එක්ස්ප්‍රෙස් පර්ල් ගැන වාද කරලා මාසයයි, හරි ගියේ exper ලා කියපුවද,ඉන්ද්‍රජිත් ගමගේ කියපුවාද? (මම පොර ජාතකය අංක 69)

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    1,066
    1,144
    113




    හායි මචන්ලා, අදත් ආවෙ වැදගත් දෙයක් අරගෙන. මේක ඉතින් ඇත්තටම වැදගත් දෙයක්. ටිකක් දිගයි, සම්පූර්ණ කියවන්න බැරි අයට වැදගත් ටික ලොකුවට දානවා.

    අද ජූලි 6. පහුගිය ජූනි මුල මාත් එක්ක youtube එකෙයි, එළකිරියෙයි එක්ස්ප්‍රෙස් පර්ල් එක ගැන කට්ටිය කරපු වාදයට හරියටම මාසයක් පිරෙන දවස. (ජූනි මාසෙට දවස් 30 යි කියලත් සැලකිල්ලට අරන්. Thread එක කලින් දැම්මාට වාදය ගියෙත්, මාසෙකින් බලමු කියන challenge එක කරෙත් එදා) එදා මම කියන දේවල් පිළි ගත්ත නැති අයට, ඒකට පොතේ ගුරු විශේෂඥයො ගෙනත් counter point පෙන්නපු අයට මම කියපු දෙයක් තමයි මාසෙකින් බලමු කියන එක. ඉතින් ඒ ගැනයි මේ.

    ලංකාව වගේ පසුගාමී රටක මාසයක් කියන්නෙ ලොකු කාලයක්. සෑර් තව හොඳට නාලා, පොහොර හිඟ වෙලා, සජිත්ට කොරෝනා හැදිලා, පියුමි හංසමාලි නිරෝධායනය වෙලා, කුසල් මෙන්ඩිස් දික්වැල්ල ඇට කහලා, ඇලෝසියස් මෙන්ඩිස් හැදීම අරඹලා, දුමින්ද නිදහස් වෙලා, තෙල් මිල වැඩි වෙලා, මාළුපාන් 70 වෙලා, පරෙවියො trending වෙලා, නීතිය පැහැදිලිවම කඩපු කේස් එකක් හරහා පොලීසිය sex workers ලට අතක් තියා ගන්න බැරි වුණ ඇරියස් සේරම කවර් කිරීමත් ඇතුළුව මේ ටිකට වෙච්ච දේවල් අප්‍රමාණයි. ඉතින් එක්ස්ප්‍රෙස් පර්ල් ගැන කාටවත් මතක නැතිවත් ඇති.

    හැබැයි ඔය මේ මාසෙ වුණ කොයි දේටත් වඩා රටට තාම සැබෑ බලපෑම තියෙන්නෙ ඒ නැව නිසා. ඉතින් වැඩි අවධානයක් නැතත් ඒ ගැන මතක් කරගන්න එක වටිනවා. විශේෂයෙන්ම ඒ ගැන දීපු නානා ප්‍රකාර විශ්ලේෂණ අතරින් හරි ගියේ කවුරු කියපු එකද කියන එක.

    අමතක වුණ අයට මතක් වෙන්නත් එක්ක මම එදා කියපු දේවල්වල (එළකිරි + හානි තක්සේරුව ගැන youtube video එකෙන්) හරය මතක් කරගනිමු.

    1. එක්ස්ප්‍රෙස් පර්ල් නැව ගිලෙන්නෙ නෑ, natural buoyancy එකට ඇවිත් salvage කරන තුරු එහෙමම තියෙනවා.

    2. අම්ල වැසි වහින්නෙ නෑ. නයිට්‍රික් ටොන් 25 මුහුදයි, වැස්සයි එක්ක බැලුවාම ගාණක්වත් නෑ.

    3. ඉන්ධන කාන්දු වීමේ ඉඩ ඉතාම අඩුයි. හැබැයි ලිහිසි තෙල් ටිකක් කාන්දු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.

    4. රසායනික කෙටි කාලයක් තුළ දිය වෙලා යනවා. ඒ කාලය තුළ සමුද්‍ර ජීවීන්ට හානි වුණත්‍ එතනින් එහාට පවතින බලපෑමක් නෑ.

    5. ප්ලාස්ටික් කැටිතිවලින් තමයි ලොකුම බලපෑම. කෙටි කාලීනව වෙන හානියට අමතරව ඒවා හිරු එළියෙන් වියෝජනය වෙලා කලාපයේම micro plastic ප්‍රමාණය ඉහළ යෑමත් සිදු වෙනවා.

    තව ඉතින් මම කියපුවයි, විශේෂඥයො කියපුවායි align වුණ තැන් තියෙනවා. මාළු ඉල්ලුම බහින එක සහ ධීවර කර්මාන්තයට වෙන බලපෑම ගැන එහෙම. අපේ රටේ සිතුම් පැතුම් දන්න අයට ඒක කියන්න ඉතින් ඇත්තටම විශේෂඥයො ඕන නෑනෙ නේද. 😂

    කොහොම වුණත් කලින් කියපු, විශේෂඥ මතය ඉතාම වැදගත් වුණ කරුණු හතරෙදිම එයාලගෙ මතය එළිපිටම පට්ටපල් බොරු වුණා. ප්ලාස්ටික් කතාවෙදි පවා ඒකට මුල් තැන නොදී ඉන්ධනයි, නයිට්‍රික් අම්ලයයි අල්ලගෙන ඉන්න එකයි එයාලා කරේ.

    මහලොකු clout එකක් නැතත්, කියන කියන දේ පිළිගන්න එහෙයි හමුදාවක් නැතත්, රාමු කරපු ඩිග්‍රි කොළ නැතත් මම කියපු හැම දෙයක්ම නූලටම හරි ගියා. අන්න ඒකයි යමක් ගැන හරියට දැනුවත් වීමෙයි, පාස් වුණ පලියට ඩිග්‍රි කරලා ඉගෙන ගැනිල්ලෙයි වෙනස.

    අපේ රට හැදිලා තියෙන ක්‍රමය නිසා කලින් ක්‍රමය අනුගමනය කරන්න කොන්දක් තියෙන මම වගේ අයට මෙහෙම හෑලි ලියලා තනියම ඝණ්ඨාර ගහන්න වෙන එක සාමාන්‍යයි. ඒක අවුලක් නෑ. හැබැයි ටිකෙන් ටික හරි හරි යන පැත්තට හැරෙන පිරිසක් බිහි වෙනවා නම් එච්චරයි අවශ්‍ය.

    Critical thinking අපේ රටට හරිම වැදගත් දෙයක්. කට්ටියගෙ ඇරියස් චාජ් වෙන විදිහට මේවා දාන්නෙත් ඒකම තමයි. එතකොට වැඩි දෙනෙක් හැප්පෙන්න ඇවිත්, කතාබහ කරලා ඇත්තටම යමක් ඉගෙන ගන්නවා. මේ හෑල්ල මෙච්චර කියවලා බලාපොරොත්තු වෙන එක දේකුත් තමයි ඒ. Expert ලා යමක් කිව්වාම කවුරුත් එයාලාව ප්‍රශ්න කරන් නෑ. නොතේරුණත් ඔලුව වනනවා. ඒකෙන් රටට ඇති ප්‍රයෝජනයක් නෑ.

    එහෙනම් තවත් මේ වගේම වැදගත් thread එකකින් හමු වෙමු. එක පාරටම හිතට මදි කමක් දැනුණත් ඉන්ද්‍රජිත් ගමගේ යමක් කිව්වාම ඒක එකපාර බැහැර කරන්න එපා. මාත් එක්ක වාද කරලා මම වැරදියි කියලා ඔප්පු කරන්න ට්‍රයි එකක් දෙන්න. එතකොට මම හරි බව හොඳටම තහවුරු කරගන්න ගමන් තමන්ටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි.

    හැමෝටම ජය. 👍

     

    vito

    Well-known member
  • May 5, 2008
    7,190
    1
    3,302
    113
    අදාළ නෑ නේ
    ඉන්ද්‍රජිත් ගමගේ යමක් කිව්වාම ඒක එකපාර බැහැර කරන්න එපා.
    මචන් අර පහන්තුඩාව ජෝඩුව පොලිසියෙන් අල්ලන්න බැහැ මොකුත් කරන්න බැහැ කියල උබ දැම්මට අල්ලගෙන ගියා නේ?
    එතකොට උන්ව අරන් ගියේ ගිනි නිවන හමුදාවෙන්ද? :unsure: :unsure: :unsure: :unsure:
    ෆොටෝ අයින් කරන් ත්‍රෙඩ් ඩිලීට් කරන් ගියේ මොකෝ එතකොට?