එළියට යනකම් අපි බලන් ඉන්නෙ නෑ.. ඊට කලින් එලවල දානවා – ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුවටම බනින අයට බැසිල් කියයි..!

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    9,734
    4,803
    113
    ලොවෙත් නැති තැනක
    ‘මේක අපි අමාරුවෙන් හදපු ආණ්ඩුව. හැබැයි මම එකක් කියනවා. මේ සැරේ ගල් ලෙන බිඳලා එළියට ගිහින් කවුරුහරි මේ ආණ්ඩුව විනාශ කරනවා නම් අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. මේ සැරේ ගල් ලෙන බිඳගෙන එළියට යනකම් අපි බලන් ඉන්නෙත් නැහැ. එහෙම නම් ඊට කලින් අපි ඒ අයව එලවල දානවා…’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා අවධාරණය කොට ඇත.


    පසුගිය බ්‍රහස්පතින්දා (25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ නියෝජනය කරන නවක මන්ත්‍රීවරුන් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව සඳහන් කොට ඇත.


    බැසිල් රාජපක්‍ෂ මහතාගේ මේ ප්‍රකාශයත් සමග නවක මන්ත්‍රීවරුන් එක දිගට අත්පොලසන් දී ඇති බව වාර්තා වේ.


    එම නවක මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමකට අනුව පැවැති මෙම සාකච්ඡාවට මන්ත්‍රීවරුන් 40 දෙනකු සහභාගි වී තිබේ.
    මෙහිදි නවක මන්ත්‍රීවරුන් බැසිල් රාජපක්‍ෂ මහතාට පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව එක මතයක සිට කතා කළ යුතු බවත්, ආණ්ඩුව ඇතුළේ සිට විපක්‍ෂයේ කාර්යභාරය කිරීමට කිසිවකුටත් ඉඩ දිය යුතු නැති බවත්ය.


    කුමන තත්ත්වයක් යටතේ හෝ ආණ්ඩුව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නවක මන්ත්‍රීවරුන් 40 දෙනා පෙනී සිටින බවට සහතිකයක්ද එම මන්ත්‍රීවරුන් බැසිල් රාජපක්‍ෂ මහතා වෙත ලබා දී ඇත.
    1614414873047.jpeg


    අඩෝ විමලා හිතන් ඉන්නවද දන්නේ නෑ චම්පික වගේ ගල්ලෙන බිඳගෙන යන්න. යකෝ විමලා මහ මෝඩයෙක්නේ. චම්පික එලියට එනකං කිසි එකෙක් දන්නේ නෑනේ ගල් ලෙන බිඳිනවා කියලා.අපෝ විමලා එකට හතර වටේට බෙරගහලද කරන්නේ ?​

    ------ Post added on Feb 27, 2021 at 2:06 PM
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    9,734
    4,803
    113
    ලොවෙත් නැති තැනක
    1614414873047.jpeg


    අඩෝ විමලා හිතන් ඉන්නවද දන්නේ නෑ චම්පික වගේ ගල්ලෙන බිඳගෙන යන්න. යකෝ විමලා මහ මෝඩයෙක්නේ. චම්පික එලියට එනකං කිසි එකෙක් දන්නේ නෑනේ ගල් ලෙන බිඳිනවා කියලා.අපෝ විමලා එකට හතර වටේට බෙරගහලද කරන්නේ ?​

     
    • Like
    Reactions: Solo Rider

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    2,072
    1,847
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ආණ්ඩුවෙ ඉන්න උන් ආණ්ඩුවෙ වැරැද්දක් විවේචනය කලොත් එලියට. හරිදේත් හරි වැරදි දේත් හරි කියන්න ඕනි. රටක් කවද සංවර්ධනය කරා යයිද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    28,264
    1
    10,662
    113

    චම්පික එලියට එනකං කිසි එකෙක් දන්නේ නෑනේ ගල් ලෙන බිඳිනවා කියලා.​


    චම්පික නං ඉතින් ඇතුළක හිටියත් පිටක හිටියත් කාටවත් ගානක් නෑනෙ, පතෝල වගේ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    9,734
    4,803
    113
    ලොවෙත් නැති තැනක
    චම්පික නං ඉතින් ඇතුළක හිටියත් පිටක හිටියත් කාටවත් ගානක් නෑනෙ, පතෝල වගේ

    චම්පික පතෝලයෙක් වෙන්න පුළුවන්. හැබැයි විමලා නම් ගොන් මීමෙක්.​

     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,196
    1,318
    113
    විමල් ට නොමිනේෂන් දෙන්නේ නෑ.බැසිල් එක්ක සෙල්ලම් කරන්න බෑ.ඉරිෂන් විමල්ගේ එකෙක්.අනේ මන්දා ඉරොෂන්ලට පයින් ගගහ එලවනකොට එත් කඩේ යනවා..මොකද උන්ට පොහොට්‍ටුඑන් ගියොත් බෙල්ලෙ වැල දාගෙන මැරෙන්න වෙන්නේ චන්ද ගන්න බැරුව.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,124
    829
    113
    කුමන තත්ත්වයක් යටතේ හෝ ආණ්ඩුව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නවක මන්ත්‍රීවරුන් 40 දෙනා පෙනී සිටින බවට සහතිකයක් - ත‍ොපී ප‍ෙනී හිටපන් ..... ජනතාව ත‍ොපි ව‍ෙනුව‍ෙන් චන්දය න‍ොදුන්න දවසට ප‍ෙනී ඉන්න එක‍ෙක් නැතිව‍ෙයි ... දැන් බැසිලග‍ේ පසුප‍ෙල අධෝමුඛ ශ‍ෝධකය‍ෝ තමයි ආණ්ඩුව‍ේ ප‍ොරවල් ... මුන්ට මුල අමතකයි ... හැම ආණ්ඩුවකටම ක‍ෙළවන්න‍ේ ම‍ේ වාග‍ේ පැරෂුට්කාරය‍ෝ ...