ජීවීතයේ ඔබ මෙතෙක් ලබා ගෙන ඇති සාර්ථකත්වය කුමක්ද යන්න ඇසුවොත්...
බහුතරයක් දෙන පිළිතුරු...
අධ්‍යාපනයෙන් උසස්ම තැනට ගියා
රැකියාවේ උසස්ම තැනට ගියා
හොද පවුල් ජීවිතයක් ගත කළා...
රට රටවල් වල ඇවිදලා ලෝකය නැරඹුවා...
දැනුම එකතු කළා..
යහපත් දුවා දරුවන් ලෝකයට දායාද කළා...
මහ පොළොව සරු කළා...
වගා කළා..
දැනුම බෙදා දුන්නා...
සාර්ථක ව්‍යාපාර කළා..
99.9999% ක් ම එසේ කියද්දී...
මම බුදුරජාණන් වහන්සේ සාරා සංකෙයිය කල්ප ලක්ෂයක් පුරා පෙරුම් පුරා අවබෝධ කරගෙන දේශනා කොට වදාල චතුරාර්‍ය සත්‍ය ප්‍රත්‍යක්ෂව අත්දැක්කා... මම නිවන් සුව විදින කෙනෙක්...
කියා අභීත සිංහ නාද කළ හැකි උතුම් අයෙක් නම්...
ඔබ...
මහ පොළොවෙන් නියපොත්ත උඩට පැමිණි පස් ටික මෙනි....
කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන කළ..පායා ඇති සද දැකි කෙනෙකි...
මහා ඝන අන්ධකාර රැයක.. ගසන ලද එක් අකුණුසැර එළියට පමණක් දිස්වෙන අශ්ව කෙන්දට , අත ඇති දුන්නෙන් ඉලක්කය බලා නිවැරදිව ඊතලය මුදා හල අති දක්ෂයෙකි.....
ගෙවා ආ අති දීර්ඝ සංසාරයේ මවක් නොවුණු පියෙක් නොවුණු කෙනෙක් නැති බැවින් ඒ සියලු දෙමාපියන්ට බිවූ කිරට ණය නැති කෙනෙකි....
මහ පොළොවේ පස් පරයන්නට....අහසේ තරු පරයන්නට....සාගර ජලය පරයන්නට ඇස් හිස් මස් ලේ දන් දුන් බෝධි සත්ව ගුණයට,ඒ අනන්ත බුදු ගුණයට කරුණාවට අවනතව... ප්‍රතිපත්තියෙන් පූජා කළ කෙනෙකි...
අන් අය කාමයන් සොය සොයා සැනසෙද්දී... ඒ ආශාවන් වීර්‍යයෙන් මැඩපවත්වා...
අන් අය සුව සේ නිදි සුව විදිද්දි.. නින්ද කැප කොට අවදිව සමථ විපස්සනා බවුන් වඩා...
ඉදුරන් පිනවන කාමබරිත ලොව මැද...ඉන්ද්‍රියන් වීර්‍යයෙන් ශ්‍රද්ධාවෙන් හික්මවා...
කයට සිතට වෙහෙස දැනෙද්දී...වීර්‍යය ඉවත නොලා...
ඒ බුදු ගුණ ,දහම් ගුණ ,සග ගුණ නිරන්තර මෙනෙහි කොට එයින්ම වීර්‍යය, ශ්‍රද්ධාද උපදවා....
සිත දමනය කරන්නටම ජීවිතය කැප කොට...
දුක දැක... දුක අවබෝධ කොට... දුකෙන් මිදෙන මාර්ගයේ ගමන් කොට... දුකෙන් සදහටම මිදුණ උතුම් ආර්‍යයන් වහන්සේ නමක් ලෙස....
ඒ ත්‍රිවිධ රත්නයට ප්‍රතිපත්තියෙන් පූජා කොට...
බුදු රජාණන් වහන්සේ හදවතින් දැකි....
ගෞතම බුදු සසුනේ.... ධර්මය ප්‍රතිවේද ශාසනය එක් දිනකින් හෝ දිගු කරන්නට....
ශාසනයේ අවසන් පුද්ගලයා නොවන්නට...
බුදු රජාණන් වහන්සේ හා එක් වුණු දුර්ලභ කෙනෙකි....!!!!
එවැනි උතුමන්ගෙන් මේ සම්බුදු සසුන පිරී ඉතිරී යේවා.....!!!!!