එකම දවසේ සුපිරි ටෙස්ට් මැච් දෙකක්ම

snm1990

Well-known member
  • Jun 4, 2015
    6,851
    2,573
    113
    කොළවලට හොදම ටෙස්ට් ටීම් එක ඉන්දියාව කියලා සුද්දෝ ඔප්පු කරා
     
    • Like
    Reactions: Stimulus mind

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,227
    749
    113
    Mount Olympus
    ඒ අස්සෙ හර්ෂා බෝග්ලේකාරයා Ollie Pope, switch hit එකෙන් ඉන්දියන් උන්ට එළව එළවා ගැහුව නිසා switch hit එක තහනම් කරන්න ඕන කිය කියා කෙවීන් පීටර්සන් එක්ක වාද කර කර නාහෙන් අඩනවා. මට නම් පෙන්නන්නම බැරි commentator කෙනෙක් තමයි හර්ෂා බෝග්ලේ කියන්නෙ.🤮 Typical indian mentality. ඌ කතා කරනවා ඒවා මාරම ෆනී කියලා හිතාගෙන ඌම ඒවට හිනාවෙනවා. මානස් ලබුෂේන්ගෙ LBW එක දුන්නෙ නෑ කියලත් WC final එකේදි නාහෙන් ඇඩුවා. 🥴


    ewww pissu huttek
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    5,473
    1
    2,036
    113
    the universe
    ෂමර් ජෝසප් අද කොදෙව් ඕස්ට්‍රේලියා තරඟයේ වීරය, ගිය අවුරුද්දෙ ඔහු මුරකරුවෙක්, ඊට කලින් කම්කරුවෙක්,දවසට පැය 12ක් රැකියාවෙ යෙදුණ අතරෙ ක්‍රිකට් පුහුණුවීම් කරන්ඩ හම්බවෙලා තියෙන්නෙ ඉරිද විතරයි, මෙයාගෙ පළවෙනි පළමු පෙල තරඟෙ ගහල දැනට අවුරුද්දක් විතර, මාස 3කට කලින් කැරිබියන් ප්‍රිමියර් ලීග් එකේ නෙට් බෝලර් කෙනෙක්,මේ එයාගෙ මංගල ටෙස්ට් තරඟාවලිය, ජීවත්වුණේ අති දුෂ්කර ගමක, ගමට බෝට්ටුවෙන් යන්ඩ ඕන, ඒකට දවස් 2ක් විතර යනව,2018 වෙනකන් ජංගම දුරකථන , අන්තර්ජාල පහසුකම් නොතිබුණ ගමක්..
    4 වෙනි ඉනිමෙ ඕස්ට්‍රේලියාවෙ ලකුණු 215ක් චේස් කරන් යද්දි ස්කෝ එක තිබ්බෙ 113-2 විදිහට, මේ වෙලාවෙ බෝල් කරන්ඩ එන ෂමර් එකම ස්පෙල් එකේ විකට් 7ක් ගන්නව, ඒ කකුලෙ ඇඟිල්ලෙ ඉන්ජරියකුත් තියාගෙන,ඊයෙ හොස්පිට්ල් එකේ ඉදල ඇවිල්ල, අන්තිමේ කොදෙව්වො ලකුණු 8කින් දිනනව, ටෙස්ට් ලෝක ශූරයින්ව පරද්දල,ෂමර්ගෙ නම ඉස්සරහින් ලකුණු 68ට විකට් 7ක් සටහන් වෙනව, මේ කොදෙව්වො 2003 න් පස්සෙ ඕස්ට්‍රේලියාව ටෙස්ට් මැච් එකක පරද්දපු පළවෙනි අවස්ථාව, ගැබා ග්‍රවුන්ඩ් එකේ පහුගිය අවුරුදු 35 ඉන්දියාව ඇරුනම ඕස්ටේලියාව පරද්දපු එකම ටීම් එක වෙන්ඩත් එයාලට අද පුලුවන් වුණා, ඉතින් අන්තිමට ක්‍රිකට් විචාරකයො කියන්නෙ පරදින්ඩ ගියපු ටෙස්ට් මැච් එක දිනවල ෂමර් අද පෙන්නපු දක්ෂතාවය කුසල් ජනිත්,ලාරා, වීවීඑස් ලක්ෂ්මන් වැනි අයගෙ තරඟ කනපිට පෙරලපු අති විශිෂ්ට ඉනිම් ගණයේ එකක් කියල..
    සටහන - මාධව විශ්වනාත් -
     
    • Like
    Reactions: Hermes and Ysa Karu