තව ඕන නම් කියන්නම්.
දැන් හිතපන් තාත්ත කෙනෙක් ලමයව වෙස්සන්තර වගේ දන්දීල පෙරුම් පුරනවා කියලා හිතාගෙන කාටහරි අකමැත්තෙන් දෙනවා. ඒ අරන් යන එක ළමයිට හොදක් කරන්නේ නෑ කියලා දැන දැන .
අවැඩක් නෙවෙයි ද ??
එහෙම තමන්ට කුසල් කරන්න පාරමිත පුරන්න කියලා අනිත් අයගේ ජිවිත තීරණය කරන්න පුලුවන් ද ?
ඕක විතරක් නෙමෙයි යශෝධරාව දාලා ගිය එකත් ඔහොම අහනවනෙ. ඇයි දාලා යන්න නම් ගිහින් එක්කන් ඇවිත් යශෝධරාගෙ ජීවිතය අඳුරු කලේ කියලා.
ඔතනදි අපි තේරුම් ගන්න ඕනෙ මේ "සාරධර්ම" කියන ඒවා වෙනස් නොවෙන ගලේ කොටලා තියන පරම සත්‍ය නෙමෙයි කියන එක. එදා ඉන්දියානු සමාජයේ අත්හැරීම කියන එක චින්තකයන් අතර ඉතා ඉහලින් සැලකුණු සාරධර්මයක්. මේක චින්තකයන් අතර පමණක් නෙමෙයි ජන ජීවිතයටත් බද්ධ වෙලා තිබුනාය කියන්න පුලුවන් බුදුන් බිහිවෙන්නත් කලින් තිබුණු නානාවිධ බ්‍රාහ්මණ, ශ්‍රමණ, ආජීවක, පරිබ්‍රාජක සම්ප්‍රදායන් දිහා බලනකොට. නිගණ්ඨ සම්ප්‍රධාය ගත්තහම මේ අත්හැරීම ඉතාමත් ඉහලින් අගයනවා. ඔවුන් ඇඳුම් පවා අත්හැරියා. ඒ වගෙම එහෙම අය බහුලව පැතිරිලා ඉන්න නම් ඒ අය පිලිගන්න සරණගිය මහා ශ්‍රාවක පිරිසක්, දානමාන දෙමින්, ප්‍රත්‍ය පහසුකම් සපයමින් ඉන්න ඕනෙ. මේ අය උතුරු දඹදිව හරි ප්‍රසිද්ධයි රහතුන් විදිහට. ඒ කියන්නෙ ඒ අය පෙන්වපු මේ අත්හැරීමේ ගුණය සමාජයේ ඉතාමත් ගරු කටයුතු තැනකත් තිබුනා. ඒ එදා තිබුණ සාරධර්ම සහ සංස්කෘතිය. අත්හැරීම වටා ගොඩනැගුනු ආගමිකත්වය. ඉදින් එදා සමාජයට ඕක සාමාන්‍ය දෙයක්. ඒ සමාජයට, සංසාර විමුක්තිය වෙනුවෙන් ව්‍යායාම කරන්න යන්න දරුවෙක් දන්දීම කියන්නෙ උතුම්ම අත්හැරීමක්. තමන්ගෙ බිරිය අත්හැර සංසාර විමුක්තිය සෙවීම කියන්නෙ මහා වීරවරයෙක්ගෙ මහාපුරුෂයෙක්ගෙ, සත්පුරුෂයෙකූගෙ ක්‍රියාවක්. ඉදින් මේ සංදර්භය තේරෙනවා නම් බුද්ධ චරිතය ගැන කතාවෙනකොට ඔවැනි දෑ ගැටළු සහගත නැහැ.