ඉතාලි සිහිනය සැබෑ කරගන්න දිවි පරදුවට තියා රුමේනියාවේ සිට හොර පාරෙන් ඉතාලි යන ලාංකිකයෝ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,147
    20,188
    113
    Westනාහිර
    illegal immigration to Italy graphic illustration

    සුපුන් වෙන්නප්පුව අවට දිවි ගෙවන අවුරුදු 25 ක් පමණ වන තරුණයෙකි. මීට තුන්මසකට පෙර මෙරට රැකියා ඒජන්ත ආයතනයක් හරහා රුමේනියාවේ රැකියාවකට අයදුම්කර ඇති ඔහු එම රැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂාවන් සිටියි.

    “මෙහෙ ඉඳලා වැඩක් නැහැ. රට ගිහින් කීයක් හරි හොයාගත්තොත් මිසක් නැතිනම් ගොඩ යන්න විදියක් නෑ.” යි සුපුන් කියා සිටියේය.
    ඔහු රුමේනියාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින්නේ ඒ හරහා ඉතාලිය යෑමේ අපේක්ෂාව සහිතව ය.

    මීගමුව සිට හලාවත දක්වා මුහුදු තීරයේ හා ඒවට ගම්, නගරවල දිවි ගෙවන්නන් බොහෝ දෙනෙකුගේ සිහින දේශය ඉතාලිය යි.

    නිත්‍යානුකූල ලෙස හෝ අනීතික ක්‍රම මගින් ඉතාලියට යාමට තවමත් මෙහි වෙසෙන බොහෝ දෙනා බලා සිටිති.

    මෙහි වෙසෙන සෑම පවුලකින්ම එක් අයෙකු හෝ පවුල් පිටින්ම දැනටමත් ඉතාලියේ රැකියා සඳහා මෙරටින් පිටව ගොස් ඇති අතර ඇතැමුන්ට එරටෙහි පුරවැසිභාවය ද හිමිව තිබේ.

    වසර ගණනාවක සිටම මීගමුව, වෙන්නප්පුව හා මාරවිල ප්‍රදේශ “පුංචි ඉතාලිය” නොහොත් " පුංචි රෝමය" යන අන්වර්ථ නාමයන්ගෙන් ප්‍රසිද්ධ වීමට එයද එක හේතුවක් වී තිබේ.
    මීට වසර කිහිපයකට පෙර බෝට්ටුවෙන් ඉතාලියට යාමේ ඉතා දුෂ්කර මෙන්ම අවදානම්කාරි ගමනට දැන් බොහෝ දෙනෙකු පෙළඹෙන්නේ නැත.

    ඉතාලියේ සිටින අයෙකු විවාහ කරගැනීම හෝ වෙනත් අයෙකුගේ වීසා බලපත්‍රයකට හෝ වෙනත් ක්‍රමයකට මිනිස් ජාවාරම්කරුවන් හරහා ඉතාලියට යාම තවමත් මේ ප්‍රදේශවල ප්‍රචලිත වුවද එය තරමක් වියදම් අධික ය.

    ඉහත ආකාරවලට ඉතාලි යාමට රුපියල් ලක්ෂ තිස් පහත්, හතලිහත් අතර මුදලක් වැය වන බව අප කළ සොයා බැලිමේ දී දැනගන්නට ලැබුණි.

    රුමේනියාවෙන් ඉතාලියට​

    “මීට කලිනුත් ඉතාලි යන්න බලාගෙන කොලයක් දැම්මා (ඉතාලි වීසා ඉල්ලුම් පතක්) ඒත් ඒක හරි ගියේ නෑ. තව ක්‍රමවලට යන්න බැලුවත් ගාණ වැඩී. රුමේනියා ගිහින් යන එක ලේසියි, ලාභයි.” සුපුන් කියයි.

    “මගේ යාලුවෙකුත් මීට අවුරුද්දකට විතර කලින් රුමේනියා ගිහින් ඉතාලියට පැන ගත්තා. මමත් රුමේනියා ගිහින් ටික කාලයක් ඉදලා ඉතාලියට යනවා. රුමේනියාවේ ඉදලත් වැඩක් නෑ. ඉතාලි ගියොත් කීයක් හරි හොයාගන්න පුලුවන්. අනිත් එක අපේ පැත්තේ කවුරුහරි ඇමරිකාවේ හිටියත් වැඩක් නෑ, ඉතාලියේ ඉන්නවා කියන එක තරම් ගතියක් නැහැ.”

    “මගේ යාලුවෝ, නෑදෑයෝ විතරක් නෙමෙයි ගෙවල් අහල පහල අයත් ඕන තරම් ඉතාලියේ ඉන්නවා මට රස්සාවක් හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. ඉතාලි භාෂාවත් චුට්ටක් විතර මට පුලුවන්නේ.” සුපුන්ගේ හඬේ හි ඇත්තේ බලාපොරොත්තු සහගත ස්වරයකි.

    MAP- Sri Lanka, Rumania, Italy Route

    කන්ටේනරයේ ඉතාලියට ගිය ගමන​

    “මම රුමේනියාවේ මාස දහයක් විතර ඉදලා තමයි ඉතාලියට ආවේ. මට ඒකට යුරෝ 4500 ක්(රුපියල් ලක්ෂ දාහතරක් පමණ) වියදම් වුනා” යැයි මාස කිහිපයකට පෙර රුමේනියාවේ සිට ඉතාලියට ගිය සහන් අප වෙත කියා සිටියේය.

    වලංගු වීසා බලපත්‍රයක් නැතිව ඉතාලියේ රැඳි සිටින ඔහු ඉතාලියේ වෙසෙන ලාංකිකයෙකුට අයත් වෙළඳ සැලක සේවය කරමින් සිටියි.

    “මම රුමේනියාවේ ඉදලා ඉතාලියට ආවේ කන්ටේනර් එකක. මාත් එක්ක තව 35 ක් 40 ක් විතර ආවා, ලංකාවේ, ඉන්දියාවේ, පාකිස්තානේ, නේපලයේ කට්ටිය තමයි හිටියේ. පැය 28 ක් විතර ගියා ඉතාලියට එන්න.” ඔහු ඉතාලියට ආ ගමන යළි ආවර්ජනය කළේය.

    “රුමේනියාවේ තියෙන පොඩි ගමකට එන්න කියලා එතනින් තමයි අපිව ගත්තේ. වතුර, කෑම අරගෙන තමයි අපි ආවේ. අපි එක්ක ආපු කිසි කෙනෙක්ට ප්‍රශ්නයක් වුනේ නැහැ. හැංගිලා යන්න පුලුවන් විදියට, කට්ටියට ඉන්න පුවුන් විදියට, හුස්ම ගන්න පුලුවන් විදියට කන්ටේනර් එක හදලා තිබුනේ."
    සිතෙහි ඇති ආශාවට ඉතාලියට පැමිණි බව සහන් පැවසුව ද වීසා නොමැතිව අඩු වැටුපකට රැකියාවක් කිරිමට සිදුවීම ගැන ඔහු දැන් කනස්සල්ලෙන් පසු වෙයි.
    “හැම කෙනෙක්ම ඉතාලියට ආවාට පස්සේ සරණාගත වීසාවලට ඇප්ලයි කරනවා. මම ඉතාලියට ඇවිත් මාස අටක් විතර වෙනවා ඒත් තවම වීසා ගන්න කිසි දෙයක් කළේ නැහැ. වීසා නැතිව ජොබ් එකක් හොයා ගන්න අමාරුයි, ඩොකියුමන්ට් නැති නිසා වැඩ කරන්න වෙන්නේ අඩු පඩියකට. ඩොකියුමන්ට් නැතිව රස්සා දෙන්නේ නැහැ මෙහෙ (ඉතාලියේ) මොකද එහෙම කරලා අහුවුනොත් රස්සාව දුන්න කෙනාටත් ප්‍රශ්න වෙනවා.”

    පුද්ගලයන් රුමේනියාවට පැමිණ ඉතාලියට පැන යන බව ඔහු කියයි.
    “ගෑණු, පිරිමි කියලා බේදයක් නැහැ දෙගොල්ලොම එනවා ඉතාලියට පැන ගන්න.”

    illegal immigration stats

    රැකියා සඳහා ලියාපදිංචි වී රුමේනියාවට සහ ඉතාලියට ගිය ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ඉහත දත්ත බීබීසී සිංහල සේවය විසින් විමසන ලදුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් අප වෙත ලැබුණි.

    කෙසේ නමුත්, කෙතරම් ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඉතාලියට අනවසර මාර්ග ඔස්සේ පිවිස සිටියි ද, බල්ධාරින්ට හසු තිබෙන බවට තොරතුරු තිබේද යන්න හෝ එවන් කොපමණ දෙනෙකු ඉතාලියෙන් පිටුවහල්කර හෝ වෙනත් දඬුවමකට යටත් කොට ඇතැයි ද යන තොරතුරු එම කාර්යංශය සතුව නැතැ යි ප්‍රකාශ කළේ ය.

    නිත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ රුමේනියාවේ සිට ඉතාලි යන මෙම අවදානම් ගමන අතරතුර මිය ගිය හෝ වෙනයම් අපදාවකට පත්වු අය, ආරක්ෂක අංශවලට හසුවු හෝ වෙන මොනයම් ආකාරයක කරදරයකට, පීඩාවකට පත්වුවන් ගැන තොරතුරු දන්නේ දැයි අප සම්බන්ධ කරගත් තැරැව්කරුගෙන් ද විමසීමක් කළ අතර ඒ පිළිබඳ වැඩි විස්තර සැපයීම ඔහු ද ප්‍රතික්ෂේප කළේය.

    BBC
     
    gihan500

    Active member
  • Feb 9, 2014
    385
    158
    43
    34
    Colombo
    Kohomada bn oya kola approve wenne. mama italy apply karala ara wathu visa ekata ayyata kiyala. eta passe mokakada kolayak awa italy walin ayya inne italy u sponser ekak widiayalu damma kiyala kiwwe. ahuwama kiwwe lankawe embassy eken ok wenna one kiyala thama ne bn harigiye me magula.
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    7,170
    9,329
    113
    Romania idan paninawa nam Yana thana auruddak 2k wath idala palayan. Ube panala ahu unata passe e company th amaruwe. Romanian gov eka lankawa blacklist karanna loku idan thiyenawa Bangladesh blacklist kara. Poland Philiphines kara. Moda wenna epa. Italy panala horen wada karala Euro 1000 -1500k gani. Inna thanata kamata beemata thiyagena gedarata yawanna wenne sochchamai. Horen iddi nidahasak na.

    Romania schengen wenakam idapan. Un ubeta inna thanakuth dila kanna bonnath deela wifi, electricity deela wathura deela heaters deela medical deela padiyakuth denawa. Romania inna ekekta padiya ithurui.

    Ape gon adu kule wesa huththige puthala athata apu chance eka kagana hadanne. Gam wala moda pakai Italy italy kiyala huththa uda thiyan paninawa Euro 3000 - 4000 deela. Ape unta mole na nugath moda pakai. Romania kiyanne godak hoda ratak. Gon wada karanna epa yana un. Un lankawe unta salakanawa Illan kanna epa.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,853
    12,697

    ඔය පැනිල්ල තියනකන් Romania Schengen වෙන්නේ නෑ Schengen උනත් එහෙ යන සිංහලුන්ට ඇති වැඩකුත් නෑ.

    කොහොමත් වැඩි කාලයක් යන්න කලින් ලංකාවේ එවුන්ව ගන්න එක Romania නවත්තනවා මෙහෙම ගියොත්.
     
    • Like
    Reactions: SimMaster

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    11,341
    1
    23,091
    113
    ඔය පැනිල්ල තියනකන් Romania Schengen වෙන්නේ නෑ Schengen උනත් එහෙ යන සිංහලුන්ට ඇති වැඩකුත් නෑ.

    කොහොමත් වැඩි කාලයක් යන්න කලින් ලංකාවේ එවුන්ව ගන්න එක Romania නවත්තනවා මෙහෙම ගියොත්.
    දැනටමත් අඩු කරලා තියෙන්නේ සිංහලු ගන්න එක
     
    • Like
    Reactions: Edward Kenway

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    7,170
    9,329
    113
    ඔය පැනිල්ල තියනකන් Romania Schengen වෙන්නේ නෑ Schengen උනත් එහෙ යන සිංහලුන්ට ඇති වැඩකුත් නෑ.

    කොහොමත් වැඩි කාලයක් යන්න කලින් ලංකාවේ එවුන්ව ගන්න එක Romania නවත්තනවා මෙහෙම ගියොත්.
    Romania Schengen nam kara Eth Contract Renew wenakam inna wenawa Apahu Schengen Work permit ekak ganna. Ekai man kiwwe yana un aurudu 2kata yanna kaliyala. Work permit eka aluth karagena Italy wage adukule vibe ekak thiyena ratawal walata paninna one na. Euro 4000k deela paninna watina ratak newei Italy dan.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,044
    7
    32,716
    113
    Romania Schengen nam kara Eth Contract Renew wenakam inna wenawa Apahu Schengen Work permit ekak ganna. Ekai man kiwwe yana un aurudu 2kata yanna kaliyala. Work permit eka aluth karagena Italy wage adukule vibe ekak thiyena ratawal walata paninna one na. Euro 4000k deela paninna watina ratak newei Italy dan.
    What is a Schengen Work Permit? I thought only the EU Citizens are allowed to work in member countries, the rest can only travel without restrictions.
     
    • Like
    Reactions: Edward Kenway

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,853
    12,697
    113
    Romania Schengen nam kara Eth Contract Renew wenakam inna wenawa Apahu Schengen Work permit ekak ganna. Ekai man kiwwe yana un aurudu 2kata yanna kaliyala. Work permit eka aluth karagena Italy wage adukule vibe ekak thiyena ratawal walata paninna one na. Euro 4000k deela paninna watina ratak newei Italy dan.

    Schengen WP කියල දෙයක් නෑනේ බං. වෙන රටක වැඩ කරන්න ඕනේ නම් ඒ රටේ නීතියට අනුව ඒ රටේ residency apply කරන්න ඕනේ. රුමේනියා RP එකෙන් වෙන කොහෙවත් පදිංචි වෙන්න බෑ.

    What is a Schengen Work Permit? I thought only the EU Citizens are allowed to work in member countries, the rest can only travel without restrictions.

    That is correct.