ඉස්සර කාලේ කෙල්ලන්ගේ.......

nalin0001

Well-known member
  • Jun 12, 2014
    12,057
    19,759
    113
    ඉස්සර 60, 70 ගණන් වල කෙල්ලෙන්ගේ ඉස්කෝලේ ගවුමේ කොට බලපංකෝ. ඇත්තටම පස්සේ ඒක දිග උනේ කොහොමද? ඒකට හේතුව මොකක්ද?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    861
    1,358
    93
    1993 ඩිබි විජේතුංග ජනාධිපති උනාම පස්සේ.

    ඊට කලින් හරක් මස් ලංකාවේ ප්‍රධාන මාංශ වර්ගය මිනිස්සු ආහාරයට ගන්න.
     
    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    263
    63
    Panadura
    1993 ඩිබි විජේතුංග ජනාධිපති උනාම පස්සේ.

    ඊට කලින් හරක් මස් ලංකාවේ ප්‍රධාන මාංශ වර්ගය මිනිස්සු ආහාරයට ගන්න.
    එහෙනම් උබේ පවුලේ උන්ව මරන්න ඇති නේ මස් කන්න.
     
    • Haha
    Reactions: lankalk

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,171
    19,648
    113
    40
    කැම්පස් උන්ගෙත් ඒමයි ගවුම්.
    මන් හිතන්නෙ ඔය වියත්තු අනන් මනන් කියන හණමිටි පොන්නයො, කාගම සිරිධම්ම වගේ ගනයො හදපු කල්චර් එකක් දැන් තියෙන්නෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    12,057
    19,759
    113

    උඹලා දැකලා තියෙනවද කැම්පස් කෙල්ලෝ ටවුන් වල දිගට දිගේ ඇන්ටිලා වගේ සායවල් ඇඳගෙන කැට තියාගෙන සල්ලි එකතු කරනවා. කාගේ උවමනාවටද බං උන් එහෙම අඳින්නේ. අද කාලේ කිසිම කෙල්ලෙක් එහෙම අඳින්නේ නෑනේ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,171
    19,648
    113
    40

    උඹලා දැකලා තියෙනවද කැම්පස් කෙල්ලෝ ටවුන් වල දිගට දිගේ ඇන්ටිලා වගේ සායවල් ඇඳගෙන කැට තියාගෙන සල්ලි එකතු කරනවා. කාගේ උවමනාවටද බං උන් එහෙම අඳින්නේ. අද කාලේ කිසිම කෙල්ලෙක් එහෙම අඳින්නේ නෑනේ.
    උන්ගෙ ශිෂ්‍ය සංගමයෙන් තමයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    28,764
    35,644
    113
    සේදවත්ත
    විනය කියන එක සුද්දටත් වැඩිය ඇවිල්ලා දැන් අතින් අල්ලන් යන්නත් බෑ පාරේ මොන ගවුම් වල උස පල්ලෙහා ගැන කතා කරනවද
     
    • Like
    Reactions: scorpion MW

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,152
    1
    7,830
    113
    ඕක උනේ සිංහලබෞද්ධ කල්චර් එක නිසා. ටික ටික වැඩි වෙවී ඇවිල්ලා ගංගොඩවිල සෝමගෙ ආගමනයත් එක්ක පීක් උනා. ඒක තමා තාමත් මේ යන්නෙ
     
    dandeen

    Junior member
  • Aug 24, 2021
    31
    46
    18
    Copied...

    ඇඳුම කියන්නේ සාමාන්‍යයෙන්, පොදු අර්ථකථනයට අනුව විලි වසාගන්න භාවිත කරන දෙයක්නෙ. ඒත් එක්කම සමහර වෙලාවට විවිධ දේශගුණයන්ගෙන්, මැසි – මදුරු උවදුරු, අනතුරුවලින් ආරක්ෂාවීම වගේ දේවලුත් බලාපොරොත්තු වෙනවා. මේවා තමයි ඇඳුමෙන් මූලිකවම අපේක්ෂා කළේ. නමුත් අපි තාම ඉන්නේ එතැන නෙවෙයි. පසුකාලීනව ඇඳුම කියන එක ඔය මූලික අරමුණේ විතරක් ඇලිලා නොයිඳ ඉදිරියට ඇදෙනවා. ඒ අනුව තමයි ඇඳුම සංස්කෘතිකාංගයක් වෙන්නෙ. ජාතික ඇඳුම් කියලා සංකල්පයක් අපිට ඉස්කෝලේදීත් උගන්නන්නෙ. ඒ ඒ ජාතියට, ජන කොට්ඨාසයට ඒ ඒ ඇඳුම් ආවේණික වෙන්නෙ. එකම ජන කොට්ඨාසයක් ඇතුළේ වුණත් එහෙම අනන්‍යතා රාශියක් බිහිවෙලා තියෙනවා. ලංකාවේ උඩරට – පහතරට වගේ, ඊට අමතරව කුල භේද, පන්ති භේද වගේ ඒවා ඉස්මතු කරන්නත් ඇඳුම උපයෝගි කර ගන්නවා.

    මේ සියලු කඩයිම් පැනගෙන 21 වැනි සියවසට එන්නේ විලාසිතාව කියන සාධකය ප්‍රමුඛ කරගෙන. ඇඳුමක් තෝර ගනිද්දී, අඳිද්දි, සංස්කෘතිය, කුලය, පන්තිය වගේ දේවල් තවදුරටත් අපි වලංගු කරගන්නේ නෑ. ඒ වෙනුවට මූලිකත්වය දෙන්නෙ විලාසිතාවට. ෆැෂන් එකට. කාලෙන් කාලෙට විලාසිතා අලුත් වෙනවා. කොහොම හරි ඇඳුම කියන්නේ පෞද්ගලික තෝරාගැනීමක්නේ. ඉතින් කෙනෙක්ට ලස්සන දෙයක් තව කෙනෙක්ට කැත වීම ස්වාභාවිකයි. ඒ නිසා අනුන්ට කරදරයක් නොවෙන සීමාවේ තමන් කැමැති ඇඳුමක් අඳින්න නිදහස හැමෝටම තියෙන්න ඕනේ කියන කතාව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

    කොහොම හරි එක වතාවක් රාජ්‍ය සේවකයන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් වුණා ඔබට මතක ඇති. එහි කියැවුණේ නිශ්චිත නිල ඇඳුමක් රහිත රාජ්‍ය සේවකයන්ගේ, පිරිමි පක්ෂය කලිසම් – කමිස හෝ ජාතික ඇඳුමෙනුත්, කාන්තා පක්ෂය සාරිය හෝ ඔසරියෙනුත් සැරසිය යුතු බව. එහිදීත් දැක ගන්න පුළුවන් වුණ කාරණාව තමයි, ඇඳුම සැලකීමේදී පහසුව කියන සාධකය සැලකිල්ලට ගැනීමට වඩා සංස්කෘතික රාමුවක් මුල් කර ගැනීම. සාරිය, ඔසරිය හෝ ජාතික ඇඳුම ඇඳීමේ ගැටලුවක් නෑ. නමුත් ඒ සඳහා ඔබින, වඩා පහසු ඇඳුම් නැතුව නෙවෙයිනේ. එහිදී සාරිය සහ ඔසරියේ නොතිබෙන, අනික් ඇඳුම්වල තිබෙන ගැටලුව ගැන බොහෝ දෙනෙක් විමසුවා. ඒ විරෝධයත් එක්ක පසුකාලීනව නම් ඒ චක්‍රලේඛය සංශෝධනය කරලා තිබුණා.

    ඇඳුම් ගැන රාජ්‍ය මට්ටමේ අදහස ඔහොම වෙද්දී, සමාජ මතයන් ඊට අන්ත බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. රියලිටි ෂෝ එකක් එහෙම තිබුණොත්, එතැන ඉඳන් සතියක් යනකන් සමාජ මාධ්‍යයේ මුලසුන හොබවන්නේ කාගේ හරි ඇඳුමක්. ඇඳුමක් ඇඳීම වගේ පොඩි දේකින් වුණත් ලංකාව ඇතුළේ ලොකු ආන්‍ෙදා්ලනයක් ඇතිවෙන්න පුළුවන්. මෑතකාලීනම සිද්ධිය විදිහට යුරේනිගෙ ඇඳුම් ගැන එකපෙළට කතන්දර ලියවුණා – කියවුණා අපි දැක්කා. ඇඳුමක් මේ තරම් මැජික් එකක් වෙන්නේ ඇයි කියන එක ගැටලුවක්. මෙතැනදී ගොඩක් අයගේ දිව අග නළියන උත්තර තමයි, අපේ සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය කියන්නේ. හැබැයි ඉතින් මීට අවුරුදු දෙතුන් සීයකට එහා ඉතිහාසය බැලුවොත් නම් ඔය කියන ජාතියෙ සංස්කෘතියක් අපිට හම්බෙන්නෙ නෑ. අපි කතාවටත් කියන්නේ බ්ලවුස් එකක බුරිය පෙනුණොත් අවුල් වුණාට, ළමා සාරියේ ඉඳන් බුරිය එළියේ තමයි කියලා. රොබට් නොක්ස්ලා ලංකාවට එන කාලේ, ඒ කියන්නේ එක්දාස් හයසිය ගණන්වල හැට්ට ඇන්දේ ඉහළ වංශවත් ගැහැනු විතරයි. ඒ කාලේ අඩු කුලවල කාන්තාවන් ඇඳුම් ඇන්දේ යටිකයට විතරයි.

    ඒ කියන්නේ උඩුකය නිරුවත්. යටිකයට අඳින රෙදිකඩත් සීමා වුණේ දණහිස ළඟට. ඇතැම් වෙලාවට කර වටේ රෙදි කෑල්ලක් දාගෙන, ඒ රෙදි කෑල්ලේ දෙකොනින් යන්තම් පියයුරු වසා ගැනීමක් තමයි සිද්ධවෙලා තියෙන්නේ. එහෙම බැලුවම දැන් ඇඳුම් වාරණයට ගේන ප්‍රධානම හේතුව වෙන, විලිවසා ගැනීම කියන මූලික ශික්ෂාපදේවත් ඔය කියන සංස්කෘතිය ඇතුළේ සම්පූර්ණ වෙලා නෑ. අර මුලින් කිව්ව කුල භේදයත් ඉතාම දරුණු විදිහට මේ යුගයේ ඇඳුම හරහා එළියට ආවා. ඒ කාලේ අඩු කුලයේ කාන්තාවකට හෝ පිරිමියකුට රෙද්දක් පොරවගන්න පවා අවසරය හිමි වුණේ අධික සීතලකට හෝ රෝගයකට පිළියමක් ලෙස විතරයි. ඒත් වංශවතෙක් ඉන්න තැනක එහෙම පොරවගෙන ඉන්නවා නම් ඒවා අහක් කරන්න ඕනේ කියලත් එදා හෙළදිවේ නොක්ස් කියනවා. ඒ අනුව කුල භේද වගේ නොදියුණු සංකල්ප පැත්තකින් තිබ්බොත්, ඒ කාලේ නම් ලංකාවේ මිනිස්සුන්ගේ සහ ආගමික සංස්‍ථාවල සදාචාරය ඉවසීමේ සීමාව අදට වඩා හුඟක් පුළුල් ඇති. ඇඳුමක් පොඩ්ඩක් එහෙ මෙහෙ වුණාම සතියක් ඒක අල්ලන් වැළලෙන්න තරම් පටු සදාචාර සීමාවක් නෙවෙයි ඒ කාලේ තිබිලා තියෙන්නේ. දැන් සමහර පන්සල්වල කලිසම් ඇඳගත්තු කාන්තාවන්ට ඇතුළුවීම තහනම් කියලා බෝඩ් එල්ලුවට මීට අවුරුදු දෙතුන් සීයකට උඩදී ඒ තත්ත්වය හුඟක් වෙනස්.

    එතකොට ඔය ඇඳුම් සම්බන්ධ සංස්කෘතික රාමූන් ටික අපේ සංස්කෘතිය කියන එක බවට පත් වුණේ වික්ටෝරියානු යුගයේ බලපෑමෙන්. වික්ටෝරියානු ‍යුගයේ එංගලන්තයේ ඇඳුම් පැලඳුම් ඔබ දැකලා ඇති. Enola holmes,Titanic වගේ ෆිල්ම්වල ඔය කියන සංස්කෘතිය දැක ගන්න පුළුවන්. ඒ කාලේ කාන්තාව විළුඹ දක්වා දිග ගවුම්වලින් සැරසිලයි හිටියේ. ඇතැම්විට ගවුම පිම්බිලා පේන්න ලී රාමූන් පවා ඇඟට තියලා බැඳගෙන ඉන්න ඔවුන්ට සිදුවුණා. ඒ ඇඟේ හැඩය පෙන්නලා හිරට නොඇඳිය යුතුයි කියලා ඔවුන් තුළ තිබුණ සම්මතය නිසා. සමහරු දැකලා ඇති අත්දෙක පවා අත්වැසුම්වලින් ආවරණය කර ගත්ත කාන්තාවන්ගේ බොහෝවෙලාවට පේන්නේ මුහුණ විතරයි. ලංකාවේ දැන් ඔය අපිට ඇහෙන අපේ සංස්කෘතිය කියන කතාවේදී කියවෙන සමහර කතා, ඔතනින් ව්‍යුත්පන්න වෙලා ආවා කියලා හිතන්න පුළුවන්. විශේෂයෙන් සමාජ පන්තිය පිළිබිඹු කිරීම, වැදගත් බව වගේ දේවල් ඒ අය ඇඳුමෙන් බලාපොරොත්තු වුණා. කොටින්ම ඇඳුමෙන් මිනිස්සු මැනීම තමයි සිද්ධ වුණේ.

    මේ වෙද්දී ඇඳුමෙන් මිනිස්සු මනින්න උත්සාහ කරන එක එච්චර දියුණු වැඩක් නම් නෙවෙයි. ඇඳුම කියන්නේ අර මුලින් කිව්වා වගේ අතිශය පෞද්ගලික තෝරාගැනීමක්. කාටවත් කරදරයක් නොවෙන සීමාවේ තමන්ගේ නිදහස භුක්ති විඳීමේ අයිතිය අපි හැමෝටම තිබිය යුතුයි වගේම පොඩි දේටත් සංස්කෘතියේ නාමයෙන් ටි්‍රගර් වෙන නොවෙන්න අපේ සදාචාර සීමාව පුළුල් කරගන්න උත්සාහ කරන එක වටිනවා.

    ගගන ලක්සර
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,286
    1,083
    113
    1993 ඩිබි විජේතුංග ජනාධිපති උනාම පස්සේ.

    ඊට කලින් හරක් මස් ලංකාවේ ප්‍රධාන මාංශ වර්ගය මිනිස්සු ආහාරයට ගන්න.
    oken thamai dan inna unta fit ekakuth na moleth na lassaath na
     
    • Like
    Reactions: scorpion MW

    FuBaR

    Active member
  • Nov 12, 2023
    232
    215
    43

    Summary eka kiyannako kawru hari ,please🥺
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    49,969
    17,978
    113
    Gotland
    සිංහලු එන්න එන්නම ආගමික සහ සංස්කෘතික වීම තමා මේකට හේතුව. උබල දන්නවා ඇතිනේ ඉරානේ එහෙමත් ඉස්සර 70-80 ගණන් වල යුරෝපේ වගේ තිබිල තියෙන්නේ.