ඔක්සිජන් ලබා ගැනීමට තිබූ කෝටි 14 1/2ක් මගඩියට යොමු කරාට කෙහෙළියගේ අත්අකුරු පරීක්ෂාවට

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    36,704
    31,728
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සෞඛ්‍ය අමාත්‍යංශයට ඔක්සිජන් ලබා ගැනීමට තිබූ මුදල්වලින් රුපියල් කෝටි 14 1/2ක් ඖෂධ මිලදී ගැනීමට සඳහා සැපයුම්කරුට දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට ඊයේ (15) දැනුම් දුන්නාය. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් සංදේශවල ඇති අස්සන් සහ තවත් ලේඛනවල ඇති අස්සන් සමඟ ඔහුගේ අත්අකුරු සැසදීමට රජයේ සැකකටයුතු ලේඛන පරීක්‍ෂවරයාට නියම කළ ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඒ සඳහා කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ආදර්ශ අස්සන් ලබා ගැනීමට ද නියම කළාය.

    මෙම සිද්ධියට අදාළ සැකකරුවන් ලබන 29 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කිරීමටද රහස් පොලිසියට වැඩිදුරටත් නියම කළාය. පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේ දී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී

    සොලමන් මහත්මිය, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර (ඇප මත මුදාහැර ඇත) සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් නමැත්තන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී”

    මෙම සිද්ධියට අදාළ පැමිණිලි කැඳවනු ලැබූ අවස්ථාවේ දී රෝගී තත්වයකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ගිලන් රථයකින් අධිකරණයට කැඳවාගෙන පැමිණ සිටියේය.

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ' ඉමියුනෝග්ලෝබින්" නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල් වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ සිවිල් සංවිධාන එකතු මුතුව ' කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

    නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා විසින් නිකුත් කළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බන්ධනාගාර නිලධාරින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි තත්වයේ රෝගී තත්වයක පසුවන බවත් ඔහු ලබන 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවත් දැනුම් දෙමින් වාර්තාවක් ඉදිරිපත් කෙරුණි.

    '' මගෙන් රටට '' සංවිධානයේ සභාපති සංජයමහවත්ත මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් මෙම සිද්ධියේ මුල් පැමිණිලිකරු ඔහු බව කියමින් නඩුවේ අතෘප්තියට පත් පාර්ශවකරුවකු වශයෙන් ඔහු වෙනුවෙන් කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටියේය.පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනි ගිරිහාගම මෙන විය ඊට තරයේ විරුද්ධත්වය පළ කරමින් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළ අතර දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාට අතෘප්තියට පත් පාර්ශවකරුවකු වශයෙන් පෙනී සිටීමට අවසර දීම මහෙස්ත්‍රාත්වරිය ප්‍රතික්‍ෂේප කළාය.

    මෙම අපරාධයට වගකිව යුතු සියලු දෙනා අත්අඩංගුවටට ගන්නා ලෙස අධිකරණය පැමිණිලි පාර්ශවයට නියම කර ඇති බවත් එසේ කරන බවට පැමිණිලි පාර්ශවය අධිකරණයට දැනුම් දී ඇති බවත් අවධාරණය කළ මහෙස්ත්‍රාත්වරිය නඩුවේ දෙවැනි සැකකාර වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතාගේ රෝගී තත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කළ විශේඥ වෛද්‍ය කමිටුව රහසිගත වාර්තාවක් එවා ඇති බව දැනුම් දෙමින් එම වෛද්‍ය වාර්තාව පැමිණිලි පාර්ශවයට හා සැකකාර පාර්ශවයට පරීක්‍ෂා කිරීමට අවසර දුන්නාය.

    පැමිණිල්ල වෙනුවෙන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනි ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් අධිකරණය පසුගිය අවස්ථාවේ දුන් නියෝග අනුව විමර්ශන කර ඇතැයි ද මෙම සිද්ධියේ සැකකරුවන් වෙන් වෙන්ව රඳවා තැබීමට නියම කරමින් බන්ධනාගාර අධිකාරීවරයාට නිකුත් කළ නියෝග ඔවුන්ට බාර දුන් බවත් පැවසුවාය.



    මෙම සිද්ධියේ 08 වැනි සැකකරු ලෙස නම් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා අත්අඩංගුවට ගැනීමට පෙර පසුගිය දෙසැම්බර් 26 වැනිදා ඔහු කළ ඉල්ලීමකට අනුව රහස් පොලිස් නිලධාරීහු ඔහුගේ නිවසටම ගොස් ඔහුගේ ප්‍රකාශ ගත් අවස්ථාවේ දී ඔහු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව කියන කැබිනට් සංදේශ හතරක ඇති අත්අකුරු සහ පළමු සැකකරුට ගෙවිය යුතු ගෙවීම් නතර කළ පසු ඔහු විසින් රඹුක්වැල්ල නමැත්තාට තර්ජනය කරමින් එවු බව කියන ලිපියේ ඇති අත් අකුරු සම්බන්ධයෙන් රජයේ සැකකටයුතු ලේඛන පරික්ෂකවරයා ලවා පරික්ෂා කිරීම සුදුසු බව පෙන්වා දුන් ලක්මිනි ගිරිහාගම මෙන විය ඒ සඳහා නියෝගයක් කරන්නැයි ඉල්ලා සිටියාය.

    සති තුනක කාලයක් තුළ රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය කඩා වැටෙන බව පවසමින් ඒ වන විට රටට ඖඖෂධ ගෙන ඒමට තිබු දැඩි නීතීමය තත්වයන් ලිහිල් කිරීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් 08 වැනි සැකකරු කටයුතු කළේ ඇයි? ඔහු හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ගියේ ඇයි? යන්න සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන කරන බවත් කී ලක්මිණ ගිරිහාගම මෙනවිය මුල් ගොනු ලබාදෙන ලෙස අධිකරණය කළ නියෝග අනුව වෛද්‍ය සැපයුම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා හමු වූ විට මුල් ගොනු වෙනුවට ඔහු ලබා දුන්නේ ඡායාස්ථ පිටපත් බවත් එහි කිසිඳු සටහනක් නැති බවත් කීවාය "

    හදිසි ප්‍රසම්පාදන කටයුත්තක් ලෙස අදාළ ඖෂධ ලබා ගත යුත්තේ ඇයි? යන කරුණට අදාළ කිසිඳු තොරතුරක් එහි අඩංගු වී නැතැයි කී ලක්මිණි ගිරිහාගම මෙන විය ඖෂධ ලැයිස්තු පිළිබඳ සත්‍ය නිවරැදි ගොනුවක් සොයා ගැනීමට නැතැයි ද කීවාය ''

    මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය - මේ ගොනු තිබිය යුත්තේ කවුරු ළඟද?

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය- ඖෂධ නිෂ්පාදන හා නියාමන අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක ළඟ.

    මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය- අනවශ්‍ය මැදිහත්වීම් කරන්න එපා එහෙම වුණොත් දැඩි තීරණ ගැනීමට සිදුවෙනවා.

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය වැඩිදුර කරුණු දක්වමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා 2022 සැප්තැම්බර් 26 වැනිදා ඖෂධ 182කට අදාළ කැබිනට් සංදේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන විට නඩුවේ 06 වැනි සැකකරු ඖෂධ 285ක් සම්බන්ධයෙන් අභිලාෂ කැඳවීමක් කරන්නේ යැයි කීවාය.

    ඖෂධ 182 සහ ඖෂධ 285 අතර ඇති සම්බන්ධතාවය පිළිබඳ රහස් පොලිසිය විමර්ශන කිරීමේ දී ලැයිස්තු දෙකේම ඇති ඖෂධ අතුරින් ඖෂධ 13ක් පමණක් වෙනසක් තිබී ඇතැයි කී ලක්මිණි ගිරිහාගම මෙන විය මෙම ඖෂධ 13 සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ නිලධාරීන්ගෙන් විමසු අවස්ථාවේදී එම ඖෂධ අතුරින් ඖෂධ 11කම ප්‍රමාණවත් තොගය ඒ වන විට රට තුළ තිබු බවත් ඉතිරි ඖෂධ 02ක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් නිෂ්පාදනය කරන හෙයින් එම ඖෂධ 02 සම්බන්ධයෙන් ද හදිසි තත්වයක් නොතිබු බවත් අනාවරණය කරගෙන ඇතැයි දැනුම් දුන්නාය.



    සති තුනක කාලයක් තුළ රටේ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටෙන බව පවසා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා කැබිනට් සංදේශ ඉදිරිපත් කර ඇත්තේ අදාළ ඖෂධ 285 සම්බන්ධයෙන් වුවත් ඒ සියලු කරුණු අසත්‍ය බවත් ඒ වන විට අදාළ ඖෂධ 285ට අදාළව ප්‍රමාණවත් තොග රට තුළ තිබී ඇති බවත් අනාවරණය කරගෙන ඇතැයි දැනුම් දුන් ලක්මිණි ගිරිහාගම මෙනවිය ප්‍රමුඛතා ලැයිස්තු 01 සහ 02 පරීක්‍ෂා කර බැලීමේ දී මාස 02ක 03ක කාලයක් සඳහා ප්‍රමාණවත් තොග රට තුළ තිබිය දී හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මඟින් අදාළ ඖෂධ මිල දී ගැනීමට හේතූ වූ කාරණා මොනවාද? යන්න සම්බන්ධයෙන් කරුණු මෙතෙක් හෙළී වී නැතැයි ද කීවාය.

    මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය. ඖෂධවල තොග රට තුළ පවත්නා තොග යන ආකාර වලින් පරීක්‍ෂණ මෙහෙයවුවා ද?

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය. ඔව්. සාමාන්‍යයෙන් ඖෂධයක් ඇණවුම් කළ පසු එය රටට ලැබීමට මාස 09ත් 11 ත් අතර කාලයක් ගත වෙනවා. සාමාන්‍යයෙන් ඊළඟ වසරේ රටට අවශ්‍ය ඖෂධ සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කරන්නේ කළින් වසරේදීයි.

    ප්‍රසම්පාදනයට යෑමේ දී වාර්ෂිකව ලැබෙන තොග ලැබෙනවාද? ජාතික තලයේ රෝහල්වල මෙමඖෂධ තියෙනවාද? මෙය අත්‍යවශ්‍ය ජීවීතාරක්‍ෂක ඖෂධයක් ද? යන්න පරීක්‍ෂා කර බැලිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් වන කරුණු පැහැදිලි කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ප්‍රකාශයක් දුන් බවත් කී ලක්මිණි ගිරිහාගම මෙනවිය මෙම සිද්ධියට අදාළව අභිලාෂ කැඳවීමේ අවස්ථාවේදී ‘ඇති තොග පිළිබඳ අමතක කර හදිසි ප්‍රසම්පාදනයක් ලෙස ඖෂධ කැඳවීම් කරන ලෙස 07 වැනි සැකකරු අනීතීක නියෝගයක් කර ඇතැයිද දැනුම් දුන්නාය.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    36,704
    31,728
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සති තුනක කාලයක් තුළ රටේ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටෙන බව පවසා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා කැබිනට් සංදේශ ඉදිරිපත් කරමින් ඇණවුම් කළ ඖෂධ වර්ග 09ත් මේ වනතුරු රටට ලැබී නැතැයි ද රජයේ මුදල් සාපරාධී සාවද්‍ය කිරීමේ චේතනාවෙන්ම කුමන්ත්‍රණකාරී ලෙස මෙම ඖෂධ ගෙන්වීමට සැකකරුවන් කටයුතු කර ඇතැයි ද කී ලක්මිණි ගිරිහාගම මෙනවිය මෙම ක්‍රියාවලිය සඳහා රුපියල් බිලියන 02ක මුදලක් වැය වී ඇතැයි ද කීවාය.

    සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ ඇති ඖෂධ ප්‍රමාණයන් දැන ගැනීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්වීමට පෙර 'ෆොන්ටෝ සිස්ටම්' නමින් මෘදුකාංගයක් තිබු නමුත් ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්වූ පසු ‘ස්වස්ථා සිස්ටම්’ නමින් අලුත් මෘදුකාංගයක් හඳුන්වාදී ඇතැයි කී ලක්මිණි ගිරිහාගම මෙනවිය මෙම මෘදුකාංග වල දත්ත ලබාගැනීම සඳහා විශේෂඥවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් ලබන 26 වැනිදාට පෙර පත් කරඑවීමට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.

    රෝගීයා වින්දිතයා බවට පත් නොවීම සඳහා කළින් නිසි ක්‍රමවේදයක් තිබුණත් ඖඖෂධ නියාමන අධිකාරිය නියමිත රාජකාරී වලින් ඉවත් කර ඒ වෙනුවට ඇගැයිම් කමිටුවක් පත් කිරීම මඟින් 06 වැනි සැකකරු මෙම අපරාධය කිරීමට අවස්ථාව උදාකර දී ඇතැයි පෙන්වා දුන් ලක්මිණි ගිරිහාගම මෙනවිය ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාගෙන් අදාළ ගොනු ලබා ගැනීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියාය.

    මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය - ඖෂධ සැපයීම සඳහා සැපයුම්කරුවන් කී දෙනෙක් තෝරාගෙන තියෙනවාද?

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය - ඖෂධ 289ක් සැපයීම සඳහා සැපයුම්කරුවන් 38ක් තොරා ගෙන ඇතත් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ සැපයීම සඳහා අනු කමිටුවට ගියේ සැපයුම්කරුවන් 04 දෙනයි.

    එසේ තිබියදී මෙම අපරාධයට අදාළව ප්‍රධානතම ගණන් තැබීමේ නිලධාරීවරයා වශයෙන් ඖෂධ වර්ග දෙකක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ 1444ක මුදලක් ගෙවීමට අනුමැතිය දී ඇතැයිද කී ලක්මිණි ගිරිහාගම මෙනවිය එම මුදල් ගෙවා ඇත්තේ ඔක්සිජන් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂය යටතේ වෙනු කර තිබු මුදලින් යැයි ද කීවාය.

    හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා ඖෂධ රැස්වීම්වලට පැමිණි අවස්ථාවේ දී තැබු සටහන් රහස් පොලිසියට දීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට නියම කරන්නැයි ඉල්ලා සිටි ලක්මිණි ගිරිහාගම මෙනවිය මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංයෙන් නිවාඩු ලබාගෙන විදේශ ගතවී ඇති වෛද්‍ය ජයනාත් බුත්පිටිය සහ පී.ආර්. සුදර්ශන නමැති වෛද්‍යවරුන්ට රහස් පොලිසියේ පෙනී සිටීමට දැනුම් දෙමින් ඔවුන්ගේ විද්‍යුත් ලිපිනවලට පණිවුඩ තැබීමට කටයුතු කරන බව දැනුම් දුන්නාය.

    මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය- මම සිද්ධියට අදාළ ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින අතරතුර ඔවුන්ට රටින් පිටවී යෑමට අවසර දෙමින් නිවාඩු අනුමත කර ඇත්තේ කවුද?

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය- අවසාන නිලධාරියා වන්නේ ඇමතිවරයා. ඊට කළින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂවරයා. මෙම අපරාධයේ කුමන්ත්‍රණකරුවන් කවුද? යන්න හඳුනා ගැනීම සඳහා වෛද්‍ය ජයනාත් බුත්පිටිය සහ පී.ආර්. සුදර්ශන නමැති වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ ගැනීම අතිශය වැදගත්.

    මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය- සමන් රත්නායක නමැත්තාගේ සැකකාරභාවය සම්බන්ධයෙන් මෙතෙක් සාක්කි ඉදිරිපත් වී නැද්ද?

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය - සාක්කි තියෙනවා. විමර්ශනයේ උපක්‍රමයක් වශයෙන් පොලිස් නිලධාරීන් කටයුතු කරනවා. අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය පියවර ගැනීමට විමර්ශන නිලධාරීන් බලාපොරොත්තු වෙනවා.ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසුරිය මහතා කරුණු දක්වමින් සමන් රත්නායක, විජිත් ගුණසේකර නමැති සැකකරුවන් මෙම අපරාධයට අදාළව කළ හා නොකළ කරුණු සම්බන්ධයෙන් විමර්ශන කිරීමට රහස් පොලිස් නිලධාරීන්ට උපදෙස් දෙන්නැයි ඉල්ලා සිටියේය.

    ජනාධිපති නීතීඥවරුන් වන සරත් ජයමාන්න, අනුප් ප්‍රේමරත්න, නීතීඥ වමින්ද අතුකෝරල, නීතීඥ නලීන් ද සිල්වා, නීතීඥ ජාලිය සමරසිංහ ඇතුළු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව තම සේවාදායකයන් මාස 03 ක පමණ කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවන බවත් දඬුවමක් ලෙස ඔවුන් රිමාන්ඩ් බාරයේ රඳවා ගැනීමට කටයුතු නොකරන ලෙසත් ඉල්ලමින් සියලුම සැකකරුවන් ඇප මත මුදා හරින්නැයි ඉල්ලා සිටියහ. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් ලබන 29 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දීමට රහස් පොලිසියට නියම කළාය.පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක ලසිරි, සැරයන්වරුන් වන 35124 ප්‍රනාන්දු, 61823 මනෝජ් සමග ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත මහතා පෙනී සිටියේය.

    නීතීපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ අසේල විජේසිංහ සහ ගංගානී උක්වත්ත මහත්ම මහත්මින් සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය පෙනී සිටියාය.සැකකරුවන් වෙනුවෙන් නීතීඥවරුන් වන චමින්ද අතුකෝරල, ජාලිය සමරසිංහ, නවීන් ශානක, අශෝක සේරසිංහ මහත්වරුන් ඇතුළු නීතීඥවරුන් කණ්ඩායමක් සමග ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහත්වරු පෙනී සිටියහ.

    මනෝප්‍රිය ගුණසේකර
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    28,771
    35,652
    113
    සේදවත්ත
    මාස 4-5 ඇදලා මූව ඇප පිට නිදහස් කරනවා . එතකොට තියන දේශපාලනය තත්වය අනුව කෙහෙලිය රටින් වහාම පිටවෙනවා
     
    • Like
    Reactions: jennt

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,424
    1
    41,182
    113
    රනිල් මෙයාට බයවෙයිද? නැත්තං නීතිය ක්‍රියාත්මක කරයිද @monson @hirashgeff
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    2,159
    4,055
    113
    Sri Lanka
    ජෙප්පෝ ආවොත් කවුද ඉන්නේ උන්ගේ ඇමතිකමක් කරන්න පුළුවන් උන්... ඡන්දේ දින්න වගේ නෙවෙයි ආණ්ඩු කරන ඒක තමයි අමාරු...

    මේ වගේ බොහොම ගැඹුරු විදිහට ඇමතිකම් ටික කර ගන්න ජෙප්පොන්ට නම් බැරි වෙයි...
     
    • Haha
    Reactions: jennt

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    28,771
    35,652
    113
    සේදවත්ත
    ජෙප්පෝ ආවොත් කවුද ඉන්නේ උන්ගේ ඇමතිකමක් කරන්න පුළුවන් උන්... ඡන්දේ දින්න වගේ නෙවෙයි ආණ්ඩු කරන ඒක තමයි අමාරු...

    මේ වගේ බොහොම ගැඹුරු විදිහට ඇමතිකම් ටික කර ගන්න ජෙප්පොන්ට නම් බැරි වෙයි...
    වනිතා කටයුතු නම් අනිවාර්යයෙන් ලාල් කාන්ත සහෝදරයා

    කම්කරු අමාත්ය අර කොන්ඩේ පොකුටු යුනියන් ඩයල් එක

    ටිල්වින් සිල්වා ජනාධිපති ලේකම්

    සෞඛ්‍ය නම් අර කොට ඩොකා

    වැවිලි වාරි කෘශි කර්මාන්තයේ වගේ බිමල්

    ආර්ථික අර ඇගිලි නැති බුවා

    හරිනි අධයාපන

    වාරිමාර්ග අනුර කුමාර වැව් 1000

    ඔය ඉන්නේ බන්
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    2,159
    4,055
    113
    Sri Lanka
    වනිතා කටයුතු නම් අනිවාර්යයෙන් ලාල් කාන්ත සහෝදරයා

    කම්කරු අමාත්ය අර කොන්ඩේ පොකුටු යුනියන් ඩයල් එක

    ටිල්වින් සිල්වා ජනාධිපති ලේකම්

    සෞඛ්‍ය නම් අර කොට ඩොකා

    වැවිලි වාරි කෘශි කර්මාන්තයේ වගේ බිමල්

    ආර්ථික අර ඇගිලි නැති බුවා

    හරිනි අධයාපන

    වාරිමාර්ග අනුර කුමාර වැව් 1000

    ඔය ඉන්නේ බන්
    ඒ උනාට රනිල්ගෙ සෙට් එකට ලං කරන්නවත් බෑ...
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,424
    1
    41,182
    113
    වනිතා කටයුතු නම් අනිවාර්යයෙන් ලාල් කාන්ත සහෝදරයා

    කම්කරු අමාත්ය අර කොන්ඩේ පොකුටු යුනියන් ඩයල් එක

    ටිල්වින් සිල්වා ජනාධිපති ලේකම්

    සෞඛ්‍ය නම් අර කොට ඩොකා

    වැවිලි වාරි කෘශි කර්මාන්තයේ වගේ බිමල්

    ආර්ථික අර ඇගිලි නැති බුවා

    හරිනි අධයාපන

    වාරිමාර්ග අනුර කුමාර වැව් 1000

    ඔය ඉන්නේ බන්
    රනිල්ගෙ සෙට් එක කවුද?

    මුදල් ඇමති බැසිල්
    වනිතා කටයුතු නාමල්
    සෞඛ්‍ය රංජිත් සියඹලා
    විදේශ කටයුතු විමල්
    අධ්‍යාපන චිචී
    වන සංරක්ෂණ බදුර්දීන්
    :rolleyes:
     
    • Like
    • Haha
    Reactions: Phone Hora and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    2,159
    4,055
    113
    Sri Lanka
    kawda machan ranilge set eka?
    ඇයි ඔය දැන් ඉන්න සෙට් එක...

    ඡන්දේ දිනුවොත් රවී කරුණානායක, අකිල විරාජ්, සාගල රත්නායක, වජිර අබේවර්ධන සෙට් වෙයි...

    බහුතරය හම්බ උනේ නැත්නම් රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන්, මහින්දානන්ද, තිස්සකුට්ටි එහෙමත් ගන්න පුළුවන්...
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,454
    13,340
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඇයි ඔය දැන් ඉන්න සෙට් එක...

    ඡන්දේ දිනුවොත් රවී කරුණානායක, අකිල විරාජ්, සාගල රත්නායක, වජිර අබේවර්ධන සෙට් වෙයි...

    බහුතරය හම්බ උනේ නැත්නම් රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන්, මහින්දානන්ද, තිස්සකුට්ටි එහෙමත් ගන්න පුළුවන්...
    patta machan. supirima set ekak. wada karala pennapu supirima bullet tika. :love2:
     
    • Love
    Reactions: jennt

    ttj

    Well-known member
  • Jul 19, 2008
    2,159
    4,055
    113
    Sri Lanka
    patta machan. supirima set ekak. wada karala pennapu supirima bullet tika. :love2:
    ගැම්මක් තමයි...

    ඔය ඔක්කොම ඇමතිකම් කරලා අත්දැකීම් බහුල මිනිස්සූ... ලපයගේ සෙට් එකේ නම් වත් මිනිස්සූ දන්නේ නෑනේ...
     
    • Love
    Reactions: jennt

    ttj

    Well-known member
  • Jul 19, 2008
    2,159
    4,055
    113
    Sri Lanka
    රනිල්ට ඉන්නේ වජිර පමණයි
    අනිවා මචං ඊළග ඡන්දේ දිනුවොත් කලින් හිටපු සුපිරිම සෙට් එක ලඟට ගයි...

    රවී, සාගල, අකිල, පී. හැරිසන්, දයා ගමගේ, විජයදාස, රාජිත...

    ගැම්මක් තමයි...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    28,771
    35,652
    113
    සේදවත්ත
    අනිවා මචං ඊළග ඡන්දේ දිනුවොත් කලින් හිටපු සුපිරිම සෙට් එක ලඟට ගයි...

    රවී, සාගල, අකිල, පී. හැරිසන්, දයා ගමගේ, විජයදාස, රාජිත...

    ගැම්මක් තමයි...
    උන් ගැම්මක් නෙමෙයි එයා ගන්නේ තරුණ කොල්ලො 😁
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    2,159
    4,055
    113
    Sri Lanka
    උන් ගැම්මක් නෙමෙයි එයා ගන්නේ තරුණ කොල්ලො 😁
    ඔව්... අනිවා රනිල් කියන්නේ තාරුණ්‍යයේ නායකත්වය....

    ගැම්මක් තමයි...
     
    • Love
    Reactions: Don GasCan