ඉරාජ් - සමන්තභද්‍ර හිමි සමග මල්වතු ගිහින් - රට බේරගන්න හාමුදුරුවන්ට කැඳවීමක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    30,294
    30,174
    113
    සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ සහ සමාජ මාධ්‍ය ක්‍රියාකරු ඉරාජ් වීරරත්න හිටිහැටියේම මල්වතු විහාරයට ගොස් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කිරීමක් කර තිබේ.

    ඉරාජ් වීරරත්න මෙසේ පැවසීය.

    "මම අපේ සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේත් එක්ක වැඩ කරනවා. මං කියනවා මේ වෙලාවේ එකතු වෙන්න කියලා හැමෝටම. මේ වෙලාවේ ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් වෙලා තරුණයන්ට නායකත්වය දෙන්න එකතු වෙන්න.

    2000න් පස්සෙ තරුණ ප්‍රජාවට එක එක විෂබීජ දානවා එක එක කණ්ඩායම්. ඒකට මං ගොඩක් විරුද්ධයි. අපි දකිනවා ස්වාමීන් වහන්සේලාට දානේ දෙන්න එපා, ගරු කරන්න එපා කියලා විශාල වශයෙන් ගියා පහුගිය කාලේ. ඒකට ස්වාමීන් වහන්සේලා එකතු වෙන්න ඕනේ."

    සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ මෙසේ පැවසූහ.

    "පන්සල් පල්ලි වලට තමා ලංකාවේ විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙන්නෙ. මේ ඉඩම් අපි එක එක සංවර්ධනය කරන්න අපි මොඩල් එකක් හදලා තියෙනවා.

    මං හැමෝටම ආරධනා කරනව උමංදාව බලල අපි ජාතියට හයියක් වෙමු."

    ඉදිරි ජානාධිපතිවරණයට සහභාගී වීම සම්බන්ධයෙන් මාධ්‍ය වේදියෙකු ඇසු පැනයකට උන්වහන්න්සේ මෙසේ පිළිතුරු දුන්හ.

    "ජනාධිපතිවරණයට එන්නත් රටක් තියෙන්න එපැයි. මහණ වෙලා මං අවුරුදු විසි ගාණක් වෙනවා, ඒ විසි ගානෙම අහපු ප්‍රශ්ණයක් තමා මේ පාර ඡන්දෙට එන්නේ නැද්ද? තාම උත්තරේ නෑ කියන එක.

    කිසිම ආගමකට බණින්න ඕනෙ නෑ. අපි මත හදන්න ඕනේ. මත හැදුවෙ නැත්තම් අපි ලොකූ ඛේදවාචකයකට මුහුණ දෙනවා. මහා නැවක් මුහුදෙ එක තැනකින් හිල් වෙලා පොඩ්ඩ පොඩ්ඩ ගිලෙනවා වගේ අපි ගිලෙනවා. ඒක අපිට තේරෙන්නේ නෑ. මේකට උත්තර එපැයි. හැම ප්‍රශ්නෙකටම උත්තරේ දේශපාලනෙ නෙමෙයි. මිනිස්සු සාමූහිකව ගොඩ නැගෙන්න ඕන.

    අපේ දෙශපාලනේ තියෙන්නෙ හැමෝත් එක්කම සුහදව කතාබහ කරන එක. මම නම් කැමතියි අර මහා සම්මත රජ්ජුරුවෝ පත් කරපු ක්‍රමේට."
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,439
    113
    Colombo
    ආගම තමයි රාජපක්ෂලා දන්න එකම ගැටේ.
    උමන්දාවේ බුදු දහම විකුර්ති කරලා පිටිදූවේ ලොක්කට ඕනි විදිහට බන කියලා වෙන එකක් කියන්නේ
     
    • Like
    Reactions: Kumbhakarna22

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    8,289
    4,396
    113
    Ohio, USA
    "පන්සල් පල්ලි වලට තමා ලංකාවේ විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙන්නෙ..."

    සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ මේ කතාව නම් සම්පූර්ණයෙන්ම වැරදියි..
    ලංකාවේ වැඩියෙන්ම ඉඩම් අයිති පන්සල් වලට විතරයි ක්‍රිස්තියානි කතෝලික පල්ලි හෝ මුස්ලිම් පල්ලිවලට එහෙම ලොකු ඉඩම් නෑ බිල්ඩින් එක තියෙන ඉඩම විතරයි ඊට වඩා වැඩිපුර කිසි දෙයක් නෑ... පන්සල් වලට විතරක් වැඩිපුර ඉඩම් තියෙනවා කියන එක හරි මදි නිසා අහක යන ක්‍රිස්තියානි මුස්ලිම් පල්ලිත් ඇදගෙන කතා කරන්නේ නෝන්ඩි යෙන් බේරෙන්න...
     
    • Like
    Reactions: Srilankan1

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    4,499
    7,830
    113
    st,small,507x507-pad,600x600,f8f8f8.u2.jpg
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    8,317
    1
    13,257
    113
    ජාලේ...
    sorry.com
    මුස්ලිම් පල්ලිවලට එහෙම ලොකු ඉඩම් නෑ බිල්ඩින් එක තියෙන ඉඩම විතරයි ඊට වඩා වැඩිපුර කිසි දෙයක් නෑ..
    පල්ලියක් හදපු ගමන් වටේ තියන සින්හල නම් වලින් තියෙන පාරවල් උන් වෙනස් කරන්නෙ නැද්ද
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    645
    493
    63
    Time to ban ALL religions. They belong to dark ages and do nothing but hold back the progress of society. Clerics are ill educated, sexually deprived people, wearing funny cloths and mumbling unprovable unverified nonsense
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    2,331
    3,567
    113

    සමන්ත්‍රභද්‍ර ස්වාමීන් වහන්සේ සිවුර ගලවලා හරි, නැත්නම් සිවුර පිටීන් හරි ජනාධිපතිවරණෙකට එනවා. යූටියුබ් එකේ එයාගේ කේන්දරයේ රාජ යෝග තියනවා කියලා අලුතෙන් ආපූ ජෝතිෂ කාරයෝ වගයක් කරපු වීඩියෝ වගයක් දැක්කා. ඒවගේ ප්‍රොඩක්‍ෂන් කොලිටියත් සෑහෙන හොද මට්ටමේ තිබුන නිසා, ඒ ගැන පෝඩ්ඩක් සැක හිතුනා. කවුරු හරි මේව පිටී පස්සේ ඉන්නවා. මිනිස්සු අතර මතයක් හදන්න ඕනි නිසා ඒවගේ වීඩ්‍යෝ කරලා දානවා වෙන්නත් පුළුවන්. ඒ වීඩි යෝ වලින් එකක් උමන් දාව ෆේස්බුක් පේජ් එකෙනුත් ශෙයා කරලා තිබුනා
     
    • Like
    Reactions: EdNygma

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    18,648
    21,374
    113
    සේදවත්ත
    කවුරු හරි මේකට ඉරාජ් සසී නිසාදිගේ නටන එකට පොඩි එකෙක් වගේ නටන එක දාන්න 😂😂
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    19,464
    95,615
    113
    Los Alamos
    සමන්ත බඩ්ඩ හොර ගණයගෙ තට්ටෙයි, රාජපස්ස ගණිකාවගෙ පශ්චාත් භාගෙයි තමයි ඉස්සරහට බේරගන්න වෙන්නෙ මිනිස්සුන්ගෙන්. 🤬