ඔන්ලයින් ණය දෙන ආයතන 5 කට ‘ෆේස්බුක්” සහ “වට්ස් ඇප්' මඩ ගැසුවැයි කෝටි 425ක් වන්දි ඉල්ලයි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    3,300
    7,948
    113
    43
    Living in an Atom

    ඔන්ලයින් ණය දෙන ආයතන 5 කට ‘ෆේස්බුක්” සහ “වට්ස් ඇප්' මඩ ගැසුවැයි කෝටි 425ක් වන්දි ඉල්ලයි​


    Loan-Shark.jpg


    ඩිජිටල් හා මාර්ගගත (Online) ක්‍රමයට ණය ලබා දෙන මූල්‍ය ආයතනවලට ‘ෆේස්බුක්” සහ “වට්ස් ඇප්' මගින් මඩ ගැසුවේ යැයි කියන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තිදෙනකුගෙන් රුපියල් මිලියන 4250 ක වන්දි අයකර දෙන්නැයි ඉල්ලා ඔන්ලයින් ණය දෙන සමාගම් පහක් අත්තනගල්ල දිසා අධිකරණයේ නඩු පැවරීය.ඩිජිටල් ඕල්ටනෙටිව් ලෙන්ඩින් ඇසෝසියේෂන් (DALA) සංගමයේ සමාගම් මගින් පැවරූ මෙම නඩුවල වගඋත්තරකරුවන් වශයෙන් වේයන්ගොඩ පදිංචි අගම්පොඩිගේ තිවංක චතුරංග ලක්ෂ්මන් හෙවත් ටුටු, ගම්පොළ පදිංචි තරින්ද බණ්ඩාර තිස්කුමාර හා මහව පදිංචි නිලන්ත කුමාර නමැත්තන් නම් කර ඇත.

    අත්තනගල්ල දිසා විනිසුරු කේසර සමරදිවාකර මහතා මෙම පැමිණිලි සලකා බැලීමෙන් පසුව ලබන 22 දින අධිකරණයේ කරුණු දක්වන ලෙසට ඞගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරමින් -නියෝග කළේය.DALA සංවිධානයේ වීබිස්නස් සොලූෂන්ස් (V Busines Solutions - CashX), ෆින්ටෙක් සොෆ්ට්වෙයාර් (Fintech Loanme), සෙෆර්සොලූෂන්ස් Software Solutions (Zephyr Solutions (Pvt) Ltd - Lotus Loan), ඔක්රෙඩිට් (Oncredit) සහ එස්.එෆ් .ගෲප් (SF Group-Fino'lk) මෙම නඩු පහ ගොනුකර ඇත.

    පවත්නා නීතිවලට අනුගතව ක්‍රියාත්මක ඔන්ලයින් ණය ලබා දෙන සමාගම්වලට එරෙහිව ෆේස්බුක් හා වල්ඇප් සමාජ ජාලා ඔස්සේ සාවද්‍ය හා ද්වේෂ සහගත ප්‍රකාශ නිකුත් කරමින් සිදුකරන අපකීර්තියට එක් එක් විත්තිකරුගෙන් රුපියල් මිලියන 500ක් බැගින් සහ මෙතෙක් සිදු කළ හානි සඳහා රුපියල් මිලියන 350ක් බැගින් මෙම වන්දිය ඉල්ලා තිබේ.

    සුදත් පෙරේරා නීතිඥ සමාගම මගින් පැවරූ පැමිණිලිවල මෙසේ ද සඳහන් වේ.විත්තිකරුවන් Facebook හා Whatsapp සමාජ ජාලා ඔස්සේ" ඔන්ලයින් මාෆියා නිසා අසාධාරණයට ලක්වුවන්" නමින් සංවිධානයක් පවත්වාගෙන යමින් ද්වේශ සහගත ප්‍රචාර සිදුකර ඇත.මෙරට නීතිරීතීන්ට අනුකූලව ව්‍යාපාර පවත්වාගෙන යන පැමිණිලිකරුවන් 2007 අංක 07 දරන සමාගම් පනතේ යටතේ ලියාපදිංචි ආයතනයක් මගින් ස්වයං- නියාමනයට ලක්වේ.

    ඔන්ලයින් වේදිකාවන් ඔස්සේ ණය ලබාදීම ලෝකය පුරා ව්‍යාප්ත ප්‍රචලිත ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයක් බව පෙන්වා දෙන පැමිණිලිකරුවන් පෝලන්තය, කසකස්ථානය, යුක්රේනය, චෙක් ජනරජය, රුමේනියාව, ස්පාඤ්ඤය, මෝල්ඩෝව, වියට්නාමය, පිලිපීනය, කෙන්යාව, ඉන්දියාව, මෙක්සිකෝව, නයිජීරියාව, කොලොම්බියාව හා දකුණු අප්‍රිකාව යන රටවල්වල ද ක්‍රියාත්මක වන බව පෙන්වා දෙයි. නීත්‍යානුකූල ව්‍යාපාරයන් සම්බන්ධයෙන් අපකීර්තිමත්, ද්වේෂ සහගත, සාවද්‍ය හා නීතිවිරෝධී ප්‍රකාශ සංවිධානාත්මකව බෙදාහැරීම වෙනුවෙන් විත්තිකරුවන්ට එරෙහිව තීන්දුවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇති පැමිණිලිකරුවන්, මෙම නීතිවිරෝධී ක්‍රියාවන් තවදුරටත් සිදු කළහොත් විත්තිකරුවන්ට එරෙහිව තහනම් නියෝග ලබාගන්නා බවද පැමිණිලි මගින් සඳහන් කර ඇත. වැඩිදුර විභාගය ලබන 22 දින සිදු කිරීමට නියමිතය.

    රෝෂන් තුෂාර
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,184
    320
    83
    UK -Uswetakeiyawa
    Balen denne na ne ithin un. Habai ithin asarana wela innakota minissu Naya ganna pelabenawa. Samahara unge poliya 100% k
    oka adala nehene, lankawe me app permission seen/data protection hari law ekak nethi hinda mun berunata, munge 3rd party app walata photos/files, Contact list permission ganne mokatada ? ewa un access karala wenama save karaganne wage dewal walatath ehenam katha karanna oni.

    ewa aduma playstore ekatawath danna behene godak unge ewa wenama 3rd party link walinne ganne.

    hari haman lawyer kenek alluwoth munta hodai

    ලෝකය පුරා ව්‍යාප්ත ප්‍රචලිත ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයක් බව පෙන්වා දෙන පැමිණිලිකරුවන් පෝලන්තය, කසකස්ථානය, යුක්රේනය, චෙක් ජනරජය, රුමේනියාව, ස්පාඤ්ඤය, මෝල්ඩෝව, වියට්නාමය, පිලිපීනය, කෙන්යාව, ඉන්දියාව, මෙක්සිකෝව, නයිජීරියාව, කොලොම්බියාව හා දකුණු අප්‍රිකාව යන රටවල්වල ද ක්‍රියාත්මක වන බව පෙන්වා දෙයි
    :baffled:
     
    • Like
    • Haha
    Reactions: shenat and lilman

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,287
    6,093
    113
    මුන් එකෙක්වත් නය දෙන ආයතන විදිහට රෙජිස්ටර් වෙලත් නැතිව කොහොමද එහෙම නඩු දාන්නේ
     
    • Like
    Reactions: rukey184

    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    601
    348
    63
    dan ethakota munge loan aran gewanne nathi unta mokada wenne? me widyata apahasa nadu danna puluwan nam ewatath nadu danna puluwan ney?
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,394
    2,155
    113
    Colombo
    එතකොට Central Bank එකෙන් කියලා තිබ්බා නේද මේවා illegal කියලා?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,937
    6,783
    113
    අරන් තුන් දෙනාට රෙද්දේ රෙවිලා ඇති අහ්
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,393
    15,500
    113
    Land of the Gods 🕎
    රජයේ ලියාපදින්චි පලියට හොරකම් කරන්න පුලුවන් වගේ එකක් මටනම් පේන්නේ? පහුගිය ටිකේ උන පීරමීඩ උත්තවල් ටිකත් ඉතින් රජයේ ලියාපදිනිච් තමයි.
     
    • Like
    Reactions: infoniroshan

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,419
    680
    113
    on earth
    Oya naya dena hattagen agathiyata path una 1000k wage ekaku karala 1 billion wage wenna wandi illala wenama naduwak dammanam owunta redde rewei :lol: . Hari haman laywer kenek allala gemak dunnam ownwa lankawenma athugala danna puluwan
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,361
    590
    113
    Oya naya dena hattagen agathiyata path una 1000k wage ekaku karala 1 billion wage wenna wandi illala wenama naduwak dammanam owunta redde rewei :lol: . Hari haman laywer kenek allala gemak dunnam ownwa lankawenma athugala danna puluwan
    sahathika ahtha.
    niyama chance eka
    mata hithenawa ehema wei kiyala
    online naya dena un redde rewagannai hadanne
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,921
    79,922
    113
    ආශ්චර්යමත් රටක
    Oya naya dena hattagen agathiyata path una 1000k wage ekaku karala 1 billion wage wenna wandi illala wenama naduwak dammanam owunta redde rewei :lol: . Hari haman laywer kenek allala gemak dunnam ownwa lankawenma athugala danna puluwan

    අතුගාලා දායි පම්ක.
    ඔය බැංකු හොරෙක් ජනාධිපති වෙලා ඉන්න රට යකෝ 😹😹

    #පල්හොරුන්ගෙපාරාදීසය
    #කොළඹ වෙනස 😹😹