ඔබට ගැළපෙනම රැකියාව කුමක්ද? 💰🤔ජීවිතයේ අරමුණ, ගැළපෙනම රැකියාව හොයාගන්න කේන්දරේ ටිකක් බලාගමුද?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    10,921
    10,027
    113
    IMG_0152.jpeg

    බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි තමන්‍ යන්න ඕන කොහේද, කරන්න ඕන මොනවද, තෝරගන්න ඕන රැකියාව මොකද්ද, මුදල් හම්බකරන්නෙ කොහොමද වගේ දේවල් ගැන කොටින්ම තමන් ගැන හරි හැටි අවබෝධයක් නැතිකම.

    හුගක් දෙනා ජීවත්වෙන්නන් වාලෙ ජීවත් වෙන්නත්, කළකිරීම් නිසා ජීවිතය නැති කරගන්නෙත් මෙන්න මේ නිසයි.

    තමන්ට ගැළපෙනම සහ සමබර සතුටුදායක ජීවිතයක් ගත කිරීමට සුදුසු රැකියාව හොයාගන්න අපූරු කේන්දරයක් නැත්නම් සංකල්පයක් ජපානයේ සහ Dan Buettner ගේ Ikigai සංකල්ප එකතු කරලා ඉදිරිපත් කරලා තියෙනවා.

    ඉකිගයි (Ikigai) කියලා කියන්නෙ "ජීවත් වීමේ අරමුණ" (Pupose of Life)කියන තේරුම ඇති ජපන් වචනයක්.ජපාන වැසියන් තමන්ගෙ ජීවිතයේ අරමුණ සොයා ගනිමින් වඩා තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට භාවිතා කරන සංකල්පයක් තමයි ඉකිගයි. ඒක හරි අපූරු ජීවත් වීමේ කලාවක්.මේ පිළිබදව සවිස්තරාත්මකව ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු "ඉකිගයි" කියල පොතක් තියෙනවා. පුලුවන් නම් හොයාගෙන බලන්න.

    මේ සංකල්පය සහ ඒ ඔස්සේ Dan Buettner කියන ඇමෙරිකානු දේශක සහ ප්‍රසිද්ධ කතෘ කෙනෙක් රැකියාවට අදාළව ජීවන අරමුණ හොයාගන්නෙ කොහොමද කියන එක ගැන කරපු සටහනක්, Marc Winn කියන නිර්මාණ කරුවා අලුත් නිර්මාණයක් විදියට Ikigai Venn Diagram කියලා හදුන්වලා දීලා තියෙනවා.ලොව පුරා බොහෝ දෙනෙක් Marc ගෙ මේ Ikigai වෙන් රූප සටහන නිසා තමන්ගෙ ජීවිතය තෘප්තිමත්ව ගත කරන්න සුදුසුම රැකියාව හොයාගෙන තියෙනවා.

    මේ විස්තර කරන්නෙ Diagram එක භාවිතා කරලා ඔයා විසින්ම කරගන්න පුලුවන් ස්වයං අධ්‍යයනයක් (Self Test).

    ඉස්සෙල්ලම රූප සටහන හොදට බලන්න. Ikigai වෙන් රූප සටහනට අනුව ඔයාගෙ රැකියාව එපා වෙන්නෙ නැතුව පූර්ණ තෘප්තියෙන් කරන්න නම් රූප සටහනේ ආකාරයට ප්‍රධාන කොටස් 4 ටම (1,2,3,4 ප්‍රධාන රවුම් 4) පොදු වෙන එක ලක්ෂණයක් ඔයාට තියෙන්න ඕන. රවුම් 4 තේරුම මෙහෙමයි.

    01.වෙනි රවුම-ඔබ කරන්න කැමති දේ (What you love)
    ඔබ ඇත්තටම කරන්න කැමති දේවල්.උපතින්ම තියෙන හැකියාවන්,නිර්මාණශීලීත්වය,කොච්චර කරත් එපා වෙන්නෙ නැති දේවල්,කන්න බොන්නත් අමතක වෙන, කාලය මහන්සිය ගැන ගානක් නැතුව එක දිගටම, සල්ලි ලැබුණත් නොලැබුණත් කරන්න කැමති දේවල්.

    02. වෙනි රවුම-ඔබ කිරීමට දක්ෂ දේ (What you are good at)
    ඔබ ඇත්තටම කරන්න දක්ෂ සහ හැකියාව ඇති දේවල්.ඔයා කාලයක් තිස්සෙ ඉගෙන ගෙන හරි පුරුදු පුහුණු වෙලා හරි ඔයාටම තියෙන විශේෂ හැකියාවන්, ගොඩක් අය ඔයාගෙන් උදව් උපදෙස් ඉල්ලන දේවල් හරි ඔයා මේ දේට ජනප්‍රියයි කියලා හැමෝම දන්න දේවල් වගේ.

    03. වෙනි රවුම-ඔබට මුදල් අය කරගත හැකි දේවල් (What you can be paid for)
    ඔයාට විසදන්න පුලුවන් ගැටලු ,ඔයා මීට කලින් මුදල් හම්බකරපු ක්‍රම, දැනට කරන රැකියාව, බිස්නස් එක,නැත්නම් ඔයා මුදල් උපයන්න හිතන ක්‍රමය,කැමති ක්‍රමය ආදිය.

    04. වෙනි රවුම-ලෝකයේ හෝ සමාජ අවශ්‍යයතා වෙනුවෙන් ඔබට ලබා දිය හැකි දේවල් (What the world need)
    සමාජයේ ඉල්ලුම ඇති දේවල්, ආයතන දියුණු කිරීමට සපයන සේවා, ධනාත්මක දේවල්, සුවපත් කිරීම්, නව නිර්මාණ, පරිසරය ආරක්ෂා කිරීම, චින්තනය දියුණු කිරීම, ජීවිතය පහසු කරන ක්‍රම

    රූප සටහනේ විදියට මේ රවුම් 4 ඔයාගෙ විස්තර වලින් පිරෙව්වට පස්සෙ 4ටම පොදු වෙන එක කරුණක් තමයි ඔයාට ගැළපෙනම රැකියා ක්ෂේත්‍රය (Ideal Job) විදියට සැළකෙන්නෙ.

    නැත්නම් රවුම් දෙකක හෝ තුනක විතර නම් ඔයා ඉන්නෙ ඔයා තෘප්තිමත් නෑ.ඒ වගේ ඉන්න තැනට කියන නම් තමයි මේවා.රූප සටහන බලන්න.

    05. ආශාව-Passion-කැමැත්ත වගේම දක්ෂ කම විතරක් තියෙනවා.
    06.රැකියාව-Profession-දක්ෂතාවය මත මුදල් ලබා ගන්නවා.
    07. වෘත්තීය-Vocation
    ලොවට අවශ්‍යය දේ සපයන ගමන් මුදල් උපයනවා.
    08. මෙහෙවර-Mission
    ඔයා කැමතිම දේ කරලා ලෝකයට අවශ්‍යය, යහපත් දෙයක් දෙනවා.

    09 ,10, 11, 12 කියන්නෙ ඔයා දැනට රැකියාවක් කරනව නම් මේ වෙද්දි ඔයාට දැනෙන එක එක දේවල්. කියවල බලන්න.

    13 තමයි ඒ හැමදෙයකම මධ්‍ය ස්ථානය. ඒ කියන්නෙ උපරිම සතුටෙන් යෙදෙන්න පුලුවන් රැකියා ක්ෂෙත්‍රය (රූ.ස. ජීවන අරමුණ)

    මේක පැහැදිලි වෙන්න උදාහරණයක් කියන්නම්.

    අමල් හොද දක්ෂ Accountant කෙනෙක්. එයා ගොඩක් ඉගෙන ගෙන විභාග ගොඩක් පාස් කරලා හොද ආයතනයක හොද ආදායමක් එක්ක Account රැකියාව කරනවා. හැබැයි එයාට හරි හිස් බවක් දැනෙනවා හැමදේම තිබුණත්. එතකොට මේක එයාට හරියනම දේ නම් පූර්ණ තෘප්තියක් ලැබෙන දේ නම් එයා ඉන්න ඕන ඔය පින්තූරෙ තියෙන රූපසටහනේ හරි මැදනෙ.

    දැන් අපි ඉකිගයි වෙන් රූපසටහන අනුව එයා මේ 1,2,3,4 රවුම් 4 ඉන්න තැන බලමු.

    ✅එයා හොදට ඉගෙන ගෙන දක්ෂතාවය සහ දැනුම ඇති කරගෙන ඉන්න නිසා අංක 2 රවුම හරි.(What you good at)
    ✅ඊළගට කරන රැකියාව නිසා හොද ආදායමක් ලැබෙනවනෙ. අංක 3ත් හරි.(What you can get paid for)
    ✅ඊට පස්සෙ මේ කරන දෙයින් ආයතනය දියුණු වෙනවා වගේම සමාජයේ පැවැත්ම වෙනුවෙන් අමල්ගෙ හැකියාවෙන් දායකත්වයක් ලැබෙන නිසා අංක 4ත් හරි. (What the world needs)

    හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා මොන දේ ලැබුණත් අමල් රස්සාව කරන්නෙ නම් කැමැත්තෙන් නෙවෙයි.එපා වෙලා.ඒ කියන්නෙ එයා ඉන්නෙ රූප සටහනේ විදියට අංක 10.

    ඒ කියන්නෙ 2,3,4 රවුම් තුන සම්පූර්ණ කරත් 1 වෙනි රවුමෙ එයා නෑ (What you love).ඒ කියන්නෙ පූර්ණ තෘප්තියෙන් රැකියාව කරන්න බැරි, එක් සාධකයක් එතන නෑ. හැමදේම ලැබුණත් තෘප්තියක් නෑ මොකද එයා කරන්නෙ අකමැති දෙයක් නිසා.

    අමල් ඇත්තටම කැමති හොද Guitar ගහන කෙනෙක් වෙන්න.එයා Music වලට උපතින්ම දක්ෂයි ඒ වගේම කැමතියි.එයා hobby එක විදියට ඒක කරනවා. ඒත් එයා හොද Guitarist කෙනෙක් වෙලා සල්ලි හම්බ කරන්න දන්නෙ නැති නිසා අකමැති උනත් දැන් කරන දේම කරනවා. ඒකයි එයාට හිස් බවක් දැනෙන්නෙ.

    ඉතින් අමල්ට සතුටෙන් සමබරව ජීවත් වෙන්න නම් එයා කැමති දේ, හොදට පුහුණු කරලා ඉගෙනගෙන, මුදල් බවට පරිවර්තනය කරලා සමාජයටත් ඒ සේවාව ලබා දෙන්න පුලුවන් වෙන්න ඕන. ඔය කරුණු 4ම සම්පූර්ණ වුණාම තමයි පූර්ණ තෘප්තියක් දෙන රැකියාවක් වෙන්නෙ.එතකොට එයා ඉගෙන ගන්න ඕන එයාගෙ හැකියාව මුදල් කරගන්න විදිය විතරයි.

    පුලුවන් නම් කොලයක් පෑනක් අරගෙන රවුම් 4 ක් නැතත් කමක් නෑ ඉහත කොටස් 4 ක යටතේ ඔයා ගැන, ඔයාම දන්න දේවල් පුලුවන් තරම් ලියන්න. ඒ ලියපු දේවල් ඔක්කොම අරගෙන බැලුවම ඔය කොටස් 4 ටම පොදු වෙන සමාන ලක්ෂණ ඇති එක area එකක් ඔයාට පෙනේවි. ඒක තමයි ඔයාට ගැලපෙනම ක්ෂේත්‍රය රැකියාවක් කරන්න.

    මේක එක ක්‍රමයක් විතරයි. හැමෝටම මේක හරියන්නෙ නැති වෙයි.ඒත් මේක දෙසැරයක් විතර කියවලා තනියම කරලා බලන්න .අනිත් අයට ඕන දේ නෙවෙයි, තමන්ට ඇත්තටම ඕන දේ ගැන තේරුම් ගන්න එක තමයි ජීවිතේ සතුටින් සහ සමබරව ගත කරන්න අත්‍යවශ්‍යම දේ.

    අනිත් දේ තමයි ජීවිතේ අරමුණ, යන්න ඕන හරිම පාර, කරන්න ඕන හරිම රැකියාව එක පාර හොයාගන්න බෑ. කෙනෙක් තමන්ගෙ ජීවිත කාලෙ අන්තිම හරියෙදි ඒක හොයාගනිද්දි තව කෙනෙක්ට පළවෙනි රස්සාවෙන්ම ඔය දේ හරියටම හරියන්න පුලුවන්.

    ඒක නිසා ඔයාට හරිම දේ හොයාගන්න නම් මේ වගේ self awareness test, කාලෙන් කාලෙට try කරලා, විවිධ රැකියාවල් අත්හදා බලලා, trial and error method එකේ වැරදි වැරදි දිගටම ඉගෙන ගන්න.ඔයාට හරියනම දේ ඒ විදියට ඔයා හොයාගන්නවා.ඒක හම්බු වෙනකන් දැනට කරන හැම දෙයින්ම දෙයක් ඉගෙන ගන්න. මොකද ඒ දේවල් තමයි ඔයාගෙ Ideal Job එක හොයාගත්තම ඒකෙන් ඉහළටම යන්න උදව් කරන්නෙ.

    ඉතින් ඔයාගෙ ජීවන කේන්දරේ අනිත් අයගෙන් අහ අහ ඉන්නෙ නැතුව ඔයාම හදාගන්න. මුදල් ගලාගෙන ඒවි. ඔබ සතුටෙන් දෙයක් කරන්න ගත්තම.ඔබට ජය 😊👍

    🖊️වෙරානි ජයසේකර
    පුද්ගලික මූල්‍ය උපදේශිකා
     
    • Love
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    26,163
    49,297
    113
    View attachment 224183

    Oya baila wadak ne ban. Sarala theory 2i tiyenne.

    1. Jeewath wenna salli hamba karanna puluwan jobak karapan
    2. Do what you like, eka hariyanne nathan like what you do