කොළඹ නුවර ප්‍රධාන දුම්රිය මාර්ගයේ එඬේරමුල්ල දුම්රිය ස්ථානය අසල පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී පසුගියදා (08) උදෑසන සිදුවූ මාරක දුම්රිය අනතුරින් කාර් රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක එම ස්ථානයේදීම මියගොස් තිබුණි.
ඊයේ වනවිට වාර්තාවන්නේ මෙලෙස මියගිය බස් හිමි ව්‍යාපාරික කැළුම් තුෂාර සිල්වා නමැති විවාහක දෙදරු පියාගේ අවමංගල උත්සවය අතරතුර හදිසි හෘදයාබාධයක් වැළඳී ඔහුගේ බිරියද මියගොස් ඇති බවයි.
කැලණියේ පමුණුවිල ගෝනවල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි ලියනගේ කැළුම් තුෂාර සිල්වා
සහ වත්තල ගොංගිතොට ජාතික නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටි කිරුළපන පෞද්ගලික ආරක්ෂක ආයතනයක කාන්තා ආරක්ෂක නිලධාරිනියක ලෙස සේවයේ නිරතව සිටි නිමාලි නිසංසලා රත්නායක නමැති 44 හැවිරිදි විවාහක එක්දරු මවක එඩේරමුල්ල අනතුරින් මියගොස් තිබුණි.
දුම්රිය හරස් මාර්ගය පසුකර යෑම සඳහා පැමිණ අනතුරු සීනුව සහ ආලෝක සංඥාව ක්‍රියාත්මක වෙමින් තිබියදී එය නොතකමින් යන්නට උත්සාහ කළ වාහනය දුම්රියේ හැපිණි.
දුම්රියේ ගැටුණු මෝටර් රථය මීටර් 200 ක් පමණ කොළඹ දෙසට ඇදී ගොස් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියකද ගැටුන අතර බරපතළ තුවාල ලැබූ රථය තුළ සිටි දෙදෙනා එම ස්ථානයේදීම මිය ගියේ වාහනය පොඩිපට්ටම්ව යාමෙන් පසුවය.
රථය පදවාගෙන පැමිණි පුද්ගලයා ගේ හැදුනුම්පතේ සඳහන් වූ ලිපිනයට කළ දැනුම් දීමකින් පසුව බිරිය හා ඥාතීන් පැමිණ මළසිරුර හඳුනාගත් නමුත් රථයේ සිට දුම්රිය අනතුරින් මියගිය කාන්තාව තම පවුලේ ඥාතියෙකු හෝ දන්නා හඳුනන අයෙක් නොවන බව මියගිය කැළුම් තුෂාර ලියනගේ මහතාගේ බිරිඳ එම අවස්ථාවේ පවසා තිබුණි.
බස් රථ හිමි සැමියා 08 වැනිදා උදෑසන 5.30ට පමණ බස් රථයකට රියදුරෙකු සොයා ගැනීමට යන බව නිවසට පවසා පමුණුවිල නිවසින් පිටව ගිය බව සිය සැමියාගේ මළසිරුර හඳුනා ගැනීමෙන් පසුව බිරිඳ පොලිසියට ප්‍රකාශ කර තිබුණි.
අනතුරින් මියගිය කාන්තාව දුම්රියෙන් රැකියාවට යෑමට දුම්රිය ස්ථානයට පැමිණ සිටි බවත් දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනය නොවීම නිසා කෙසේ හෝ සේවයට වාර්තා කළ යුතු බැවින් මාර්ගයේ ගමන් කළ වාහනයට ගොඩවූ බව ඇතැමුන් පැවසුවද ඒ පිළිබදව පැහැදිලි සාක්ෂියක් ඉදිරිපත් වී නැත.
හදිසි අනතුරින් මියගිය නිමාලී නිසංසලා මීට වසර දහයකට පෙර නීතියෙන් විවාහයෙන් වෙන්ව පෞද්ගලික ආරක්ෂක අංශයක කාන්තා ආරක්ෂක නිලධාරිනියක් ලෙස සේවය කරමින් තම එකම පිරිමි දරුවා සමග වාසය කර ඇති අතර අනතුර පිළිබඳව පොලිසිය සහ හදිසි මරණ පරීක්ෂවරයා විසින් කාන්තාවගේ සැමියාට දැනුම් දීමෙන් පසුව එම ස්ථානයට පැමිණි ඔහු තමා නීතියෙන් වෙන්ව සිටින බැවින් මවගේ දේහය පුතුට භාරදෙන ලෙස ඉල්ලා තිබුණි.
කෙසේ නමුත් මාරක දුම්රිය අනතුරින් මියගිය ලියනගේ කැලුම් තුෂාර සිල්වා මහතාගේ බිරිය වන ලියන මොහොට්ටිගේ රසෝමා හසන්ති කබ්රාල් මහත්මිය සිය දයාබර සැමියාගේ හදිසි වියෝවින් ඇති වුණු කම්පනය හේතුවෙන් හටගත් හෘදයාධයකින් කොළඹ පෞද්ගලික රෝහලකදී හදිසියේ මියගොස් ඇතැයි පෙරේදා වාර්තා විය.
සැමියාගේ දේහය නිවෙසට ගෙන ඒමෙන් පසු ඇය ඒ අසල රැඳෙමින් “අද ඉඳලා මට හෙවණැල්ල වෙලා ළඟ ඉන්න කෙනෙක් නෑ... තනියමයි ජීවත් වෙන්න වුණේ... මමත් ඔයා එක්ක එනවාමයි...” යැයි කියමින් හඬා වැලපෙමින් සිට ඇත.
කැලුම් තුෂාර සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පෙරේදා (10) සිදු කිරීමට නියමිතව තිබියදී ඇයද දහවල් එකොළහට පමණ පපුව රිදෙන බව පැවසූ බැවින් කඩිනමින් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කිරීමෙන් අනතුරුව මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
පෙරේදා (10) මධ්‍යම රාත්‍රියේ රසෝමාගේ නිසල දේහය කැලණියේ ගෝනවල පමුණුවිල නිවෙසට රැගෙන විත් ඇති අතර, අවසන් කටයුතු පමුණුවිල පොදු සුසාන භූමියේ ඊයේ (11) සිදු කර ඇත.
දුම්රිය අනතුරින් මියගිය කැලුම් තුෂාර සහ හෘදයාබාධයකින් මියගිය ඔහුගේ බිරිය රසෝමා අසන්ති දරුවන් දෙදෙනකුගේ මවුපියෝය. මේ ලෙස අනපේක්ෂිත අන්දමින් මවුපියන් සමු ගැනීම දරාගත නොහැකි වුවත් එය ඔවුන් දෙදෙනාගේ ප්‍රාර්ථනාව මත සිදු වූවක් ලෙස බුදුදහම අනුව හිත හදාගැනීමට උත්සාහ කරන බව පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු වන පවුලේ වැඩිමහල් දරුවා වන ඔසද මින්සර සිල්වා මහතා පැවසීය.
මියගිය රසෝමාගේ වැඩිමහල් සොහොයුරියක වන ගීතානි මහත්මිය මේ අකල් මරණය සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළාය:
“මේ දෙන්නා ඉදිකටුවයි නූලයි වගේ ඉතාම සමඟියෙන් ජීවත් වුණා. නංගී කිසිම තැනක තනියම යන්නෙ නෑ. මහත්තයා නැති වුණු බව දැනගත් වෙලේ පටන් එයා පුදුම දුකකින් හිටියේ. මේ ඒ දෙන්නා පතාගෙන ආපු විදිය. තුෂාරගේ දේහය ළඟ ඉඳන් එයා කිවුවෙම මමත් එනවා ඔයා එක්ක යන්න කියලා. ඉතින් එයත් යන්න ගියා.”
wesa media huththige puthala akurak nera full details hoyagena nam gam wayasa serama liyanna purudu wela dan
https://elakiri.com/threads/එඬේරමුල්ල-දුම්රිය-කාර්-අනතුරින්-දෙදෙනෙක්-මරුට.2159441/