ඉතින් මම නම් හරි ආදරෙන් බලන් ඉන්නවා ඔයාටත් පුලුවන්ද කාගෙ හරි ජීවිතේක, ලොකු කන් දෙකක් තියෙන යාලුවා වෙන්න....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    31,135
    21,198
    113
    වොන්ඩර් ලැන්ඩ්
    "හැම මනුස්සයෙක්ටම ඉන්නෝනේ
    ලොකු කන් දෙකක් තියෙන යාලුවෙක්.."

    " ආහ් ලොකු කන් දෙකක් තියෙන යාලුවෙක්...
    ඒ මොකටද? "

    " ජීවිතේ සමහර කාර්තුවල මුණගැහෙනවා...

    අපිට හරි අපූරූ පාඩම් කියලා දීලා යන්න,
    තාවකාලික බැඳීම් උස්සන් එන මිනිස්සු.. "

    " ඉතින් "

    " එහෙම බැඳීම් බිඳුනාම දැනෙන වේදනාව වගේම,
    ජිවිතේට කුණාටු වගේ කැරකී කැරකී එන ප්‍රශ්න වලදි,
    අපි මිනිස්සූ ගොඩාක් ලඟ තනිවෙලා වගේ දැනෙන වෙලාවලදි ,
    හේතුවක් නැතුව හිතට හෙනගහලා වගේ දැනෙන සමහර අවස්ථාවලදි,
    හිතේ තියෙන දේවල් කියාගෙන කියාගෙන යන්න පුලුවන් කෙනෙක් ජීවිතේ හිටියොත්...?"

    " ඒත් හිතෙන්නේ නැද්ද හිතේ තියෙන හැඟීම් කාටවත් කියනවට වඩා තනියම විඳ දරාගන්න පුරුදු උනානම් කියලා..."

    "එත් සමහර හැඟීම් තියෙනවා..ඒවට හේතු හොයන්න ගියාම හිතට හති වැටෙනකල්වත් හේතුවක් හොයාගන්න බෑ..එතකොට හරි මහන්සි...ඒ වෙලාවට ඕනී හිස තියාගෙන වාරු වෙන්න උරහිසක්.."

    " ඉතින් ඔයාට මම ඉන්නවනේ...දැන් කියන්නකෝ මට..."

    " ඔයා එහෙම කිව්වට..මට දැනෙන්න ඕනී ඔයා තමයි මට ඉන්න ලොකු කන් දෙකක් තියෙන යාලුවා කියලා..."

    " මගේ කන් දෙක ලොකු නෑ තමයි කියමුකෝ..
    ඒත් මං පොරොන්දු වෙනවා..
    ඔයාට දුක හිතුනම හිස තියාගන්න
    මගේ උකුල හැමදාම තියෙනවා..
    ඔයා හැමදේම කියලා ඉවර වෙනකල් මට පුලුවන් ඔයාගේ කොණ්ඩෙන් ඇද ඇද ඉන්න...
    ඔයාට අඩන්න ඕනී උනොත් කාටවත් පේන්නේ නැතුව
    මූණ හංගන් අඩන්න මගේ ගැහෙන පපුවේ
    ඕනී තරම් ඉඩ තියෙනවා..
    ජීවිතේ ඔයා වැටෙන හැමවෙලේම අතින් අල්ලන් නැගිට්ටවන්න මගේ අත්වලට ශක්තිය තියෙනවා...
    ඔයා තනිවෙන හැමවෙලාවකදිම ඇගේ දැවටී දැවටී
    එලවනකල් තනි රකින්න මම ඉන්නවා...
    ඔයා කොයි තරම් දේවල් කිව්වත් කන් දෙක උස් කරන්
    අහගෙන ඉන්න මම සුදානමින් ඉන්නවා..."

    මනුස්සයෙක්ට ගොඩක් වෙලාවට ඕනී වෙන්නේ හොඳ ඇහුම්කන් දෙන්නෙක්..
    හෙම්බත් වෙලා තියෙන හිතට එහෙම මිනිස්සු
    හරි සාත්තුවක්..
    එහෙව් මිනිස්සු වචනයක්වත් නොදොඩා
    ලඟින් ඉන්නවා දැැනීමත් සැනසීමක්...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    30,001
    31,625
    113
    ආශ්චර්යමත් රටක
    images
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    14,640
    19,446
    113
    ඔව්ව හොදා වෙන රටවලට මෙහෙ කාට හරි කිව්වොත් හෙට BBC එකෙත් යයි නිව්ස් එක.

    ඒ නිසා කාගෙවත් ඒව අහන්නෙත් නෑ කාටවත් කියන්නෙත් නෑ. :( :(
     
    • Like
    • Haha
    Reactions: darkhair and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    30,001
    31,625
    113
    ආශ්චර්යමත් රටක
    කෙල්ලොන්ට ඔහොම කරන්න ගිහින් පොන්නයො කියලද කොහෙද උන් හිතාගෙන ඉන්නෙ මට පේන විදියට. ඒ නිසා එක හුස්තියෙකුටවත් ඕව කරන්න යන්නෙ නෑ දැන්. 😒
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    331
    970
    93
    කිරිය
    1635139998481.png


    මම ගැන නේද යාලු ඔයා මේ කියන්නෙ. හොර ගෙඩියා. නමක්වත් දාල නෑනෙ. සුදු වෑන් එකත් එන ගමන් මේ