150ක් කියල නේද පෙරේදා නිව්ස් වලට කිව්වේ. දැන් 50ට අඩු කරලද.

අනවශ්‍ය වෙන්න ඕන නේද. ඔය ගම සමග පිළිසඳර වගේ එව්වටත් 50ක් ගෙන්නුවා නම් හරි. එව්වයින් කොරෝනා බෝවෙන්නේ නැද්ද 500ක් විතර එක ගොඩේ ඉද්දි.කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ක්ෂේත්‍ර කිහිපයකට සීමා පැනවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (15 වැනිදා) පැවැති සාකච්ඡාවකදී යෝජනා කර ඇත.
කොවිඩ් පාලනය, ප්‍රාථමික සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇත.
එහිදී සෑම අවමංගල්යයක්ම පැය 24 කින් අවසන් කිරීම, සියලුම උත්සව සඳහා පනස් දෙනකු පමණක් සහභාගි කරවීම, අත්‍යවශ්‍ය උත්සව සඳහා අවසර නොදීම, රාත්‍රී සමාජශාලා, ස්පා වසා දැමීමට කටයුතු කිරීම, සියලුම රෙස්ටුරන්ට් සහ බියර් පානය කිරීමේ ස්ථාන රාත්‍රී නවය වන විට වසා දැමීම වැනි ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව මෙහිදී අවධාරණය කර ඇත.
මේ පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව කොවිඩ් පාලනය, ප්‍රාථමික සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ ය
Mawrata.lk
