උප පොලිස් පරීක්ෂකවරයා කවුරුන් හෝ අල්ලාගෙන විත් දවසේ වැටලීම් ප්‍රමාණය සම්පූර්ණ කිරීම

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    56,534
    53,944
    113
    පසුගිය 18 වැනි දා පස්වරුවේ නාරම්මල පොලීසියේ නිලධාරීන් පිරිසක් මෙහෙයුමක් සිදු කරමින් සිටින අතරවාරයේ නාරම්මල නගරය ආසන්නයේ දී කුඩා ලොරි රථයකට නවත්වන ලෙස අණ කර ඇති අතර, එම රථය අණ නොතකා ධාවනය කර ඇත.

    එහි දී උපපොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු යතුරුපැදියකින් එම ලොරි රථය හඹා ගොස් එය නවතා දම්පැලැස්ස හංදිය අසල දී පරීක්ෂාවට ලක්කර තිබේ.

    එම අවස්ථාවේ දී උපපොලිස් පරීක්ෂකවරයාගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ලොරි රථයේ රියදුරුගේ හිසට වෙඩි වැදී ඇති අතර, රියදුරු එම ස්ථානයේ දී ම මියගොස් තිබිණි.

    මහරච්චිමුල්ල වෑත්තෑකන්ද, 05 කණුව පදිංචි තිදරු පියකු වූ කේ. ඒ. රොෂාන්ත කුමාරසිරිට (40) පෙරේදා (18) ජීවිතයෙන් අකාලයේ සමු ගැනීමට සිදු වූයේ නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු සතු ගිනි අවිය ක්‍රියාත්මක වීම හේතුවෙනි. නාරම්මල පොලිසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකුගේ අණ නොතකා ධාවනය කළේ යැයි කියන ලොරි රථයක් පෙරේදා (18) රාත්‍රි 7.00ට පමණ පරීක්ෂා කිරීමට යෑමේදී මේ අවාසනාවන්ත සිදුවීම ඇති වී තිබේ.

    සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනා නාරම්මල ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී ලොරියට නවත්වන ලෙස අණ කර තිබේ. අණ නොතකා ලොරියේ රියැදුරු නොනවත්වා ලොරිය ධාවනය කිරීම හේතුවෙන් ඔවුන් ලොරිය පිටුපස හඹාගෙන ගොස් තිබේ. එසේ අණ නොතකා ගිය ලොරිය කොළඹ 05 කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දම්පැලැස්ස ප්‍රදේශයේ එළවළු වෙළෙඳසලක් අසල නවත්වා ඇති අතර ඒ සමඟම ලොරිය පසුපස හඹා ආ සිවිල් ඇඳුමින් සිටි නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයකු වන උප පොලිස් පරීක්ෂකවරයා රියදුරු පරීක්ෂා කරන අවස්ථාවේ ඔහු සතු පිස්තෝලය ක්‍රියාත්මක වීමෙන් තුවාල ලැබූ රියැදුරු එහි අසුන මතම මිය ගොස් ඇත.

    එම සිද්ධිය වන අවස්ථාවේ එහි රැස්ව සිටි ප්‍රදේශවාසීන් උප පොලිස් පරීක්ෂකවරයාට සහ කොස්තාපල්වරයාට විරෝධය පළ කළ අතර ඔවුන් දෙදෙනාට එම ස්ථානයෙන් බැහැරවීමට ඉඩ නොදී රඳවාගෙන විරෝධය පළ කරමින් කලහකාරී ලෙස හැසිරී ඇති අතර පසුව එහි පැමිණි නාරම්මල පොලිසියේ නිලධාරීන් සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල් එම ස්ථානයෙන් ඉවතටගෙන අත්අඩංගුවට ගෙන ඇත.

    වෙඩි වැදීමෙන් තුවාල ලැබූ රියැදුරු නාරම්මල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති අතර කටුපොත ප්‍රදේශයේ සිට නාරම්මල හරහා දම්පැලැස්ස ප්‍රදේශය ඔස්සේ අලව්ව වෑත්තෑකන්ද නිවෙස බලා ගමන් කරමින් සිටිය දී මේ වෙඩි ප්‍රහාරයට ලක් විය.

    සිද්ධියට විරෝධය පළ කරමින් නාරම්මල නගර මධ්‍යයේ පොලිස් ස්ථානය අසලට රැස් වූ ප්‍රදේශවාසීන් කලහකාරී ලෙස හැසිරීමෙන් නාරම්මල නගර මධ්‍යයේ පිහිටි පොලිස් ස්ථානයේ දේපළවලට ගල්මුල්වලින් පහරදීම හේතුවෙන් අලාභ හානි සිදුව තිබේ. තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඒ තත්ත්වය මැඬ පවත්වා තිබේ. මහරච්චිමුල්ල, වෑත්තෑකන්ද පදිංචි රොෂාන්ත ගමේ කා අතරත් හොඳ හිත දිනා ගනිමින් වඩු කාර්මිකයකු ලෙස ජීවිතය ගොඩ නගාගත් ගමේ මෙන්ම පිටස්තරවද ප්‍රසිද්ධ චරිතයකි. ඔහු යටතේ පුද්ගලයන් 10 දෙනෙක් පමණ වඩු කාර්මික වෘත්තියේ නිරතව සිටිති. පෙරේදා (18) උදෑසන කටුපොත ප්‍රදේශයේ නි‍ෙවසක වහලය ඉදිකිරීමේ කටයුතුවල තම සේවක පිරිස සමඟ නිරත වී පැමිණෙන අතර ඔහු මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇත.

    රොෂාන්ත කා අතරත් ගමේ ප්‍රසිද්ධව සිටියේ මංජු යන නමිනි. ගමේ සාමාජීය කටයුතුවලදී මුල් පෙළේ කැපී පෙනෙන චරිතයක් වූ ඔහු කාගේත් හොඳ හිත දිනා ගනිමින් දෑතේ රැකියාව උනන්දුවකින් කරමින් ජීවත් වූ පුද්ගලයෙකි. රොෂාන්තගේ පුංචි කැදැල්ලේ නිවුන් දූවරු දෙදෙනා සමඟ පුතෙකි.
    වඩු කාර්මිකයකු ලෙස තමා දන්නා දෑතේ රැකියාව පුංචිම තැනින් පටන් ගත් රොෂාන්ත ගමේ රැකියාවක් නැති තරුණයන් රැසකට වඩු වැඩ උගන්වා ඔවුනට දෑතේ රැකියාව හුරු කර ඇත්තේ තමා උගත් ශිල්පය තවත් පිරිසකගේ බඩ වියත රැක ගැනීමට නොමසුරුව කියා දෙමිනි.

    පොලිස් අණ නොතකා ධාවනය කළ බව කියමින් ලොරි රථ රියැදුරකුට මහමඟදී වෙඩි තබා ඝාතනය කළ නාරම්මල පොලිසියේ දූෂණ මර්දන අංශයේ වැඩබලන ස්ථානාධිපති (උ.පො.ප) ගුණවර්ධන යන නිලධාරියා නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 23 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    ේ නිලධාරියා නාරම්මල පොලිසියේ දූෂණ මර්දන අංශයේ වැඩබලන ස්ථානාධිපති ලෙස පත් වී ඇත්තේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා පොලිස් කොස්තාපල්වරයකු සමඟ නීති විරෝධි මත්පැන් ජාවාරම්කරුවකුගෙන් රු. 10,000ක මුදලක් අල්ලස් ලෙස ගන්නා අවස්ථාවේදී පසුගිය 16 දා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය.
    මේ උප පොලිස් පරීක්ෂකවරයා පෙරේදා (18) උදෑසන දූෂණ මර්දන වැටලීම්වලට යන බව සඳහන් කර පොලිස් ස්ථානයෙන් පිට වී ගොස් ඇති අතර, එහිදී මේ නිලධාරියා හෝ සෙසු නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී යන බව සටහන් කර නැති බවත්, සටහන් තබා ඇත්තේ නිල ඇඳුමින් සැරසී ගමන් කරන ආකාරයට බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

    යුක්තිය මෙහෙයුමට අදාළව වැටලීම් කිරීමටයැයි කියා උසස් නිලධාරීන් කිසිවකුගේත් අවසරයක් නැතිව මේ නිලධාරියා දූෂණ මර්දන අංශයේ නිලධාරිනියක සහ නිලධාරීන් දෙදෙනක සමඟ පොලිස් ස්ථානයෙන් සිවිල් ඇඳුමින් සැරසී පිටත්ව ගොස් ඇත්තේ සිවිල් ඇඳුමින් බව පොලිස් තොරතුරු සඳහන් කළේය. මේ නිලධාරියා සමඟ දූෂණ මර්දන වැටලීමට ගොස් ඇත්තේ (පො.සැ) අමරතුංග (40925), (පො.කො) කුලසේකර (72817), (කා.කො) බාලසූරිය (9516) යන නිලධාරීහු පිරිසය.

    මෙදින දහවල් කාලයේ නාරම්මල පොලිස් වසම තුළ කරක්ගසා ඇති මේ නිලධාරීන්ට කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී දහවල් කාලයේ පොලිස් ස්ථානයට පැමිණ ඇත. එහිදී මේ නිලධාරීන් රාජකාරිය අවසන් කිරීමේ සටහන් නොදමා දහවල් ආහාරය ගෙන පොලිස් ස්ථානය තුළ මඳ වේලාවක් රැඳී සිට ඇත. දහවල් ආහාරයෙන් පසු සැරයන්වරයා සහ කාන්තා කොස්තාපල්වරිය විවේක ගෙන පොලිස් ස්ථානයේ රැඳී සිට ඇති බවත්, උප පොලිස් පරීක්ෂකවරයා කවුරුන් හෝ අල්ලාගෙන විත් දවසේ වැටලීම් ප්‍රමාණය සම්පූර්ණ කිරීම සඳහා (පො.කො) කුලසේකර සමඟ නිලධාරියාට අයත් පෞද්ගලික යතුරුපැදියේ නැගී ගමන් කර ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

    එසේ පොලිස් ස්ථානයෙක් නැවත වරක් පිට වී ගිය මේ නිලධාරීන් දෙදෙනා සවස් කාලය වන තුරු හතර වටේ කරක්ගැසුවත් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී නැත. හිස් අතින් නැවත පොලිස් ස්ථානයට පැමිණීමට මැළිකමක් දැක්වූ උප පොලිස් පරීක්ෂකවරයා නාරම්මල හාල්වැල්ල හන්දිය අසල රැඳී සිටියදී SG PQ 7238 අංකය දරන ඩීමෝ බට්ටා වර්ගයේ ලොරිය ඒ ස්ථානයෙන් ගමන්එ කර තිබේ. මේ රථයේ ගමන් කර ඇත්තේ මහරච්චිමුල්ල වෑත්තෑකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කේ.ඒ. රොෂාන්ත කුමාරසිරි (41) නමැති වඩු කාර්මිකයෙකි. මේ වඩුකාර්මිකයා සහ ඔහුගේ ලොරිය නාරම්මල වැසියන් මෙන්ම පොලිසියද හොඳින් දන්නා කියන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. මේ ලොරියට උප පොලිස් පරීක්ෂකවරයා විසින් නතර කිරීමට සංඥා කර ඇති බවත්, ඇතැම් විට ඔහු මේ රථයට අත දමා නවතන්න උත්සාහ දරා ඇත්තේ එහි අල්ලාගන්න ලී කෑල්ලක්වත් තිබේදැයි සිතාගෙන විය හැකි බවත් පොලිසියේම උදවිය ප්‍රකාශ කළේය.

    මේ නිලධාරියා අඳුරේ සිවිල් ඇඳුමකින් සැරසී ලොරිය නතර කිරීමට අණ කිරීම හේතුවෙන් එය නොනවත්වා ධාවනය කර ඇත. එහිදී උප පොලිස් පරීක්ෂකවරයා එය පස්සෙන් පන්නා ගොස් නාරම්මල රම්මුතුගල පිහිටි ජී.එස්. එළවළු වෙළෙඳසල අසලදී රථය නවතා ගිනි අවියේ අගුළු ඉවත් කර රියැදුරුගේ හිසට තබා ඇති බව පොලිසිය මේ වන විට කර ඇති මූලික විමර්ශනවලදී පෙනී ගොස් ඇත. අගුළු ඉවත් කර තිබීම හා ඒ වන විට කලබලයෙන් එම උප පොලිස් පරීක්ෂකවරයා සිටි බැවින් ගිනි අවිය ඔහු අතින් ක්‍රියාත්මක වී ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.

    මේ වෙඩි තැබීම සම්බන්ධයෙන් අපරාධමය විමර්ශන පැවැත්වෙන්නේ කුලියාපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසිනි. මේ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් අභ්‍යන්තර විමර්ශනයක් පැවැත්වීමට වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක්ද ඊයේ (19) නාරම්මලට පැමිණ තිබිණි. ඒ නිලධාරීන් පොලිසියේ පොත්පත් සිය භාරයට ගෙන විමර්ශන ආරම්භ කර තිබිණි.

    සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක්කර ඇත. මෘත දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(19) සවස කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

    නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් ඝාතනයට ලක් වූ ලොරි රථ රියදුරාගේ පවුලේ ඥාතීන් සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබා දී තිබේ.

    අලව්ව ප්‍රදේශයේ පිහිටි මිය ගිය රියදුරාගේ නිවසේ දී වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මෙම මුදල ලබා දුන් බව පොලීසිය සඳහන් කළේය.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,336
    3,741
    113
    out of fucked up land
    පංකාවෙ පළවෙනි පුරවැසියෙක්ගෙ ගාන ලෝකෙ බල්ලෙක් වත් ගණන් ගන්නෙ නැති රුපියල් වලින් ලක්ෂ 10යි.

    ජීවත්වෙන්න සුදුසුම රට 👌💪💪
    eka thama ban math me baluwe. kochchara tax gewwath rule of law thiyana hinda mrhr hondata inda puluwan. hutte rate first class citizen lata pare yandath ba
     
    • Sad
    Reactions: shenat

    topkollek

    Well-known member
  • May 22, 2014
    36,121
    1
    48,529
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇහැට ඇහැක්. ජීවිතයට ජීවිතයක් වෙන්න ඕන.

    පොලිස්කාරයට මරණ දඬුවම දීල, උගේ විශ්‍රාම වැටුප මාසිකව මැරුණ එකාගෙ ගෑනිට දෙන්න ඕන
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    22,017
    43,360
    113
    ඔළුවටම තියලා

    පූරුවේ කර්මය තමයි කියලා හිතාගෙන අනාථ සිංහලුනී,
    සාදු කාරයක් දෙන්න.

    😇🙏
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    9,028
    5,326

    Bump
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,954
    1
    36,799
    113
    මට කියපල්ල තුවක්කුවට පණ තියෙනවද කියල
    හරියට ඔලුවට වදින්න ඉබේ ක්‍රියාත්මක වෙනව කියන්නෙ

    තුවක්කුව රිමාන්ඩ් කරන්න වෙනව

    පොලිස් කාරය ඔලුවට වෙඩි තිබ්බ කියල කියන්න ඔච්චර බය ඇයි?

    එහෙනං මටත් එදා කියන්න තිබුණ මගේ අත ක්‍රියාත්මක වී අනෙකාගෙ දතක් ගැලවී ගියා...