උඹලා නගා සිටුවන්න 👌හැදුවට මයිනට ඉස්සර වගේ කාන්තාවෝත් එක්ක ඕවා කරන්න බෑ බං දැන් 🐷අහපං සිරිලිය ඇන්ටිගෙන්🤡😀🤐

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    59,154
    55,156
    113
    ruwanthi-mangala-speaks

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවක දී රුවන්ති මංගලා මහත්මිය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මක ප්‍රකාශයක් සිදු කරන ලදී. ඊයේ (21) දින පැවති මෙම මාධ්‍ය හමුවේදී ඇය විශේෂයෙන් අවධාරණය කළේ වර්තමානයේ කාන්තාවන් මුහුණ දෙන අභියෝග හා එවකට පැවති තත්ත්වය අතර ඇති වෙනසයි. මහින්ද රාජපක්ෂ මහතාගේ වර්තමාන නිවාස ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇය විශේෂයෙන් කීවාය. "මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිවස අහිමි කිරීමට ගන්නා උත්සාහයන්ට එරෙහිව කාන්තාවන් ලෙස අප එක්ව නැගී සිටිනවා," යනුවෙන් ඇය තරයේ ප්‍රකාශ කළාය.

    ඇගේ සම්පූර්ණ කතාව මෙසේය.

    මගේ නම රුවන්ති මංගලා. මම ශ්රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභික වන අතර, අපේ අතරින් වෙන් වුණු ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ගුරු මාතාව වසන්තා හඳපාන්ගොඩ මැතිනියටත් අජරාමර නිවන්සුව මේ වෙලාවෙ මම ප්රාර්ථනා කරනවා.
    පසුගිය මාලිමා වේදිකාවේ කාන්තාවන්ට බොරු පොරොන්දු දුන්නා. එක් මන්ත්රීවරයෙක් කිව්වා හැම කොට්ඨාසයකම කාන්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා. අපි සතුටින් හිටියේ කාන්තාව පිරිච්ච පාර්ලිමේන්තුවක් තිබ්බනම් කොච්චර ලස්සනද කියලා. නමුත් අද ඒ සිහින කාන්තාවන්ට මාලිමා රජය අවස්ථාව අහිමි කරලා තියෙනවා. එතකොට ඇමතිධූර දෙනවයි කිව්වා. එක කාන්තාවකටවත් ඇමැතිධූරයක් ලැබුණේ නැහැ.
    පසුගිය කාලේ පාසල් දරුවෙක් මැල්ලුමුයි බතුයි ගේනවා කියලා ලොකුවට කතා කළා. දැන් පාසල් දරුවන්ට මැල්ලුම් බතුයි තියා ලුණුයි බතුයි වත් කන්න අවස්ථාව ලැබිලා නැහැ.
    කාන්තාවන් තාප්පවල පෝස්ටර් ගහලා හිටියේ අනිවාර්යෙන්ම මේ රජයෙන් බඩු මිල අඩුවෙලා තමන්ට සහනයක් ලැබෙයි කියලා. නමුත් අන්තිමට ඒ සහනත් ඔවුන්ට ලැබුණේ නෑ. දැන් කැඳ කෝප්පයක් විකුණන කාන්තාවකට පවා බැරි තත්ත්වයක් උදාවෙලා. ඉස්සර කැඳ කෝප්පයක් විකුණුවේ රුපියල් 50ට. දැන් කැඳ කෝප්පයක් දෙන්න වෙලා තියෙන්නේ රුපියල් 200කට. ඒ මිලට කවුරුත් කැඳ බොන්නේ නැති නිසා රැකියාවත් නැතිවෙලා.



    මගේ ස්වාමිපුරුෂයා එදිනෙදා වැඩ කරන්නේ. අපිට සම්බෝලයි බතුයි කන්න දැන් අවස්ථාවක් නෑ. මොකද අඩු ආදායම්ලාභී පවුල්වලට සම්බෝලයි බතුයි තමයි කන්න පුළුවන් උපරිම ආහාරය. දැන් ඒකවත් කන්න බැරි තත්වයක්. සම්බෝලයක් හදන්නත් රුපියල් දාහක් යනවා මොකද පොල් ගෙඩියක් රුපියල් 250ක්.
    මාලිමා රජය කාන්තාවන් රවටපු රැවටිල්ලට කාන්තාවෝ අද ඇත්තටම මානසිකව වැටිලා ඉන්නේ. ඉස්සර කිව්වා පාසල් දරුවෝ කලන්තේ දාලා වැටෙනවා මන්දපෝෂණය නිසා. දැන් ඒ දරුවන්ට කලන්තේ දාලා වැටෙන මන්දපෝෂණය නැද්ද? අපිට දැන් ඒ ගැන කතා කරන්න අයිතියක් නැද්ද?
    මං කියන්නේ මාලිමා රජයෙන් කාන්තාවෝ ඇත්තටම කබලෙන් ලිපට වැටිලා ඉන්නේ. දැන් ඔවුන් මානසිකව වැටිලා ඉන්නේ මේ කරපු බොරුවට. බොරුව සමාජගත කළා.
    සමස්ත කාන්තාවක් හැටියට දැන් හැමෝම අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ශ්රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක. අපේ කාන්තාවෝ අපිත් එක්ක එකතුවෙලා ඉන්න එක ගැන හරි සතුටුයි.
    ඉදිරියේදී අපි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා අංශය ශක්තිමත් දැවැන්ත කාන්තා පෙරමුණක් බවට අනිවාර්යෙන්ම හදනවා. ඒකට කාන්තාවෝ දැන් අපිත් එක්ක සැදී පැහැදී ඉන්න.


    මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය නිමා කරපු නායකයා. එතුමා 2015දී යනකොට කාන්තාවෝ ගොඩක් ඇඬුවා. කාන්තාවෝ එදා ගෙවල්වල ඉව්වේ නෑ. අද එතුමා නිවිසැනසිල්ලේ විශ්රාම සුවයෙන් ඉන්න වෙලාවේ එතුමාගේ නිවස අහිමි කරගන්න හදනවා.
    මම හිතන්නේ රටේම සමස්ත කාන්තාවම, මාලිමාව රජයට උදව් කරපු කාන්තාව පවා, ඒකට ඉඩ නොදෙයි කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිවස අහිමි කරනවා නම් අපි කාන්තාවෝ හැටියට එක මිටට අනිවාර්යෙන්ම විරුද්ධ වෙනවා.
    එතුමාට ඉන්න නිවස අනිවාර්යයෙන්ම හිමි විය යුතුයි. මේ රටේ යුද්ධය නතර කරපු නායකයා. යාපනයේ දෙමළ කාන්තාවක් පවා අපේ රජුන්ට කිව්වා "අපිව බේරලා දෙන්න" කියලා. ඒ කාන්තාවෝ කොච්චර යුද්ධයෙන් පීඩා විඳලා ඇතිද? ඒ තරම්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ රටේ කාන්තාවෝ ආදරේ කළා. කාන්තාවෝ තමයි "රජුන්" කියන නමත් අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට දුන්නේ.


    අපි හැමෝම එකතු වෙලා අනිවාර්යෙන්ම එතුමාව නිවසින් එළියට යන්න අපි අවස්ථාව දෙන්නේ නෑ. අද කාන්තාවෝ කබලෙන් ලිපට වැටිලා ඉන්නේ. ඒ ගැන කනගාටු වෙන්න එපා.
    අනිවාර්යෙන්ම ශ්රී ලංකා පොදුජන පෙරමුණ රජයක් යටතේ ඔබව අනිවාර්යෙන්ම අපි සුඛිත මුදිත කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්න කාලේ කාන්තාවෝ රැකියා කරලා හොඳට ලස්සනට හිටියා. සැලූන් එකට ගිහින් කොණ්ඩෙ කළ කරලා ලස්සන කාන්තාවක් හැටියට හිටියා.
    දැන් කාන්තාවෝ පාරේ යනකොටත් මානසිකව පීඩාවෙන් යන්නේ. කතා කළත් හරියට කතා කරන්නේ නෑ සමහර කාන්තාවෝ. ඒ තරමට ඔවුන් පීඩනයෙන් ඉන්නේ. මොකද තමන්ගේ දරු පවුලට කුස්සියේ ප්රශ්න එමටයි. හාල් නෑ.
    ඉස්සරහට එන අවුරුද්දට කැවිලි හදාගෙන දරුවෙකුට කන්න දෙන්න අවස්ථාවක් නෑ. පොල් ගණන්, තෙල් ගණන්, හාල් ගණන් නිසා කිරිබත් උයන එක ඉතිහාසයට එක් වෙනවා. නත්තල් සීයා කෙනෙක් පොඩි ළමයෙකුට පොල් බැවිලි හා හාල් හුණ්ඩුවක් දෙනවා කියන දෙය අපි කවදාවත් දැකලා නෑ. මෑත ඉතිහාසයේ දැක්ක ඛේදවාචකය තමයි නත්තල් සීයා පොල් බැවිලි හා හාල් හුණ්ඩු බෙදනවා කියන එක.
    හැමෝටම ශ්රී ලංකා පොදුජන කාන්තා පෙරමුණට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
    ස්තූතියි, ඔබතුමිය අදහස් ප්රකාශ කළා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ නිවස සම්බන්ධයෙන්. ඔබතුමිය ගොඩක් සංවේදීව දුකට පත්වෙලා ඉන්න බවක් පේනවා.
    ඇත්තටම මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ මේ රටට ජීවිත දානය දුන්න රජ කෙනෙක්. ඉතින් අපිට ඇත්තටම කණගාටුයි එතුමාට එවැනි ප්රකාශයක් කිරීම ගැන.

    මමත් හිතන්නේ නෑ කාන්තාවෝ ඉඩ දෙයි කියලා. හැමදාමත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආදරේ කරපු, අපේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තාවෝ හැටියටත් එතුමාව ඒ ගෙදරින් හදිසියේවත් එළියට දාන්න මේ අය කටයුතු කළොත් අනිවාර්යෙන්ම අපි කාන්තාවෝ පෙළගැස්සෙනවා.
    අපි හැම කොට්ඨාසයකම කාන්තාවෝ ගෙනල්ලා අනුර කුමාර ජනාධිපතිතුමාට කියනවා මේ දේ කරන්න එපා කියලා. ඔබතුමාගේ මේ ආණ්ඩුවේ තියෙන බඩු මිල අඩු කරන්න බැරි වුණු ප්රශ්න විසඳගන්න බැරි වුණාම, මොකක් හරි එකක් දාලා ඒ ප්රශ්න වහන්න තමයි මේ දේ කරන්නේ කියලා අපි කියනවා. අනිවාර්යෙන්ම මේකට සමස්ත කාන්තාවම එකතු වෙනවා.
    අනිවාර්යෙන්ම අපි එකතු කරනවා. අපිට ඒ ශක්තිය තියෙනවා. ශ්රී ලංකා පොදුජන පෙරමුණේ තමයි දැවැන්තම කාන්තා සංවිධානය තියෙන්නේ. තාම අපේ කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය දැන් විටෙක නිහඬ වෙලා හිටියට හිතන්න එපා අපේ පක්ෂයේ අය නිහඬ වෙලා ඉන්නවා කියලා.
    කාන්තාවෝ හිතුවේ අනිත් ආණ්ඩුවට වඩා මේ රජයෙන් තමන්ට හොඳට කාලා ඇඳලා ඉන්න පුළුවන් කියලා. කාන්තාවන්ට හොඳ ලස්සන ලෝකයක් මවා පෙන්නුවා. කාන්තාවෝ ඒකට ගොඩක් රැවටුණා.

    දැන් ඒගොල්ලන් රැවටිච්ච බව තේරෙනවා. ඒගොල්ලන් හිතාගෙන ඉන්නවා දැන් කාන්තාවෝ තාම එක මිටට අපිත් එක්කම ඉන්නවා කියලා. නෑ එහෙම නෑ. අපි දැන් තැනින් තැනට ගියාම, අපි සාකච්ඡා කරන්න ගෙවල්වලට යනකොට කාන්තාවෝ කියනවා අනිවාර්යෙන්ම අපි ඊළඟ පාර ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මැතිතුමාව අනිවාර්යෙන්ම ජනාධිපති කරනවා කියලා.
    ගියපාර ඒගොල්ලන්ට එකපාරටම ඡන්දයක් ආවා. කවුද ඉදිරිපත් වෙන්නේ කියලා හොයාගන්නත් බැරි වුණා. ගොඩක් තැන්වලට අපිට යන්න අවස්ථාව ලැබුණේ නෑ.
    මැතිවරණ වෙලාවේදී "අයියෝ ඇයි අපේ පැත්තට ආවේ නැත්තේ, අපි තාමත් මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක ඉන්නේ" කියලා කිව්වා. අපි අතරමං වෙලා හිටියේ මේ කාටද අපි මේ ඡන්දේ මේ පාර භාවිතා කරන්නේ කියලා.
    සමහර අය අපේ කාන්තාවෝ ඡන්දේ දාන්න ගියෙත් නෑ. මොකද ඒ ඡන්දේ දාන්න තිබ්බ අවස්ථාව අහිමි වුණා. අපිට ගෙවල්වලට යන්න කාලය මදි වුණා. ඒ කාලේ තිබ්බට අපිට දිස්ත්රික්ක විසිදෙකේම දුවන්න කාලය මදි වුණා.
    මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ වගේ දෙයක් සිදු වෙනකොට, අපි දැක්කා ඉස්සර හිටපු කට්ටිය නම් ගොඩක් දේවල් කියනවා. "අපි දෙන්නා රට බේරපු නායකයා" කියලා. අද එක්කෙනෙක්වත් සද්දයක් නෑ. සමහර මිනිස්සු පාර්ලිමේන්තුවෙත් ඉන්නවා.
    අපේ රටේ කෙළෙහි ගුණ කියන එක ගොඩක් අයට අමතක වෙලා තියෙනවා. මං හිතන්නේ එතුමාට මේ නිවාස අහිමි කරොත් අපේ සංඝ රත්නය හැමෝම මේකට එකතු වෙයි. මං දැක්කා ප්රකාශන දාලා තියෙනවා "මහින්ද රාජපක්ෂ මැතිතුමාට, යුද්ධය දිනූ නායකයාට මේ වගේ දේවල් කරන්න එපා, මේක පහත්ම පහත් යෝජනාවක්" කියලා. ගොඩක් අය කියලා තියෙනවා, හැම පක්ෂයක්ම මේකට විරුද්ධව ප්රකාශ කරලා තියෙනවා.