සෞඛ්‍ය අමාත්‍යංශයට ඔක්සිජන් ලබා ගැනීමට තිබූ මුදල්වලින් රුපියල් කෝටි 14 1/2ක් ඖෂධ මිලදී ගැනීමට සඳහා සැපයුම්කරුට දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට ඊයේ (15) දැනුම් දුන්නාය. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් සංදේශවල ඇති අස්සන් සහ තවත් ලේඛනවල ඇති අස්සන් සමඟ ඔහුගේ අත්අකුරු සැසදීමට රජයේ සැකකටයුතු ලේඛන පරීක්‍ෂවරයාට නියම කළ ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඒ සඳහා කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ආදර්ශ අස්සන් ලබා ගැනීමට ද නියම කළාය.
මෙම සිද්ධියට අදාළ සැකකරුවන් ලබන 29 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කිරීමටද රහස් පොලිසියට වැඩිදුරටත් නියම කළාය. පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේ දී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී
සොලමන් මහත්මිය, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර (ඇප මත මුදාහැර ඇත) සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් නමැත්තන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී”
මෙම සිද්ධියට අදාළ පැමිණිලි කැඳවනු ලැබූ අවස්ථාවේ දී රෝගී තත්වයකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ගිලන් රථයකින් අධිකරණයට කැඳවාගෙන පැමිණ සිටියේය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ' ඉමියුනෝග්ලෝබින්" නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල් වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ සිවිල් සංවිධාන එකතු මුතුව ' කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා විසින් නිකුත් කළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බන්ධනාගාර නිලධාරින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි තත්වයේ රෝගී තත්වයක පසුවන බවත් ඔහු ලබන 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවත් දැනුම් දෙමින් වාර්තාවක් ඉදිරිපත් කෙරුණි.
'' මගෙන් රටට '' සංවිධානයේ සභාපති සංජයමහවත්ත මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් මෙම සිද්ධියේ මුල් පැමිණිලිකරු ඔහු බව කියමින් නඩුවේ අතෘප්තියට පත් පාර්ශවකරුවකු වශයෙන් ඔහු වෙනුවෙන් කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටියේය.පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනි ගිරිහාගම මෙන විය ඊට තරයේ විරුද්ධත්වය පළ කරමින් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළ අතර දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාට අතෘප්තියට පත් පාර්ශවකරුවකු වශයෙන් පෙනී සිටීමට අවසර දීම මහෙස්ත්‍රාත්වරිය ප්‍රතික්‍ෂේප කළාය.
මෙම අපරාධයට වගකිව යුතු සියලු දෙනා අත්අඩංගුවටට ගන්නා ලෙස අධිකරණය පැමිණිලි පාර්ශවයට නියම කර ඇති බවත් එසේ කරන බවට පැමිණිලි පාර්ශවය අධිකරණයට දැනුම් දී ඇති බවත් අවධාරණය කළ මහෙස්ත්‍රාත්වරිය නඩුවේ දෙවැනි සැකකාර වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතාගේ රෝගී තත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කළ විශේඥ වෛද්‍ය කමිටුව රහසිගත වාර්තාවක් එවා ඇති බව දැනුම් දෙමින් එම වෛද්‍ය වාර්තාව පැමිණිලි පාර්ශවයට හා සැකකාර පාර්ශවයට පරීක්‍ෂා කිරීමට අවසර දුන්නාය.
පැමිණිල්ල වෙනුවෙන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනි ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් අධිකරණය පසුගිය අවස්ථාවේ දුන් නියෝග අනුව විමර්ශන කර ඇතැයි ද මෙම සිද්ධියේ සැකකරුවන් වෙන් වෙන්ව රඳවා තැබීමට නියම කරමින් බන්ධනාගාර අධිකාරීවරයාට නිකුත් කළ නියෝග ඔවුන්ට බාර දුන් බවත් පැවසුවාය.
මෙම සිද්ධියේ 08 වැනි සැකකරු ලෙස නම් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා අත්අඩංගුවට ගැනීමට පෙර පසුගිය දෙසැම්බර් 26 වැනිදා ඔහු කළ ඉල්ලීමකට අනුව රහස් පොලිස් නිලධාරීහු ඔහුගේ නිවසටම ගොස් ඔහුගේ ප්‍රකාශ ගත් අවස්ථාවේ දී ඔහු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව කියන කැබිනට් සංදේශ හතරක ඇති අත්අකුරු සහ පළමු සැකකරුට ගෙවිය යුතු ගෙවීම් නතර කළ පසු ඔහු විසින් රඹුක්වැල්ල නමැත්තාට තර්ජනය කරමින් එවු බව කියන ලිපියේ ඇති අත් අකුරු සම්බන්ධයෙන් රජයේ සැකකටයුතු ලේඛන පරික්ෂකවරයා ලවා පරික්ෂා කිරීම සුදුසු බව පෙන්වා දුන් ලක්මිනි ගිරිහාගම මෙන විය ඒ සඳහා නියෝගයක් කරන්නැයි ඉල්ලා සිටියාය.
සති තුනක කාලයක් තුළ රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය කඩා වැටෙන බව පවසමින් ඒ වන විට රටට ඖඖෂධ ගෙන ඒමට තිබු දැඩි නීතීමය තත්වයන් ලිහිල් කිරීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් 08 වැනි සැකකරු කටයුතු කළේ ඇයි? ඔහු හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ගියේ ඇයි? යන්න සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන කරන බවත් කී ලක්මිණ ගිරිහාගම මෙනවිය මුල් ගොනු ලබාදෙන ලෙස අධිකරණය කළ නියෝග අනුව වෛද්‍ය සැපයුම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා හමු වූ විට මුල් ගොනු වෙනුවට ඔහු ලබා දුන්නේ ඡායාස්ථ පිටපත් බවත් එහි කිසිඳු සටහනක් නැති බවත් කීවාය "
හදිසි ප්‍රසම්පාදන කටයුත්තක් ලෙස අදාළ ඖෂධ ලබා ගත යුත්තේ ඇයි? යන කරුණට අදාළ කිසිඳු තොරතුරක් එහි අඩංගු වී නැතැයි කී ලක්මිණි ගිරිහාගම මෙන විය ඖෂධ ලැයිස්තු පිළිබඳ සත්‍ය නිවරැදි ගොනුවක් සොයා ගැනීමට නැතැයි ද කීවාය ''
මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය - මේ ගොනු තිබිය යුත්තේ කවුරු ළඟද?
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය- ඖෂධ නිෂ්පාදන හා නියාමන අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක ළඟ.
මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය- අනවශ්‍ය මැදිහත්වීම් කරන්න එපා එහෙම වුණොත් දැඩි තීරණ ගැනීමට සිදුවෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය වැඩිදුර කරුණු දක්වමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා 2022 සැප්තැම්බර් 26 වැනිදා ඖෂධ 182කට අදාළ කැබිනට් සංදේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන විට නඩුවේ 06 වැනි සැකකරු ඖෂධ 285ක් සම්බන්ධයෙන් අභිලාෂ කැඳවීමක් කරන්නේ යැයි කීවාය.
ඖෂධ 182 සහ ඖෂධ 285 අතර ඇති සම්බන්ධතාවය පිළිබඳ රහස් පොලිසිය විමර්ශන කිරීමේ දී ලැයිස්තු දෙකේම ඇති ඖෂධ අතුරින් ඖෂධ 13ක් පමණක් වෙනසක් තිබී ඇතැයි කී ලක්මිණි ගිරිහාගම මෙන විය මෙම ඖෂධ 13 සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ නිලධාරීන්ගෙන් විමසු අවස්ථාවේදී එම ඖෂධ අතුරින් ඖෂධ 11කම ප්‍රමාණවත් තොගය ඒ වන විට රට තුළ තිබු බවත් ඉතිරි ඖෂධ 02ක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් නිෂ්පාදනය කරන හෙයින් එම ඖෂධ 02 සම්බන්ධයෙන් ද හදිසි තත්වයක් නොතිබු බවත් අනාවරණය කරගෙන ඇතැයි දැනුම් දුන්නාය.

------ Post added on Feb 17, 2024 at 2:54 PM