එකමත් එක කතාවක්

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    462
    848
    93
    මන් කියන්ම යන්නේ පොඩී ලස්සන කතාවක්. හිතට තදින්ම දැනුන දෙයක්.

    මේ සිද්දිය උනේ පහුගිය 24 වෙනිදා. මන් ගමනක් යන්න බස් එකේ හිටියේ. කලින් දවසේ වැඩ ගොඩක් තිබුන නිසාත් එදා උදේ පාන්දරම ඒ වැඩ වල ඉතුරුවා පිලිවලක් කරන්න තිබුන නිසාත් නිදිමතයි මහන්සියයි සේරම එක්ක තමා ගමන ගියේ. මන් කිසිම දවසක බස් වල නිදා ගන්න කෙනෙක් නෙවෙයි ඒත් එදා මට නින්දත් ගියා.

    කොහොම හරි ඔහොම මගින් මගට ඇහැරි ඇහැරි නින්දේ තමා ගියේ. එක තැනකදි මට ඇහැරෙනවා බස් එකේ හෝන් එකට එතන හෝල්ට් එකක බස් නතර කරලා කට්ටිය නග්ග ගන්න. මගේ ජනෙලේ ඉස්සරම පිරිමි ලමයෙක් හිටන් ඉඳලා බස් එකට නැග්ගා මතකයි. පිටිපස්සෙ ඉඩ තිබුනද නැද්ද මන් දන්නෑ ඒත් මගේ සීට් එකේම ඒ කෙනා වාඩි උනේ. ඒ කරලා ටික වෙලාවකින් මට ආයම නින්ද ගියා. ඒ අතරේ මගේ ෆෝන් එක නින්දෙන් අතින් වැටුනා. ආයම ඇහැරලා ඒක අරගෙන පැයැක් හමාරක් යනකන් නිදා ගන්නේ නැතුව ඉන්න මාරම ගේමක් දීල ඇහැරන් හිටියා.

    සමහර වෙලාවට අපි ගාවින් පිරිම කෙනෙක් වාඩි උනාම හරි අපහසුයි. එයාලා ඉඩ ගන්නවා ගොඩක් අත අඩුම අපේ ඉනේ වදින්න හරි තියන් ඉන්නවා (සුලුතරක් පිරිමි අය. හැමෝම නෙවෙයි) ඒත් මේ කෙනා මට ගෑවෙන්නෙවත් නෑ. වංගුවක් ගද්දි උනත් එයා එහා පැත්තේ සීට් එකටයි බර වෙන්නේ. ඉතින් හිතට ඒක ලොකු සහනයක්. නිදා ගන්න උනත් කිසිම බයක් නැතුව. ඉතින් මට ආයම නිද ගියා. එක පාරක් ඇහැරෙද්දි ඒ කෙනාගේ උරහිසේ මන් නිදාගෙන හිටියේ. ඒ වත් එයා මට ගෑවිලා හිටියේ නෑ. සීට් එකෙ වැඩි හරිය මට තිබුනා. හිතට අමුත්තක් වගේම සතුටකුත් ඒ වෙලාවෙම ලැජ්ජවකුත් හිතුනා. එක පාරක් සොරි කියලා මන් අයින් උනා ඒත් ආයම නින්ද ගියා මට තෙහෙට්ටුව වැඩි කමටම.

    වෙලාව කොච්චරක්ද කියන්න මට ගානක් නෑ ඒත් මට නින්දෙන් කෙනෙක් තට්ටු කරනවා වගේ දැනුනා. අමාරුවෙන් ඇස් දෙක ඇරගද්දි අර පිරිමි ලමයා මගෙන් ඇහුවා කොහෙන්ද ඔයා බහින්නේ මම තව ටික වෙලාවකින් බහිනවා කියලා. ඒ කරලා එයා මගෙන් ඇහුවා කොහෙද යන්නේ කියලා. මන් කියුවාම, එයත් යන්නේ යාලුවෙක් හම්බෙන්න කියුවා. ආය මන් වැඩ කරන තැන ඇහුවා. එච්චරයි. එහෙනන් මම යනවා පරිසමින් ආය නිදා ගන්නේ නැතුව යන්න කියලා එයා ගියා පිටි පස්සෙ දොර පැත්තට. ඊට ටික වෙලාවකින් චොකලට් එකක් මගේ බෑග් එක උඩින් කෙනෙක් තිබ්බා. මන් හැරිලා බලද්දි අර පිරිමි ලමයා.

    මන් අනේ ඇයි මේ කියලා ඇහුවත් එයාට ඇහෙන්න නැතුව ඇති බස් එකේ සද්දේ ආය මන් මාස්ක් දාලා හිටිය නිසත්. දෙවියනේ ඉතින් මන් මොනා කරන්නද. මට ස්තූති කරන්නවත් වෙලාවක් නෑ එයා ආයම දොර ගාවට ගියා. පලවෙනි පාර මන් හැරිලා බලද්දි එයා බායි කියුවා. දෙවෙනි පාරත් හැරුනා එතකොට හිනා වෙලා බිම බලා ගත්තා. තුන්වෙනි පාරටත් මන් හැරුනා ඉතින් එයා ඇවිත් කතා කරයිද කියලා හිතලා ඒත් එයා බැලුවේ නෑ මන් දිහා. එයා බහින හෝල්ට් එක ඇවිත් බස් එකෙන් බැහැලා අත වැනුවා..

    ඉතින් ඒ චූටි ලස්සන කතාව එතනින් ඉවරයි🥺

    මට හිතට පුදුම විදියට දුකක් දැනුනේ . ඇයි කියන්නවත් මම දන්නේ නෑ. ඔක්කොටොම වැඩිය අඩුම මම එයාව දැක්කෙවත් නෑ හරියට. කැප් එකක් දාලා මාස් එකක් දාලා හිටියේ. ලොකු උනන්දුවකින් බැලුවෙත් නෑ මන් ඒත් බස් එකෙන් ඒ කෙනා බැහැලා ගියාට පස්සේ මට හිතුනා අනේ මූනවත් දැක්කා නන් කියලා. අඩුම මට නම අහන්න තිබ්බනේ කියලත් හිතුනා.

    එදා ගෙදර ගිය ගමන්ම මන් අපේ අයියගේ දුව අතින් සිද්දිය කියලා චොකලට් එක් පෙන්නපුවාම එයා කියුවේ අපෝ නැන්දි 50 චොකලට් එක්ක්නේ දීලා තියෙන්නේ කියලා. ඒත් දන්නවද.. ඒක මට මිල කරන්න බැරි තරමටම දැනුනා. මන් ආයම එන්න ලෑස්ති වෙද්දි අයියගේ දුව කියුවේ නැන්දි අදත් ඔයාට ඒ වගේ කෙනෙක්ව බස් එකෙන් හම්බෙන්න කියලා ප්‍රාර්තනා කරනවා කියලා. මන් හිනාවෙලා කියාගෙන ආවේ නෑ නෑ වෙන කෙනෙක් නෙවෙයී එයාම හිටියොත් ඇතී කියලා (අයියගෙ දුවගෙයි මගෙයි වයස් පරතරය අඩු නිසා අපි දෙන්නා අතර රහස් නෑ)

    කියුවට විශ්වාස කරන්න ඉතින් දවස් දෙකකට පස්සෙ මන් ආවා ආයම ගෙදර එන්න. එත්කොට වැරදිලාවත් එයාව හම්බවෙයි කියලා මන් බස් එකට නැගපු තැන ඉඳලා ඒ කෙනා බැහැපු ටවුන් එකේ ඉඳලත් ටවුන් එකක් ඉස්සරහට ඒ සීට් එකේ ඉඩ තියා ගෙන ආවා කන්ඩක්ටර් ට කියලා මගින් යාලුවෙක් නගිනවා කියලා. ඒත් එයා හිටියේ නෑ. ඉතින් හිතට තවත් මොකක්දෝ අවුලක්.

    ගෙදර ඇවිත් වැඩ කර ගන්න බැරි තැනටම හිතට වදයක් වෙද්දි මේ දේ මගේ යලුවා තමා කියුවේ මේක ඔයා ලියලා ෆේස්බුක් එකේ ගෲප් දෙක තුනකට දාන්න. කට්ටිය ඕක ශෙයා කරයි. එත්කොට ඔයා මේ දේ මට කියනවා වගේම ඒ කෙනත් සමහර විට එයාගේ යාලුවෙක් අතින් කියලා ඇතී මේ පෝස්ට් එක අඩුම ඒ යාලුවා හරි දැකලා ඒ කෙනාට කියයි කියලා. අනේ ඉතින් ඒ යාලුවා හරි ඔයා හරි ඔයා හරි මේක කියවයි කියලා තදින්ම විශ්වාස කරනවා.

    ( මේ දේ ආදරයක්ම නෙවෙයි ඊට එහා ගිය බොහොම ගෞරවාන්විත හැඟීමක්)

    ඔයාට...
    මාව පරිස්සම් කරාට, අර දුන්න චොකලට් එකට බොහොම ස්තූතී. මගේ කෙනෙක් එක්ක ලඟින් යනවා වගේ හැඟීමකින් ඔයා එක්ක ඒ පැය ගාන ගියේ. ඒ හැඟීම විස්තර කරන්න වචන නෑ. දුකයි ගොඩක්. හේතුව වත් මම දන්නේ නෑ. සමහර විට ඔයාට මේ දේ දන් අමතකත් ඇතී ඒත් මගේ ජීවිතේටම ඒ අමතක වෙන්නේ නෑ. මේ මගේ පලවෙනි අත්දැකීම මෙහෙම දේක. ඉතින් මැරෙන තුරාවටම හිතේ මේ දේ තියනවා අනිවාර්‍යෙන්ම. ඉන්න තැනක පරිස්සමින් සතුටින් ඉන්න.. බුදු සරණයි!

    අන්තිමට කියන්න තියෙන්නේ..

    බොහෝ පෙම් කව් ලියූ පසුවද
    සියුම් කැපුමක් මෙන් රැඳී
    නොලී කවියක් තිබිය නොහැකිද
    හදේ යම් රිදුමක් දිදී
    තියුණු රුදු සෙත් ලෙසින් සැමරුම්
    සෙමෙන් පාරණ මුත් ඇණී
    සිඳිනු හැකිවෙද කෙලෙස කිකලෙක
    එවන් හද පාරන බැමී..

    ඉතින් එබැවින් නවතිමී
    හදින් පිටමන් නොකරමී..

    ©️Samanalee Dissanayake
    Screenshot_20211230-095508_Facebook.jpg

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    1,443
    2,662
    113
    ඔයා නේද ඔය කතාවෙ ඉන්න කොල්ල.:baffled:
    මු හිටියනම් ඔය මුනේ හැටියට 'නංගි උරිස්සේ නිදාගන්න එපා,යමු අතෙන්ට මං ඇඳක නිදිකරවන්නම් කියයි' කකුලක් උස්සල.🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    3,468
    6,791

    View attachment 155613

    She is asking the the D
     
    • Haha
    Reactions: Master malli

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    26,694
    8,661
    113
    adala nene
    ඔයා නේද ඔය කතාවෙ ඉන්න කොල්ල.:baffled:

    මු හිටියනම් ඔය මුනේ හැටියට 'නංගි උරිස්සේ නිදාගන්න එපා,යමු අතෙන්ට මං ඇඳක නිදිකරවන්නම් කියයි' කකුලක් උස්සල.🤣
    ඔය නාකියට ඔච්චර දෙයක් බෑ