ඔයාගෙ ට්‍රැක පැනල කියල හිතෙනව නම් විශ්මිත විරාමයක් ගන්න. ඒක කරන්නෙ මෙහෙමයි.

bonty89

Well-known member
  • Feb 20, 2009
    2,876
    6,397
    113
    ඔයාගෙ ට්‍රැක පැනල කියල හිතෙනව නම් විශ්මිත විරාමයක් ගන්න. ඒක කරන්නෙ මෙහෙමයි.

    1. මොකක්ද විශ්මිත විරාමයක්, එහෙමත් නැතිනම් wonderful break එකක් කියන්නේ?

    මගේ වචන වලින් කිව්වොත් විශ්මිත විරාමයක් කියන්නෙ, තමන් ට්‍රැක් එකෙන් පැනලා, එහෙමත් නැතිනම් දරාගන්න බැරි තරම් pressure එකක ඉන්නකොට ඒ මට්ටමෙන් නිදහස් වෙන්න ගන්න ඕනෙ එක දවසක, නැත්නම් උපරිම සතියක විරාමයක්.

    2. ඇයි විශ්මිත විරාමයක් වැදගත් වෙන්නෙ?

    විශ්විම විරාමයක් ඇතුලෙදි කරන දේවල් වලින් තමන් ට්‍රැක් එකෙන් පැනල හිටිය හැමදේම ආයෙ align කරගන්න පුළුවන් වෙනවා. තමන්ට තමන් කව්ද, තමන් වෙන්න ඕනෙ කව්ද, life එකේ purpose එක මොකක්ද කියන එක එක වගේ දේවල් අමතක වෙලා තිබ්බ නම් ඒව ආයෙම මතක් කරගන්න මේ විශ්මිත විරාමය උදව්වක් වෙනවා.

    3. විශ්මිත විරාමයක් ඕනෙ මොනවගේ අවස්ථා වලද?

    විශ්මිත විරාමයක් ඕනෙ අවස්තා එක එක්කෙනාට විවිධාකර වෙන්න පුළුවන්. මම මෙතනදි කියන්නම් මම සාමාන්‍යයෙන් විශ්මිත විරාමයක් ගන්න අවස්තා කිහිපයක්.

    💀 මම මේ කරමින් ඉන්නෙ මම කරන්න ඕනෙ දේවල්ද කියල මටම හිතෙන වෙලාවට.
    💀 මානසිකව වැටිල දනිස් තුවාල වුන අවස්තාවට.
    💀 මගේ short-term and long-term golas මොනාද කියල මට දවසකට දෙකකට අමතක උනාම.
    💀 මගේ වැඩවල consistency එක break වෙලා කියල තේරුන අවස්තා වල.
    💀 Fresh idea එකක් ආවම ඒක process කරන්න ඕනෙ උනාම.

    4. විශ්මිත විරාමයක් ගන්නෙ කොහොමද? ඒක මොනවගේද?

    විශ්මිත විරාමයක් ගන්නෙ කොහොමද කියන එකත් එක එක්කෙනාගෙ හැටියට ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් peacefully ඉන්න කැමති, introvert කෙනෙක් හැටියට මම මගේ විශ්මිත විරාම ගන්න ආකාර කිහිපයක් කියන්නම්. මම හිතනවා මේ ක්‍රමම තමා ගොඩක් වෙලාවට extrovert කෙනෙක්ටත් ගැලපෙන්නෙ. මොකද විශ්මිත විරාමයක් කියන්නෙ හැමවෙලේම තමන් තමන්ව explore කරන වෙලාවක්.

    ✨ සරලවම අනිත් වැඩ පැත්තල දාලා මම මගේ room එක clean කරලා පොඩි වෙනස්කම් ටිකක් කරනවා. ඔක්කොම කරලා සුවඳ හදුන්කූරක් ගහනවා. ඒකල්ල එලියෙ ඉදන් ඇවිල්ල බලන්න ඕනෙ වෙන කෙනෙක්ට කාමරේ පේන හැටිත් 😂. මේ ඔක්කොම කරල පැයක් විතර නාලා එනවා. දැන් මම වෙනස් මනුස්සයෙක්. අලුත් මනුස්සයෙක්. සරලයි නේහ්?

    ✨ සම්පූර්ණයෙන්ම offline යනවා දවසකට. එහෙම යන්න කලින් potential contact වලට දැනුවත් කරනව මම 24h offline කියලා. විශ්මිත විරාමය ගන්නෙ සැහැල්ලු වෙන්න නම් මේ දවසෙ ඔහේ උයල, කාලා බීලා, පොතක් බලලා, අවසානෙ full to do list එකක් ගහනවා. විශ්මිත විරාමය ගන්නෙ fresh idea එකක් process කරන්න නම් දවස වෙන්කරන්නෙ R & D වලට. අර කන බොන සීන් එක same වෙනවා.

    ✨ හොඳම යාලුවෙක් දෙන්නෙක් එක්ක ලොකු chat එක්කට සෙට් වෙනවා, පුළුවන් නම් එලියට ගිහින් කාලා බීලා පොඩි නිදහස් පැය කීපයක් ගත කරනව. මේක වෙන්නෙ බොහොම කලාතුරකින්, මොකද කට්ටියව අල්ලගන්න හරි අමාරු නිසා.

    ✨ ඉන්නෙ beach එක්කට අඩුම පැයකින්වත් යන්න පුළුවන් දුරක නම් තනියම beach එක පැත්තෙ ගිහිල්ලා ඉඳල එනවා. ඒ වගේ වෙලාවට කල්පනාවට වැටෙන දේවල් ගොඩක් වටිනවා.

    ✨ එපා වෙලා වගේ හැඟීමක් තියෙනව නම්, ඔක්කොම වැඩ කල් දාල දවසක් ඔහේ ගෙවනවා. හැබැයි දවස අවසානෙ ඉදිරි දවස් වල වැඩ වෙන්න ඕනෙ විදිය plan කරගන්නවා.

    ✨ තව කරන්න ආස දෙයක් තියෙනව, ටිකක් දුර පලාතකට ගිහින් offline සතියක් විතර ගත කරලා plans ගහලා, ලොකු විශ්මිත විරාමයක් ගන්න. ඒක තවම කරපු නැති එකක්. ඒත් ළඟදිම කරන්න ඕනෙ එකක්.

    5. විශ්මිත විරාමයක් උපරිම ඵලදායි කරගන්නෙ කොහොමද?
    ඒ ගෙවන දවස හෝ කිහිපය නිකන්ම නිකන් විරාමයක් උනොත් ඒකට විශ්මිත කියන වචනෙ දාන්න බෑ. ඒකට විශ්මිත කියන වචනෙ වැටෙන්න නම් මෙන්න මෙ දේවල් කරන්න ඕනෙ.

    ✨ ට්‍රැක් පැනල හිටියෙ ඇයි කියන එක අඳුනගන්න ඕනෙ. ඒ හේතුව තවදුරටත් ට්‍රැක් පනින්න හේතුවක් නොවෙන්න කරන්න පුළුවන් හැමදේම කරන්න ඕනෙ.

    ✨ ට්‍රැක් පැනපු දවස් ටිකේ මඟහැරිල ගොඩගැහුණු වැඩ වගේම, ඉස්සරහට කරන්න තියෙන වැඩත් full list එකක් හදන්න ඕනෙ. ඒක priority list එකක් වෙනව නම් තවත් හොඳයි. කොහොම හැදුවත් ඒ ඒ වැඩේට යන දල වෙලාව සහ deadlines දාගන්න එක වටිනවා.

    ✨ එහෙම list එකක් හදාගත්තා කියන්නෙ ඔයාගෙ ඔලුවෙ බරෙන් 90%ක් වගේ නිදහස්. දැන් තියෙන්නෙ විශ්මිත විරාමයෙන් පස්සෙ පිළිවෙලට වැඩ්ස් ටික පටන් ගන්න එක.

    ✨ කරමින් ඉන්නෙ කරන්න ඕනෙ දේවල් නෙවෙයි කියල හිතෙනව නම්, ඇත්තටම කරන්න ඕනෙ මොනවද සහ ඒව කරන්න නම් life එකේ වෙනස් කරගන්න ඕනෙ මොනාද කියල හොඳ analysis එකක් කරන්න ඕනෙ.

    ✨ Fresh idea එකක් process කරන්න විශ්මිත විරාමය ගන්නව නම්, කලින් දවසෙ full plan කරන්න ඕනෙ විරාමය ඇතුලෙ කරන්නෙ මොනාද කියලා. Distractions අඩු නිසා එදාට / ඒ දවස් කීපෙට ලොකු දෙයක් කරන්න පුළුවන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    40,834
    82,490
    113
    ✨ තව කරන්න ආස දෙයක් තියෙනව, ටිකක් දුර පලාතකට ගිහින් offline සතියක් විතර ගත කරලා plans ගහලා, ලොකු විශ්මිත විරාමයක් ගන්න. ඒක තවම කරපු නැති එකක්. ඒත් ළඟදිම කරන්න ඕනෙ එකක්.
    මේක මම ලඟදි කරා.