ඉන්දියාවේ රවුමක් යමු (පලවෙනි කොටස දිල්ලියට සහ දිල්ලියෙන් මනාලි දක්වා)
කොරෝනා කාලේ ගෙදරට වෙලා නිරෝධානය වෙන ගමන් ඔෆිස් එකේ වැඩක් පලක් කරන් ඉන්නකොට හරි අපූරු වීඩියොස් සෙට් එකක් දකින්න ලැබෙනවා.මේ සේරම ඉන්දියාවේ.හැබැයි සේර්ම අපි නිතරම ඉන්දියාවේ බලාපොරොත්තු වෙන දේවල් වලට වඩා එහා ගියපු ලස්සනක් එකතුකරගත්ත වීඩියෝ ටිකක්.
ඉතින් මම මේ ගැන හොයන්න පටන් ගන්නවා.මොනාද මේ නගර ? කොහොමද මේවට යන්නේ ? මොනාද බලන්න තියෙන්නේ ?කොහොමද වියදම වගේ ගොඩක් දේවල් එකදිගට හොයන්න මම පෙලඹෙනවා.අන්තිමේදි සැහෙන තරම් විස්තර ගොඩක් එක්ක ගමනක් සැලසුම් කරලා ගිහින් එන්න පුලුවන් මට්ටමට දැනුවත් වෙන්න මට පුලුවන් වෙනවා.මේ එක තැනක්වත් මම ගිය තැන් නෙවේ.මේ හැමතැනම ගෙදර ඉදන් හොයලා යන්න සැලසුම් කරපු දේවල් කියලා ඉස්සෙල්ලාම මතක් කරන්න ඕනේ.
ඉන්දියාව කීවම අපේ හිතේ මැවෙන දේ නම් එච්චර සුන්දර නැ.යන්න කැමතිම රට මොකක්ද අහනකොට මම හිතන් නැ 0.5% ක් වත් ඉන්දියාව කියයි කියලා.අපිරිසිදු ප්‍රදේශ අපිරිසිදු මිනිස්සු සනීපාරක්ශක ක්‍රම අහලවත් නැති ගම්මාන සහ දඹදිව වන්දනා ප්‍රදේශ තමයි අපේ ඔලුවට එන්නේ.හැබැයි කේරලය ගෝආ වගේ ප්‍රදේශ කීපයක් ඇරෙන්න ඉන්දියාවේ හොදම හරිය තියෙන්නේ උතුරු ඉන්දියාවේ.අපේ අය ගොඩක්ම අවධානයක් නොදෙන පැත්ත තමයි ඒ.
මනාලි ? අහල තියෙනවා නේ ? ඔව් ගොඩක් ප්‍රසිද්ධයි ඇවිදින අය අතරේ.ඒ වගේම හිම වලින් වැහුන කදුමුදුන් හිමාලයානු කදු වලල්ලේ දර්ශන වගේම සීතලත් මනාලි කීවම අපිට මතක් වෙන දේවල්.ඇත්තටම ගොඩක් අය මනාලි යන්න ආසා උනාට මනාලි කියන්නේ ලොකු ගමනක ආරම්භයක් විතරයි.උදාහරණයක් විදියට කීවොත් කෙනෙක් මනාලි විතරක් ගිහින් ආවා කියන්නේ උතුරු ඉන්දියාවේ සුන්දරත්වයෙන් 20% වත් සම්පූර්ණයෙන් බලාගන්න බැරි ගමනක්.
මම සැලසුම් කරපු ගමන කෙසේවෙතත් ඉන්දියාවේ සංචාරයක යන කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතපු කරුණු ටිකක් මේ ලිපියෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා.ප්‍රධානම දේ මම ඉන්දියාවේ ගිහින් නැ.ඒ වගේම ඉන්දියාවේ ගිය අය සැහෙන්න ඉන්නවා සහ මේ ලිපිය කියවනවා.වැරදි තියෙනවා නම් නිවැරදි කරන්න.මේ මම මගේ මතු ප්‍රයෝජනයට ලියලා තියන දේවල්.කැමති කෙනෙක් වැඩක් ගන්න ප්‍රශ්ණයක් නැ,
මතක තියාගන්න ඕනේ මේ වගේ සංචාරයක් කරනකොට වසරේ තෝරාගන්න කාලය ඉතාමත් වැදගත්.
මනාලි විතරක් යනවානම් ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා හොදයි.මනාලි වලින් උඩට යන්න හිතන් ඉන්නවා නම් ජූලි අග වගේ මේ ගමනට ගැලපෙනවා.
මම කොච්චර රස වැටුනද කියනවා නම් ඉන්දුනීසියාවේ බාලි යන්න මේ වගේම ප්ලැන් කරපු ගමන අංක දෙකට ඇදලා දාන්න ඉන්දියාවට පුලුවන් වුනා. මුලින්ම ඉන්දියාවට රස වැටුන වීඩියොස් ටිකේ ලින්ක්ස් මම දාන්න බලලා ඉන්න.
*** දිල්ලිය සහ දිල්ලියෙන් මනාලි බලා ***
උතුරු ඉන්දියාවේ ගමනක් යනවා නම් පටන් ගන්න හොදම තැන දිල්ලිය.ගනන් අඩුයි කියලා චෙන්නායි ගිහින් දවස් ගනන් බස් වල කොච්චිවල රස්තියාදු වෙනවට වඩා දිල්ලියට කෙලින්ම ගොඩබාන එක සැපයි.
කලින් කීවත් වගේ උතුරු ඉන්දියාවේ ගමනකට හොදම මනාලිවලින් ගමන පටන් ගන්න එක.දිල්ලියේ ඉදන් මනාලිවලට කිලෝමීටර් 531ක් තියෙනවා.සාමාන්‍යයෙන් පැය 12ක 13ක ගමනක්.
දිල්ලියේ ඉදන් මනාලි යන්න ලේසිම විදිය විදියට මම දකින්නේ බස් එකේ යන එක.සාමාන්‍ය බස් සහ Super Luxury බස් මේ සදහා පාවිච්චි කරන්න පුලුවන්.බස් එකක් කලින් බුක් කරගන්න එක සුදුසුයි.බස් එකක් බුක් කරගන්න මේ පහත තියෙන සයිට් එක පාවිච්චි කරන්න පුලුවන් වගේම බස් සර්විස් ගොඩක මිලගනන් සසදලා බලලා එකක් තෝරගන්නත් ලේසියෙන් පුලුවන්.
https://www.yatra.com/bus-tickets/delhi-to-manali
බස් එකක් තෝරගන්නකොට නිතරම Super Luxury බස් එකක් තෝරගන්න.මොකද සාමාන්‍ය බස් එකක ගිහින් ඔය ගමන දරාගන්න බැරිතරමට මහන්සි වෙන්න ඉඩ තියෙනවා.
දිල්ලියේ එයාර්පෝර්ට් එකේ ඉදන් මනාලි යන්න බස් එක ගන්න බස් terminal දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්.තමන් බස් එක බුක් කරනකොට බස් එකට නගින්න තියෙන්නෙ කොයි තැනින්ද කියන එක පොඩ්ඩක් මතක තියාගන්න.
- Majnu Ka Tila (MT)
- Kashmere Gate
එයාර්පෝර්ට් එකේ ඉදන් මේ තැන් දෙකට යන්න දිල්ලි වල මෙට්‍රො සිස්ටම් එක පාවිචිචි කරන්න පුලුවන්.ඒක මිල අඩුයි. නැත්නම් ටැක්සියක් පාවිච්චි කරන්න පුලුවන්.මෙට්‍රෝ සිස්ටම් එක පාවිච්චි කරනවා නම් පහලින් බලාගන්න පුලුවන් සම්පූර්ණ මැප් එක.ඒකේ අනුව බස් terminal දෙකට යන්න බලාගන්න පුලුවන්.එයාර්පෝර්ට් එකට ලගම මෙට්‍රෝ ස්ටේශන් එක ඉන්දිරා ගාන්ධි මෙට්‍රෝ ස්ටේශන් එක.
http://www.delhimetrorail.com/otherdocuments/922/Route_Map_Folder_Eng_CTC.pdf
Majnu Ka Tila (MT) යනවා නම් බහින්න ඕන Vidhan Sabha ස්ටේශන් එකෙන්.Kashmere Gate යනවා නම් බහින්න ඕන Kashmere Gate ස්ටේශන් එකෙන්.
සාමාන්‍යයෙන් Majnu Ka Tila (MT) terminal එකෙන් බුක් නොකරම මනාලි යන බස් එකක් අඩු ගානකට හොයාගන්න පුලුවන් කියලා අදහසක් තියෙනවා.ඒක ඉතින් ඉන්දියාවේ අය පාවිච්චි කරන විදියක්.රිස්ක් එකක් ගන්න කැමති නම් ට්‍රයි කරලා ගන්න පුලුවන්.කොහොමත් Kashmere Gate වලට වඩා Majnu Ka Tila (MT) වල සෙනග නම් අඩුයි.
** කොහොමද මිලගනන්? ***
දිල්ලි වල ඉදන් මනාලි වලට Super Luxury බස් එකක මිල සාමාන්‍යයෙන් ඉන්දියානු රුපියල් 750 - 1000 අතරේ ගානක් වෙනවා,ඒ කියන්නේ ලංකාවේ රුපියල් 2000 - 2500 අතරේ ගානයි වෙනවා.
ගමනට කීවත් වගේ පැය 12ක් 13ක් අතර වෙලාවක් ගතවෙනවා.හොදම දේ රැ යන බස් එකකට නගින එක.උදේ වෙනකොට මනාලි ඉන්න පුලුවන්. බස් එක තැන් දෙකක හො තුන් තැනක මගදි නවත්තනවා.ඒ නිසා කොහොමත් දිල්ලි වලින් රැ 7 ට පිටත් වුනොත් මනාලි යනකොට පහුවදා උදේ 8 - 9 වෙනවා.
යන පාර මාර ලස්සනයි,ඒත් පාරේ ලස්සනම ටික සෙට් වෙනකොට පාන්දර 5-6 වගේ වෙනවා.ඒ වගේම සීතල එන්න පටන් ගන්නවා.ඒ නිසා රැ ගියා කියලා අවුලක් නැ.ලස්ස්සනම දර්ශන ටික උදේ වරුවේ බස් එකේදිම සෙට් වෙනවා.
මනාලි යන්න තව විදියක් තියෙනවා.ඒ තමයි දිල්ලියේ ඉදන් chandigarh වලට ට්‍රේන් එකේ හරි ප්ලේන් එකේ හරි ගිහින් එතන ඉදන් ආයෙම බස් එකක් ගන්න එක.මනාලි වලට ප්ලේන් එකේ යන්නත් පුලුවන්,හැබැයි ගතියක් නැ.මනාලි වලට කිලෝමීටර් 50කට මෙහා තියෙන Bhuntar එයාර්පොර්ට් එකට ගිහින් එතන ඉදන් ටැක්සියක් ගන්න පුලුවන්.
මනාලිවල නවතිත තැන් ? මනාලි වල බලන තැන් ? Royal Enfield බයික් එකක් රෙන්ට් එකට ගන්න හැටි සහ ගමන ඉදිරියට ප්ලැන් කරන විදිය ඊලග කොටසෙන් බලමු.