක් කෙලිනවා කියන්නේ .
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    2,383
    6,518
    113
    Screenshot_20210915-100349-655.png
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    4,332
    1,236
    113
    EARTH
    cctv බලල අත්අඩංගුවට ගත්ත කිවුවමත් ඇයි මුන් මේ වැලලෙන්න හදන්නෙ? අහ්......හරි හරි 97 වතාවක් දැනුම් දීලත් ගණන් ගත්තෙ නැති සොන්නයින්ගෙ පස්ස ඉබින උන්ට ඕව මැජික් තමයි.......
     

    DiksonAlex

    Active member
  • Sep 7, 2021
    98
    109
    33
    Colombo
    ෂිට් .....චාන්ස් එක....අර ක්‍රිකට් මැච්වල වගේ එක කඩුල්ලක් දවා ගත්තනම්
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    7,399
    6,213
    113
    日本
    cctv බලල අත්අඩංගුවට ගත්ත කිවුවමත් ඇයි මුන් මේ වැලලෙන්න හදන්නෙ? අහ්......හරි හරි 97 වතාවක් දැනුම් දීලත් ගණන් ගත්තෙ නැති සොන්නයින්ගෙ පස්ස ඉබින උන්ට ඕව මැජික් තමයි.......
    අනේද කියන්නෙ..අපි නොදන්න ජහපාලුවෝ..ඕකුන් බලේ හිටියනම් අපිට මැරෙන්න වෙන්නෙ බෝම්බ කාලා..