ඒ කාලේ අපි බලපු කාටූන් ගැන මේ විස්තර දැනගෙන හිටියද?

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    හැමෝටම මතක ඇතිනේ අපි ඒ කාලේ හරිම ආසාවෙන් බලපු සිංහල හඬකවපු කාටූන්. ඔය හඬකවපු කාටූන් අපි හරිම උනන්දුවෙන් බැලුවට ඒවා එකක්වත් ලංකාවේ හදපුවා නම් නෙමෙයි. හැබැයි අපිට ඒ බව නොදැනෙන්න ලස්සනට පිටපත් ලියල, හඬකවන්න ඒ කාලෙ ඒ නැන්දල, මාමලා දක්ෂ වුණා. අවාසනාවකට එතනින් එහාට ලංකාවේ කාටූන් කලාව අරගෙන යන්න මේ වෙනකන්ම කාටවත්ම බැරිවුණා. අදටත් අපේ දරුවෝ බලන්නෙ පිටරටවල හදපු කාටූන්. හැබැයි අපි පුංචි කාලෙ බලපු කාටූන් එක්ක බලද්දි, ඒවගෙන් දරුවන්ට දීපු ආදර්ශ එක්ක බලද්දි දැන් රූපවාහිනී නාලිකාවල පෙන්නන විකාරරූපී කාටූන් ගැනනම් කතා කරන්නත් දෙයක් නැති තරම්. ඔන්න ඒ නිසාම අපි හිතුවා ඒ ලස්සන පරණ කාටූන් ගැන මතකය අලුත් කරගන්න. ඒවා මුල ඉඳලා අගට කට ඇරගෙන බලන් හිටපු අපිට ඒ කාටූන් වල අන්තර්ගතය ආයේ මතක් කරන්න දෙයක් නැති නිසා අපි බලමු ඒ සිංහල හඬකවපු කාටූන් වල මුල් නිර්මාණ, එහෙමත් නැත්නම් original පිටරට කාටූන් ගැන විස්තරයක්


    දොස්තර හොඳ හිත

    01-53.jpg


    අපි ආසාවෙන් බලපු දොස්තර හොඳ හිත කාටූන් ඒක කාටත් මතක ඇතිනේ. මේ කාටූන් එක ලංකාවේ පෙන්නන්න පටන් ගත්තේ 1990 මුල් භාගයේ වුණාට ඒක නිර්මාණය කරපු රට වුණු ඇමරිකාවේ 1970 සිට 1971 දක්වා කාලයේ විකාශය වුණ බොහොම පරණ කාටූන් එකක්. කාටූන් එකේ නියම නම තමයි “Doctor Dolittle”. කාටූන් චරිත වල සමහර නම් විතරක් අපිට ගැලපෙන්න සිංහලට හරවලා තියෙනවා. දොස්තරගේ ඇත්තම නම තමයි කාටූන් ඒක නම වෙන Doctor Dolittle කියන නම. දොස්තරගේ සගයා ටොමී ම තමයි. සතුරු කණ්ඩායම් නායක දියරකුස් ගේ නම Sam Scurvy. අපිට පේන්නම බැරි චව් චව් ගේ නම Cyclops. ඒ වගේ වෙනස්කම් එක්ක ලස්සනට සිංහලට හඬකවපු මේ කාටූන් ඒක කොටස් 17කින් තමයි විකාශය කෙරිලා තියෙන්නෙ.





    වලස් මාමා

    02-52.jpg


    නිතර ගහ මරාගන්න වලස් මාමගෙයි වලස් නැන්දගෙයි කතාව කාටත් මතක ඇතිනේ. මේකත් ලංකාවේ විකාශය වෙන්න බොහොම කාලෙකට කලින්, ඒ කියන්නෙ 1962 ඉඳලා 1972 අතර කාලය අතරතුර ඇමරිකාවේ කොටස් 28කින් විකාශය කෙරුණු කාටූන් එකක්. Original කාටූන් ඒකෙ නම ගම අපි බලපු එකට වඩා හාත්පසින්ම වෙනස්. කතාවේ නම “The Beary’s Family”. වලස් මාමා, ඒ කියන්නෙ තාත්තගේ නම අපි දන්නෙ ඇඩ්ඩින් කියලනේ. හැබැයි ඇත්තම නම චාර්ලි. මැගී කියන වලස් අම්මගේ නම බෙසී. උක්කුං කියන වලස් පුතාගෙ නම ජූනියර්. හරියටම විකාශය වුණු කොටස් ප්‍රමාණය හොයාගන්න නැතිවුණත් කොටස් 28ම නම් ලංකාවේ විකාශය වුණේ නැහැ. මොකද පසු කොටස් වල අපි නොදන්නා සුසී කියල පුංචි වලස් දුවෙකුත් මේ ඇමරිකානු කතා මාලාවේ ඉන්නවා.





    පැන්චා

    03-53.jpg


    පැන්චා කියන්නෙත් ඇමරිකාවේ හදපු කාටූන් එකක්. විකාශය වෙලා තියෙන්නෙ 1986 ඉඳලා 1988 අතර කාලයේ. කතාවේ මුල් නම “Kissyfur” සීසන් දෙකකින් කතාංග 28කින් විකාශය වුණු මේ කතාමාලාවේ තියෙන්නෙ සර්කස් එකකින් පැනලා ඇවිල්ලා කැළේ සත්තු එක්ක සමඟියෙන් ජීවත් වෙන වලස් තාත්තෙකුගෙයි වලස් පුතෙකුගෙයි වැඩ ගැන. මුල් කතාවේ වලස් තාත්තගේ නම Gus. පුතාගෙ නම Kissyfur. ගුරුතුමිගේ නම Emmie. පුංචි පැටවුන්ව කන්න ඇහැගහගෙන ඉන්න නපුරු කිඹුල්ලු දෙන්නා වෙන හැලයගෙයි සීදේවි ගෙයි නම් වෙන්නෙ Floyd සහ Jolene.





    දඟයා

    04-53.jpg


    දඟයා කියල කියන්නෙත් අපි හරිම ආසාවෙන් බලපු කාටූන් කතාමාලාවක්. මේකත් ඇමරිකාවේ නිෂ්පාදනයක්. කාටූන් එකේ මුල් නම තමයි “Dennis the Menace”. මේ කතාව කාටූන් කතාමාලාවක් විදිහට නිර්මාණය වෙන්න කලින් 1959 සිට 1963 දක්වා කාලයේදී සාමාන්‍ය මිනිසුන් යොදාගෙන රූගත කරපු ටෙලි කතාමාලාවක් විදිහට විකාශනය වෙලා තියෙනවා. ඒ කතාව සීසන් හතරක් පුරාවට එපිසෝඩ් 146ක් විදිහට තමයි විකාශය වෙලා තියෙන්නෙ. නමුත් ඊට හුඟක් කාලයකට පස්සේ, ඒ කියන්නේ හරියටම කිව්වොත් 1986 ඉඳලා 1988 දක්වා කාලයේදී විකාශනය වුන කාටූන් කතා මාලාවේ නම් සීසන් දෙකකුත් එපිසෝඩ් 78කුත් තමයි විකාශනය වෙලා තියෙන්නේ. මේ කතාව සිංහලෙන් හඬකැවීමේදී ප්‍රධාන චරිතය වුන Dennis ගේ නම දඟයා කියලා වෙනස් කළාට අනික් නම් ගම් වලනම් වෙනසක් කරලා නැහැ.





    සූර පප්පා

    05-53.jpg


    සූර පප්පා කාටූන් එකත් නොදන්නා කෙනෙක් නැතිතරම්. ඒ වගේම මේ කාටූන් එක විකාශනය කරපු සිරස නාලිකාවෙන්ම පස්සෙ කාලෙක මේකේ කාටූන් චිත්‍රපට එහෙමත් පෙන්වපු නිසා Asterix කියන කතාවේ මුල් නමත් නොදන්න කෙනෙක් නැති තරම්. මේක ප්‍රංශයේ නිෂ්පාදනයක් කියල තමයි සඳහන් වෙන්නේ. මේ කාටූන් කතාමාලාව අපි බලල හුඟක් කල් ගතවුණාට මේකට අදාළ මුල් කාටූන් චිත්‍රකතා මාලාව නම් 2019 වසර දක්වාම ලියවිලා තියෙනවා. කතාවේ නම් ගම් අපි දන්න නම් වලට වඩා හාත්පසින්ම වෙනස්. හැබැයි රටාවනම් එක වගේ. ඒ කියන්නෙ පප්පා ගමේ අයගේ නම් එකම විදිහකට අවසන් වෙන්නේ. සූර පප්පා තමයි Asterix කියන්නේ. ජිම් පප්පා ගේ නම Obelix. ජිම් පප්පගේ චූටි කුකූ කියන බල්ලාගේ නම Dogmatix.





    කූඹිච්චි

    06-49.jpg


    කූඹිච්චී කියන්නේ ටිකක් පහුකාලයක විකාශනය වුණත් අපි ආසාවෙන් බලපු ආදර්ශමත් කාටූන් කතා මාලාවක්. කතාවේ මුල් අයිතිකාර රට විදිහට ජර්මනිය සහ බ්‍රිතාන්‍ය කියන නම් දෙකම සඳහන් වෙනවා. කතාව විකාශනය වෙලා තියෙන්නේ 1984 සිට 1985 අතර කාලයේදී කොටස් 52ක් විදිහට. කොහොම වුණත් සිංහලට හඬකැවීමේදී හිතාමතාම පොඩි පටලැවිල්ලක් ඇතිකරපු කතාවක් තමයි මේක. මුල් කතාවේ කූඹියා ඒ කියන්නෙ Ferdy කියල කියන්නෙ පිරිමි සතෙක්. ඒත් අපි බලපු කතාවේ එයා කූඹිච්චියෙක්. කූඹියාගේ පස්සෙන් එන කුරු කුරු කියන නළුවා මුල් කතාවේ ගැහැණු සතෙක්. සිංහල භාෂාවට කතාව පරිවර්තනය කරනකොට හිතා මතාම කරපු වෙනසක් විදිහට තමයි මේක පේන්න තියෙන්නෙ. සමහරවිට ළමයින් අතර කොහොමටත් ජනප්‍රිය “කූඹි ගමේ කූඹි ගෙදර කූඹි කුමාරී” ගීතයට අනුව නිර්මාණය කරපු තේමා ගීතයට ගැලපෙන්න මේ වැඩේ කළා වෙන්නත් බැරි නැහැ.



    පිස්සු පූසා

    07-50.jpg


    පිස්සු පූසා එහෙමත් නැත්තම් Top Cat කියල කියන්නෙත් අපි ආසාවෙන් බලපු බොහොම පරණ කාටූන් එකක්. මේක මුලින්ම නිෂ්පාදනය කරපු රටේ ඒ කියන්නෙ ඇමරිකාවේ විකාශනය වෙලා තියෙන්නේ 1961 ඉඳලා 1962 දක්වා කාලයේදී. මුල් කතාව කතාංග 30කින් සමන්විතයි. කතාවේ ප්‍රධානම චරිතය විදිහට පෙනී ඉන්න පිස්සු පූසා එහෙමත් නැත්තම් අනිත් පූසෝ ලොක්කා කියල හඳුන්වන පූසාගේ මුල් නම තමයි Top Cat කියල කියන්නෙ. එයාගේ ළඟින්ම ඉන්න කොට ඥාව්ව කියන පූසගේ නම Benny the Ball. ඒ විදිහට අනිත් පූසෝ ඔක්කොටම Choo-Choo, Brain, Fancy-Fancy, Spook කියල වෙනස් වෙනස් නම් තියෙනවා. සාජන් කියන පොලිස් නිලධාරියාගේ ඉංග්‍රීසි නම තමයි Charlie Dibble.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,242
    3
    117,100
    113
    Gampaha
    සුපිරි නූල මචෝ....👍👍👍

    හා හා හරිහාව
    සෝරෝ
    ටිං ටිං
    ගලිවර්
    හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩ්‍රසන්ගෙ සුරංගනා කතා කාටූන්
    එහෙමත් හරිම ආසාවෙන් බලපු කතා තමයි.

    හැබැයි කූඹිච්චි ඇතුලුව කූඹ්ච්චි එකෙන් පස්සෙ රෑපවාහිනියෙ කරපු කාටූන් මටනං සාර්ථක නෑ....
    ඊටපස්සෙ නැගල ගියේ චූටි මල්ලියි පොඩි මල්ලියි සිරසට ඇවිත් කරපු මුල් කාලීන කාටූන් ටික.
    ඒකෙත් හොඳම කාලයේ අවසානය මට මතක විදිහට සොනික් කාටූන් එක....
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    8,228
    10,905
    113
    ලංකාවේ.. ලංකාවේ
    හොද මතක......... තින්ක්යු....
    ටයිටස් තොටවත්තයන්, අතුල රන්සිරි ලාල්.... මේවා අපිට ගැලපෙන විදිහට සිංහලට dub කලේ.........

    සතුරු කණ්ඩායම් නායක දියරකුස් ගේ නම Sam Scurvy.
    හෑ එදා ඉඳන් ම මු එහෙමද ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අපිට පේන්නම බැරි චව් චව් ගේ නම Cyclops. - ඒ උනාට මු තමා ඇත්ත කිව්වේ.....
     

    AcIId

    Active member
  • Dec 25, 2016
    51
    152
    33
    පට්ට Post එක මචං

    ලංකාවේ සිංහල හඬකවපු කාටුන් කලාව පටං ගත්තේ මම දන්න විදිහට ටයිටස් තොටවත්ත (ටයි මාමා) මහත්තයාගෙන්.. ඒ කාලේ ලංකාවේ රූපවාහිනියේ තිබ්බ තාක්ෂනයත් එක්ක එයා හෙන කට්ටක් කෑවලු මේව සිංහලට හඬ කවන්න,, ගොඩක් කාටුන් වල සිංහල හඬකවන පිටපත ලියල තියන්නෙත් ඒ මහත්තයාම තමයි. ඒ කාලේ තිබ්බ හා හා හරි හාවා, දොස්තර හොඳහිත, සෝරො, පිස්සු පූසා වගේ කාටුන් ගැන අමුතුවෙන් කියන්න ඕන නැනේ..ඒත් දැං කාලේ පොඩි එවුන් බලන සිංහල හඬ කවපු කාටුන් බලදිදි හිතෙනව TV Channel වල ඉන්න එවුං ගුලිකාලද කියල.. තියන්නේම කුනු හරුපයි, මේලෝ තෙරුමක් නැති වචන ටිකකුයි විතරයි.. ඊට හපං ඉංදියාවේ පඩංගු කාටුන්, මෙලෝ රහක් නෑ..

    YouTube එකේ එහේ මෙහේ යද්දි අහම්බෙන් දැක්ක Videos ටිකක්,

    පුංචි කාලේ අපි ආසවෙන් බලපු සිංහල කාටූන් - Youtube Link

     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,196
    730
    113
    ~Madhouse~
    මේවා ඩවුන්ලෝඩ් කරගන්න හරි ඩීවීඩී විදිහට ගන්න හරි නැද්ද? රූපවාහිනී සංස්ථාවෙ තියෙන ආරංචියක් ආවා... බලන්න ඕන....!!!
    Roo Entertainment eken ahuwama cartoon thiyenawa kiwwa. Corona nisa thama yanna bari una.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    39,869
    1
    90,066
    113
    32
    Kalutara
    අපේ අක්කගේ පොඩි උන් දෙන්නා අර හිරු එකෙයි දෙරනෙයි යන ඉන්දියන් ජරා කාටුන් බලන්න ඇබ්බැහි වෙලා තියෙන්නේ, නිකන් හරි ඔය වගේ පරණ කාටුන් එකක් දැම්මොත් බලන්නෙම නෑ. රිමෝට් උදුරලා අරගෙන ඉන්දියන් ලඩියක් දාගන්නවා. බලන්නවත් හිතෙන්නේ නෑ ඒ ජරා ඉන්දියන් කාටුන්. 😣

    Roo Entertainment eken ahuwama cartoon thiyenawa kiwwa. Corona nisa thama yanna bari una.
    ගත්තොත් කියහන්.