මේක මම තුන් වෙනි සැරේට උනේ කටාර් එයාර්වේස් එකේ. දෝහා වලින් ට්‍රාන්සිට් සෙට් වෙන නිසා බොහෝ අවස්ථාවල කටාර් එයාර්වේස් තමයි පාවිච්චි කරන්න වෙන්නේ.
ලංකාවේ ඉඳල දෝහා යන කොට මම ගොඩක් වෙලාවට සීට්ස් සෙට් වෙන්නේ ප්ලේන් එකේ පස්සටම වෙන්න. ගොඩක් වෙලාවට කැබින් කෘ එකෙන් කෑම බෙදනකොට කියන කතාවක් තමයි පස්සෙම ඉන්න අයට අපි ලග චිකන් හෝ ෆිෂ් නැහැ. දෙකම ඉවරයි. තියෙන්නේ වෙජි විතරයි කියල. වෙජි කන්න කියල මිනිස්සුන්ට බල කරනව. වෙජි එපා කිවොත් බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. මේක වෙන්නේ කටුනායක ඉඳල දෝහා යන ප්ලේන් එකේ. මෙය නිරන්තරයෙන්ම වෙන දෙයක්. ගොඩක් මිනිස්සු දෙන දෙයක් ඔහේ කාල නිකන් ඉන්නවා. මම ඕක දෙපාරක් විතර ඉවසගෙන වෙජි කෑවා. තුන් වෙනි අවස්ථාවේදී ගේම ඉල්ලුව .
පස්සේ කියනවා කේටරින් එකෙන් චිකන් , මාළු වගේ දේවල් අඩුවෙන් ලු ලෝඩ් කරන්නේ. මම කිවුවා මම ගෙවලා යන්නේ . මම ඇමරිකන් එයාර් ලයින් එකට පැමිණිලි කරනවා කියලා. පස්සේ ඉන්දියන් කෘ එකේ ඉන්න කෙල්ලෙක් ඇවිත් කියනවා එයත් වෙජි ලු. මට පනිර් කන්නලු රසයි ලු. අනේ හුකේ මම සල්ලි දීල මොකටද වෙජි කන්නේ. මම වෙජි කෙනෙක් නොවෙයි. පස්සේ කේස් එක දිගින් දිගටම ඇදිල යනකොට කොහෙන්ද මන්ද හොයාගෙන ආව චිකන් එකක්.
කටාර් එයාර්වේස් නම් හද්ද ගූ ගොඩක් . කස්ටමර් කෙයාර් එකත් අවුල්. කස්ටමර්ස් ලගේ ප්‍රශ්න විසඳන්නේ නැහැ. එක සැරයක් මගේ ටිකට් එක අවුල් කරලා දෙපාරක් ටිකට් එකට ගෙවන්න උනා. පස්සේ Refund එක ආවේ මාස ගානක් ගිහින්.
උබලගේ අත්දැකීම් මොනවද කටාර් එයාර්වේස් එක්ක.
Kawadawath wela nathi scene 1k ubata wela thyenne. Uba boot thiyapu kellek wath innabada cabin crew eke