කවර පහක් ද යත්;
යම් පුද්ගලයෙක් කෙරෙහි තරහ ඉපදුණේ නම් එම පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය වැඩීම කළ යුතුය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් තරහ දුරු කළ යුතුය.
යම් පුද්ගලයෙක් කෙරෙහි තරහ ඉපදුණේ නම් එම පුද්ගලයා කෙරෙහි කරුණාව වැඩීම කළ යුතුය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් තරහ දුරු කළ යුතුය.
යම් පුද්ගලයෙක් කෙරෙහි තරහ ඉපදුණේ නම් එම පුද්ගලයා කෙරෙහි උපේක්ෂාව වැඩීම කළ යුතුය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් තරහ දුරු කළ යුතුය.
යම් පුද්ගලයෙක් කෙරෙහි තරහ ඉපදුණේ නම් එම පුද්ගලයා ගැන සිහි නොකිරීම, මෙනෙහි නොකිරීම කළ යුතුය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් තරහ දුරු කළ යුතුය.
යම් පුද්ගලයෙක් කෙරෙහි තරහ ඉපදුණේ නම් එම පුද්ගලයා ද කර්මය අයිති කොට ඇති බව මෙනෙහි කළ යුතුය. මේ පුද්ගලයා ද කර්මය අයිති කොට ඇත, කර්මය දායාදය කොට ඇත, කර්මය උපත කොට ඇත, කර්මය නෑයා කොට ඇත, කර්මය පිළිසරණ කොට ඇත. යම් කුසල් හෝ අකුසල් යම් කර්මයක් කරන්නේ නම් එය ම විපාක කොට ගන්නේ වෙයි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් තරහ දුරු කළ යුතුය.
මේ උපන් තරහ සම්පූර්ණයෙන් දුරු කිරීම පිණිස උපාය පස වෙයි.
පඨම ආඝාතපටිවිනය සූත්‍රය ඇසුරින්
https://tipitaka.lk/an-5-4-2-1/sinh
https://pitaka.lk/main?n=30261





මේ උපන් තරහ සම්පූර්ණයෙන් දුරු කිරීම පිණිස උපාය පස වෙයි.
පඨම ආඝාතපටිවිනය සූත්‍රය ඇසුරින්

https://tipitaka.lk/an-5-4-2-1/sinh
https://pitaka.lk/main?n=30261