ඔව් අපි බිලියන 800 ක් අච්චු ගැහුවා තමයි.. පල විපාක අපට මැනේජ් කරගන්න පුලුවන් -අමාත්‍ය අජිත් නිවාඩ්

earthling

Well-known member
  • Jun 15, 2006
    2,718
    1,446
    113
    බොරු කියන්න එපා බන්. එහෙම කෙලිය නම් රනිල් අද එළියේ ඉදිද ??? එක නීතියක් තියන රටේ කොහොමද රනිල් එළියේ ඉන්නේ ?
    ඌ බැංකුවට කෙලපු කතාව කෙප්පයක් .
    උන් ඹක්කොම යාළුවො මල්ලි....

    මහින්ද බැදුන්කරේට රනිල්ට නඩුවක්වත් දානකන් බලා ඉන්න ඉරෝසන්

    why-you-take-59aaa2.jpg
     
    • Haha
    Reactions: Any.key and dilann

    banda065

    Well-known member
  • Apr 20, 2007
    3,198
    2,727
    113
    මේ වගේ Thread දැක්කම comment කරන්න හිතෙනවා
    ඒත් ඌරෝ එක්ක මඩේ පොර කද්දි ඌරා මඩ නාලා ආතල් එකක් ගන්නව
    අපි මඩ නාද්දි අපිට ආතල් එකක් නෑ අපි ජරා වෙනව විතරයි කියල කල්පනා වෙනව
     

    shenat

    Well-known member
  • May 13, 2007
    28,494
    27,873
    113
    ආශ්චර්යමත් රටක
    හරි ඉතින් ඌ බොරු කියලා නෑනෙ. පල විපාක ඌට මැනේජ් කරගන්න පුළුවන් කියලනේ කියල තියෙන්නෙ. ඌට පුළුවන් තමයි. ඒකනෙ ඌ මිලියන ගානක පෙන්ෂන් එකකුත් හදාගත්තෙ. අනිත් උන්ට තමයි මැනේජ් කරගන්න බැරි වෙන්නෙ.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    14,852
    1,318
    113
    Dogatama whole sale eke salli achchu gahana eke salli kole thiyana images ehema wenas karala hot kello inna photos, wihilu katha thiyana lines wage ewa danna barida?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    2,989
    3,892
    113
    චී ලංකාව
    මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා (Tuesday, August 03, 2021) ඩේලිමිරර් පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සදහන් කොට ඇත්තේ පවතින ආර්ථික අර්බුදය නිසා රජය රුපියල් බිලියන 800ක මුදලක් මේ වනවිට අලුතින් මුද්‍රණය කොට ඇති බවයි.
    මේ හේතුවෙන් යම් යම් අනිටු ප්‍රතිවිපාක රටේ ආර්ථිකයට අත්විය හැකි නමුත් එම තත්ත්වය කළමනාකරණය කරගැනීමේ හැකියාව ආණ්ඩුව සතු බවද ඔහු පවසා ඇත.

    ඔහුට යොමු කළ ප්‍රශ්නය හා ලැබුණ පිළිතුරේ පරිවර්තනය පහතින්

    පසුගියදා සමගි ජන බලවේගයේ (එස්ජේබී) පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක රජයට චෝදනා කළේ රුපියල් බිලියන 800 කට වැඩි වටිනාකමකින් යුත් මුදල් මුද්‍රණය කර ඇති බවයි. එය ඇත්තද?

    ඔව් එය ඇත්ත. ඔබට විශාල අසනීපයක් ඇති වූ විට ඔබට යම් දැඩි ප්‍රතිකාරයක් ලබා දිය යුතුය. එය ලබා දිය යුත්තේ අදාළ රෝහලට රෝගියා ගෙන ආ රියදුරු විසින් නොව අදාළ වෛද්‍යවරයා විසිනි. අතුරු ආබාධ වෛද්‍යවරයා දනී. අතුරු ආබාධ මතු වූ විට, ඔබට ප්‍රති-ඖෂධ ද ලබා දිය යුතුය. මුදල් අච්චු ගැසීම දුෂ්කරතාවන්ට තුඩු දිය හැකි නමුත් එය කුමන අවධියේදී ආපසු ඇද ගත යුතු යැයි ඔබ නොදන්නේ නම් තමා ගැටලු ඇතිවෙන්නේ.

    මූල්‍ය අර්බුදය තුළ එක්සත් ජනපදයත් මුදල් මුද්‍රණය වැඩි කළා. ඊට පස්සේ, ඔවුන් එය නැවත කළා. අපි මුදල් මුද්‍රණය කර තිබෙනවා මින් පෙරත් සමහර අවධි වලදී. මම මහබැංකු අධිපති ලෙස සිටියදී එය සිදු කළා. මෙම විෂය නොදන්නා අයට කෑගසන්නට පුළුවන. චම්පික කියන්නේ දක්ෂ ඉංජිනේරුවෙක්. නමුත්, මේ දේවල් ගැන ඔහුට දැනුමක් ඇතැයි මම නොසිතමි.

    මත්ද්‍රව්‍යයේ අතුරු ආබාධ නොදැන ඔහු රෝහලට යයි. එය කළමනාකරණය කරන්නේ කෙසේදැයි වෛද්‍යවරු දනී. කෙසේ වෙතත් චම්පික රණවක ඒ ගැන සැලකිලිමත් වීම ගැන මම සතුටු වෙමි. එයින් අදහස් කරන්නේ ඔහු ඖෂධයේ පළමු අනතුරු ඇඟවීම අධ්‍යයනය කර ඇති බවයි. නිසි වෛද්‍යවරුන්ට එය කළමනාකරණය කළ හැකි බව ඔහු නොදනී. අනාගතයේදී අපට එය ආපසු ඇද ගැනීමට කාලයක් ලැබේ.

    රටේ උද්ධමනයක් සිදු නොවන්නේ නම්, එය මෘදු ලෙස පසුපසට ඇද දමා තත්ත්වය වෙනස් බව සහතික කර ගැනීමට අපට හැකි වේ. වැදගත්ම කරුණ නම් සියලුම රටවල් එය කර තිබීමයි. එය කොවිඩ් -19 හේතුවෙන් පීඩාවට පත් වූ රෝගීන් සඳහා අපට ලබා දිය යුතු එක් දරුණු ඖෂධයකි.

    ඔබ දන්නා පරිදි, අපේ රජය පිහිටුවීමෙන් පසු අපි චීනය සමඟ ඩොලර් බිලියන 1.5 ක හුවමාරුවක් ගැන සාකච්ඡා කළෙමු. බංග්ලාදේශය සමඟ තවත් හුවමාරුවක් ලබා ගැනීමට අපි සමත් වී ඇත්තෙමු- ඩොලර් මිලියන 250 ක්. අපි ඉන්දියාව සමඟ තවත් හුවමාරුවක් ලබා ගනිමු- ඩොලර් මිලියන 400 ක් . ඊට අමතරව අපි ඉන්දියාව සමඟ තවත් ඩොලර් බිලියන 1 ක හුවමාරුවක් සඳහා සාකච්ඡා කරමින් සිටිමු.

    Courtesy- dailymirror.lk

    Governor_Mr._Ajith_Nivard_Cabraal.jpg
     

    cpasl123

    Junior member
  • Nov 19, 2008
    492
    21
    18
    Be very vigilant for the next two years. Irrespective of the political party rulers will sink this country to the bottom. We are not very far from becoming the next Venezuela.


    The USA can print money as much as they want, coz the world will accept that as a medium of payment.

    Save as much as possible, collect USD or USDT next hit would be devastating.
     
    • Like
    Reactions: Heisenberg

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    372
    305
    63
    විල්බැරැක්කයක් අරන් කඩේයන්න වෙයිද බය්යනේ....???🤣🤣🤣🤣