ඊයේ ජ’පුර කලා පිඨයේ පෙරටුගාමී ඔළු පලලා 2024 තඹුත්තේගම විප්ලවය අරඹුවා

monson

Well-known member
  • May 7, 2007
    20,969
    19,081
    113
    කව්රු කිව්වත් කථාව ඇත්ත නේ :lol:

    1986 දෙසැබර් 15 දින කොළඹ විශ්වවිද්‍යාලයේ දයා පතිරණ මරලා ගල්කටස් විප්ලවය ආරම්භ කරපු ජවිපෙ, ඊයේ ජයවර්ධනපුර කලා පිඨයේ පෙරටුගාමීන්ගේ ඔළු පලලා 2024 තඹුත්තේගම විප්ලවය ආරම්භ කර ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පැවසුවාය.

    එදා මෙදා ලංකාවේ හැම නායකයාම අධ්‍යාපනය නගාසිටුවන්නට වැඩ කළා. ජනතා විමුක්ති පෙරමුණ විතරක් මේ රටේ පාසල්වල, විශ්වවිද්‍යාලවල, කාර්මික විද්‍යාලවල දරුවන් කැට හොල්ලන්න, පිකටිං කරන්න, පෝස්ටර් ගහන්න දැක්කුවා යැයි කවිරත්න මහත්මිය පැවසූවේ අද පෙරවරුවේ රත්තොට දී පැවති ජනහමුවක් අමතමිනි.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වානිජ්‍ය පිඨයේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ කලා පීඨයේ පෙරටුගාමී පක්ෂයේ අයට පහරදීලා දැන් විශ්වවිද්‍යාලය වහලා දාලා. හැමදාම ඡන්දයක් ලං වෙනකොට විරුද්ධවාදීන්ගේ ඔළු පලලා කැම්පස් වහලා ශිෂ්‍ය යෝ ටික කැන්වසිං යවන එක තමයි ජවිපෙ කළේ.


    දයා පතිරණ ගේ බෙල්ල කපලා බණ්ඩාරගම හිරණ තොටුපලේ දමා ගිහින් තමයි තිබුණා. අද ජයවර්ධනපුර, කොළඹ, කැලණියේ, රුහුණේ ජවිපෙට විරුද්ධව දේශපාලනය කරන ශිෂයෝ ටික බයවෙලා ඉන්නවා තමන්ටත් ඒ ඉරණම අත්වෙයි කියලා. තරුණයෝ බයයි ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ඊලඟ නායකයා වෙච්ච එල්.කේ. ධර්මසිරි 1989 ඔක්තෝබර් වල මරලා දැම්මා වගේ තමන්වත් මරා දමයි කියලා.


    ජාතික පුස්තකාලයේ පොඩි පක්ෂයෙක් රැස්වීමක් තියෙනවා. එතන කතාකරපු නීතිඥවරයෙක් ජවිපෙ මහින්ද රාජපක්ෂ එක්ක, යහපාලන ආණ්ඩුව එක්ක වැඩ කරපු ආකාරය ගැන කියනකොටම පොළු අරගෙන ඒ රැස්වීමේ හිටපු අයට ගහනවා.


    ජවිපෙ කාඩර් එක හැසිරෙන්නේ කල්කටස් විප්ලවය පටන්ගත්ත කාලේ වගේමයි.


    අනුර කුමාර කියනවා මේ රටේ පාලකයෝ රටේ අධ්‍යාපනය හැදුවේ නෑ ලු. පක්ෂවලට පෝස්ටර් ගහන්න කොල්ලෝ ඕනි නිසා.


    ලංකාව වටේම කැට හොල්ලන්නේ ජවිපෙ කැම්පස් ලමයි ටික රට පුරා පෝස්ටර් ගහන්නේ ජවිපෙ කාර්මික විද්‍යාලවල, ඉස්කෝලේ යන ළමයි ටික එහෙම කරන ගමන් කියනවා ප්‍රධාන පක්ෂ අධ්‍යාපනය නැති කරා කියලා.


    ජවිපෙ ට වැඩ කරන බහුතරයක් ප්‍රධාන පක්ෂ ඇති කරපු අධ්‍යාපන අවස්ථාවන්ගෙන් ප්‍ර යෝජන ගත්ත අය. අපේ පක්ෂ හදපු මහපොල ශිෂ්‍යත්වය අරගෙන ඉගෙන ගත්ත අය.


    මේ රටේ බලයට පත් වෙච්ච හැම ආණ්ඩුවක් ම අධ්‍යාපනය නගා සිටුවන්නට වැඩ කළා.


    නිදහස් අධ්‍යාපනයේ පියා අපේ පක්ෂයේ සී.ඩ්බ්ලිව්.ඩබ්ලිව් කන්නංගර මැතිතුමා මධ්‍ය මහා විද්‍යාල හදලා ගමේ මිනිස්සුන්ට රටේ ඉහළම තැනට යන්න අවස්ථාව හදලා දුන්නා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බද්උදීන් මොහොමඩ් මැතිතුමාට අධ්‍යාපනය බාර දීලා මේ රටේ දෙමළ – මුස්ලිම් ජනතාවට අධ්‍යාපනයට ඇති අයිතිය තහවුරු කලා. ගුරු පුහුණුව, පාසල් ගොඩනැගිලි හදලා පහසුකම් වැඩි කළා.


    ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා ලංකාවේ අධ්‍යාපනය ලෝකයට විවෘත කළා. ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා මහපොල හදලා දරුවන්ට නිදහසේ අධ්‍යාපනය කරගෙන යන්න ශක්තිය දුන්නා. මහින්ද ජනාධිපතිතුමා මහින්දෝදය වගේ වැඩසටහන් හදලා පහසුකම් වැඩි කළා.


    ජවිපෙ මේ රටේ අධ්‍යාපනයට මොකද කළේ?


    ස්ටැන්ලි විජේසුන්දර කොළඹ උපකුලපති මැරුවා. මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතාන මැරුවා 87-89 ගල්කටස් විප්ලවය නිසා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 107 ක් මැරුණා කැලණියේ සිසුන් 64 ක් මැරුණා , රුහු‍ණේ සිසුන් 53 ක් මැරුණා
    පේරාදෙණියේ වෛද්‍ය, දන්ත, පශු පිඨවල විතරක් සිසුන් 22 ක් මැරාණා කොළඹ වෛද්‍ය සිසුන් 22 ක් මැරුවා


    ජවිපෙ විසින් මරපු ලැයිස්තු කියන්න පැය ගානක් ඕනි. ජවිපෙ නිසා උසස් අධ්‍යාපනය අහිමි වෙච්ච ගාන මහා පතරංග ජාතකේ වගේ දිගයි.


    බලය ලබාගන්න ඉස්සර මේ විදිහට භිතිය වපුරනවා නම්, ගහනවා නම් මේ අයට බලය දුන්නොත් කොහොමට තියෙවිද? යැයි කවිරත්න මන්ත්‍රීවරිය ප්‍රශ්න කලාය.

    - https://lankacnews.com/ඊයේ-ජපුර-කලා-පිඨයේ-පෙරටු/
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,474
    113
    49
    Glen Ellen, California, U.S.
    උන් හැමදාම ටාගට් කලේ ඔය වල්නරබල් දැනුම් තේරුම් අඩු පොඩි උන්ව, මොලය හෝදන්න ලේසියි නේ. දැනුත් එහෙමයි. ඕකෙන් බේරෙන්න පුළුවන් අඩුම තරමේ ව්‍යාපාරික පසුබිමක් තියෙන පවුල්වල ළමයි විතරයි, උන්ට තේරෙනවා ලෝකය වැඩ කරන හැටි. නමුත් අනිත් උන් හිතන් ඉන්නේ ලෝකයම හතුරන් අයිතිවාසිකම් නැතිකරන්නන් කියල. හරි නම් මේ වගේ පක්‍ෂ තහනම් කරන්න ඕන.
     
    • Like
    • Dislike
    Reactions: gannicuz and monson

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,435
    1
    34,816
    113
    Erozan's Mom's room

    හොර රැළ ආරක්ෂා කරපු එක හැරුණු කොට රනිල් කරපු එක වැඩක් තියෙනවද? -රෝහිණී කවිරත්න :lol:


     
    • Haha
    Reactions: Maui_15

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,842
    5,372
    113

    හොර රැළ ආරක්ෂා කරපු එක හැරුණු කොට රනිල් කරපු එක වැඩක් තියෙනවද? -රෝහිණී කවිරත්න :lol:


    තියනවා මහ දවල් මහ බැංකුව සුද්ද පවිත්‍ර කලා...
    එජාපය කෑලි කෑලි වලට කැඩුවා...
     
    • Haha
    Reactions: Xi Jinping