ඇමසන් එකේ 10% වගේ තමයි හොර සීන් තියෙන්නෙ
90%ක්ම ජෙනුයින් ප්‍රොඩක්ට්ස් තියනවා,
මම sandisk චිප්ස් සහ පෙන් ගොඩක් ගෙනත් දීල තියනවා මගේ ෆොටෝග්‍රැෆි කරන යාලුවෙක්ට සේරම ජෙනුයින් ඒව, අනික චිප් ගොඩාක් ගේන්න පුලුවන් පොඩි නිසා සහ Sea freight කරද්දි ටැක්ස් වැදුනෙ නැහැ එක සැරයක් වත්.
ඇමසන් එකේ සෙලර්ස්ලා ඉන්නෙ ඔෆීශියල් එවුන් හොයාගන්න විදියක් නැහැ, සමහරවිට ඔෆීශිල් එකෙක් වෙන්නත් පුලුවන් කොහේ හරි ඉන්න හොර ගෝතයෙක් වෙන්නත් පුලුවන්, ඔය අලි එකේ වගේ එකම අයිටම් එක සිය පාරක් විතර ලිස්ට් වෙන්නෙ නැහැ, කෙලින්ම අයිටම් එකට ගියාම වෙන වෙන සෙලර්ස්ල දාල තියනවා නම් වෙන වෙනම සෙලර්ස්ලගෙ ප්‍රයිස් එක බලාගන්න පුලුවන්
ඇමසන් එකේ මොකක් හරි කේස් එකක් ආවොතින් උන් කෙලින්ම කස්ටමර්ගෙ පැත්ත ගන්නෙ, ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ
chat එකෙන් කම්ප්ලේන් කරපුගමන් පොඩි අයිටම් නම් රිටන් ගන්නෙත් නැතුව රිෆන්ඩ් කරනවා, ලඟදි මම ඕඩර් කරපු $60ක විතර අයිටම් එකක් ඩිලිවර් කරා කියලා ස්ටේටස් අප්ඩේට් උනා ඒ උනාට ඩිලිවර් වෙලා තිබ්බෙ නැහැ කියපු ගමන් රිෆන්ඩ් කරා කිසි දෙයක් ඇහුවෙ නැහැ.