ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත් "මාත්‍රා මිලියන තුනක් මිලදී ගන්නවා"'-ලලිත් වීරතුංග

dxx

Well-known member
  • Dec 26, 2011
    11,804
    10,541
    113
    _116681503_065384827.jpg


    කෝවිඩ්-19 රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීම පිණිස ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රා මිලියන තුනක් ඉන්දියාවේ එන්නත නිෂ්පාදනය කරන සේරම් ආයතනයෙන් මිලදී ගන්නා බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග පවසයි.
    ඉන්දියාව විසින් ප්‍රදානය කරන ලද එන්නත් මාත්‍රා ලක්ෂ පහක් බ‍්‍රහස්පතින්දා උදෑසන ශ්‍රී ලංකාවට ලඟාවනු ඇති අතර එදිනම කොරෝනා රෝගය සම්බන්ධයෙන් කටයුතු කරන සෞඛ්‍ය නිලධාරීන්ට එන්නත ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවත් ඔහු සඳහන් කළේ කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

    කෝවිඩ්-19 රෝගය මැඩලීම පිණිස මෙතෙක් ශ්‍රී ලංකාව අනුගමනය කළේ විවිධ දේශීය වෛද්‍ය වරුන් යයි පැවසූ පුද්ගලයන් නිපද වූ "පැණි" වර්ග භාවිතය හා නොයෙකුත් විශ්වාසයන් උඩ පදනම්ව ආශීර්වාද කරන ලද වතුර මුට්ටි ගංගා වලට එකතු කිරීම් වැනි කටයුතුය.

    CuMcAO5.jpg


    ජාත්‍යන්තර වශයෙන් පිළිගත් හා සායනිකව තහවුරු කරන ලද කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් ලබාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ පළමු අවස්ථාව මෙය වේ.

    ලලිත් වීරතුංග පැවසුවේ, මෙම එන්නත ඉදිරි දින දෙක තුළ ඉන්දියාවේ සේරම් ආයතනයෙන් මිලදී ගැනීම පිණිස ඇණවුම් ඉදිරිපත් කිරීමට නියමිත අතර, එය සිදුකරන්නේ රජය මගින් පමණක් බවය.

    ඔහු තවදුරටත් පැවසුවේ එන්නත් ක්‍රියාවලිය මුළුමනින්ම රජය මගින් දියත් කිරීමට කටයුතු කර ඇති අතර, එය ජන්ද හිමි නාම ලේඛනයට අනුව පුද්ගලයන්ට ලබාදීමට කටයුතු කරන බවයි.

    "පළමුවෙන්ම මෙය සෞඛ්‍ය සේවයේ නියුතු අයටත් ඉන් අනතුරුව හමුදාවේ හා ආරක්ෂක සෞඛ්‍ය අංශයන්ට පිහිට වන ඉදිරි පෙළ සේවයේ නියුතු අයටත් ඉන් අනතුරුව වයස අවුරුදු 60 ට වැඩි පිරිස්, ඔවුන්ගෙනුත් බෝ නොවන රෝග එනම් හෘද රෝග, දියවැඩියාව වැනි රෝග ඇති අයට ප්‍රමුඛත්වය ලබාදෙනවා," යනුවෙන් ලලිත් වීරතුංග පැවසීය.

    "අපි ඡන්ද හිමි නාමලේඛනය අනුව ග්‍රාම නිලධාරිවරයා හරහා සිදුකිරීමට බලාපොරොත්තුවනවා, අපිට දැනට සමහර අය කියා තියෙනවා ඒ අයගේ නම් ජන්දහිමි නාම ලේඛනයේ නැති බව අපි බලපොරොත්තු වෙනවා සියලුම පත්තරවල නිවේදනයක් දාලා ජනතාව දැනුවත් කරන්න."

    ශ්‍රී ලංකාවට චීන එන්නත් ලක්ෂ තුනක් ද ළඟදීම ලැබෙනු ඇතැයි පැවසූ ඔහු, චීන හා රුසියානු එන්නත් දේශීයව භාවිතයට අනුමත කිරීමේ ක්‍රියාවලිය මේ වන වීරත් ආරම්භ කර ඇති අතර ඒ සඳහා නිෂ්පාදකයින්ගෙන් තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින බවත් පැවසීය.සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් හත් දෙනෙකුට මේ වන විට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුට ද වෛරසය ආසාදනය වී තිබේ.

    පසුගිය ඔක්තෝම්බර් මාසයේ කොරෝනා දෙවන රැල්ල ආරම්භ වීමේ සිට ශ්‍රී ලංකාව තුළ කොරෝනාවෛරස් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණු අතර මේ දක්වා රෝගීන් 60,694 ක් වාර්තා වී ඇති අතර මරණ 290 ක් ජනවාරි 28 වනදා වන විට වාර්තා වී තිබිණ.

    BBC
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    61,779
    11,638
    113
    Malabe

    ඔය එකින් එක දියවෙන්නෙ ගු ඇන් පි බලු කික්කියන්ගේ අහිසක බලාපොරොත්තු. Lol
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    11,497
    12,159
    113
    දෙන්න බෑ කියල :( :(

    දෙන එක දෙකට බෙදල දෙන්න කියල තියෙනකොට තමා වැඩිපුර ගහල 1ස්ට් ගහපු උන්ට 2න්ඩ් එකත් නැති කරේ.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    8,796
    2,493
    113
    Sri Lanka
    දෙන්න බෑ කියල :( :(

    දෙන එක දෙකට බෙදල දෙන්න කියල තියෙනකොට තමා වැඩිපුර ගහල 1ස්ට් ගහපු උන්ට 2න්ඩ් එකත් නැති කරේ.
    කයිවාරු නන්දෙ වැඩක් කරොත් ගූ තමයි 😆😆
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    6,665
    1,067
    113
    pani thama enna

    Masa 5k gehen , kaiya vitharai
    ------ Post added on May 9, 2021 at 2:29 PM

    bump
    ------ Post added on Jun 10, 2021 at 6:15 PM